saravita-anim2

2025 ජනවාරි මස 10 වන සිකුරාදා

2025 ජනවාරි මස 10 වන සිකුරාදා

infographics - timelapse 5595 hours ago

LATEST

ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කෙරෙයි

calendar_today 2021 ජුලි 08 - 06:53 remove_red_eye - 80  

දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් හතක් සඳහා පනවා තිබූ හුදෙකලා බව අද උදෑසන සිට ඉවත් කරන බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

මාතලේ දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 551 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,229 ක්.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 678 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More
1,472කට සුවයි
7 07 2021 16:11:00
0 75

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 1,472ක් අද (07) දිනයේ පිටවගොස් තිබේ.

Read More

ගෙවුණු දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 934 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරනවා.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 28,970 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

Read More

අද (07) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ 2ක් හුදකලා බවින් මුදා හැරීමට පියවර ගෙන තිබේ.

Read More

රුසියාවේ නිෂ්පාදිත ’’ ස්පුට්නික් - V ’’ එන්නත් මාත්‍රා 50,000 ක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 269 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ.ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 919 ක් වෙයි.

Read More

තවත් කොවිඩ් මරණ 45ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇ​ත. ඊයේ (05) දින තහවුරු කර ඇති එම මරණ 45ත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,313ක් දක්වා ඉහළගොස් තිබේ.

Read More

අද දැනට කෝවිඩ් ආසාදිතයන් 650 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,717 දෙනෙකු අද (06) දිනයේ පිටවගොස් තිබේ.

Read More

දිස්ත්‍රික්ක තුනකට අයත් ග්‍රාම නිලධාරී වසම් හතරක් අද (04) උදෑසන සිට හුදකලා කර ඇති බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Read More

අද (05) තවත් කොරෝනා ආසාදිතයන් 235 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 816 ක් වෙයි.

Read More

කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 1625 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 32ක් වාර්තාවී තිබේ. මෙම මරණ 32කම ඊයේ වාර්තාවී ඇති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒවා තහවුරු කර තිබේ.

Read More

ආයෝජන කලාප තුළ පසුගිය සමයේ සිදුවූ කොවිඩ් ව්‍යාප්ත වීම හා සසදා බලන විට මේ වන විට විශාල අඩුවිමක් පෙන්නුම් කරන බව ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය පවසයි.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,625 දෙනෙකු අද (05) දිනයේ පිටව ගොස් තිබේ.

Read More

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදා රෝහල් මඟින් සිදු කෙරෙන බස්නාහිර පළාතේ වෙසෙන ජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2021 ජූලි 05) දින සිට කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී සහ වැලිසර ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේදී “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබාදීම සිදු කරනු ලබයි.

Read More

මේ වසර අවසන්වන විට එන්නත් කළ යුතු සියලු දෙනා එන්නත් කර අවසන් කිරීම ඉලක්කය බවත් මේ සතියේදී වැඩි පිරිසකට එන්නත් ලබාදෙන බැවින් මෙම සතිය තීරණාත්මක බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

දකුණු ආසියානු කලාපයේ රටක් විසින් , මුදල් දී ලබා ගත් පළමු ෆයිසර් එන්නත් තොගය වන , ශ්‍රී ලංකාව මිළ දී ගත් , ෆයිසර් එන්නත් ලක්ෂ 02 ක ප්‍රමාණයෙන් , පළමු කොටස අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පැවසීය .

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 495ක් වාර්තා වී තිබේ. මේ අනුව අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 1517ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතාවයන් සහ නිවැරදි ගැටළු පිළිබඳව ජනාධිපතිවරු ඉදිරියේ මුනිවත රකින නිලධාරින් හේතුවෙන් හා වෛද්‍ය සංගමයට බයාපස්සව සියළු තීරණ ගණු ලබන නිලධාරීන් හේතුවෙන් ඇතිවී ඇති මෙම ගැටලු සහගත අර්බුධය, සෞඛ්‍ය අමාත්‍යවරිය පමණක් මාරු කිරීමෙන් නොවිසදෙන බවද ඔහු පවසයි.

Read More

අද (04) දිනය තුළ තවත් කොවිඩ් මරණ 45ක් මෙරටින් වාර්තා වී තිබේ.

Read More

අද දිනයේ මේ වන විට කෝවිඩ් ආසාදිතයන් 1,022 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

Read More

දැනට බලපැවැත්වෙන සංචරණ සීමා ලිහිල් කිරීම ජුලි 19 වැනිදා දක්වා දීර්ඝ කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,323 දෙනෙකු අද (04) දිනයේ සුවය ලබා පිටවගොස් තිබේ.

Read More

අලුත් අවුරුද්දෙන් පසුව මෙරටින් වාර්තා වූ අඩුම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ (03) දිනයේ වාර්තා වී තිබුණි.

Read More

මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන අදාළව ඊයේ දිනයේදි පුද්ගලයින් 63,704 දෙනෙකුට එන්නත් ලබා දි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.