saravita-anim2

2025 ජනවාරි මස 09 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි මස 09 වන බ්‍රහස්පතින්දා

infographics - timelapse 7460 hours ago

LATEST

සැලූන් හා රූපලාවණාගර විවෘත කිරීම උපදෙස් නිකුත් වූ විටයි

calendar_today 2020 මැයි 06 - 10:41 remove_red_eye - 552  

තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන විවෘත කළ යුත්තේ ඒ සඳහා කඩිනමින් නිකුත් කිරීමට නියමිත උපදේශන මාලාව අනුව අදාළ සහතිකය ලබාගැනීමෙන් පසුව පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ජාඇල සුදුවැල්ල පදිංචිව සිට කොරෝනා ආසාදනයට ලක්ව කොළඹ අයි.ඩි.එචි රෝහලට ඇතුලත් කර සිටි පිරිස අතරින් තවත් රෝගින් දෙදනෙකු සුවවී අද (06) සිය නිවෙස් වෙත පැමිණ ඇති බව ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පවසයි.

Read More

එළඹෙන මැයි 18 දින සිට දියත් කෙරෙන මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා මගින් යුරෝපයේ ලන්ඩන් , ෆ්‍රෑන්ක්පර්ට් , චීනයේ බෙයිජිං , ෂැංහයි , ග්වැන්ෂෝ , කැන්ටන් , ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් , සිංගප්පූරුව , ඈත පෙරදිග ජපානයේ ටෝකියෝ , නරීටා , මැදපෙරදිග දෝහා , ඩුබායි , දකුණු ආසියාවේ මාලදිවයින මාලේ , බංග්ලාදේශයේ ඩකා වැනි ගමනාන්ත කරා රැගෙන යාමට නියමිතය.

Read More

එංගලන්තයේ ලන්ඩන් නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් ඇතුළුව ලාංකිකයන් 194 දෙනෙකු රැගෙන ,දෙවන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය 5/06 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 180 ක් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 5/06 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් හයදෙනෙක් ඊයේ (05) වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Read More

අද දිනයේදී රෝගීන් 14ක් වාර්තා වී තිබේ. ශ්‍රී ලංකාවේ සමස්ත රෝගීන් ගණන 765ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඇමෙරිකාවේ බෙලිවිල් නගරාධිපති මයිකල් මෙල්හැම් COVID-19 ප්‍රතිදේහ පිළිබඳ කළ පරීක්ෂණයකදී ධනාත්මක වී ඇති අතර ඒ අනුව චීනයේ මුලින්ම කොවිඩ් 19 වෛරසය වාර්තාවීමට මසකට පෙර එනම් නොවැම්බරයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරයි.

Read More

පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල අභිබවා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීමට ජනාධිපතිවරයාට හැකි වන්නේ මැතිවරණයෙන් පසුව ඇරඹෙන අභිනව පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු මාස තුනක කාලයක් සඳහා පමණක් බවත් ඒඅ අනුව අප්‍රේල් 30 වැනිදා සිට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුව රැස් කරන දින දක්වා වන කාලය තුළ රාජ්‍ය වියදම් දැරීමට තිබෙන බලතල ඔප්පු කර පෙන්වන ලෙද ජනාධිපතිවරයාට හා රජයට අභියෝග කරන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

Read More

කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දෛනික ජන ජිවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සඳුදා සිට යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුළුල් විමසුමට ලක් කරයි.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇති අතර ඒ අනුව වාර්තා වන මුළු කොරෝනා රෝගීන් ගණන 762ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

දඹුල්ල බස් නැවතුම්පොළේ වැසිකිළිය ආසන්නයේ වැටී සිටියදී දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මියගිය ආධුනික යුද හමුදා සෙබළාට කොවිඩ් 19 රෝගය වැළඳී නැති බව වෛද්‍ය පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදිප් දිසානායක මහතා අද ( 05) දින පස්වරුවේ පැවසීය.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොවිඩ් 19 වසංගත කාල සීමාව තුළ දේශීය නැව් භාණ්ඩ ප්‍රවාහනය හා විවිධ රටවලින් ගෙන්වන නැව් භාණ්ඩ මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සඳහා නව ක්‍රියා පටිපාටියක් හඳුන්වා දී තිබේ.

