saravita-anim2

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා

infographics - timelapse 4317 hours ago

LATEST

කොවිඩ් ආසාදිත ළමයින්ගෙන් කෑගල්ල ළමා වාට්ටුව පිරෙයි

calendar_today 2022 ජන 30 - 19:40 remove_red_eye - 338  

’’කෝවිඩ් ආසාදිත ළමා රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් නිසා කෑගල්ල මහ රෝහලේ ළමා වාට්ටුව මේ වනවිට පිරිලා ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. ඉඩ පහසුකම් නොමැති නිසා අපට සිදු වුණා ළමා වාට්ටුවේ ඇඳන් දෙගුණයක් කරන්න’’ යැයි කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ‌දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව හතරවැනි දිනටත් 900 සීමාව ඉක්මවා ගියේය. ඒ් අනුව අද දිනයේදී ආසාදිතයන් 982ක් වාර්තා විය.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 14ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (28දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. අවුරුදු 30-59 අතර මරණ 02ක් හා අවුරුදු 60ට වැඩි මරණ 12ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.

Read More

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් ලබාගත් කොවිඩ් ආසාදිතයන්ගේ සාම්පල 88කින් සාම්පල 82කම ඔමික්‍රොන් ආසාදිතයන් වාර්තා වි ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවෙන් අඛණ්ඩව තෙවැනි දිනටත් ආසාදිතයන් 900 සීමාව ඉක්මවා යමින් අද දිනයේදීත් කොවිඩ් ආසාදිතයන් 961ක් වාර්තා වී තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොවිඩ් ආසාදිත වී තිබේ. අද දිනයේදී ඔහු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදි මේ බව තහවුරු වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 17ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (27දා) සිදුව ඇති බවට තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව දෙවැනි දිනයේදීත් 900 සීමාව ඉක්මවා ගොස් තිබේ. මේ අනුව අද දිනයේදි වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 942කි. මේ අතරින් තිදෙනෙක් විදේශයන්හි සිට පැමිණි අය වෙයි.

Read More

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් වෙනුවෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 05 ඉක්මවා තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය අද පෙරවරුවේ නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස 5, 018,241ක් වෙයි.

Read More

කෝවිඩ් රෝගීන් සඳහා වෙන් කර ඇති දැඩි සත්කාර සහ අධි සත්කාර ඇඳන් 70න් 63ක් මේ වනවිට සක්‍රීය ලෙස භාවිත කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, ජනරාල් (අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ), විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකාවෙන් දෛනිකව වාර්තා වන කොවඩ් ආසාදිතයන් සංඛ්‍යාව ක්‍රමයෙන් 1000 ක අගයට ආසන්න වෙමින් පවතී. ඒ අද දිනයේදී ආසාදිතයන් 927ක් වාර්තා වීමත් සමගිනි. ශ්‍රී ලංකාවේ දෛනික ආසාදිතයන් 900 ඉක්මවා ගියේ සති කිහිපයකට පසුව වෙයි.

Read More

විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පෙන්වා දෙන්නේ කෝවිඩ් ප්‍රභේදවලට එරෙහි කණ්ඩායම් ප්‍රතිශක්තිය රටක් ලෙස වර්ධනය කර ගැනීමට නම් ජනගහණයෙන් 60%-65%ත් අතර ප්‍රමාණයක් පූර්ණ එන්නත්කරණයට ලක්විය යුතු බවයි.

Read More

කෝවිඩ් ආසාදිත වුවන් 16ක් ඊයේ (25දා) මරණයට පත්වු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් අද(26දා) තහවුරු කර තිබේ. වයස 30-59 අතර පිරිමි 02 ක් හා කාන්තාවන් 02ක් සහ වයස 60 හා ඊට වැඩි පිරිමි 06 ක් හා කාන්තාවන් 06ක් මෙලෙස මරණයට පත්ව තිබේ

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 17ක් වාර්තා වී තිබේ. මෙම සියලුම මරණ ඊයේ (24දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් මේ වනවිට වාර්තා වන කෝවිඩ්-19 රෝගීන්ගෙන් 95%කට අධික පිරිසක් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතවූවන් වන බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද ජාන විශ්ලේෂණ වාර්තා සනාථ කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළේය.

Read More

කෝවිඩ් ආසාදිත වුවන් 877 ක් අද (24දා) හඳුනාගත් බව තහවුරු කර තිබේ.එයින් 08ක් විදේශයන්හි සිට පැමිණි අය වෙති.සමස්ත කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව 602,763ක් වේ.

Read More

පූර්ණ එන්නත්කරණය සඳහා මාත්‍රා තුනම ලබාගතයුතු බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව මේ වන විට එන්නත් දෙකක් ලබාගෙන තිබෙන පිරිස් පූර්ණ එන්නත්කරණය වෙනුවෙන් බූස්ටර් එන්නතද ලබා ගතයුතු බවද හෙතෙම පෙන්වා දෙයි.

Read More

තවත් කෝවිඩ් මරණ 14 ක් ඊයේ (23දා) සිදු වු බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් අද(24දා) තහවුරු කරන ලදී.පිරිමින් 08ක් හා කාන්තාවන් 06ක් ඒ අතර වෙති.

Read More

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මියට කොවිඩ් වයිරසය ආසදානය වි ඇති බව වාර්තා වේ.

Read More

ගතවූ සතියක කාලය තුළදී කොවිඩ් නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඉතා ඉහළ වැඩිවීමක් දක්නට ඇතැයි ඒම සේවාව භාර විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 15ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (22දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

අද දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදියන් 838ක් හඳුනාගෙන තිබේ. මේ අතරින් එක් ආසාදිතයෙක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයෙක් වෙයි.

Read More

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද දිනයේදි ලක්ෂ 6 සීමාව ඉක්මවා ගියේය. ඒ තවත් ආසාදිතයන් 840ක් අද දිනයේදී වාර්තා වීමත් සමගිනි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 17ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (21දා) සිදුව ඇති බවට තහවුරු කර තිබේ.

Read More

ගාල්ල රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් 42කට කොවිඩ් 19 ආසදනයවී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් 64 දෙනකුට කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේ දී මේ බව තහවුරු වී තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රි ශානික්‍යන් රාසමානික්කම් මහතාට කොවිඩ් ආසාදනය වී තිබේ. ඔහු සිය ට්විටර් ගිණුමෙන් මේ බව ප්‍රකාශ කරයි. මන්ත්‍රිවරයා පවසන්නේ ඊයේ දිනයේදී තමන්ට කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු වූ බවයි.

Read More

කෝවිඩ් ආසාදිතයින් 827 ක් අද (20දා) හඳුනාගත් බවට තහවුරු කර තිබේ.එයින් තිදෙනෙකු විදේශයන් හි සිට පැමිණි අය වෙති. සමස්ත කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 599,363 ක් වේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 12ක් වාර්තා වී තිබේ. එම මරණ 12 අතර අවුරුදු 30ට අඩු මරණ 01ක්, අවුරුදු 30-59 අතර මරණ 02ක් හා අවුරුදු 60ට වැඩි මරණ 09ක් පවතී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.