තවත් කොවිඩ් ආසාදිත එක් මරණයක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 500 දෙනෙකු හඳුනාගෙන තිබේ.
Read Moreකොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 712 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreඅක්කරෙයිපත්තු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 54ක පිරිමි පුද්ගලයෙකු කොවිඩ් ආසාදනය වීම නිසා මියගොස් තිබේ. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 189කි.
Read Moreපෑලියගොඩ, මිනුවන්ගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 36000 ඉක්මවා තිබේ . ඒ එම පොකුරුවලින් කොවිඩ් ආසාදිතයන් 551ක් ඊයේ දිනයේදී වාර්තා වීමත් සමගිනි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 461ක් හඳුනාගෙන තිබේ. ඒ අනූව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිත සංඛ්‍යාව 39692ක් දක්වා ඉහල ගොස් තිබේ.
Read Moreමෙකී පුද්ගලයා මානසික අබාධයකින්ද පෙළෙන අතර ඔහු මීට දින 06කට පමණ ඉහතදී කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කළ රොගියෙකි. හුස්ම ගැනිමේ අපහසුතාවය ඇතුළු රෝග ලක්ෂණ හේතුවෙන් ඔහු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකට ලක්කොට තිබේ.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 599 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත ගුවන් යානා 06 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත 12/25 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ පැමිණ තිබේ.
Read Moreමාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ යෝනකපුර බටහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 406 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 686 දෙනෙකු අද (24) දිනයේ පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
Read Moreඅවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම්කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා විශාල මෙහෙයක් සිදුකරන දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන 16 ට පැමිණෙන වෙළෙදුන්ට හා පාරිභෝගික ජනතාවට කොවිඩ් ආසාදනය වී වෛරසයේ ව්‍යාප්තියක් ඇතිවුවහොත් එය බරපතල තත්ත්වයක් වන බැවින්, එසේ සිදු නොවී ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ මාර්ගෝපදේශණ මාලාවක් සකස් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය. නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.
Read Moreලබන වසර තුළ මෙරට උද්භිද උද්‍යාන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 517ක් වෙන්කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ පේරාදෙණිය, ගම්පහ, හග්ගල, සීතාවක හා මිරිජ්ජවිල උද්භිද උද්‍යාන මේ යටතේ සංවර්ධනය කරන බවයි.
Read Moreරත්නපුර දිස්ත‍්‍රික්කයෙන් පළමු කෝවිඩ් මරණය 23දා රාත‍්‍රී වාර්තා වූ බව ඇඹිලිපිටිය දිස්ත‍්‍රික් මහ රෝහලේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සමන්තා රාමචන්‍ද්‍ර මහත්මිය අද (24දා) පැවසුවාය.
Read Moreහැටන් වටවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් දස දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට ඊයෙ (23දා) දින පස්වරුවේ ලද පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව තහවුරු වී ඇති බව අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක කේ.කාමදේවන් මහතා පැවසිය.
Read Moreමග්ගොන සංචරණ සීමා පනවා මාර්ග බාධක දමා ඇති ස්ථානවලින් පොලිස් නිළධාරීන් නොමැති අවස්ථාවල මහජනතාව සංචරණ හා නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ගමන් කරන ආකාරය දැක්වේ.
Read Moreපරාක්‍රම සමුද්‍රය වැසි ජලයෙන් සහ මොරගහකන්ද ජලාශයෙන් ලබා ගත් ජලය හෙතුවෙන් වාන් මට්ටමට පැමිණ පවතින බැවින් වැඩි ජලය ඉවත් කිරිම සඳහා අද (24දා) වාන් දොරටු දහයෙන් දෙකක් අඩිය බැගින් විවෘත කළ බව පොලොන්නරුව කලාපභාර වාරි අධක්ෂක එස්. කේ. හේවාගම මහතා පවසයි.
Read Moreමේ දින වල යුරෝපය පුරා සීඝ්‍රයෙන් පැතිර යන නවතම කොරෝනා වෛරස ප්‍රභේදය නිසා, එම ප්‍රදේශ වල ගුවන් ගමන් බොහොමයක් අත්හිටුවා ඇති අතර , එනිසා යුරෝපයේ සිට මැදපෙරදිග සහ ආසියාව වෙත ගුවන් මගීන්ට පැමිණීමට නොහැකි වී ඇති බැවින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව බෙහෙවින් අඩු මට්ටමකට වැටී ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
Read Moreශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 තොරතුරු සම්බන්ධයෙන් වන සියලුම විස්තර කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය නිකුත් කර තිබේ.
Read Moreගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත්කොට ඇති කොවිඩ් ආසාදිත පුද්ගලයාගේ මෘත දේහය ඉවත්කරගැනිමට කටයුතු නොකළහොත් හෙට (24දාා) සිට කරාපිටිය ශික්ෂණ රෝහලේ හා කරාපිටිය වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍යවරුන් සිය සේවා කටයුතු වලින් ඉවත්විමට තින්දුකොට ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මහතා පවසයි.
Read Moreත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ කොවිඩ් - 19 වෛරසය පැතිරයාමේ අවදානම වැඩිවිය හැකි බව සෞඛය අංශ හඳුනාගෙන ඇති බැවින් අත්‍යවශ්‍ය කාරණාවකට හැර එහි සංචාරය කිරීමෙන් වළකින්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 231ක් හඳුනාගෙන ඇත. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන් වේ.
Read Moreතවත් එක් කොවිඩ් ආසාදිත මරණක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 348 දෙනෙක් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන, 38,407ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreනව කොවිඩ් ප්‍රභේද හඳුනා ගැනීමට අවශ්‍ය එකම එක ජාන විශ්ලේෂක යන්ත්‍රයක් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති වීම, බරපතල තත්ත්වයක් බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
Read Moreපසුගිය දින තුනක කාලය තුළ 70කට ආසන්න කොවිඩ් ආසාදිතයන් පිරිසක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව ත්‍රිකුණාමලය දිසාමති සමන් දර්ශන පඬිකෝරාළ මහතා පවසයි.
Read Moreමග්ගොන සංචරණ සීමා පනවා ඇති ගම්මාන දෙකකින් තවත් කොරෝනා රෝගීන් 15දෙනෙකු වාර්තා වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල වාර්තා සනාථ කර ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා අද (23) පැවසීය.
Read Moreඅටලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් හත තුළින් හුදෙකලා කරන ලද මාසයක් පමණ කාලයක් තුළදී කොරෝනා වෛරසය ආසාදිතයන් 981 දෙනකු (23) දින වන විට වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍යය සෞඛ්‍යය නිලධාරී කාර්යාලයේ වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් .යු .මධුෂාන් මහතා පැවසීය
Read Moreවිදේශ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 277ක් ගුවන් යානා 12 කින් පැමිණ තිබූ අතර , තවත් ශ්‍රී ලාංකිකයන් 909 දෙනෙකු ගුවන් යානා 14 කින් විදේශ රටවල් වෙත පිටත්ව ගොස් ඇති බවත් ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
Read More