වේදනා කැක්කුම් මෙකළ බොහෝ දෙනෙකු අත් විඳින සුලභ තත්ත්වයක් කිවහොත් එහි වරදක් නැති තරම් සිරුරේ කිසියම් තැනක වේදනාවක් කැක්කුමක් ඇතිවෙන්නේ නම් එය සාමාන්‍ය තත්ත්වයක් නොවන බව අමුතුවෙන් කිවයුතු දෙයක් නෙවෙයි.එමෙන්ම හැම වේදනාවකටම කැක්කුමකටම හේතුවත් එකම එකක් නෙවෙයි. මේ නිසා වේදනා කැක්කුම් සියල්ල එකම ගණයේ ලා සැලකිය නොහැකි බව ඔබට වැටහෙනවා ඇති. බොහෝ වේදනා කැක්කුම් ඇතිවන්නට වැරදි ඉරියව් බලපෑ හැකි වග ඔබ දන්නවාද? සමහර විට ඔබ භාවිත කරන උපකරණ ඔබේ ශරීරයේ පිහිටීමට නොගැලපෙන විට එයින් ශරීරයට ඇතිවන ආතතිය හේතුවෙන් හටගන්නා වේදනා කැක්කුම්ද ෙබාහෝයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ අර්ගනොමික්ස් වශයෙන් හඳුන්වන්නේ එවැනි හේතුවලින් හටගන්නා තත්ත්වයන් වන අතර මෑත කාලයේ එවැනි තත්ත්වයන් ඉතාම බහුල බව සැබවි. නමුත් අද අප මේ කතාකරන්නේ ඒ සම්බන්ධයෙන්ම පමණක් නොවේ වැරදි ඉරියව් නිසා ඇතිවන ආතතිය හේතුවෙන් මෙන්ම වෙනත් ශාරීරික තත්ත්වයන් හා සබැඳි වේදනා කැක්කුම් පිළිබඳ පොදුවේ ඔබ දැනසිටිය යුතු කරුණු පිළිබඳවය. හොඳින් බලන්න ඔබ මේ ගැන නොදැන සිටි යමක් මේ ලිපිය තුළින් ඔබට හමුවෙනු ඇත.
ඔබ කිසියම් ආකාරයක මිනිස් රුවක් හෝ වෙනයම් රූපයක් කෙළින් සිටගෙන සිටින ආකාරයෙන් අඹනවා යැයි සිතන්න. එවිට එය දරා සිටීම සඳහා ඔබ මුලින්ම සිදුකරනුයේ පොළව මත දරා සිටිය හැකි මතුපිටකින් කෙළවර වෙන ඇද කුද නැති කෙළින් පවතින කම්බියක්ගෙන ලී කැබැල්ලක් මත සැකිල්ල ඉදිකිරීම නොවෙද ? එය, මතුපිටින් එහි අලවන අනෙකුත් දෑ දරා සිටීම සහ කෙළින් තබාගැනීමට එම සෘජු කම්බිය උපකාරවන්නා සේම මිනිස් ශරීරයද කෙලින් දරා සිටීම සඳහා කන අසල සිට පහළට එවන් අස්ථිමය ආධාරකයක් පවතියි. එය නැවීම කැරකවීම ආදී කර්තව්‍යයන් සඳහා ඒ අස්ථිමය ආධාරකයේ යම් යම් ස්ථානවලින් ස්වභාවිකව හැරවීමට නැවීමට පහසුවන සේ යෙදුනු උපකාරකයන්ද පවතියි. උදාහරණයක් ලෙස දණහිස වැලමිට , ගෙල ආදී ස්ථාන මතකයට නගා ගන්න. නමුත් එය පිහිටා ඇති ආකාරයට ප්රතිවිරුද්ධව ඔබ යම් ආකාරයකින් ඒවා හරවන්නට නවන්නට උත්සහ දරන්නේ නම් ඒ ක්‍රියාවලියට බාධා පමුණුවමින් නිවැරදි පිහිටීම ඉක්මවා වැරදි ඵලයන් මතුවීමට පුළුවන. උදාහරණයක් ලෙස ඔබේ කොන්ද නැවීම ගැන සිතමු.
