saravita-anim2

2025 ජනවාරි මස 19 වන ඉරිදා

2025 ජනවාරි මස 19 වන ඉරිදා

infographics - timelapse 7571 hours ago

LATEST

ග්‍රාමීය කමිටු හරහා රු.5000 සහනාධාරය නිවසටම ගොස් ලබාදිමේ ව්‍යාපෘතිය ඇරඹේ

calendar_today 2020 අප්‍රේ 20 - 21:18 remove_red_eye - 428  

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන ඉතිහාසයේ විශාලතම මහජන සහනාධාර ලබාදීමේ මෙහෙයුම අත්‍යාවශ්‍ය සේවා සඳහා වන කාර්යය සාධන බලකායෙහි මෙහෙයවීමෙන් ඊයේ දින (2020.04.19) සිට ආරම්භ කෙරුණි.

මහ මැතිවරණය පැවැත්වීම සඳහා එළැඹෙන ජුනි 20 සෙනසුරාදා දිනය යොදා ගැනීමට මැතිවරණ කොමිෂම විසින් තිරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

(LONG READS)මැතිවරණය දිගින් දිගටම කල් දැමීමට ඉල්ලීම් කිරීම හරහා රට ව්‍යවස්ථාපිත අර්බුදයකට ගෙන යා හැකි යැයි සිහින දකින්නන්ගේ යටි අරමුණ කුමක්ද යන්න වටහා ගැනීමේ අවස්ථාව ජනතාවට අද තිබෙනවා.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 769 ඉක්මවයි.

Read More

අද දිනයේදී තවත් කොවිඩ් 19 ආසාදිතයෙක් වර්තා වී තිබේ. ඒ අනුව මේ දක්වා අද දිනයේදී වාර්තා වූ රෝගීන් ගණන 33ක් දක්වා වර්ධනය වී තිබේ.එසේම සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 304ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කලුතර දිස්ත්‍රික්කයේ වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තාවන බේරුවල ආසනය තුල පවතින වර්තමාන තත්ත්වය පිළිබඳවත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡා කිරීම සදහා විශේෂ සාකච්ඡාවක් අද දින කලුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතාගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දි පැවැත්විනි.

Read More

ඉතාලියේ සිට පැමිණි 600 කට වැඩි පිරිසක් සිය නි‍වෙස් තුළ නිරෝධායනයට ලක් කළ බවත් ඔවුන් නිරෝධායනය සාර්ථකව අවසන් කළ බවට අදාළ සහතික නිකුත් කර අවසන් බව වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිලධාරි කේ.එම්.සුසන්ත කුමාරසිංහ මහතා පවසයි.

Read More

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්‍රණයක් ඇති කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.

Read More

කොරෝනා ආසාදන වක්‍රය පාලනයට කර ඇති බවත් ඒ අනුව එරට ඇතැම් සීමාවන් ලිහිල් කිරිමට කටයුතු කරන බවත් ජර්මනිය පවසයි.

Read More

කොළඹ ප්‍රදේශයේ ඇඳිරි නීතිය නිසා කොටුවී සිටින මහජනතාවට බෙදාදීම සඳහා යුද හමුදාව වෙත එළවලු කිලෝ ලක්ෂ එකහමාරක ප්‍රමාණයක් නොමිලේ ලබාදීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරික මහතෙකු අද ( 20) දින කටයුතු කළේය.

Read More

කොරෝනා පාලනය සඳහා රජයෙන් පනවා තිබෙන කොන්දේසි උල්ලංඝණය කරමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන කළමණාකරණ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (20දා) තංගල්ලේදී පැවැසීය.

Read More

අද දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 32ක් වන අතර ඒ අනුව එක් දිනක් තුළ ශ්‍රී ලංකාවේ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවද මෙය වෙයි.

Read More

මසකට අධික කාලයක් වසා දමා තිබු උඩරට වතුකරයේ මත්පැන්හල් ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමග විවෘත කිරීමෙන් පසුව මෙරට නිෂ්පාදිත සියළුම අරක්කු වර්ග ඊයේ (20) දහවල් වනවිට සම්පුර්ණයෙන්ම විකිණී අවසන්වු බව මත්පැන්හල් හිමියෝ පවසති.

