saravita-anim2

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා

infographics - timelapse 7451 hours ago

LATEST

නිරෝධායනය අවසන් කර නාවික හමුදා පවුල් වල සාමාජිකයින් පිරිසක් පිටව යති

calendar_today 2020 මැයි 16 - 15:27 remove_red_eye - 226  

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 11කට අයත් සමාජිකයින් 49ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර ඊයේ ( 15) දින එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් 43ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

පූජ්‍යපාද රාස්සගල සීවලී හිමියන් විසින් ‍පවත්වාගෙන යනු ලබන තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉඩපහසුකම් කොරෝනා මැඩලීමේ නාවික හමුදා මෙහෙයුමේ සුභසාධන කටයුතු සඳහා නාවික හමුදාව වෙත ලබා දීමට කටයුතු කරන ලදි.

Read More

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය විසින් COVID -19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 50ක දායකත්වයක් දැක්වීය.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 26 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කළ පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ (15දා) රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , මියන්මාරයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 74 දෙනෙකු යළි මෙරටට රැගෙන , මියන්මාර ගුවන් සේවයේ ගුවන් යානයක් අද (16) දින දහවල් 12.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

විදේශ සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තානාපති සේවා කාර්ය මණ්ඩල විසින් COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 27.7 ක් පරිත්‍යාග කර තිබේ.

Read More

ඊයේ (15) දිනයේදි ඉතාලියේ කෝවිඩ් 19 නව ආසාදිතයන් 789 ක් මරණ 242 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය එම ප්‍ර දේශයේදීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර එය අද දිනයේදිම දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුළදී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමත් සමග ශ්‍රි ලංකාවේ තේ සදහා ලෝක වෙළදපොලේ ඉහල ඉල්ලුමක් පවතින බවත්, එම ඉල්ලුම හමුවේ ශ්‍රි ලංකාවේ නිමි තේ කොළ කිලෝවක මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව බගවන්තලාව වැවිලි සමාගමේ හැටන් කලාප භාර මෙහෙයුම් අධ්‍යක්ෂක නොර්වුඩ් වතුයායේ වතු අධිකාරි ෆෙරොස් මජිත් මහතා පැවසිය.

Read More

ඉතාලියේ කෝවිඩ් 19 ආසාදිතයන් වැඩිම ප‍්‍රමාණයක් වාර්තා වු ලොම්බර්දියා ප‍්‍රාන්තයේ මිලාන් නගරයට ඊයේ (15) රාත‍්‍රියේ ඇති වු දැඩි සුළං හා අධික වර්ෂාව හේතුවෙන් දැඩි හානියක් සිදු විය.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (15) දින රාත්‍රියේ සිට අද (16) දින අලුයම තෙක් කඩින් කඩ මිලිමිටර් 140 ක වර්ෂාපතනයක් ලැබි ඇති බව නුවරඑළිය ආපදා කළමණාකරණ ඒකකය පැවසිය.

Read More

මේ වන විට රෝගීන් 477ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවමත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 449කි. පුද්ගලයන් 9ක් රෝගය හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය.

Read More

අද(15) රාත්‍රී 11.30 වන විට කෝවිඩ් - 19 ආසාදිතයින් 10 ‍දෙනෙක් වාර්තා වී ඇත.

Read More

ශ්‍රී ලංකවේ කොරෝනා වසංගතය පාලනය කිරීම හා වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවට ගෙනයන වැඩපිළිවෙලට සහාය දක්වමින් චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන වෛද්‍ය සැපයුම් පරිත්‍යාගයේ සිවුවැනි කොටස රැගත් චීන ගුවන් යානයක් අද රාත්‍රී කටුනායකට ගොඩබැස්සවීය.

Read More

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බවත් ඉදිරි පැය 12 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (15) දින නිවේදනය කර ඇත.

Read More

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බවත් ඉදිරි පැය 12 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවත් දකුණ, බස්නාහිර, සබරගමුව සහ සහ මධ්‍යම පළාත්වල බස්නාහිර, සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී.150ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

Read More

විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කොට සමාජයට පිවිසෙන උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයාගැනීමට ඉවහල්වන අයුරින් උසස් අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ගතවූ පැය 24ක කාලයේ දී වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි.

Read More

COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් බිලියනය ඉක්මවයි.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ක්‍රියාත්මක කරනු ලබන සීමිත ගුවන් ගමන් මෙහෙයුම් වැඩසටහන යටතේ අද (15) දින තුළ ගුවන් මගීන් 319 ක් , ගුවන් යානා 05 ක් යොදා ගනිමින් , කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ගමනාන්ත 03ක් සම්බන්ධ කර ගනිමින් ගුවන් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලැබීය .

Read More

අද (15) සවස 6 වන විට කොරෝනා ආසාදිත වු නව රෝගින් වාර්තා නොවු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Read More

පුත්තලම පාලවි සමාගමේ අනියම් පදනමින් ඇසුරුම් අංශයේ සේවය කරනු ලබන සේවකයින් අතරින් පිරිසක් අද ( 15 ) විරෝධතාවයක නිරත විය.

Read More

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ඇපය අවලංගු කරමින් කොළඹ මහාධිකරණය දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ඒ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රති ශෝධන පෙත්සමට අදාළ ලේඛනවලට රාජිත සේනාරත්න මහතාගේ අත්සන් ලබා ගැනීම සඳහා අවසර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්අධිකරණය අද (15) බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට නියෝග කර ඇත.

Read More

රාජිත සේනාරත්න මහතාගේ නිදහස වෙනුවෙන් සෑම අවස්ථාවකදීම පෙනී සිටින බවත්, ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කරන බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව මෙවර පැවැත්වුයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශයේ, ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් නිකුත් කරනු ලබන ප්‍රාචීන ප්‍රාරම්භ, ප්‍රාචීන මධ්‍යම සහ ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගයන්හි සහතික පත් ලබාගැනීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණීම වෙනුවට මාර්ගගත (online)ක්‍රමයට ඒ සඳහා අයදුම්පත් යොමුකිරීමට අවස්ථාව සලසා ඇති බව ප්‍රාචීන භාෂෝපකාර සමාගම සඳහන් කරයි.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින් ලබාදී ඇති ස්ථාන මාරුව මැතිවරණ නීති රීති උල්ලංඝණය කරන්නක් බැවින් එම ස්ථාන මාරුව අවලංගු කිරීමේ නියෝගයක් මැතිවරණ කොමිෂන් සභාවේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇත.

Read More

කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිසට වඩා එම රෝගයෙන් සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව ප්‍රථම වරට අද දිනයේදී ඉහළ ගොස් තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් නිත්‍ය සේවා ස්ථානය වෙත වාර්තා කළ නොහැකිව සිටින සියලු ගුරුභවතුන් පාසල් නැවත ආරම්භ කරන දිනයේ දී තම නිත්‍ය සේවා ස්ථානය වෙත, එනම් වැටුප් ලබාගන්නා පාසල වෙත වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.