saravita-anim2

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා

infographics - timelapse 6439 hours ago

LATEST

කොවිඩ් ආසාදිතව පැනගිය පුද්ගලයා සොයා ගනියි

calendar_today 2020 දෙසැ 28 - 09:48 remove_red_eye - 250  

කොවිඩ් ආසාදිතව සපුගස්කන්ද ප්‍රදේශයෙන් පළා ගිය පුද්ගලයා සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පිටකෝට්ටේ, රාගම, වව්නියාව හා කඩවත පදිංචි පිරිමි පුද්ගලයෙකු හා කාන්තවත් තිදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඒ අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 668ක් වාර්තා වීමත් සමගිනි. ඒ අනුව එම පොකුරුවලින් වාර්තා වන ආසාදිතයන් ගණන 37360ක් දක්වා වාර්තා වී තිබේ.

Read More

ජනවාරි 17 න් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ගුවන් තොටුපොළ විවෘත කරන්න. පිටරට ඉන්න ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් සිටින අයට එන්න අවස්ථාව සලසලා දෙන්න. සංචාරක ව්‍යාපාරය සදහා ගුවන් තොටුපොළ විවෘත කරන්න. මේ හැම දෙයක්ම කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින්. සංචාරකයින් ලංකාවට එන්න පැය 72 කට කලින් පීසීආර් එක කරනවා. සංචාරකයා ලංකාවට ආවට පස්සේ පීසීආර් එකක් කරනවා. සංචාරකයා දවස් 7 ක් විතර ඉදලා එලියට යනකොට නැවත පීසීආර් එකක් කරනවා.

Read More

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන සුඛෝපබෝගී බස් රථයක රියදුරුත්, කොන්දොස්තරවරයාත් කොරොනා ආසාදිත බව තහවුරු වී තිබේ. සෞඛ්‍ය අංශ පවසන්නේ එම බස් රථයේ දින කිහිපයක් පුරා ගාල්ල සහ කොළඹ දක්වා ගමන් කළ මගීන් මේ හේතුවෙන් අවදානමකට ලක්ව ඇති බවයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 650ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.

Read More

කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ හා ගැසට් නිවේදනයේ උපදෙස් නොතකා මළ සිරුරු ශීතාගාරවල තබාගැනීම කොරෝනා වයිරසය ගබඩාකර තබාගැනීම හා සමාන බව ගාල්ලේ ආන්දෝලනයට තුඩුදුන් මළ සිරුරෙන් කරන ලද පී.සී.ආර්/ පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ගාල්ලේ අධිකරණ වෛද්‍යවරු කියති.

Read More

කඩවත ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් කණ්ඩායමක් ඔවුනගේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත (27) අළුයම කලමැටිය ධීවර වරායේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද කෝටි 12කට අධික වටිනාකමකින් යුතු කහ කිලෝ 25000ක් පමණ සැකකරැවන් 6 දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන ඇතැයි හුංගම පොලිසිය පවසයි .

Read More

කොවිඩ් ආසාදිතව සපුගස්කන්දේ පුද්ගලයෙකු පැනගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් ආසාදිත එක් මරණයක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 500 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Read More

කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 712 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 54ක පිරිමි පුද්ගලයෙකු කොවිඩ් ආසාදනය වීම නිසා මියගොස් තිබේ. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 189කි.

Read More

පෑලියගොඩ, මිනුවන්ගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 36000 ඉක්මවා තිබේ . ඒ එම පොකුරුවලින් කොවිඩ් ආසාදිතයන් 551ක් ඊයේ දිනයේදී වාර්තා වීමත් සමගිනි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 461ක් හඳුනාගෙන ති​​​බේ. ඒ අනූව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිත සංඛ්‍යාව 39692ක් දක්වා ඉහල ගොස් තිබේ.

Read More

මෙකී පුද්ගලයා මානසික අබාධයකින්ද පෙළෙන අතර ඔහු මීට දින 06කට පමණ ඉහතදී කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කළ රොගියෙකි. හුස්ම ගැනිමේ අපහසුතාවය ඇතුළු රෝග ලක්ෂණ හේතුවෙන් ඔහු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකට ලක්කොට තිබේ.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 599 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත ගුවන් යානා 06 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත 12/25 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ පැමිණ තිබේ.

Read More

මාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ යෝනකපුර බටහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 406 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 686 දෙනෙකු අද (24) දිනයේ පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

Read More

අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම්කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා විශාල මෙහෙයක් සිදුකරන දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන 16 ට පැමිණෙන වෙළෙදුන්ට හා පාරිභෝගික ජනතාවට කොවිඩ් ආසාදනය වී වෛරසයේ ව්‍යාප්තියක් ඇතිවුවහොත් එය බරපතල තත්ත්වයක් වන බැවින්, එසේ සිදු නොවී ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ මාර්ගෝපදේශණ මාලාවක් සකස් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය. නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

Read More

ලබන වසර තුළ මෙරට උද්භිද උද්‍යාන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 517ක් වෙන්කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ පේරාදෙණිය, ගම්පහ, හග්ගල, සීතාවක හා මිරිජ්ජවිල උද්භිද උද්‍යාන මේ යටතේ සංවර්ධනය කරන බවයි.

Read More

රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් පළමු කෝවිඩ් මරණය 23දා රාත‍්‍රී වාර්තා වූ බව ඇඹිලිපිටිය දිස්ත‍්‍රික් මහ රෝහලේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සමන්තා රාමචන්‍ද්‍ර මහත්මිය අද (24දා) පැවසුවාය.

Read More

හැටන් වටවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් දස දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට ඊයෙ (23දා) දින පස්වරුවේ ලද පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව තහවුරු වී ඇති බව අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක කේ.කාමදේවන් මහතා පැවසිය.

Read More

මග්ගොන සංචරණ සීමා පනවා මාර්ග බාධක දමා ඇති ස්ථානවලින් පොලිස් නිළධාරීන් නොමැති අවස්ථාවල මහජනතාව සංචරණ හා නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ගමන් කරන ආකාරය දැක්වේ.

Read More

පරාක්‍රම සමුද්‍රය වැසි ජලයෙන් සහ මොරගහකන්ද ජලාශයෙන් ලබා ගත් ජලය හෙතුවෙන් වාන් මට්ටමට පැමිණ පවතින බැවින් වැඩි ජලය ඉවත් කිරිම සඳහා අද (24දා) වාන් දොරටු දහයෙන් දෙකක් අඩිය බැගින් විවෘත කළ බව පොලොන්නරුව කලාපභාර වාරි අධක්ෂක එස්. කේ. හේවාගම මහතා පවසයි.

Read More

මේ දින වල යුරෝපය පුරා සීඝ්‍රයෙන් පැතිර යන නවතම කොරෝනා වෛරස ප්‍රභේදය නිසා, එම ප්‍රදේශ වල ගුවන් ගමන් බොහොමයක් අත්හිටුවා ඇති අතර , එනිසා යුරෝපයේ සිට මැදපෙරදිග සහ ආසියාව වෙත ගුවන් මගීන්ට පැමිණීමට නොහැකි වී ඇති බැවින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව බෙහෙවින් අඩු මට්ටමකට වැටී ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 තොරතුරු සම්බන්ධයෙන් වන සියලුම විස්තර කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය නිකුත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.