saravita-anim2

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා

infographics - timelapse 6369 hours ago

LATEST

මාස 18ක දරුවෙක් කොවිඩ් නිසා මියයයි

calendar_today 2021 පෙබ 02 - 23:04 remove_red_eye - 919  

කොළඹ ලේඩි රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 18ක පිරිමි දරුවෙක් කොවිඩ් හේතුවෙන් මියගොස් තිබේ. මෙම මරණය අද වාර්තා වූ කොවිඩ් මරණ 7 තුළ ඇතුළත් වෙයි.

තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්න් මාත්‍රා ලක්ෂ 5න් අද දිනය අවසන් විට එන්නත් මාත්‍රා 118767ක් ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

Read More

විශේෂ කාර්ය බළකාය අද දිනයේ වැලිකඩ, රාජගිරියේදී සිදුකරන ලද පරීක්ෂාවකදී හොරොයින් මත්කුඩු ග්‍රෑම් 300ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 361ක් අද (02) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 968 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

හිටපු කථානායකවරයෙකු වන වී. ජ. මු ලොකුබණ්ඩාර මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වී ති​බේ. ඒ අනුව මේ වනවිට ඒ මහතාව ප්‍රතිකාර සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගිය කොවිඩි ආසාදිත වෛද්‍යවරයාගේ අවසන් කටයුතු නිරෝධායන නීති රීතිවලට අනුව ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේ දී අද (02දා) පස්වරුවේ දි සිදුකෙරිණි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් විදේශ රටවල දැනට රැඳී සිටින ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩසටහනක් ආරම්භ කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

Read More

බදුල්ල මහ රෝහලේදී අද (2දා) කොවිඩ් 19 ප්‍රතිශක්ති එන්නත ලබාගත් රෝහල් කාර්ය මණ්ඩලයේ 25 දෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ .

Read More

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් වෛද්‍යවරයෙක් මියගිය පළමු අවස්ථාව මෙය වෙයි.

Read More

ශ්‍රී ලංකාව තුළින් තවදුරටත් වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ, පොදු ප්‍රවාහන හා පෞද්ගලික වෑන් රථ පිළිබඳව නිරෝධායන පරික්ෂා කිරීම් ඒ ආකාරයෙන්ම අද දිනයේදීත් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

තවත් කෝවිඩ් මරණ 7ක් වාර්තා වෙයි.ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කෝවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 323ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව අද දිනයේදී ආසාදිතයන් 816ක් වාර්තා වී තිබේ.

Read More

සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් එල්ෆිස්ටන් හා ටවර් හෝල් රංග ශාලා නැවත විවෘත කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාවරයා විසින් අවසර ලබා දී තිබේ.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් 348ක් වාර්තා වෙයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 64,505ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මෙරට කොවිඩ්-19 ආසාදිතයින් 916ක් අද (01) දිනයේ සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 58,000 ඉක්මවා ගියේය.

Read More

වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරියට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂණයට ලක්ව ඇති අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ එම ප්‍රතිඵලය සෘණාත්මක වී තිබේ.

Read More

මේ අතරින් ඇතැම් පිරිස් නිරෝධායන නීතීන්වලට පටහැනිව කටයුතු කරමන් පදිංචි පරිශ්‍රයන්ගෙන් පිටතට යන බවට තොරතුරු වාර්තා වී ඇති බවත් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා මෙහෙයුමක් ආරම්භ කරන බවත් ඔහු පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ තහවුරු කර ඇති මරණ සංඛ්‍යාව 316ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 351ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 63,644කි.

Read More

හෙට උදෑසන 5 සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා බව ඉවත් කර තිබේ. ඒ අනුව පහත ප්‍රදේශවල හුදකලා බව ඉවත් කර තිබේ.

Read More

මෙරට කොරෝනා ආසාදිතයින් 882ක් අද (31)දිනයේ පූර්​ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

වර්තමාන ආණ්ඩුවේ නොසැලකිල්ල හේතුවෙන් කොවිඩ් වෛරසය රටතුළ සමාජගත වී තිබෙන බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා 31 දින දඹුල්ලේදී පැවසීය.

Read More

ඉන්දියාව විසින් පරිත්‍යාග කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත අද දිනයේදී පොලිස් නිලධාරීන්ට එන්නත් කිරීම ආරම්භ කළේය.

Read More

ඒ අනුව මේ දක්වා එම එන්නත් මාත්‍රා 37825ක් ලබාදී තිබේ. මෙම එන්නත් වැඩසටහන ඊයේ ආරම්භ කළ අතර ඊයේ දිනයේදී පුද්ගලයන් 5286කට එන්නත ලබාදුන්නේය.

Read More

පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 59000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදි එම කොවිඩ් පොකුරුවලට සම්බන්ධව තවත් ආසාදිතයන් 442ක් වාර්තාවීමත් සමගිනි.

Read More

ආසාදිතයින් 879ක් පුර්ණ සුවය ලබා පිටත්ව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 56,277ක් දක්වා ඉහළ ගොස් ඇති සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියි.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 406ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 62,851ක් දක්වා ඉහල ගොස් ඇ​ත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.