ඔබ කුමන වයසේ පසුවන්නෙකු වුවත් කන් ඇසීමේඅවදානමකට ලක්විය හැකි බව ඔබ දන්නවාද? බොහෝ විට ඔබ කන් ඇසීමේ ඌනතාවකින් පෙළෙන්නෙකු බව ඔබ නොදන්නවා විය හැක. වර්තමානය වනවිට වැඩිහිටි පාර්ශ්වය අතර පමණක් නොව තරුණ තරුණියන් අතරද ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන් බොහෝමයක් හඳුනාගත හැකිය.
එහිදී විශේෂයෙන් වයස, වෙනත් රෝගාබාධනිසා හටගන්නා අතුරු ආබාධ නිසාද, දීර්ඝකාලීනව ඖෂධ ලබාගන්නා පුද්ගලයන්ටමෙන්ම පරම්පරාගතවද කන් ඇසීමේ ඌනතා ඇති විය හැක. ඔබේ ශ්‍රවණ තත්ත්වය පිළිබඳඔබටම නිශ්චය කරගැනීමට අවස්ථාව ඇත. නිවසේ අනෙක් සාමාජිකයන් සමග රූපවාහිනිය නැරඹීමේදී එම පුද්ගලයන්ට සාපේක්ෂව හඬ වැඩි කිරීමට ඔබ පෙළඹී සිටිනවා නම් ඔබගේ ශ්රවණතත්ත්වය පිළිබඳ නිගමනයකට පැමිණිය හැකිය.
එක් කණකට පමණක් දුරකථනය තබාගෙන කතාකිරීමේදීද ඔබට යම් ශ්‍රවණාබාධ තත්ත්වයන් ඇතිවන බවට නිගමනයකට පැමිණිය හැකිය. යම්පුද්ගලයෙකු හා සංවාදයේදී පවසන දේ නොපැහැදිලිව ඇසීම නිසා නැවත නැවත පැවසීමට සිදුවීමද, ශ්‍රවණේන්ද්‍රිය පරීක්ෂා කර ගැනීමට ඇති පූර්ව දැනුම්දීමකි. එමෙන්ම දීර්ඝකාලීනව විශාලඝෝෂාවක් සහිත ස්ථානවල රැකියාවල නිරතවීමද ක්‍රමයෙන් ඇසීමේ තත්ත්වය දුබල කරවනතත්ත්වයක් ඇති වීමට මග පාදන්නකි.
කුඩා දරුවන් සිටින දෙමවුපියන්ට තම දරුවන්ගේ ශ්රවණතත්ත්වය පිළිබඳ පූර්ව නිගමනයකට පැමිණිය හැකිය. වයස අවුරුදු දෙකහමාරක පමණ දරුවෙකුටවචන දෙකක් සම්බන්ධ කරමින් කතා කිරීමට අපහසු නම් එම දරුවා ශ්‍රවණ ඌනතාවකින්පෙළෙන්නෙකු විය හැකිය. එමෙන්ම මව හෝ පියා තම දරුවාට කතා කරන විට ඔහු එයනොඇසුණා සේ සිටී නම් එම තත්ත්වයද ශ්‍රවණාබාධිත තත්ත්වයක මුල් අවධිය ලෙස තීරණය කළහැකිය.
ඔබ වයස අවුරුදු 45 පසු වූ අයෙකු නම් ඔබටද කන් ඇසීමේ ඌනතාවක් ඇති වීමේ අවදානමක්ඇත. ඒ පිළිබඳ යම් සැකයක් වෙතොත් එම තත්ත්වය වැඩි වීමට පෙර ශ්රවණපරීක්ෂාවක් කරගැනීම තුළින් ඔබගේ ඇසීමේ තත්ත්වය නිසියාකාරව පරීක්ෂා කරගත හැකිය. එමෙන්ම ස්නායුගතශ්රවණාබාධ සහිත වූවන් ඖෂධ මගින් සුවකිරීම අපහසු වනු ඇත.
බොහෝ විට ශ්රවණඋපකරණයක් පැලඳීම තුළින් එම තත්ත්වයට සාර්ථක විසඳුමක් ලබාගත හැකිය.අනෙකුත් අවදානම්තත්ත්වය නම් අප කවුරුත් කන් පිරිසුදු කිරීම සඳහා යොදාගන්නා 'Cotton Buds' මගින් කලාඳුරුඉවත් කිරීමට යෑමේදී නොදැනුවත්වම එම කලාඳුරු කණ තුළට ගොස් සිරවීම තුළින්ද කන් ඇසීමදුර්වල විය හැකිය. එමනිසා කණ ඇතුළටම 'Cotton Buds' දමා කණ පිරිසුදු කිරීමට යෑමෙන් වළකින්න.
අද වනවිට ලෝකයේ සෑම රටකම පාහේ ශ්‍රවණ ඌනතා කලින් හඳුනාගැනීම තුළින් ඉතාසාර්ථකව එම තත්ත්වයට පිළියම් සෙවීමට නවීන තාක්ෂණයේ අනුහසින් ඔබට අවස්ථාව උදා වීඇත. ඉහත කරුණු පිළිබඳ ඔබට යම් සැකයක් වෙතොත් උගුර, කණ, නාසය පිළිබඳ(ENT) විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු වීමෙන් ඉතා සාර්ථකව විසඳුම් සෙවිය හැක.
අතීතයේ මෙන්ඉතා විශාල ශ්‍රවණ උපකරණ හා යන්ත්‍ර වෙනුවට නූතන ලෝකයේ දියුණුවත් සමග ශ්‍රවණාබාධ සඳහා වර්තමානයේ නිෂ්පාදනය වන ශ්‍රවණ උපකරණ ඉතා සියුම් මෙන්ම අති නවීන තාක්ෂණයෙන් යුතු ගුණාත්මක නිමැවුමක් ලෙස වෙළෙඳ පොළෙන් ලබාගැනීමට අවස්ථාව උදා වී ඇත.