රුව අලංකරණය යනු මේවන විට මුළු ලොව පුරාම දැඩි අවධානයකට ලක් වූ කරුණක්. මේ සම්බන්ධයෙන් මිනිසුන් දක්වන උනන්දුව නිසාම දැන් දැන් රුව අලංකරණය සඳහා සාර්ථක පිළියම් අතරට වෛද්‍ය විද්‍යාවට අනුකූළ නොවන ව්‍යාජ පිළියම්ද එක්වීම වැඩිපුර දකින්නට ඇති තත්ත්වයක්. සමහරු තමන්ගෙ රුව ගැන ප්‍රතිකාර ලැබීම ප්‍රසිද්ධ වෙනවාට ඇති අකමැත්ත නිසා ඒවා රහසිගතව සිදුකරවා ගන්නට උත්සහ දැරීමෙන් ඒ ඒ අදාල ප්‍රතිකර්ම සිදුකිරීම සඳහා සුදුසුකම් නැති පුද්ගලයන් වෙතට එළැඹ විවිධ ප්‍රශ්න ඇතිකරගත් අවස්ථාද හමුවී තිබෙනවා.නමුත් මේ අප මේ ලබා දෙන්නේ එවැනි ගැටලු මගහැර ගන්න අවශ්‍ය දැනුමයි. ඇතැම් රුව අලංකරණ ක්‍රම අවශ්‍ය යැයි හැඟුණත් ඇතැම් ඒවා එසේ අත්‍යවශ්‍යම නොවන ඒවා ලෙසත් සඳහන් කරන්නට හැකියි. නමුත් ඇතැම්විට මුහුණ සඳහා ප්‍රතිකර්ම අවශ්‍ය වෙන අවස්ථා පුද්ගලයෙකුට අත්‍යවශ්‍ය මට්ටමේ තිබෙන්නටත් හැකියි. එනම් කෙනෙකුගේ රැකියාව සඳහා රූපකාය පෞර්ෂය අත්‍යවශ්‍යම වන අවස්ථා පැවතිය හැකි නිසාය. ඒ ගුවන්සේවා , මෝස්තර නිරූපණ වැනි කටයුතුවල නියැලෙන්නන්ට ඔවුන්ගේ රූපකායද එක් සුදුසුකමක් සේ සැළකෙන බැවිණි. නමුත් එය ස්වභාවික තත්ත්වයන් යටතේ හෝ විවිධ අසනීප තත්ත්වයන් යටතේ වෙනස් වුවහොත් එය ප්‍රකෘතිමත් කිරීම සඳහා බටහිර වෛද්‍ය විද්‍යාව අනුව ඇත්තේ කෙබඳු පිළියම්ද ? බෝටොක්ස් ප්‍රතිකාරය නවීන වෛද්‍ය විද්‍යාවේ එසේ යොදාගන්නා ඖෂධයකි. අද අප සෞඛ්‍ය පිටුව තුළින් සාකච්ඡාවට බඳුන් කරනුයේ බෝටොක්ස් ප්‍රතිකාරය සම්බන්ධයෙන් ඔබ නොදන්නා සියලු සත්‍යයි. මේ අනුව ඔබට ඒ ගැන නිවැරදි දැනුමක් ඇතිවන අතර කූට පුද්ගලයන්ට රැවටීමෙන් ඇතිවිය හැකි ගැටලුද අවම වනු ඇති.
