සිංහල වෙදකමෙන් හෝ නැතිනම් ආයුර්වේදය අනුව දියවැඩියාව සුව කළ හැකිද යන්න මේ සමගම විමසන්නට අප අදහස් කළේ දැන් දැන් දියවැඩියාව නැතිනම් මධුමේහය සුව කළ හැකි බව පවසන විවිධ වෛද්‍යකර්ම සම්බන්ධ කතිකාවතක් ඇතිවී තිබෙන නිසයි. දියවැඩියාව සිංහල වෙදකම අනුව නම් හඳුන්වන්නේ මධුමේහය ලෙසින් බව ඔබ මේ වන විටත් දන්නවා ඇති. මධුමේහය ප්‍රමේහ රෝග අතරට ගැනෙන්නක් . ප්‍රමේහ රෝග සුව කළ හැකි වටිනා ඹෟෂධ හෙළ වෙදකම සතුව පවතින බව මුළින්ම කිව යුතුයි.
ප්‍රතිකාර ක්‍රමවේදය කුමක් වුවත් රෝගියා අතුරු ආබාධවලින් තොරව සුව කළ යුතුය යන්න අප දරණ මතයයි. සියල්ලන්ටම පළමු මධුමේහ රෝගියා රෝගයේ කුමන අවධියක සිටින්නේද යන්න විමසා බැලිය යුතුවෙයි.
බොහෝ විට මධුමේහ රෝගියා මූලික රෝග ලක්ෂණ පහළවන අවධියේම හඳුනාගැනීම පෙර කාලයේ සිදුවුයේ රෝගියා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර නොවේ. රෝගියාගේ ඇවතුම් පැවතුම් පිරීක්සීමෙනි. කුමන ක්‍රමයකින් ප්‍රතිකාර සැලසූවත් මධුමේහ රෝගියාට ඇතිවන ලක්ෂණ එකම ආකාරයකි. වැඩිපුර පිපාසය ඇතිවීම, අධික කුසගිනි දැනීම ,සිරුර ක්ෂය වීම ,මුත්‍රා කළ විට එයට කූඹින් පැමිණීම, නිදාගන්නා ඇඳ මත නිතර කූඹින් ගැවසීම වැනි හේතු දකින විට ඔන්න අර සීනි අමාරුව හැදිලා වගේ යැයි පවසන ගැමියන් තම තමන්ට හුරු අත් බෙහෙත් සහ ආහාරමය වෙනස්කම් ඇතිකර ගැනීම තුළින් සුවය වෙත ළඟා වූ අතර වෙද ගෙදරට ගොස් කසාය සීට්ටුවක් ලියා ගෙනවිත් එය සකසා පානය කිරීමෙන් සුවය ලැබූහ පසුකාලීනව ඇතැම් අය විසින් දැරූ මත නිසා කසාය සහ අරිෂ්ට වැනි දෑ භාවිතයට මිනිසුන් බිය වූයේ ඒවායින් වකුගඩු විනාශ වෙන්නේය යන බිය හේතුවෙනි.
බිය ඇතිවීම සාධාරණය. ඒ මධුමේහයට එකම බෙහෙත් වට්ටෝරුව භාවිත කරන්නේ නම් එකම බෙහෙත දිගුකළක් භාවිතය නිසා යම් යම් අතුරු ඵල ඇතිවීමට ඉඩක් හැදෙනවා යැයි වෙනත් වෛද්‍යකර්ම විසින් මතයක් ගොඩ නගා ඇති බැවිණි.මේ අනුව හෙළ ඔසු තුළින් දියවැඩියාවට සුවය පතන්නේ නම් අනුගමනය කළ යුතු ක්‍රමවේදය කසාය හෝ අරිෂ්ට ලබාගෙන භාවිත කිරීම නොවේ. මූලික වශයෙන් මධුමේහ රෝගියා තමන් පසුවන්නේ රෝගයේ කුමන අවධියේද යන්න වෛද්‍යවරයෙකු හමුවී පරීක්ෂා කරවා ගත යුතුය. ආයුර්වේදයේ සියලු රෝගවලට හේතුකාරක ලෙස සැලකෙන්නේ වා , පිත් සෙම් යන ත්‍රිදෝෂයන්ගේ ඇතිවන කිපීම් නැති නම් වෙනස්වීම් ය. වාතය කිපීම මත ඇතිවූ තත්ත්වයක්ද පිත් යන ධාතුව කිපීමෙන් ඇති වූ තත්ත්වයක්ද නොඑසේනම් සෙම යන ධාතුව කිපීමෙන් ඇති වූ තත්ත්වයක්ද යන්න ප්රමේහයකට ප්‍රතිකාර යෙදීමට පළමු රෝගියාගේ නාඩි පරීක්ෂාව තුලින් නිර්ණය