saravita-anim2

2025 ජනවාරි මස 17 වන සිකුරාදා

2025 ජනවාරි මස 17 වන සිකුරාදා

infographics - timelapse 7433 hours ago

LATEST

කුවේටයේ සිට ලාංකිකයන් පිරිසක් කටුනායකට

calendar_today 2020 මැයි 19 - 20:32 remove_red_eye - 378  

කුවේටයේ රැකියා සදහා ගොස් , එරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 462 ක් අද (19) දින රාත්‍රී කුවේට් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානා දෙකක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණි විත් තිබේ .

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රජයේ පාසල්හි සේවය කරනු ලබන ගුරුභවතුන් තමා වඩාත් කැමති ස්ථාන සහ ඉගැන්වීමට වඩාත් සුදුසු විෂයයන් පිළිබඳ සොයා බැලිම සඳහා සමික්ෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

Read More

කොරෝනා වසංගතය හමුවේ මෙරට ව්‍යවසායකයන් මුහුණ දී ඇති ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් මේ වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් පරිදි ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් අරඹා ඇත.

Read More

අද(19) මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත නව රෝගීන් 28 දෙනාම ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානයට ලක්වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයන් වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Read More

ඉතාලියේ කොවිඩ් 19 ආසාදිතයන් හා මරණ මාස දෙකකට පසුව අඩුම අගයක් ගත් දිනය ඊයේ (18) ලෙස වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1020 දක්වා ඉහල ගොස් ඇති බව වසංත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Read More

පවතින වැසි තත්ත්වය සමග අයගම ප්‍රදේශයේ පවුල් 84 ක ජනතාව පදිංචි ස්ථාන වලින් ඉවත් කර ඇති බව අයගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය පවසයි .

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පොදු ප්‍රවාහන සේවාවන් සීමාවන් සහිතව පවත්වාගෙන යාමට සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් පරිදි හෙට සිට (20) අධිඅවදානම් හා අවදානම් ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශවල හැර සෙසු සාමාන්‍ය පළාත් අතර බස් රථ ධාවනය සඳහා සෞඛ්‍ය අංශ විසින් දී ඇති උපදෙස් පරිදි සීමාවන් ලිහිල් කිරීමට පියවර ගත් බව විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

අන්තවාදී තර්ජන පිලිබඳව නොමග යවමින් සමාජ මාධ්‍ය ජාලා තුල පැතිරෙන පලවීම් වලින් නොමඟ නොයන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පුද්ගලයින් 98 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කඳවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදි.

Read More

පසුගිය පැය 24 තුළ කලු ගංගා ද්‍රෝණියට ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් කලු ගංගා වේ සහ අතු ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

Read More

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ අද ( 19) දා දහවල් වනවිට මරණ දෙකක් වාර්තා වූ බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

Read More

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් පුද්ගලයින් 23 දෙනෙකු සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි මස 18වන දින කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

Read More

කොරෝනා අර්බුදය හමුවේ අසරණවූ ජනතාවට සහන සැලසීමට රජය ගෙනයන වැඩපිළිවෙළින් ආර්ථික සංවර්ධන නිලධාරීන් ඉවත් වි නොමැති බව ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික නිහාල් වතුලියද්ද මහතා පවසයි.

Read More

සමස්ත රෝගීන් 992ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 9කි. තවත් රෝගීන් 414 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

Read More

මාතර දෙයියන්දර මහේස්ත‍්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයට ගිනි තැබිම සම්බන්ධව අත්අඩංගුවට පත් සැකකරු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දෙයියන්දර මහේස්ත‍්‍රාත් ලූෂාකා කුමාරි මහත්මිය නියෝග කළාය.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 05දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 18) වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

උතුරු පළාතට මේ දිනවල බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රීක්ක 4 කට අයත් පවුල් 113 ක පුද්ගලයින් 394 දෙනෙකු විපතට පත්ව ඇති බවට දිස්ත්‍රීක් ආපදා කළමණකරණ කාර්යාලය පවසයි.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (19) දින පෙ.ව 11 සිට සම්පුර්ණයෙන්ම ඇණහිට ඇති බව වටවල පොලීසිය පැවසිය.

Read More

පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිටීමටර් 150 ඉක්මවා ඇති බැවින් රත්නපුර දිස්ත්‍රික්යේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයාම් අධිඅවදානම් කලාපයේ ජීවත් ජනතාවට ආරක්ෂාකාරීව එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිවේදනය කර ඇත.

Read More

ඉහළ කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට අද (19) දින අලුයම සිට යලිත් ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එම ජලාශයේ වාන් දොරටු තුනක් අද දින පෙරවරු 10 ට පමණ විවෘත වි ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

Read More

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (18දා) හඳුනාගත් රෝගීන් 11 දෙනාගෙන් 10 දෙනෙක්ම නාවික හමුදා රණවිරුවන් වෙයි.

Read More

COVID-19 වෙනුවෙන් භාවිත කළ හැකි එන්නත් 3ක් චීනය අත්හදා බලමින් සිටින එම එන්නත් දෙවන අදියර සායනික අත්හදා බැලීම්වලට ඇතුළත් කර ඇති බව බීජිංහි නාගරික සෞඛ්‍ය නිලධාරියෙක් පැවසීය.

Read More

මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 992ක් වාර්තා වන අතර ඊයේ දිනයේදී හඳුනාගත් රෝගීන් ගණන 11කි.

Read More

කොවිඩ් වසංගතය වැනි බාධක පැමිණිය ද කිසිවිටෙකත් පසුබසින්නේ නැති බවත් ජාතියේ අභිවෘද්ධිය අරමුණු කොටගත් සැලසුම්, සෞඛ්‍ය සේවය සහ ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 991 දක්වා ඉහළ ගොස් ඇති බව වසංත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 වසංගතයත් සමග ලොව ප්‍රධාන පෙළේ රටවල් රැසක නාවික සමාගම්වල උද්ගතව ඇති ශ්‍රමික පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.

Read More

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති (අම්ෆම්) ප්‍රචණ්ඩ සුළි කුණාටුව මේ වන විට අතිප්‍රචණ්ඩ සුළි කුණාටුවත් දක්වා වර්ධනය වී ඇති බවත් අද (18) දින වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 800 ක් පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.4 ත් නැගෙනහිර දේශාංශ 86.2 ත් ආසන්නව බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාන ගතවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

Read More

රමළාන් මාසයේ අවසාන කොටස සහ ඊදුල් ෆිත්ර් දිනය සම්බන්ධයෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය විසින් මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

Read More

මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ පිහිටී ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 22ක් අද (18) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.