රුව යනුවෙන් සඳහන් කළ විට හිස සිට දෙපාන්තය දක්වාම ඊට අයත් නමුත් වැඩිපුරම කෙනෙකු රුව යනුවෙන් අදහස් කරන්නේ මුහුණයි. පැහැය කුමක් වුවත් කෙනෙකුගේ මුහුණ සහ සම පියකරු හෝ කඩවසම් යැයි පවසන්නට මුහුණේ ස්වභාවය වඩා වැදගත් මෙහෙවරක් ඉටු කරනු ඇත. කාන්තාවක් සම්බන්ධයෙන් පියකරු රූමත් මුහුණක් ගැන කතාකරන අතර පිරිමි අයෙකු නම් කඩවසම් මුහුණක් පිළිබඳව කතාකරනු ඇති. මේ අනුව වඩා ලස්සන කෙට්ටු මුහුණ යැයි කියන්නට හෝ මහත මුහුණ යැයි කියන්නට හැකියාවක් අපට නැතත් අනවශ්‍ය රැළිවලින් තොර දිදුලන ස්වභාවයේ මෘදු සමක් ඇති කම්මුල් පිරී ඇති ඇස් යට සහ දෙකම්මුල් අසලින් රැළි නොඇඳුනු ,ඇස්කොණින් කාක පාද නොඇඳුන ඇසිබැම කඩා නොවැටුණු සහ කට දෙපසින් හා තොළ උඩින් රැළි නොඇඳුනු මුහුණට යටින් සම එල්ලා නොවැටුනු මුහුණ ලස්සන යැයි කියන්නට හැකියාවක් පවතියි. නමුත් හමට යටින් ඇති මේදය ඕනෑම මුහුණක මේ කියන ලක්ෂණ මතුකරවන්නට ලබාදෙන සහය සුළුකොට තැකිය නොහැකිය.
සාමාන්‍යයෙන් වියපත්වීම සෑම පුද්ගලයෙකුටම පොදු තත්ත්වයක්. වයස අනුව වියපත්වීමේ ලකුණු ඇතිවීම මෙන්ම වයස් ගත නොවී යම් යම් හේතු නිසා වියපත් ලකුණු මතුවීම යන දෙයාකාරයක තත්ත්වය තමයි අපට මෙහිදී සැළකිල්ලට ගත යුතු වන්නේ.
වියපත්වීමත් සමග ඇතිවන ලකුණු ඔබ මෙහිදී හොඳින් හඳුනනවා නාසය දෙපැත්තෙන් රැළි වැටී කම්මුල් දෙපස ඇඳෙන මස් පිඬු එල්ලා වැටීම මෙන්ම ඇස් යට මතුවන අයිබෑග් මෙන්ම රැළි, වියපත් බව පෙන්වන සලකුණු බව ඔබ දැක ඇති .මෙපමණක් නෙවෙයි ඇසි පිය කෙළවරින් කඩා වැටීම ඇසි පියන් එල්ලා වැටෙන ස්වභාවය පමණක් නොව මුහුණ හා ගෙළ අතර රැළ්ලක් මතුවී එල්ලා වැටීමත් වියපත්වීමත් සමග සිදුවෙන දෙයක්.මෙය අවුරුදු තිහ ඉක්ම වූ තැන් සිට අඩු වැඩි වශයෙන් දකින්නට පුළුවන්. නමුත් වයස් ගතවෙන්නට පෙර ඇතිවන මෙවන් සලකුණු ගැන ඔබ සිතන්නේ මොනවාද ? සමේ සවිමත් සහ පිරුණු ස්වභාවය ඇතිකරන්නට සමත්වන කොලැජන් තට්ටුව කිසියම් ආකාරයකින් හානි වූ විට එය නිවැරදි නොකළ හොත් ක්‍රමයෙන් මේ වියපත් ලකුණු වැඩි දියුණු වෙන්නට පටන් ගන්නවා.