saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

infographics - timelapse 5059 hours ago

LATEST

පලාපත්වල හා මඩවල නගර ස්වෙච්ඡාවෙන්ම වසයි

calendar_today 2021 අගෝ 13 - 10:56 remove_red_eye - 1075  

පවතින කොවිඩ් වයිරසය පැතිර යාමත් සමග මාතලේ පලාපත්වල නගරය සහ මඩවල උල්පත නගරවල කඩසාප්පු ඇතුලු සියලු වෙළදසැල් සවේඡාවෙන් වෙළදසැල් හිමියන් විසින්ම අද (13දා) සිට 18 දින දක්වා වසා දැමිමට පියවර ගත්හ.

මේ ආකාරයටම ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 මරණ වාර්තා වන්නේ නම් දෙසැම්බර් මස 01 දා වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 12612ක් දක්වා වර්ධනය විය හැකි බව ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලට අනුබද්ධ IHME ආයතය පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළ වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (13දා) පෙරවරුවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව බව වාර්තා වෙයි.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 619 ක් හඳුනාගෙන ඇත.ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,039 ක්.

Read More

ශ්‍රී ලංකාවේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 150 සීමාව ඉක්මවා යමින් මරණවල සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් පවතින බව රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසයි.

Read More

වසරකට පමණ පසුව ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවරින් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වීමත් සමග සතියක කාලයකට කැන්බරා නුවර වසා දැමීමට තිරණය කර තිබේ.

Read More

ඊයේ (11) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 156 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. දිනක් තුළ මෙර​ට සිදු වූ මරණ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි. ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 5,620 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,420 දෙනෙකු අද (12) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

යුද හමුදාව විසින් දිවයිනපුරා ක්‍රියාත්මක කරන ලද ජාතික එන්නත්කරණ වැඩසටහනට නව ප්‍රවිෂ්ඨයක් එක්කරමින් බස්නාහිර පළාත තුළ තවමත් එන්නත් ලබාගෙන නොමැති වයෝවෘධ පුරවැසියන් හා විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලක් අද (12) දින ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී ආරම්භ විය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,049 දෙනෙකු අද (12) දිනයේ පිටවගොස් තිබේ.

Read More

අස්ථි බිදීයාම්, කැපීම් සහ වෙනත් අනතුරුවලට ළමුන් ලක්වීම වළක්වා ගත හැකිනම් ඒ සඳහා වැය කරන කාලය සහ සම්පත් ද COVID දරුවන් වෙනුවෙන් යෙදවිය හැකි බව රෝහල් කාර්ය මණ්ඩලය විශේෂයෙන් පෙන්වා දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

Read More

කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ ඊයේ (11දා) දිනය වන විට ශ්‍රී ලංකාව කොවිඩ් 19 එන්නත් මාත්‍රා 15,310,726ක් ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Read More

කොවිඩ් මර්දන එන්නත ලබාගැනීහ තුළ යම් කාලයකදී කාන්නාවන් මදසරුභාවයට හෝ වඳභාවයට පත්වන බවට පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයෙන් සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප්ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 736 ක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,890 ක්.

Read More

ඊයේ (10) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 124 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. දිනක් තුළ මෙර​ට සිදු වූ මරණ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් දෙදෙනෙක් කොවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

අද දැනට කොරෝනා ආසාදිතයන් 2,154 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් දත්ත පිළිබඳව අවධානය යොමුකිරීමේදී වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීමෙන් අවම වශයෙන් පුද්ගල මරණ 1200ක් ඉදිරි දින 20 තුළ වළක්වාගැනීමට හැකිවන බව රජරට විශ්වවිද්‍යාලමේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසයි.

Read More

මේ මොහොතේ කළ යුත්තේ රට වැසීම ගැන නොව රට නොවැසෙන තැනට වැඩ කිරීම බවත් එය සෑම පුරවැසියෙකුගේම වගකීම බවත් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 2,244 ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 300,406 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 912 ක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,904 ක්.

Read More

ඊයේ දිනය තුළ තවත් කොවිඩ් ආසාදිත මරණ 118ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කර තිබේ.

Read More

අද දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1992ක් වාර්තා වි තිබේ.

Read More

මෙවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර මහජන සහභාගිත්වයකින් තොරව පැවැත්වීමට මල්වතු අස්ගිරි මහනා හිමිවරුන්ගේ උපදෙස් පරිදි තීරණය කළ බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය .

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රාගම-උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ COVID 19 රෝගී ප්‍රතිකාර ගැන සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා එහි ගොස් තිබේ.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 2,644 ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 298,162 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් පානදුර මූලික රෝහල සම්පූර්ණයෙන්ම කොරෝනා රෝගීන් සඳහාම වෙන් කිරීමට තීරණය කළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

Read More

අද දින තවත් කොරෝනා ආසාදිතයන් 1010 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ති​බේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,938 ක්.

Read More

ඊයේ (08) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 111 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර ති​බේ. ඒ අනුව කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 5,222ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අද දැනට කොරෝනා ආසාදිතයන් 1,928 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.