saravita-anim2

2025 ජනවාරි මස 10 වන සිකුරාදා

2025 ජනවාරි මස 10 වන සිකුරාදා

infographics - timelapse 5926 hours ago

LATEST

151 දෙනෙකුට පුර්ණ සුවය

calendar_today 2021 අප්‍රේ 23 - 16:03 remove_red_eye - 119  

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබු 151 දෙනෙක් අද දිනයේ පිටවගොස් තිබේ.

අවුරුදු උත්සව නිසා කොවිඩ් වැඩි වුණා. වත්තල පිරිසක් නුවරඑළිය ගිහින් එන විට කොවිඩ් ආසාදිත වෙලා. මේ දින තුන තුළ වන්දනා ගමන්, පුද්ගලික විනෝද සංචාර සැලසුම් කර තිබුණා. අපි වැදලි ඉල්ලනවා මේවා අපි නවත්වමු.

Read More

මේ වන විට දැඩි සත්කාර එක්කවලට පවතින ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

Read More

“දීර්ඝ සති අන්තයේ හැකිතාක් නිවසට වී සිටින්න. සියලුම ආකාරයේ ඒකරාශීවීම් අවම කරගන්න. මහජනතාව ගැවසෙන ස්ථානවලට යාමෙන් වළකී කොවිඩ් ආසාදිතයෙක් වෙන්න එපා. ලොක්ඩවුන් ගැන බොහෝ දෙනෙක් අවධානය යොමුකර තිබෙනවා. කොවිඩ් සැලකිය යුතු තත්ත්වයක් හමුවී විට හුදෙකලා කිරීමට කටයුතු කරනවා.”

Read More

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වන ශ්‍රී ලංකා බංගලදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා යොදවා ගෙන සිටි ක්‍රීඩා පිටි කම්කරුවෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී තහවුරු වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද දිනයේ තහවුරුකර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිත තවත් 137 දෙනෙකු අද (22) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

නැවත දැනුම්දෙනතුරු කුලියාපිටිය පොලිස් වසම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර ඇත.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිත 520 දෙනෙකු අද (22) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

කොවිඩ් වසංගතය පැතිරයාම වැළැක්වීමට කුලියාපිටිය නගරය ඇතුළු කුලියාපිටිය සෞඛ්‍ය බල ප‍්‍රදේශයට අයත් ප‍්‍රදේශ කිහිපයක් සංචණ සීමා පනවමින් හුදකලා කිරීමට අද (22දා) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී තීරණය කළේය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 216 දෙනෙකු අද (22) දිනයේ පිටවගොස් තිබේ.

Read More

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් පයාගල නාගහ දූව ප්‍රදේශයේ පැවැත්වූ විවාහක අවිවාහක ක්‍රිකට් තරගයෙන් අනතුරුව තවත් පුද්ගලයන් එකොළොස් දෙනකු ට කොරෝනා වෛරසය ආසාධිත වීමත් සමගම බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් ඇතැයි කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ හා කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල මහතා පැවසීය.

Read More

කුරුණෑගල,ගනේවත්ත තිත්තවැල්ගල ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

Read More

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශය තුළ ස්ථාන හතරකින් කොරෝනා ආසාදිතයින් විසි දෙදෙනෙකු (21) දා වාර්තා වූ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

දිවුලපිටිය සහ රාගම බටුවත්ත ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සව දෙකකින් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 38 දෙනෙකු අද (21දා) සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.

Read More

අද දින මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 361 දෙනෙක් හඳුනාගෙන ඇති බව හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

රට තුළ නව කොවිඩ් වෛරසයක් පැතිරෙන බවත්, එම වෛරසය තරුණයන් අතර විශාල ලෙස පැතිරෙන බවත්, ඒ පිළිබඳව සුවිශේෂී පර්යේෂණයක් සිදු කෙරෙන බවත්, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් මූලික කරගනිමින් විශාල ආන්දෝලනයක් ඇතිව තිබෙන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 121 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇති බව ‌ෙ සෟඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Read More

හැටන් දික්ඔය මුලික රෝහලේ හෙදියකට සහ ඇයගේ අවු 12 වයසැති පුතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට සිදු කල ඇන්ටිජන් පරික්ෂාවක් අනුව තහවුරු වු බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍යය අංශ පැවසිය.

Read More

ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්‍රවනතාවය වැඩිවීමක් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බවත් මීට අමතරව ලංකාව තුළ කොරෝනා වෛරසයේ ලංකාව තුළ මීට පෙර හමු නොවූ ප්‍රභේදයක්ද පසුගිය දවස් කිහිපය තුළ දී වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

මට්ටක්කුලිය පදිංචි අවුරුදු 85ක කාන්තාවක්, පාන්දුර පදිංචි අවුුරුදු 67ක කාන්තාවක්, රත්නපුර පදිංචි අවුරුදු 56ක පිරිමි පුද්ගලයෙක්, හොරණ පදිංචි අවුරුදු 90ක කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

අද (20) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 85 දෙනෙක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 260ක් වාර්තා විමත් සමඟ මෙ වන විට වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 97,365ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 173 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර සුවය ලැබු මුළු ආසාදිතයින් ගණන 93,547ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මැයි දින රැලි නොපවත් වන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂක සංගමයේ සභාපති උපුල් රෝහන මහතා සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලිමක් කරයි.

Read More

සිංහල - හිංදු අලුත් අවුරුදු උත්සව නිමාවත් සමඟ මැදවච්චිය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක සේවකයින් 04 දෙනෙකුට සහ එම ආයතනයේ ප්‍රධාන කළමනාකරුටත්, මැදවච්චිය මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නේවාසිකාගාරයක සිටි දෙදෙනෙකුටත් අද (20) දා වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව මැදවච්චිය මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

Read More

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයක අහඹු ලෙස සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 130කින් පුද්ගලයන් 31 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට අනාවරණය වූ බව එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

Read More

අද (19) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 87 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 02ක් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද (19) තහවුරු කළේය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහලගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 261 දෙනෙකු අද (18) දිනයේ පිටව ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.