සමේ යම් නිවැරදි නොවන සලකුණක් ඇඳුන පසු එය නැවත යථා තත්ත්වයට ලඟා නොවන නිසා එසේ වෙමින් පවතින බව හඳුනාගත් විට මෙන්ම එසේ වෙන්නට කාලය ඇරඹෙන බව කළින් දැන ,ඒ අලුත් වැඩියා කටයුතු සිදු කළහොත් ඒ වියපත් ලකුණු හා මුහුණට යම් මළාණික පෙනුමක් ගෙන දෙන ලකුණු ඉවත් කරන්නට අපහසුවක් ඇතිවන්නේ නැහැ. කෙනෙකුගේ මෙවන් ලකුණු ඇතිවීමට බලපාන හේතු පිළිබඳ අප කරුණු විමසා බැලුවහොත් සිරුරේ හොර්මෝන ක්‍රියාවලියේ ඇතිවන වෙනස්කම් මෙන්ම අවු රශ්මියේ අධෝරක්ත කිරණ වල බලපෑමෙන් මෙන්ම හොර්මෝන ආශ්රිත රෝගවලදීත් මේ තත්ත්වය ඇතිවෙන්නට පුළුවන්. විශේෂයෙන් දැන් දැන් දියවැඩියා රෝග තත්ත්වය නිසා තරුණ අයගේ මුහුණ හදිසියේම වියපත්වීම අරඹන බව පැහැදිලි කාරණයක්. දියවැඩියා රෝගයේදී ඇතිවන සිරුරේ කෙට්ටු බව හේතුවෙන් මුහුණටද එල්ලා වැටුනු දිරාගිය නැතිනම් ගිලී ගිය ස්වභාවයක් ඇතිකරන වියළි සමක් වියපත් ලකුණු රැසක් ඇතිවෙන්නට පුළුවන්. මෙය නැවත පිළිසකර වෙන බව පවසන්නට නොහැක්කේ එය දිගින් දිගටම සිදුවන්නට ඉඩ ඇති නිසයි.
මෙවන් අවස්ථාවල සමට යටින් පවතින මේද ප්‍රමාණය කොලැජන් ප්‍රමාණය නැවත ස්ථාපනය වන ප්‍රතිකාරයක් යෙදීම අත්‍යවශ්‍ය වෙන්නට පුළුවන්. මුහුණ ගිලා බැස රැළි ඇති වූ පසුව එය භාහිර ආලේපන තැවරීමෙන් නැවත යථා තත්ත්වයට පත්වේ යැයි පැවසිය නොහැකියි. හානි වූ කොලැජන් ස්ථරය එවන් භාහිර ආලේපන මගින් වර්ධනය කරන්නට යැයි සිතා විවිධ ආලේපනවල සහය සොයනවාට වඩා ඉක්මණින් සහ විශ්වාසවන්ත අතුරු ආබාධ රහිත ක්‍රමයකින් මෙය පිළිසකර කරගැනීම කළ යුතුයි. නවීන වෛද්‍ය විද්‍යාවේ ස්වභාවික සිද්ධාන්ත අනුකරණය කරමින් බෝටොක්ස් යන ඖෂධීය සංයෝගය බිහිවී ඇත්තේ ඒ සඳහායි. සාමාන්‍යෙයන් බෝ ටොක්ස් යනු ,සම මතින් ගිලිහී ගිය පිරිපුන් බව සහ මුහුණේ හැඩය නැවත කිසිම අතුරු ආබාධයකින් තොරව සකස්කරන නියත ක්‍රියාකාරිත්වයක් දක්වන සංයෝගයක් බැවින් මෙයට ලොව පුරාම විසල් ජනප්‍රියත්වයක් පවතී. බෝටොක්ස් යනු ආලේපනයක් හෝ පෙත්තක් යැයි ඔබ සිතනවා නම් එය වැරදිය. ඇතැම් විට ඔබේ අවශ්‍යතාව පිළිබඳ දන්නා අවිධිමත් කූට නිෂ්පාදකයන් මේ සංයෝගය ආලේපනයකින් හෝ පෙත්තකින් ලබාගත හැකි පරිදි හුවා දක්වමින් විවිධ නිෂ්පාදන ඔබට හඳුන්වා දීමට උත්සහ දැරීමටද පුළුවන. නමුත් බෝ ටොක්ස් ප්‍රතිකාරය ඔබ අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙකු වෙතින් පමණක් ලබාගත යුත්තකි. බොටොක්ස් යනු එන්නතක් ඇසුරෙන් සිදුකරන ප්රතිකාර්මයක් බැවින් එය නිසි දැනුමක් සහිත වෛද්‍යවරයෙකු විසින් ම සිදුකළ යුතු බව තරයේ මතක තබාගන්න.එපමණක් නොවේ නිවැරදි ප්‍රමාණවලින් නිවැරදි ස්ථානවලට මෙය එන්නත් කිරීමට අවශ්‍යය. නිසි ප්‍රතිඵල ලද හැක්කේ එවිටය.
