saravita-anim2

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා

infographics - timelapse 6493 hours ago

LATEST

කොවිඩ් ආසාදිතයින් 224 දෙනෙක්

calendar_today 2021 ජන 05 - 19:29 remove_red_eye - 187  

කොවිඩ් වෛරසය ආසාදිත තවත් 224 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මුහුණු ආවරණ නොපළදින පුද්ගලයන් සම්බන්ධයෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට ගත් තීරණයත් සමගින් කොළඹ නගරයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 300ක් සිදුකර ඇති අතර එහිදී පුද්ගලයන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.

Read More

සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් දුම්රිය මගීන් වැඩිවීමත් සමග මගී ජනතාවට සෞඛ්‍යාරක්ෂිතව ගමන් කිරීම සඳහා දුම්රිය ගමන් වාර වැඩිකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Read More

බස්නාහිර පළාතේ සහ හුදකලා කරන ලද ප්‍රදේශ හැර අනෙකුත් සියලු පාසල් 2 සිට 13 ශ්‍රේණි සඳහා ජනවාරි 11 වැනි සඳුදා සිට විවෘත කෙරේ. හුදකලා කරන ලද ප්‍රදේශවල පිහිටි පාසල් හැර බස්නාහිර පළාතේ සෙසු පාසල් 11 ශ්‍රේණිය සඳහා පමණක් ජනවාරි මස 25 වැනි දින සිට විවෘත කිරීමට පියවර ගැනේ.

Read More

කොවිඩ් ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 445 දෙනෙකු අද (05) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා ඒකකයේ වාට්ටු අංක 02හි සිටි මවක කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් අද (05) වාට්ටුව තාවකාලිකව වසා දැමූ බව වාට්ටුව බාර විශේෂඥ ළමා රෝග වෛද්‍ය උපෙක්ෂා ලියනගේ මහත්මිය පවසයි.

Read More

මධ්‍යම පළාතේ වාර්තාවන සමස්ත කොවිඩ් 19 නව ආසාදිතයින් සංඛ්‍යාව අද (05) පෙරවරු 6.00 වන විට 2166 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් 19 එන්නත් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව ගිවිසුම් ගත වී තිබේ. මෙම එන්නත් ලබාගැනීම වෙනුවෙන් අදියර දෙකක් යටතේ ඉල්ලුම් පත්‍ර යොමුකළ යුතු අතර පළමු ඉල්ලුම් පත්‍රය පසුගිය දෙසැම්බර් 07ට පෙර ඉදිරිපත් කළ යුතුව තිබුණි.

Read More

හපුතලේ නව නගරාධිපති උපුල් දිසානායක මහතා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ විජේරාම පිහිටි නිල නිවසේදී අද (5දා) දිවුරුම් දුන්නේය.

Read More

මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩ්‍රෑස් මාර්ගය හා ශාන්ත ඇන්ඩ්‍රෑස් ඉහළ හා පහළ මාර්ග අද උදෑසන 5.00 සිට හුදෙකලා ප්‍ර දේශ වශයෙන් නම් කර ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා තැබූ කොළඹ මහ නගර සභාවට අයත් කොළඹ මහජන පුස්තකාලයේ ළමා පුස්තකාලය හා වැඩිහිටි බැහැරදීමේ පුස්තකාලය ඊයේ (04දා) දිනයේ සිට විවෘත කර තිබේ.

Read More

හුදෙකලා ප්‍ර දේශයක් ලෙස නම් කර තිබූ අවිස්සාවෙල්ල පොලිස් වසම හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

Read More

තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇත.ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 215ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකා සංචාරයට එක්වූ එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලීට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය පවසයි.

Read More

යුක්‍රේන සංචාරකයන් යාල වනෝද්‍යානය නැරඹීමට යාම හේතුවෙන් මතු වු තත්ත්වය යළි ඇති නොවීම සඳහා වහා පියවර ගන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදසේ දුන්නේය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිත තවත් 190 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 44,964ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

තවත් 565 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 37,817ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

මෙරට පැමිණ සිටින යුක්‍රේන සංචාරකයන් පිරිස අද (04දා) දින පොලොන්නරුවේ පුරා විද්‍යා සිද්ධස්ථාන දැක බලා ගැනීමේ සංචාරය අවලංගු කර ඇති බව සංචාරක අමාත්‍යාංශය විසින් දැනුම් දුන් බව පොලොන්නරුව මධ්‍යම සංස්කෘතික අරමුදල කාර්යාලය පවසයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් වෛරසය ආසාදිත රොගීන් සංඛ්‍යාව 623 ක් දක්වා (04) දිනය වනවිට ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

Read More

බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් ඉන්ජස්ට්‍රි වත්තේ බිරට් කොටසේ පවුල් 10 පදිංචි වතු නිවාස පේලියක් අද (04දා) සිට හුදෙකලා කළ බව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක කදිරවේල් ජේ.ගනේෂ් මහතා පැවසිය.

Read More

මාළිගාවත්ත NHS නිවාස යෝජනා ක්‍රමය හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය තීරණ කර තිබේ.

Read More

ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (02දා) දින ඇතුලත් කළ පුද්ගලයෙකු ඊයේ (03දා) උදෑසන 8.30 ට පමණ එම රෝහලේදීම මියයෑම නිසා කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයෙන් මිය ගිය පුද්ගලයාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Read More

මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ වැලිපැන්න මුස්ලිම් පාර ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාධණය වී හෝමාගම රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි 57 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බවත් , මේ වන විට අලුතින් කොරෝනා ආසාධිතයන් 09 දෙනෙකු හඳුනාගැනීමත් සමග වැලිපැන්න ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 26 ක් දක්වා ඉහල ගිය බවත් මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජී.ඩී. ලයනල් මහතා පැවසීය.

Read More

ශ්‍රී ලාංකික ගුවන් මගීන් 594ක් ගුවන් යානා 9කින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද උදෑසන 8.30න් අවසවන් වූ පැය ක කාළය තුළ පැමිණ තිබූ අතර, තවත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 249ක් ගුවන් යානා 6කින් ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

Read More

අනුරාධපුර රුවන්වැලි සෑයට පූජා කර තිබූ අටපිරිකර සොරා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 213ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

පී..සී.ආර්. පරික්ෂණවලට පමණක් දිනකට රුපියල් මිලියන 60ක් වියදම් කරන බවත් රට වසා තැබීමෙන් පළක් නොවන බවත් කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මේ වසරේ සාමාන්‍ය දෛනික කටයුතු සිදු කළ යුතු බවත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

මත්තල ගුවන්තොටුපොළින් පසුගිය 28 හා 29 දෙදින තුළ මෙරටට පැමිණි යුක්‍රේන සංචාරකයින් කණ්ඩායමක් රැගෙන යාල ජාතික උද්‍යානය නැරඹීම සඳහා රැගෙන ගිය සෆාරි ජීප් රථ රියදුරන් 28 දෙනෙකු නිරෝධායනයට ලක්කර තිබේ.

Read More

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පහත සඳහන් ප්‍රදේශ හෙට උදෑසන 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදා හැරීමට තීරණය කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.