මුතු යනු මැණික් මෙන්ම වටිනාකමක් ඇති ස්වභාවික පාෂාණ අතර ට එක්වන ද්‍රව්‍යයක් නමුත් මුතු බිහිවනුයේ මුහුදු බෙල්ලකුගේ සිරර තුළ බව අප දන්නා ඇත්තයි. නමුත් දැන් දැන් ලෝකයේ සමහර ධනවත් රටවල් මේ බෙල්ලන් වගා කිරීම ආරම්භ කර ඇති අතර ඔවුන් එසේ නිර්මාණය කරගන්නා ස්වභාවික මුතු කල්චර්ඩ් ප්‍රෙෂ් වෝටර් පර්ල් නමින් හඳුන්වති.
මෙම මුතු බෙල්ලන් ගේ සිරුරේ පටක තුළට මුතු නිර්මාණය වීමට අවශ්‍ය කරන සංයෝගය එන්නත් කිරීමට සලස්වා එමගින් මුතු නිර්මාණය වෙන්නට සැලැස්වීම තුළින් දුර්ලභ මුතු, සුලභ ලෙස නිර්මාණයට දැන් සමත්ව තිබෙනවා. මේ ආකාරයෙන් මුතු නිෂ්පාදනය විම අරඹන්නට හේතු වී ඇත්තේ කුමන හේතුවක්ද යන්න විමසීමේදී ලොව පවතින මිල අධිකම හා සාර්ථකම රූපලාවණ්‍ය ආලේපන සඳහා මුතුවලින් ලබාගන්නා කුඩු යොදාගැනීම එයට හේතුවයි.
මුතු සහිත ආලේපන ඉතාම උසස් ප්‍රතිඵල ලබාදෙන අතර ඉතාම අලංකාරවත් රුවක් ඉස්මතුකරවන්නට සමත් බව ඇමෙරිකාව ජපානය ආදී රටවල් මෙන්ම කල්චර්ඩ් ප්රෙෂ්වෝටර් පර්ල් නිෂ්පාදනය කරන්නට අලුතින්ම එක්වී සිටින මහා පරිමාණ නිෂ්පාදකවරයා වන චීනය සාක්ෂි දරනවා. පෙරදිග රටවල අප මේ අගනා මුතු රෝග සුවය සඳහා යොදා ගන්නේ කෙසේදැයි දැන් විමසා බලමු.
මුතු මැණික් ආදිය යම් යම් රෝග සඳහා සාදනු ලබන ඖෂධවලට යොදාගන්නවා මෙන්ම රන් රිදී ලෝහ ආදියත් යොදාගන්නා බව ඔබ අසා ඇති. ජ්‍යෙතිෂය අනුවත් සමහර ලෙඩ රෝග සමනය සඳහා මුතු යොදාගන්නට උපදෙස් ලබාදී තිබෙන බව නොරහසක්.
ස්වභාවික මුතු මෙන්ම ව්‍යාජ මුතු ද ව්‍යාපාරික ලෝකයේ පවතින අතර. ස්වභාවික මුතු වල හැඩය හා පොතු නොගැලවීම ආදී ලක්ෂණ හේතුකොටගෙන ඒවා හැඳිනිය හැකිය. අප අසා ඇත්තේ සුදු පැහැ මුතු පමණක් වුවත් ස්වභාවික මුතුවල කලු පැහැති, රෝස පැහැති කොළ පැහැති හා රතු පැහැති ආදී වශයෙන්ද මුතු පවතින බව සත්‍යයක්.
ඒ ඒ මුතුවලින් ඇතැම් විට සුව කළ නොහැකි සමහර රෝගවලට විශාල සුවයක් ලබාගත හැකි බව ඉන්දියානු පාර්ම්පරික ආයුර්වේද වෛද්‍ය පී බාලසුබ්රමනියම් මහතා පවසනවා.
වයසට වඩා වැඩි වියපත් බව සමහර අයට ලොකු කනස්සල්ලක්. නමුත් ස්වභාවික මුතු වතුර වීදුරුවක බහා රැයක් තබා උදෑසන මී පැණි ස්වල්පයක් සමග පානය කිරීමෙන් ඒ වියපත් පෙනුම පහවයනවා. එයට හේතුව ස්වභාවික මුතු නියෝජනය කරන්නේ චන්ද්‍රයා යන ග්‍රහ තරුව වීමයි. එයට චන්ද්‍රයාගේ බලය තදින් ආකර්ෂණය වෙනවා. සඳ ඉතාම ලස්සනයි.
චන්ද්‍රයාගෙන් බලවත්වෙන නිසා තමයි එය රූපය වැඩි දියුණු කරන්න බලපාන්නේ. එමෙන්ම මෙම ස්වභාවික මුතු මානසික වශයෙන් රෝගී බවට පත්ව සිටින බොහෝ දෙනෙකුට ප්රත්යක්ෂ ඖෂධයක්. චන්ද්‍රයාගේ බලපෑම මානසික රෝගවලට සම්බන්ධයක් පවතිනවා. සඳ පායන දිනවලට උමතු රෝගීන්ගේ චර්යාවන් අඩු වැඩි වෙන බව ඉස්සර මිනිසුන් අතර විශ්වාසයක් තිබුණා.