දැන් අප මේ මගින් ප්‍රතිඵල ලද හැකි තත්ත්වයන් මොනවාද යන්න විමසා බලමු. ඔබේ නළලලේ හරහට ඇතිවන ඉරි ඇතැම්විට ඔබේ මුහුණට රළු වයස්ගත පෙනුමක් එක්කරවන්නට සමත්වනුයේ ඔබේ මුහුණේ ඉරියව් වෙනස්වන අවස්ථාවලදීය. ඔබ යමක් දෙස විමසිලිමත්ව බලන අවස්ථාවල සිනා සෙන විට නළලේ අධිකව ඉරි ඇතිවීම පාලනය කර ඔබේ මුහුණට තරුණ පෙනුමක් එක්කරන ආකාරයට ඔබේ මාංශ පේශීන් අලුත්වැඩියාකරන්නට බොටොක්ස්වලට හැකියාව පවතී .
සිනාසෙන විට හා යම් යම් ඉරියව් පළකරන විට ඇස්වල කොණ මතුවන කාක පාද නැතිනම් ඔබ කවුරුත් දන්නා ක්‍රෝ ෆීට් මුහුණේ වියපත් බව මතුකරන ලක්ෂණ අතර ප්‍රධානම තැනක් ගන්නා අතර ඊටම ඇස යට ඇතිවන රැළි මෙන්ම ඇසි බැම එල්ලා වැටීමද හඳුන්වා දිය හැකිය. නාසය දෙපසින් කම්මුල් බේරීයන ආකාරයෙන් මතුකරන රැළිද දෙකොපුල් එල්ලා වැටෙන ස්වරූපයෙන් පෙන්වන්නට හැකියාව පවතී. නිකට දෙපසින් එල්ලා වැටෙමින් කට දෙපැත්තෙන් මතුවන රැළි ද වියපත් බව නැතිනම් අකළට වියපත් බව වඩාත් හොඳින් මතුකරන අතර මේවා බෝටොක්ස් ඇසුරින් නැවත තිබූ පරිද්දෙන්ම සකස්කරවන්නට යොදාගත හැකිය. බොටොක්ස් සමග යොදාගන්නා අනෙකුත් ක්‍රමද එක්ව කිසියම් කෙනෙකුට තමන්ගේ දියවැඩියා රෝග තත්ත්වය , ශරීරයේ බර අඩුකරගන්නට වෙහෙසීම නිසා මතුවූ මුහුණ සිහින්වී යාමෙන් මතුවූ එල්ලා වැටෙන සලකුණු ,බොටොක්ස් එන්නත් කිරීමෙන් තරුණ බව පැවතියදී තිබූ ස්වරූපයට ගෙන ආ හැකි අතර දියවැඩියාව වැනි තත්ත්වයක් හේතුවෙන් යළිත් තිබූ ස්වරූපයට ගෙන ආ නොහැකි යැයි සිතූ ගිලා බැස ගිය මුහුණු වල මාංශ පේශී නැවත අලුත් වැඩියා වී එනම් දියවැඩියා රෝගයට පෙර තිබූ තත්ත්වයට පත්කළ හැකිය. දැන් අප හැමවිටම මෙහිදී කළින් තිබූ තත්ත්ව යැයි කීප විටක් කී නිසා නිරන්තරයෙන්ම එම තත්ත්වය පැවති අයෙක්ට මේ ක්‍රමයෙන් තමන්ට යම් පිළියමක් ලද නොහැකි දැයි සිතෙන්නට පුළුවන. සැබවින්ම වයස්ගත නොවීත් වයස්ගත පෙනුමක් පැවතීම යන්නෙන් අප මුළින්ද සඳහන් කළේ ඒ අය ගැනයි.