ජාත්‍යන්තර ශ්‍රවණ දිනය නිමිත්තෙණි.
ශ්‍රවණය නැතිනම් ඇසීම යනු අප කාටත් ඉතාම අත්‍යවශ්‍ය සංවේදනයකි. නමුත් ඇසීම යනු හැමදෙනාටම එකම ආකාරයෙන් පිහිටා නැති අවස්ථාද අප කොතෙකුත් දැක තිබේ .බිහිරි බව සමග කථන ආබාධ ද නෑ කමක් දක්වන්නේය යන කාරණය සම්බන්ධයෙන්ද මෙහිදී ඔබට යමක් සිහිපත්වනු ඇත. ලෝක ජනගහණයෙන් මිලියන 360 ක් දෙනා ශ්‍රවණ ඌණතා නිසා ආබාධිත තත්ත්වයට පත්ව සිටින බව ඔබ දන්නවාද? අවාසනාවකට මෙන් මෙයින් අඩකටත් වඩා වාසය කරන්නේ ඌන සංවර්ධිත රටවලය.
ඒ හැරෙන්නට කනේ ආසාදන නිසා තවත් කොටසක් මොළයේ ආසාදන වැනි ජීවිත තර්ජනයකට තුඩු දිය හැකි සංකූලතාවලටද මුහුණ දෙයි. ඔබ අසන්නට පටන් ගන්නේ කවදා සිටද ඇතැම් විට උපන් මොහොතේ සිට යැයි ඔබට සිතෙන්නට පුලුවන. නැත ඇසීම ආරම්භ වනුයේ මවු කුස තුළ සිටියදීමය. ශ්‍රවණය ආයෝජනයකි, ඒ නිසා ශ්‍රවණය රැක ගනිමු යන්න තේමාව කොටගත් මෙවර ජාත්‍යන්තර ශ්‍රවණ දිනය නිමිත්තෙන් මෙවර අද සෞඛ්‍ය පිටුව සැකසෙයි.
අපට ඇසීම මෙතරම් වැදගත් වන්නේ ඇයි? සාමාන්‍යයෙන් මොළයේ භාෂා හා කථන හැකියාව ඇති ප්‍රදේශය ශ්‍රවණ හැකියාව මත වර්ධනය වෙයි. ඒ නිසා යමෙක් උපතේ සිටම ශ්‍රවණ ඌණතාවයකින් පෙළෙන්නේ නම් මොළයේ වර්ධනය හීන වී ගොලු බවට පත් වෙයි. උගුරේ ආබාධ නිසා කතාකරන්නට අපහසුතා ඇති වුවත් ගොලු බවට පත්වෙන්නේ නැත. දරුවාට අවුරුදු පහ පමණ ව විට භාෂාව හොඳින් ප්‍රගුණ කළ හැකිය.
නමුත් යමෙකුට උපතින්ම ඇති වූ උග්‍ර ශ්‍රවණ ඌණතාවය නිසා කථන අපහසුවලින් පසුවේ නම් පසු කළකදී ශ්‍රවණාධාර හෝ කර්ණ ශංක බද්ධයෙන් කථන හැකියාව ඇතිකළ නොහැකිය, ඒ නිසා නව ජන්ම ළදරුවාගේ ශ්‍රවණය පරීක්ෂා කර හැකි ඉක්මණින් ශ්‍රවණාධාර ලබාදිය යුතුය. උග්‍ර ශ්‍රවණාබාධ නිසා ශ්රවණාධාරවලින් භාෂා හැකියාව වර්ධනය අපහසු නම් දරුවා කර්ණ ශංක බද්ධ කිරීමට සූදානම් කළ යුතුය.
ශ්‍රවණ ඌණතා වර්ග දෙකකි. එයින් පළමුවැන්න සන්නයන ගත ඒවායි. දෙවැන්න ස්නායු ගත ඒවාය.සන්නයනගත ශ්‍රවණ ආබාධ ඇතිවෙන්නේ පිටත හා මැද කනේ ආබාධවලිනි.නමුත් ස්නායු ගත ආබාධ ඇතුළු කන කර්ණ ස්නායුව හා මොළයේ ආබාධවලින් ඇතිවෙයි.
