saravita-anim2

2025 ජනවාරි මස 10 වන සිකුරාදා

2025 ජනවාරි මස 10 වන සිකුරාදා

infographics - timelapse 5878 hours ago

LATEST

944ක​ට පූර්ණ සුවය

calendar_today 2021 මැයි 04 - 19:31 remove_red_eye - 109  

තවත් කෝවිඩ් ආසාදිතයන් 944 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත. ඒ අනුව කෝවිඩ් ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 99,153 දක්වා ඉහළ ගොස් ති​බේ.

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 1150ක් හඳුනාගෙන තිබේ. අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව මෙම ආසාදිතයන් වාර්තා වී තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදිතව අයි.ඩි. එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාලඹේ ගෝනවත්ත ප්‍රදේශයේ එකම නිවසක පදිංචිව සිටි වයෝවෘද්ධ අමු සැමි යුවළක් ඇතුළු තිදෙනෙක් ඊයේ (3දා) මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.

Read More

පවත්නා කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් මෑතක දී නිකුත් කරන ලද මාර්ගෝපදේශවලට අනුකූලව, විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය විසින් සිය මෙහෙයුම් කාලය දිනපතා පෙ.ව. 7.30 සිට ප.ව. 1.00 දක්වා සීමා කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් කොළඹ (529), කලුතර (264), ගම්පහ (232) යන බස්නාහිර පළාතට අයත් දිස්ත්‍රික්ක තුනෙන් වාර්තා වී තිබේ.

Read More

කොරෝනා ආසාදනය වැළැක්වීම සඳහා රැසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 15,000 ක තොගය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළට රැගෙන විත් තිබේ.

Read More

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කර ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 117571කට මේ වන විට ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාවද ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි. අද දිනයේදී ලබා දී ඇති එන්නත් සංඛ්‍යාව 23135කි.

Read More

තවත් කොවිඩ් මරණ 13ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 700 සීමාව ඉක්මවා යයි.

Read More

මෙසේ මිය ගොස් ඇත්තේ රජාවෙල,කෝන්ගහවෙල පදිංචිව සිටි 33 හැවැරිදි පුද්ගලයෙකි.

Read More

’’ස්පුට්නික් V’’ එන්නත් මාත්‍රා 15,000ක් අද රාත්‍රියේ මෙරටට ලැබීමට නියමිතව ඇත.

Read More

කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා භාවිතයට වඩාත් පහසු පරිසර හිතකාමී හේල්මටයක් කැළණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් මගින් නිර්මාණය කර තිබේ.

Read More

කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 967 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇත

Read More

සත්වෝද්‍යාන කිහිපයක් හෙට සිට මහජනතාව සඳහා තාවකාලිකව වසා දමන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කොවිඩ් ආසාදිත බවට තහවුරු වී නිවෙස්වල සිටින අය සිටීනම් 1906 අමතන ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

Read More

කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවල ධාරිතාවය ඉක්මවා ගොස් ඇති නිසා කොරෝනා වෛරසය ආසාදනය වු රෝගින් 33 දෙනෙකු දැනට දින තුනක කාලයක සිට නිවෙස්වල සිටින බවත සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ප්‍රමාද බවත් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

Read More

ඒ අනුව පාදුක්ක පොලිස් කොට්ඨාසයේ උග්ගල්ල ග්‍රාම සේවා වසම, කලුතර පොලිස් කොට්ඨාසයේ පිංවත්ත, පිංවත්ත බටහිර, නාරම්පිටිය බණ්ඩාරගම නැගෙනහිර යන ග්‍රාම සේවා වසම්, වත්තල පොලිස් කොට්ඨාසයේ අල්විස් වත්ත, හඟුරන්කෙත පොලිස් කොට්ඨාසයේ රත්මැටිය ග්‍රාම සේවා වසම, මඩකලපුව දිස්ත්‍රික්කයේ තිස්සවීරසිංහම් චතුරස්‍රය යන ප්‍ර දේශ වහාම ක්‍රියාතමක වන පරදි හුදෙකලා කර තිබේ.

Read More

ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් එනම් 387ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවලින් පිළිවෙළින් පුද්ගලයන් 330ක් හා 297ක් ලෙස ආසාදිතයන් වාර්තා වෙයි.

Read More

තවත් කොවිඩ් මරණ 09ක් අද දිනයේදී තහවුරු කර තිබේ. ඒ අනුවට මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 696ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

පිළියන්දල පොලිස් බලප්‍රදේශයට පනවා තිබූ හුදකලා තත්ත්වය සංශෝධනය කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව පිළියන්දල පොලිස් බල ප්‍ර දේශයටම පනවා තිබූ හුදෙකලා බව ඉවත් කර ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කර තිබේ.

Read More

කොවිඩ් අරමුදල වෙනුවෙන් අරමුදල් රැස්කිරීම සඳහා ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම හා ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට තිබූ විස්සයි20 තරගය සැලසුම්කළ පරිදි නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

කොවිඩ් නිසා මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කිරීමේදී එය පළාත් පාලන ආයතනවලට අයත් ආදාහනාගාර තුළින් නොමිලයේ සිදුකිරීමට අදාළ චක්‍ර ලේඛනයක් නිකුත් කිරිමට පියවර ගන්නා බව රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා අස (02දා) මාතලේ දී පැවසිය.

Read More

අද (02) දිනය තුළ මේ මොහොත වන විට කොවිඩ් -19 ආසාදිතයින් 1,228ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 764ක් සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

පොලොන්නරුව,අරලගංවිල,කන්දේගම පිහිටි සිවිල් ආරක්‍ෂක බළකා අනුඛණ්ඩයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි සිවිල් ආරක්‍ෂක භටයකු අද (02දා) සිහි සුන්ව බිම ඇඳ වැටී මියගොස් ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.

Read More

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හා ඔහුගේ පවුලේ උදවිය ස්වයං නිරෝධානයට ලක්ව තිබේ. ඒ අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙක් හා ඔහුගේ රියදුන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙනි. අමාත්‍යවරයාගේ පළමු පී.සී.ආර්. පරීක්ෂණය සෘණාත්මක වී තිබේ.

Read More

හුස්ම ගැනීමේ අපහසුතාවයක් නිසා හදිසියේ නිවසේ දී මියගිය යක්කලමුල්ල පොල්පාගොඩ ප්‍රදේශයේ එක් දරුපියෙකුට සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයේ දී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙනියආරච්චි මහත්මිය සඳහන් කළාය.

Read More

විවිධ පවුල්වල හා විවිධ ප්‍රදේශවල අය එකම වාහනයක ගමන් කරනවානම් මුහුණු ආවරණ පැළදිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශය ,ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඕර්ස් හිල් සහ අන්පුවාලිපුරම් ග්‍රාම සේවා වසම් 02ක හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

Read More

තවත් රෝගීන් 396 දෙනෙකු අද දිනයේ හඳුනාගැනීමත් සමග අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,699ක් දක්වා ඉහල ගොස් ති​​බේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.