කොන්ද නැවීම ඉඟටියෙන් සිදුකිරීම බරක් එසැවීමේදී වැරදි ඉරියව්වකි. කොන්දෙන් නොනැමී දණහිසෙන් නැමී අදාල භාණ්ඩය තමන් සමීපයට ගෙන ඔසවමින් දණහිසින් නැගී සිටීම බර එසැවීමේ නිවැරදි ක්‍රියාවයි. නමුත් ඔබ දණහිස නොනමා පහතට නැමී බරක් ඔසවන්නේ නම් ඔබේ කොන්ද ආශ්රිත අස්ථිවලට මෙන්ම ඒවායේ මාංශ පේශි පිහිටා ඇති රටාව ඇදීයාමකට ලක්කරන අතර අස්ථි බන්ධන වල කණ්ඩරාවලට ඇතිකරන ආතතිය නිසා වේදනා මෙන්ම ඉදිමීම් ආදියත් ඇතිවෙන්න පුළුවන්. එය ශරීරයේ පිහිටීමේ වරදක් නොවන අතර ඔබ ශරීරයේ පිහිටීම සම්බන්ධයෙන් සැලකිල්ලක් නොදක්වා ප්‍රතිවිරුද්ධ ආකාරයට ඒවා ක්‍රියාකරවන්නට යාමෙන් ඇතිකරගත් වේදනාවක් බව ඔබම වටහා ගත යුතුයි. ඔබ යමක් එසැවීමට පහතට නැඹුරුවීම පමණක් නොව නිදන ආකාරය ඉඳගන්නා ආකාරය ද මෙසේ වැරදි ඉරියව්වකින් පවත්වා ගතහොත් ඔබට නිරන්තරෙයන් යම් වේදනාවක් කැක්කුමක් මතුවන්නට ඇති ඉඩ කඩ බොහෝය. වේදනාවක් කැක්කුමක් මතුවූ විට බොහෝ දෙනා කරන්නේ එයට යම් වේදනා නාශකයක් පානය කිරීම නැතහොත් කිසියම් ආලේපනයක් තැවරීමයි.
සත්‍ය වශයෙන්ම ඔබ මදක් වේදනාව අඩු වූ වා යැයි සිතන්නට ඉඩ ඇතත් එය නතරවීමක් බලාපොරොත්තු විය නොහැකිය. එයට හේතුව වේදනාව ඇතිකිරීමට මුල් වූ හේතුව තව දුරටත් පැවතීමයි. මේ නිසා වේදනා නාශක හෝ ආලේපන පිළිබඳ සොයන්නට කලියෙන් වේදනාව මතුවීමට හේතුව කුමක්දැයි නිවැරදිව දැන හඳුනාගැනීම වැදගත්ය. බොහෝ විට මෙවැනි වේදනා කැක්කුම් පිළිබඳව වැඩිපුර මැසිවිලි නගන්නේ කාන්තාවන්වීමට ඇති ඉඩ කඩ වැඩිය. දවසේ වැඩ කටයුතු අවසන්වීමත් සමගම බාහුවල කොන්දේ සහ කෙණ්ඩාවල මතුවන වේදනාවක් ගැන ඔවුන් නිතර පැමිණිලි කරන්නේ එදිනෙදා වැඩකටයුතුවලදී නුහුරට පවත්වා ගත් ඉරියව් නිසා යැයි කිසිවිටෙකත් නොසිතනු ඇත. කොන්දේ කැක්කුමක් ඇතිවීමට හේතුව තනිකරම වැරදි ඉරියව් නොවේ.
මෙන්ම වකුගඩු ආබාධ, සමහර පිළිකා තත්ත්ව මෙන්ම උණ , මුත්‍රා ආසාදන ආදී ශාරීරික තත්ත්වයන් නිසාද කොන්දේ කැක්කුමක් ඇතිවිය හැකි බව සත්‍ය නමුත් ඒ ආබාධය කුමක් නිසාදැයි , ගොඩවෙදකම් කර කර හඳුනාගැනීම කල් පසු කළ යුතු නොවේ. කෙසේ වෙතත් කොන්දේ කැක්කුමක් මතුවූ පමණින් එය අසවල් රෝගය යැයි බියට පත්වීමටද ඔබ ක්‍රියාකළ යුතු නොවේ.පළමුව ඔබේ ඉරියව් නිවැරදිව පවත්වා ගන්නට උත්සහ දරන්න. ඔබ මුළුතැන්ගෙයෙහි වැඩි පුර වැඩ කරනුයේ සිටගෙන නම් ඔබ භාවිත කරන මේසය ඔබේ වැළමිටේ උස ප්‍රමාණයට පවතින්නේද යන්න පළමුව සොයා බලන්න. නැතිනම් ඔබේ පැන්ට්‍රියේ උස ප්‍රමාණය ඔබේ වැලමිටට පහළින් පවතින්නේ නම් ඔබ නිරන්තරයෙන්ම පහතට නැවී වැඩ කිරීම නිසා ඔබේ මාංශපේෂීවලට මෙන්ම අස්ථීන්ට ඔබේ කොන්ද නවා ගෙන සිටීම නිසා ඇතිවන ආතතිය කොන්දේ කැක්කුම මෙන්ම වේදනාවක් ලෙස දැනෙන්නට පුළුවන. ඉඳගන්නා පුටුවේ ඔබට කොන්ද අංශක 90 පවතින ලෙස කෙළින් තබා අසුන් ගන්නට හැකියාවක් නොමැතිනම් ඔබට කෙලින් වාඩිවීමට උපකාරවන පුටුවක් ඒ සඳහා යොදාගන්න. නිදාගන්නා ඇඳ මෙට්ටයටද ඔබේ කොන්දට කැක්කුමක් එක් කළ හැකිය. අප වෙනත් අවස්ථාවක සැප නින්දක් වෙනුවෙන් ඔබේ කොන්ද පවත්වා ගත යුතු ඉරියව් පිළිබඳ කතාකරමු.