දැන් අප සන්නයනගත ශ්‍රවණ ඌණතාවයට හේතු විමසා බලමු. එයින් බාහිර කනේ ආබාධ සැලකුවහොත් ඝන වූ කලාඳුරු සිර වූ ආගන්තුක ද්‍රව්‍ය, සමේ ආසාදන නිසා බාහිර ශ්රවණනාලය ඉදිමීම, බැක්ටීරියා ආසාදන, විසප්පු, දිලීර ආසාදන සැලකිය හැකිය, මැද කනේ ආබාධ වශයෙන් වෙන් කළ විට මැද කනේ බැක්ටීරියා ආසාදන සෙම්ප්‍රතිශ්‍යාව සමග ඇතිවෙයි කුඩා දරුවන්ගේ මැද කනේ බැක්ටීරියා ආසාදන සමග තද කැක්කුම් ඇතිවෙයි. පසුව කන්බෙරය සිදුරු වී සැරව පිටතට එයි.
කන්බෙරය සිදුරුවීම තවත් හේතුන් නිසාද සිදුවිය හැකිය. ඒ පහරදීමකින් හෝ මැද කනේ ආසාදන හේතුවෙනි. මේ නිසා කුඩා දරුවන් ඇතුළු ඕනෑම අයෙකුට කණ දෙසට පහර එල්ලකිරීම, දඬුවම් දීමට සුදුසුම ක්‍රමය ලෙස නොසලකන්න. යම් දඬුවමක් දීමට ඇත්නම් එයට කණට පහර දීමෙන් තොර දඬුවමක් දීමට වැඩිහිටියන් වගබලා ගත යුතුය. එසේ නොමැති නම් එම පහර දීමෙන් කන්බෙරය සිදුරුවීම ශ්‍රවණ ඌණතාවයකට හේතු සම්පාදනය කරණට ඉඩ තිබේ. මැද කනේ ආසාදන නොමැතිව සෙම සිරවීම කුඩා දරුවන් අතර දැකගත හැකිය. මෙසේ ළමුන්ගේ මැද කනේ සෙම සිරවීම නිසා කනේ අස්ථි කම්පනයට අවහිර සිදුවී ශ්‍රවණ ආබාධ ඇතිවේ. කන්ඇසීම අඩුවී පාසල් වැඩ කටයුතු අඩාල වෙන්නට ඉඩ තිබේ.
මැද කනේ ඇති කුඩා අස්ථි ඝන වී කම්පනයට අවහිරතා මතු විය හැක. මෙය පරම්පරාවෙන් ආවේණික වෙන රෝගයකි. (otoscelerosis) ඇතුලු කනේ ආබාධ සැලකූ විට කම්මුල් ගාය, සරම්ප, වැනි වෛරස් ආසාදන නිසා අභ්‍යන්තර කනේ ස්නායු සෛලවලට හානි විය හැකිය. අධික ශබ්ධය කර්ණ ශංඛයේ ඇති ස්නායු සෛල විනාශ කරයි. මේ නිසා අධික ශබ්ධය ඇති තැනක ගැවසෙන්නට සිදුවේ නම් වහාම එතැනින් ඉවත්වෙන්න. සමහර ඖෂධවලින් ඇති බලපෑම නිසාද අභ්‍යන්තර කනේ සෛලවලට හානි සිදුවේ. දියවැඩියාව හා රුධිරයේ අධික කොලෙස්ටරෝල තත්ත්ව නිසා කනේ රුධිර නාල අවහිර වි ස්නායුවට හානි විය හැකිය. මොළයේ උණ ජැපනීස් එන්සෙපලයිටිස් , අංශ භාග තත්ත්වයන් නිසාද කනේ ස්නායුවට හානි විය හැකිය. සියලුම වයස්ගත අයට ස්නායු දුර්වලතා ඇති වී ඇසීම අඩුවිය හැකිය.
දැන් අප ශ්‍රවණ ඌණතා ඇතිබවට හඳුනාගැනීම, නැතිනම් එවැන්නක් ඇතැයි සැක කරන්නේ කෙසේදැයි විමසිලිමත් වෙමු.
විවාහක යුවල ලේ නෑයන් වී නම් දරවාගේ ශ්‍රවණය පරීක්ෂා කළ යුතුය. ඒ හැරෙන්නට විවාහක යුවළට මින් පෙර ගබ්සාවීම් සිදුවී ඇත්නම් ශ්‍රවණය පරීක්ෂා කළ යුතුය. ගර්භීණී අවධියේ දී ආසාදන හෝ සංකූලතා ඇති වූ විට නව ජන්ම දරුවාගේ ශ්‍රවණය පරීක්ෂා කළ යුතුය. උදාහරණ සැලකුවහොත් මවට අධික රුධිර පීඩනය ඇතිවීම, දරු උපතකට පෙර ලේ ගැලීම, දියවැඩියාව සැලකිය හැකිය. දරු උපතේදී දරුවා නිල් වීම, කහ වීම.