බොටොක්ස් යනු මෙවැනි ගැටලු ප්‍රකෘතිමත් කිරීමට වෛද්‍ය විද්‍යාත්මකව යෙදිය හැකි සුදුසුම පිළියමකි. එහෙයින් මුහුණේ අප මුළින් සඳහන්කළ ගැටලු කුමන හේතුවක් මත ඇතිවූවක් වුවත් එයට මෙම ක්‍රමයෙන් පිළියම් යෙදීම නව පෙනුමකට මෙන්ම නව ආත්ම විශ්වාසය ගොඩනැගීමකට යෙදවිය හැකිය. යම් ආකාරයකින් මුහුණේ ගිලා බැස්මක් ඇතිවුවහොත් එයට යෙදිය හැකි විද්‍යාත්මක නොවන පිළියම්වල ප්‍රතිඵල ගැන ඔබට යම් සැකයක් තිබෙන්නට හැකිවුවත් බෝටොක්ස් යනු එවන් සැකයක් මතුනොකරන රුව අලංකරණය සඳහා ප්රත්යක්ෂ වූ ක්රමයකි. දැන් ඔබ මෙම ක්රමයේ පැවැත්ම සම්බන්ධයෙන් සැළකිලිමත් වනු ඇති. බෝටොක්ස් සහ ඊට ආධාර සපයන අනෙකුත් සරල වෛද්‍ය විද්‍යාත්මක ක්රමයන් යොදාගනිමින් ඇතිකරන මේ වෙනස්කම් නිසි අයුරින් සිදු කළහොත් එනම් පළපුරුදු හා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙතින් සිදුකරවාගතහොත් මාස අටක් වසරක් වැනි කාලයක් උපරිම අයුරින් මේ ප්‍රතිකාරයේ ප්‍රතිඵල රඳවා ගත හැකිය.. සාමාන්‍යයෙන් බොටොක්ස් එන්නත එක ඒකකයක් සඳහා රුපියල් හයසීයත් අටසීයත් අතර මිලක් තීරණය විය හැකි අතර මුහුණේ එකී ගැටලු මගහරවා ගන්නට අවශ්‍ය කරන ඒකක ප්‍රමාණය කොතරම්ද යන්න වෛද්‍ය පරීක්ෂාව සහ නිගමනය අනුව තීරණය වනු ඇත. කෙනෙකු මෙවැනි ප්‍රතිකාරයක් ආරම්භ කිරීමට සුදුසුම වයස් කාණ්ඩය කුමක්ද යන්න පැවසුවහොත් ඒ වයස අවුරුදු තිහ සිට යැයි පැවසීමේ වරදක් නොවේ. මන්ද මුහුණේ මෙවන් වෙනස්කම් යාන්තමින් මතුවීමට පටන් ගන්නා කාලයේම එය නවතා ගතහොත් පසුව දැඩි ලෙස මේ ගැටලුව ව්‍යාප්තවීම පාලනය කරගන්නට ඉඩක් ලැබෙන බැවිණි.මේ සම්බන්ධ ප්‍රධාන තොරතුරු සියල්ල මෙයින් ආවරණය කළත් ඔබට තවත් මේ සම්බන්ධ තොරතුරු වින්සෙත රෝහලේ රූපලාවණ්‍ය වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගෙන්ම විමසීමටත් අවස්ථාව පවතී 0716 412 427 අංකය ඒ සඳහා අද පාඨක ඔබ වෙනුවෙන් විවෘතය.
සටහන - නාලිකා රාජපක්ෂ