Read More

ඔබට MSC Magnifica නෞකාව මතකද? එසේත් නොමැතිනම් විදේශීය රටක නෞකාවක සේවය කළ එකම ශ්‍රී ලාංකිකයා වූ සූපවේදී අනුර හේරත් මතකද? අනුර හේරත් ගමන් ගත් MSC Magnifica නෞකාව අද දිනයේදී Marseille වරායට නැංගුරම් ලෑමට නියමිතව තිබේ

Read More

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම හෙට (21) සවස කටුනායක ගුවන්තොටුපොලින් දිවයිනට පැමිණෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

කොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා විද්‍යාත්මක පදනමක සිට ක‍්‍රියාත්මක වෙමින් තිබුණු රජය සියලු විද්‍යාත්මක පදනම් පසෙකලා සුරා සැල් විවෘත කිරිම කිසිසේත් අනුමත කල නොහැකි බව ඇඩික් (ADIC) ,සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

කොරෝනා වසංගතය පිටු දැකීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකරන කාර්ය භාරයට සහාය දක්වමින් ජි 77 කණ්ඩායම හා චීනය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

අද(20) දිනයේ එක් රෝගියෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

දක්ෂිණ අධිවේගයේ කොට්ටාව සිට හම්බන්තොට දක්වා වන කොටස අද පෙරවරු 7.00 සිට රාත්‍රී 7.00 චක්වා විවෘත කර තිබේ. ඒ අනුව එම කොටස දිනපතා පැය 12ක කාලයක් විවෘතව තැබීමට නියමිතය.

Read More

ඉතාලියේ ඊයේ (19) දිනය අවසන් වන විට සමස්ත කෝවිඩ් 19 ආසාදිතයන් 178,972 ක් වාර්තා වු බවත් මරණ 23,660 ක් ලෙස හා සුවය ලැබු පිරිස 47,055 වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Read More

දිවයිනේ බෝහෝ ප්‍රදේශවල අද දිනයේදී ඇඳිර නීතිය ලිහිල් කරනු ලැබීය. ඒ අනුව ජනතාව තම එදිනෙදා කටයුතු ආරම්භ කිරීමට කටයුතු කළේය

Read More

කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු තම දිනක වැටුප ජාතික කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය හර්ෂ ජයරත්න මහතා කීය

Read More

මාගේ පක්ෂපාතිත්වය , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට , ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතාවටය . අවසාන විග්‍රහයේදී මාගේ පක්ෂපාතිත්වය ජනතාවටය , ජනතාවට පමණක්ය . ජනතාවට පමණක්මය .

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 295ක් දක්වා වැඩිවී තිබේ.

Read More

තැපැල් සේවා කටයුතු ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල හෙට (21දා) සිට ආරම්භ කරන බවත් තැපැල් බෙදීමේ කටයුතු 22 දා සිට ආරම්භ කරන බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

Read More

විපක්ෂයේ මොන චෝදනා නැගවත් පාසල් දරුවන් වාහකයක් කර ගැනිමට ඉඩ නොදෙන බව අධ්‍යාපන කි‍්‍රඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More

කොවිඩ් 19 වෛරසය පාලනය කිරිම සඳහා රටපුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නිතිය හේතුවෙන් තම ජීවනෝපායන් අහිමි වූ ජනතාව වෙනුවෙන් රජය ලබා දෙනු ලබන රුපියල් 5000 ක සහන දීමනාව ගෙවීමේදී ග්‍රාම නිළධාරින් විවිධ පුද්ගලයින්ගේ තර්ජනවලට ලක්වන බැවින් ඔවුන්ට වහාම පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ග්‍රාම නිළධාරි සංගමය රජයෙන් ඉල්ලා සිටියි

Read More

ඇඳිරි නීතිය කොටස් වශයෙන් ඉවත් කළත් සියලුම ආකාරයේ උත්සව, වන්දනා හා විනෝද චාරිකා, සැණකෙලි, පෙරහර, රැස්වීම් ආදිය නැවත දැනුම් දෙන තුරු තහනම් කර ඇතිබව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි

Read More

අද දිනයේදි හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.