ආසාදන ඇතිවීම වැනි සංකූලතා ඇති වූ විට දරුවාට ශ්‍රවණ ඌණතා ඇතිවිය හැකි බැවින් හැකි ඉක්මණින් පරීක්ෂා කළ යුතුය. දරුවාට අස්වාභාවික පෙනුමක් ඇතිනම් ශ්‍රවණය පරීක්ෂා කළ යුතුය. පවුලේ ශ්‍රවණ ආබාධිත අය සිටින විට දරුවාගේ ශ්‍රවණය පරීක්ෂා කළ යුතුය. ශ්‍රවණ ස්නායුවට හානිකර ඖෂධ බාවිතා කිරීමට සිදුවුවහොත් ශ්‍රවණය පරීක්ෂා කළ යුතුය. උදාහරණයක් ලෙස ක්ෂය රෝගයට බාවිත කරන ස්ටරෙප්ටෝමයිසින් ඖෂධය සැලකිය හැකිය. දරුවා අඩු මාසයෙන් හෝ අඩුබරින් උපත ලැබුවේ නම් ශ්‍රවණය පරීක්ෂා කළ යුතුය. පවුලේ සාමාජිකයින් හෝ ගුරුවරුන් දරුවා ශ්‍රවණාබාධිත යැයි සැක කරන්නේ නම් අනිවාර්යෙන් ශ්‍රවණය පරීක්ෂා කළ යුතුය.
දැන් ඔබ ශ්‍රවණ ඌණතාවලින් ආරක්ෂාවන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබේ අවධානය යොමු කරවන්නට කැමැත්තෙමු. මේ කරුණු දොළස ඔබට ඒ සම්බන්ධ අත්වැලක් සපයනු ඇති.
01) කනට පහරක් වැදුනු විට හෝ ආගන්තුක ද්‍රව්‍යක් ඇතුළු වුන විට ශ්‍රවණයට හානි විය හැකි නිසා උගුර කන නාසය වෛද්‍යවරයෙක් හමු විය යුතුය.
02) අධික ශබ්ධය ඇති තැන්වල රැකියාවේ නිරත වෙන්නේ නම් කන් ආවරණ පැලදිය යුතුය.
03) කනේ ආසාදන තත්ත්වයක් ඇතිනම් හැකි ඉක්මණින් උගුර කන නාසය වෛද්‍යවරයෙක් හමුවිය යුතුය.
04) හෙඩ් සෙට් බාවිත කර සංගීතයට සවන්දෙන විට තීව්‍රතාවය හතරට (4) අඩුවෙන් තබාගත යුතුය.
05) කන පිරිසුදු කිරීමට විවිධ ආගන්තුක දේවල් බාවිත නොකල යුතුය .කන ඉබේම පිරිසුදු වේ. නමුත් අවශ්‍ය නම් රාත්‍රියේ නින්දට පෙර ග්ලිසරීන් හෝ ඔලිව් ඔයිල් බින්දු කීපයක් යෙදිය හැකිය. එයින් කලාඳුරු ඉබේම ඉවත්වෙයි.
06) දරුවාට සහ ගර්භිණී මවට නිසි කළට සියලුම ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදිය යුතුය.
07) ගර්භිණී මව නියමිත කාලයේදී සායනවලට යොමුවීමෙන් කුස තුළ සිටින දරුවාගේ ඉන්ද්රිය වර්ධනය නිසි ආකාරයට සිදුවෙන්නේදැයි දැනගත හැකිය. සංකූලතා ඇත්නම් පහසුකම් ඇති රජයේ රෝහලක දරු උපත සිදුකළ යුතුය
08) දියවැඩියාව අධික කොලෙස්ටරෝල් , අධික රුධිර පීඩනය වැනි සර්වාංග රෝග නිසි ලෙස පාලනය කිරීමෙන් කර්ණ ස්නායුව රැකගත හැකිය.
09) විවිධ රෝගවලට භාවිතකරන ඖෂධවලින් කනේ ස්නායුවලට හානි විය හැකි නිසා එකවරට හානි කරන ඖෂධ බාවිතය අවම කළ යුතුය.
10) කනට හානි වන මොලේ උණ වැනි රෝගවලින් සුව වූ විගසම ශ්‍රවණය පරීක්ෂා කර නිසි ප්‍රතිකාර කළ යුතුය.
11 ) දරුවන්ට දඬුවම් කරන විට කනට පහරදීම නොකළ යුතුය.
12) නිසි පුහුණුවක් නොමැතිව කිමිදුම් කටයුතු කිරීම හා අපිරිසුදු ජලයේ දිය නෑම නොකළ යුතුය