මෙවැනි අයෙක් බරින් වැඩි තරමක් ලොකු ස්වභාවික මුතු ඇටයක් රිදී ලෝහයෙන් මුදුවක් තනා පළඳිනවා නම් එයින් ඔහුගේ සමට ඇතිකරන බලපෑම හේතුවෙන් මානසික රෝග සමනය වී යනවා. එය ස්ථීරයි. ඩිමෙන්ෂියාව වැනි අමතකවීම් වැඩි මනෝ රෝගවලට ප්රත්යක්ෂ ලෙසම මෙය බලපානවා.
ස්වභාවික මුතුඇටයක් හෝ මුතු ඇට කිපයක් සහිත මාලයක් පළඳින්නට ,බ්‍රේස්ලට් එකක් පලඳින්නට ඔබ හුරු පුරුදුව ඇත්නම් මතක ශක්තිය වැඩි දියුණු කරගන්නට එය මනා පිටුවහලක් වනු ඇති මතක ශක්තිය ධාරණ ශක්තිය දුර්වල අයට ස්වභාවික මුතුවලින් කළ හැකි ප්‍රතිකාර රැසකි. මුතු පැළඳීමේදී එය කැරටි හතක තරම්වත් ප්‍රමාණයක් වීම රෝග සුවය සඳහා සහය ලබන්නට අවශ්‍ය වෙයි.
හිස සිට දෙපතුළ දක්වාම වූ රෝග සමනය සඳහා ස්වභාවික මුතු ඖෂධ හා එක්කොට ප්‍රතිකාර සැලසිය හැකි අතර එම ප්‍රතිකාරයේදී මුතු වලට හානියක් නොවී නැවත භාවිතයට ගත හැකිවීමද විශේෂයකි.
අංශභාග, හිස්ටීරියා, එපිලෙප්සි. (අපස්මාරය) සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උගුර ආබාධ, බ්‍රොන්කයිටීස්, වෙරිකෝසිස්වේන් සහ ස්නායු ආබාධ, මෙන්ම පිළිකා තත්ත්වයන් ටයිපොයිඩ්, සන්ධි ආබාධ, ටියුමර්, කාන්සාව ආදී රෝගවලට මෙන්ම කාන්තා රෝගවලටත් මෙය ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබාදෙන්නක්.
මුතු පැලඳීමේදි කඩතොලු වූ ඒවා පැලදීම බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබිම නවතා දමන්නක්. මේ නිසා මුතු පැලඳීමේදී ඒවා පලුදු නොවි ඇති වගට වගබලා ගන්න. එමෙන්ම ස්වභාවික මුතු බවට තහවුරු කළ නොහැකි මුතු නොපලඳින්න. ඒවායින් ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලැබීම සිදු නොවිය හැකි බැවිණි.
ස්වභාවික මුතු ඇට සිමෙන්ති පොළව මත තදින් ඇතිල්ලූ විට සුදු පැහැ කුඩු විශේෂයක් මතුවුවත් මුතු ඇටයේ පවතින දිලිසෙන සුළු මතුපිට නැති වී නොයයි. එමෙන්ම ඒවායේ පිට පොත්ත ගැලවී යාමක් නැත. බිම තැවරුණ මුතු ඇටයේ කුඩු අතැඟිල්ලෙන් ගත් විට එහිද දිලිසෙන සුලු බවක් පවතියි. නමුත් ව්‍යාජ මුතුවල එසේ නොවේ.
රෝග සුවය සඳහා මුතු පලඳින විට කැරට් පහ සිට දහය දක්වා බරින් යුතු මුතු තෝරා ගැනීම වැදගත් වන අතර ඇතැම් ආභරණ තනන්නන් මුතු යොදන්නට යැයි කී විට ඉතාම කුඩා මුතු යොදන අතර ඒවා ඇතැම් විට පලුදු වු ඒවායින් වෙන් කර ගත් සියුම් කැබලි වීමට ඉඩ තිබේ.
කාන්තා වන්ගේ මුහුණේ මතුවන ලප කැළලිද මුතු මගින් සෑහෙන දුරට මකාගන්නට ක්‍රමයක් පවතී .ඒ මුතු යොදා රැයක් තිබෙන්නට හැරි ජලයෙන් එක දිගට මුහුණ සේදීම තුළිනුයි. එවිට ලප කැලැල් ක්‍රමයෙන් ඉවත්වී මුහුණ ප්‍රභාමත්වන බව ආලේපවලින් තොරව දිදුලන සමක් ඇති වී තිබෙන බව අත්විඳින්න පුලුවන්.
මුතු තෝරාගැනීම සහ මුතු වලින් රෝග සුවයට අනුගමනය කළ යුතු වත් පිළිවෙත් ද රාශියක් පවතිනවා. මුතු සම්බන්ධ තොරතුරු ඔබට අන්තර්ජාලයෙන්ද ලබාගත හැකියි. එසේ නැතිනම් 077 7 404 295 අංකයෙන් වෛද්‍ය පී බාලසුබ්රමනියම් මහතාගෙන්ම විමසීමේ අවස්ථාව පවතින අතර ඔබේ ජන්ම පත්‍රයේ සඳු ග්‍රහයාගේ දුර්වලතා පවතින්නේ නම් අපල වෙනුවෙන් මුතු පැලඳීම සම්බන්ධයෙන් ඔබේ ජෝතිෂ්යවේදීයාගේ උපදෙස්ද වැදගත් විය හැකියි.