saravita-anim2

2025 ජනවාරි මස 31 වන සිකුරාදා

2025 ජනවාරි මස 31 වන සිකුරාදා

infographics - timelapse 5497 hours ago

LATEST

අද රාත්‍රී සිට දවස් 10ක් රට වසයි

calendar_today 2021 අගෝ 20 - 14:13 remove_red_eye - 3914  

අද (20දා) රාත්‍රී 10 සිට 30 දා රාත්‍රී 10තෙක් රට වසා තැබීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් ගිණුමෙන් නිවේදනය කරයි.

කොවිඩ් නිසා ශ්‍රී ලංකාවේ මිය යන පුද්ගලයන් සංඛ්‍යාව අඩුකිරීම තම පළමු අරමුණ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

ඉන්දීය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා 2021 අගෝස්තු 17 දින ත්‍රිකුණාමලය වරායෙන් පිටත් වූ ශක්ති නෞකාව අගෝස්තු 18 පස්වරුවේ ඉන්දියාවේ චෙන්නායි වරායට ලඟා වූ අතර, එම සායනික ඔක්සිජන් තොගය රැගත් ශක්ති නෞකාව අද අළුයම (2021 අගෝස්තු 20) චෙන්නායි වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත් විය.

Read More

ප්‍රසම්පාදන කටයුතු සිදු කර ටොසිලිසුමැබ් වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට එම ආයතන කටයුතු යෙදීය. (ටොසිලිසුමැබ් 200 mg කුප්පියක තොග මිළ රු. 50,500 ක් සහ 400mg කුප්පියක තොග මිළ රු.105,000 පමණ වේ) කෙසේ නමුත් ලොව පුරා අධික ඉල්ලුම නිසා රෝච් ආයතනය ටොසිලිසුමැබ් ලබා දෙන්නේ මාසිකව කෝටා ක්‍රමයකටය.

Read More

අද දිනට (19) තහවුරුකර ඇති ආසාදිතයින් සංඛ්‍යාව 3,806ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

ඊයේ (18) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 186 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු තිබේ.

Read More

අද (19) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,720ක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොළඹ ජාතික රෝහලේ වාට්ටු ලිපිකාරිණියක ලෙස සේවය කරන මතුගම පදිංචි 53 හැවැරිදි දෙදරු මවක් එසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කොවිඩ් දැඩි ව්‍යාප්තිය හේතුවෙන් අද වන විට සමස්ත රටවාසීහු මහත් ව්‍යවසනයකට මුහුණ පා සිටින බවත් වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා සතියක කාලයක් රට වසා තැබීමට කටයුතු කරන ලෙසත් ඉල්ලමින් මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන් විසින් ජනපති ගෝඨභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ.

Read More

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 2,186 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Read More

මෑත ඉතිහාසය තුළත්, කොවිඩ් වසංගතය තුළත් මෙවැනි භයංකර අවස්ථාවක් ශ්‍රී ලංකාවේ ඇතිව නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Read More

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් අවම වශයෙන් රට සති තුනකට වසන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

Read More

කොවිඩ් ආසාදිතයන් ප්‍රතිකා මධ්‍යස්ථාන වෙත යොමු කිරීම හා කළමනාකරණය කිරීම සඳහා අද (19දා) සිට බස්නාහිර පළාත තුළ නව ක්‍රම වේදයක් හඳුන්වාදී තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 3676ක් වාර්තා වී තිබේ. ඒ අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 1232ක් වාර්තාවීමත් සමගිනි.

Read More

පිට පිටම දෙවැනි දිනටත් ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ 170ක් වාර්තා වී තිබේ. ඊයේ දිනයේදී සිදුවූ බවට අද දිනයේ තහවුරු කළ මරණ සංඛ්‍යාව 170කි. එසේම පෙරේදා දිනයේදී සිදුවූ බවට ඊයේ දිනයේදී තහවුරු කළ මරණ සංඛ්‍යාව 171ක්.

Read More

රාගම ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය වරයෙකු කොරෝනා වෛරසය ආසාදනය වි රාගම ශික්ෂන රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේදි අද (18)අලුයම මිය ගිය බව රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More

අද (18) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,428 ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (18) සිට ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.

Read More

ඌව පළාතෙන් අද (18දා) කොරෝනා ආදාධිත රෝගීන් 955ක් වාර්තා වූ බවත් ආසාදිතයන් දෙදෙනෙක් මියගොස් ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අවශ්‍ය තවත් එන්නත් මාත්‍රා මිලියන 23ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

අද (18) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,188ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

විදේශ විනිමය නොමැතිවුවහොත් ඖෂධ ගෙන්වීමට නොහැකි වනු ඇති බවත් ආනයන අපනයන ක්‍රියාවලිය හා පොදු හුවමාරුව නැවතුනහොත් ජනතාවට කන්න නැතිව මැරෙන්න වෙන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා පවසයි.

Read More

ටොසිලිෂුමාබ් නම් ඖෂධය මේ වන විට රටේ දැඩි හිඟයක් පවතින බවත් එය අසාධ්‍ය තත්ත්වයේ සිටින කොවිඩ් රෝගීන්ගේ අත්‍යාවශ්‍ය දිවි රැක දෙන ඖෂධයක් බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.

Read More

පවතින කොවිඩ් 19 තත්ත්වය යටතේ තවත් ඔක්සිජන් ලීටර් 360000 අත්‍යාවශ්‍ය බැවින් මෙම යෝජනාව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 892 දෙනෙකු අද හඳුනාගෙන ඇත.අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 3,555ක්. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 365,629ක් දක්වා ඉහළගොස් තිබේ.

Read More

ඊයේ (16) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 171ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 6,434 ක් දක්වා ඉහළ ගොස් ති​බේ.

Read More

අද පළමු වටයේ කොරෝනා ආසාදිතයන් 2,663 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

Read More

දුප්පත් ජනතාවට ’’ගෙදර කළමනාකරණ’’ විකල්පය ඇති අතර ප්‍රභූවරුන්ට ඇඳන් 100 ක ආරක්‍ෂක මධ්‍යස්ථාන සඳහා ප්‍රවේශය ඇතැයි මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි. වෛරසය පැතිරීමට ඉඩ හැරීම සහ ආර්ථිකය රැක ගැනීම සඳහා මිනිසුන්ට මිය යාමට ඉඩ දීම පහසු තීරණයක් බවද ඔහු පෙන්වා දෙයි.

Read More

අද (17) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,283ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

අද දින, එනම් 2021 අගෝස්තු මස 17 වැනි අඟහරුවාදා පෙරවරු 9 සිට මධ්‍යහ්න 12 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශවලට අයත් කාර්යමණ්ඩල සහ පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණයට (Random Rapid Antigen Test) භාජනය කරන ලදී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.