කිරීමට දේශීය වෛද්‍යවරයාට හැකියාවක් තිබේ. අග්න්‍යාශය යනුවෙන් හඳුන්වන ඇලදිවේ ක්‍රියාකාරිත්වය අඩාලවීමෙන් ඇතිවන අඩුපාඩුව මකන්නට පෙති කීපයක් ලබාදීමෙන් සහය දක්වා, මෙය පාලනය කළ හැකි බව සැබෑවකි. නමුත් පාලනය නොව මේ පවතින තත්ත්වයේ ඇති වැරදි නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය. කෝකටත් එකක් වන මට්ටමේ ඖෂධ මේ සඳහා යෝග්‍ය නැත
මධුමේහය සඳහා ප්‍රතිකාර යෙදිය යුත්තේ ක්‍රමාණුකූලවය. එක් බෙහෙත් පංතියක් අවසන්වන විට තවත් වෙනස්ම බෙහෙත් පංතියක් ආදී වශයෙන් යොදමින් මාස හයක පමණ කාලයක් නොවරදවා ප්‍රතිකාර කිරීම ඇල දිවෙහි ක්‍රියාකාරිත්වය නැවත ප්‍රකෘතිමත් කළ හැකි ක්‍රියාවකි. මේ හැරුණු කොට පැණි රස සහිත දෑ වර්ජනය කිරීමට පැවසීම බොහෝ දෙනාගේ සිරිතයි. නමුත් හෙළ වෙදකම අනුව පැණිරස සහිත දෑ වර්ජනය නොකර සාමාන්‍ය ආහාර රටාවක සිට මධුමේහය සුවකරවීමට හැකි ඖෂධ කසාය සහ අරිෂ්ටවලින් බැහැරව පවතී.
ඇතැම් අරිෂ්ට වර්ගවල පැණිරස පැවතීමත් එහි ඇල්කොහොල් අඩංගුබවටත් පවතින මතය නිසා සමහරුන් ඒවා භාවිතයෙන් වකුගඩු ආබාධ ඇතිවේ යැයි සිතයි. එහිදී සිංහල බෙහෙත්වලින් කිසියම් අනිටු ඵලයක් ඇති නොවෙතත් එවැනි බෙහෙත් වෙළෙඳාම පිණිස නිපදවන පුද්ගලයන් ඒවා නිසි පරිදි නියමිත ඖෂධ වලින් බැහැරව යම් යම් ආදේශක යෙදීමෙන් නිෂ්පාදනය කරයි නම් ප්‍රතිඵල වෙනස් වීය හැකි බව සත්‍යයකි. මේ නිසා සකස් කළ බෙහෙත් නොව එම අවස්ථාවේදීම සකසා දෙන ඖෂධ වලින් දියවඩියාවට නොවරදින ලෙස ප්‍රතිකාර යෙදීමේ හැකියාවක් හෙළවෙදකමට තිබේ. දියවැඩියා නැතිනම් මධුමේහය සහිත රෝගියාට ඖෂධ යෙදීමට ප්‍රථම රෝගියාට ඇති වෙනත් රෝගාබාධ සම්බන්ධයෙන් සොයා බැලිය යුතුය. දියවැඩියා බෙහෙත් හැරුණුකොට රෝගියාට පවතින වෙනත් රෝග වලටද ඒ සමගම ඖෂධ යෙදිය යුතුය. ඇතමුන්ට අධිරුධිර පීඩනය ආදී රෝග පවතිමින් දියවැඩියාව තිබෙන බැවින්, ප්‍රතිකාර යොදන විට ඒ සඳහාද අවධානය දක්වා ඒවා විසඳෙන පරිදි ඖෂධ යොදා ප්‍රතිකාර කරන්නේ නම් රෝගියාට ඇතිවන සුවයේ පැහැදිලි වෙනසක් අත්විඳිය හැකිවනවා ඇත.දියවැඩියා රෝගියාට කය වෙහෙසා වැඩකරන්නට සහ සිරුරේ පෝෂණ තත්ත්වය ආරක්ෂාකර දෙන්නට අතිරේක ආහාර නැතත් සාමාන්‍ය ආහාරවේලක් හරහා උත්සහ දැරිය යුතුය. එවිට රෝගියා ඉක්මණින් රෝගයෙන් අත්මුදවන්නට හැකියාව ලැබේ. දියවැඩියා රෝගියාට නුසුදුසු ආහාර මෙන්ම සුදුසු ආහාර ද මේ අනුව වෙනස්වෙයි. ඔබට මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් විමසීමට අවශ්‍ය නම් 0777248128 තුළින් වෛද්‍යවරයා අමතා වැඩිතොරතුරු විමසා දැනගැනීමට අවස්ථාව ඇත.