Read More

අද (5) දිනය වනවිට කොරෝනා වෛරසය ආසාදනය වු නව රෝගින් නව දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් සිසුන් හා රාජ්‍ය සේවකයින් ඇතුළුව පුද්ගලයින් 210කට ආසන්න පිරිසක් හෙට (6) දිවයිනට පැමිණිමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මැයි මස 11 දින සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේ දී බස්නාහිර පළාත තුළ හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ධාවනය කෙරෙන බස් රථවල මගීන් ප්‍රවාහනය කිරීමේ දී ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කළ හැකි ද යන්න සම්බන්ධව අවධානය ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

Read More

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිස් මෙය අතර හමුවක් අද (05දා) විජේරාමයේ නිල නිවසේදී පැවැත්විණි.

Read More

ස්විට්සර්ලන්තයේ මෙරට තානාපති හෑන්ස් පීටර් මොක් (Hans Peter Moock) මහතාගේ උපදෙස් මත වාරියෝ සිස්ටම් ( VARIOSYSTEMS) ආයතනය කොරෝනා මර්දනය සඳහා රුපියල් මිලියන 12ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි. ‍

Read More

ජුනි 1 සිට අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කරන බවට සහ විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල මැයි 11 දින සිට සේවයට වාර්තා කළ යුතු බවටත්, මුලින් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන් සඳහාත් ජුනි 1 දින වන විට සියලු ශ්‍රේණිවල දරුවන් සඳහාත් පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවට, ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි විසින් වාර්තා කර ඇති ප්‍රවෘත්තියෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

මෙම ආසාදිතය පිරිස නාවික සහ යුද හමුදා සාමාජිකයින් , නාවික හමුදා සාමාජිකයින්ගේ සමීපතම ඥාතීන් සහ ඉතාලියේ සිට පැමිණ දිවයිනේ විවිධ නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනයට ලක් වෙමින් සිටියදී ආසාදිතයන් බවට පත්වූ පුද්ගලයන් බවද වෛද්‍ය ෆරීඩ් මහතා පැවසීය.

Read More

කොරෝනා ආසාදිතයන් විශාල පිරිසක් හඳුනාගනු ලැබූ බේරුවල පොලිස් බල ප්‍රදේශයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන් සහ පොලිස් ස්ථානය තුළ රාජකාරි ආවරණය කළ පොලිස් නිලධාරීන් 60 දෙනෙකු සම්බන්ධයෙන් සිදු කර පී සී ආර් පරීක්ෂණ වාර්තා වලට අනුව ඔවුන් කිසිවෙකුත් කොරෝනා ආසාදිතයන් නොවන බව තහවුරු වී ඇතැයි බේරුවල පොලීසිය අද (05) පැවසීය.

Read More

බූස්ස සහ ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 39 දෙනෙකු ඊයේ ( 04) සහ අද( 05) යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

Read More

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නව කොරෝනා වෛරසය පලනය කිරීම සදහා හුදකලා කෙරුණු ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අභයපුර හා සෝමපුර ගම්මාන දෙක අද (05දා) විවෘත කළ බව පොලොන්නරුව දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා පවසයි.

Read More

ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 33ගෙන් 31ක්ම නාවික හමුදා වැලිසර කඳවුරේ රණවිරුවන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

මෙම රෝගීන් 11 දෙනා සමස්ත රෝගීන් 755තුළ අන්තර්ගත වෙයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් පුද්ගලයින් තිදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව කටුනායක ගුවන්තොටුපලේ හා ශ්‍රී ලන්කන් ගුවන් මෙහෙයුම් කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

2020 අප්‍රේල් මස 23 වන දින කොවිඩ් - 19 ආසාදිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා පුද්ගලයෙකු ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා ඊයේ ( 04) වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

ශ්‍රී ලංකාවේ 9 වැනි කොවිඩ් මරණය වාර්තා වී තිබේ. කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ 15 ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 52ක කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඇඳිරි නීතිය ලිහිල් වීමත් සමඟ මහනුවර නගරයේ එදිනෙදා කටයුතු සාමාන්‍ය අතට පත්ව තිබුණද කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයෙකු පැමිණ බව හෙළිවීමත් සමඟ මහනුවර මධ්‍යම වෙළඳ පොළ විෂබීජහරණය කිරීම සඳහා තවදුරටත් වසා දමා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.