වැරදි ඉරියව් නිසා ඇතිකරගන්නා වේදනා කැක්කුමවලට එම ඉරියව් නිවැරදි කර ගැනීමෙන් සහ. එම අවයව වලට ඇති වූ හානි භෞතචිකිත්සක ප්‍රතිකාර හරහා නිවැරදි කළ හැකිව තිබේ. සැබවින්ම එවන් අවස්ථාවක වඩාත් විශ්වාසනීයම ප්‍රතිකාරයක් ලෙස භෞත චිකිත්සක ප්‍රතිකාරවෙත යොමු විය හැකිය. ඔබ වේදනා නාශකවලින් මෙහි ඇති වේදනාවට පිළියම් සෙවූවත් එයින් සිදුවෙනුයේ වේදනාව මදක් සමනය වීම මිස සිදුවී ඇති හානිය නිවැරදිවීම නොවේ. අනවශ්‍ය තරම් වේදනා නාශක භාවිතය ඔබට වෙනත් අතුරුඵල ඇතිකරන බව සැබෑ නමුත් භෞතචිකිත්සක ප්රතිකාරවලින් එවන් අතුරු ආබාධ ඇතිවීමක් නැති අතර රෝගියාට ඉක්මන් සුවයක් ලඟාකරගත හැකිය. තාප ප්‍රතිකාර, කෙටිතරංග විද්‍යුත් උත්තේජන ආදී ප්‍රතිකාර රැසක්ම මෙවැනි අවස්ථාවල භෞත චිකිත්සාවෙන් යොදනු ලබයි.
අස්ථිවල ඇතිවන නෙරීම් ඇදවීම් ආදිය ( ක්වෝලියෝසිස් ) ඇතැම්විට ඉරියව්වල වැරදි තුළින් මතුවිය හැකි වුවත් ඒවා නිසි ආකාරයේ පරීක්ෂාවකට ලක්කර නිවැරදිව හඳුනාගැනීමෙන් ප්‍රතිකාර යෙදිය හැකි පසුබිමක් සැකසිය හැකිය.මෙකළ වේදනා කැක්කුම් සම්බන්ධයෙන් බහුලව මැසිවිලි නගන තත්ත්වයක් මතුව ඇතැයි අප මෙම ලිපිය මුලදීම කීවා ඔබට මතක ඇති. ඇතැම් වේදනා ඔබේ ශාරීරික ව්‍යායාම් නිසි අධීක්ෂණයක නොපිහිටා කිරීමෙන් ඇතිවිය හැකියි.
බොහෝ විට කායවර්ධන ව්‍යායාම් පවත්වාගන යන ආයතන නැතිනම් ජිමිවල සිටින අය උපකරණ භාවිතය සම්බන්ධයෙන් විශේෂ දැනුමක් සහිත විය හැකි වුවත් කායික ව්‍යූහය සම්බන්ධයෙන් දැනුම්වත් බවක් පැවතීමේ මද බවක් තිබේ. යමෙකු ව්‍යායාම්වල යෙදවීමට පළමු ඔහුගේ හෝ ඇයගේ භෞතික ලක්ෂණ පිළිබඳ අවධානය යොමු කිරීම ඉතාම වැදගත්ය. හැම අයෙකුගේම පේශීන් හෝ අස්ථී එකම ආකාරයේ නොපවතින නිසා ඒවාට අනුව ඔවුන්ව ව්‍යායාම්වල යෙදවිය යුතුය. නැතිනම් ආයාසයෙන් ඒවා කරන්නට ගොස් ඇතිකරගන්නා අනපේක්ෂීත ආතතිය හේතුවෙන් විවිධ සංකූලතාවයන්ට මුහුණදෙන්නට සිදුවිය හැකිය. විශේෂයෙන්ම ව්‍යායාම් කිරීම ඉතාම යෝග්‍ය දෙයක් වුවත් ඔබට යෝග්‍ය කෙබඳු ව්‍යායාම්ද යන්න පළමුව පරීක්ෂාවකට ලක්වී තීරණයකට එළැඹෙන්නේ නම් බොහෝ අනපේක්ෂිත ගැටලු මගහරවා ගත හැකිය.සමහරෙකු ව්‍යායාම් කිරීම සිදුකරන්නේ කිසිදු උපදේශකත්වයක් නොලබාය. කිසියම් ව්‍යායාම උපකරණයකට නතුව එසේ කරන ව්යායයාම් නිසා අප මෙතෙක් කී වේදනා කැක්කුම් ඇතිකරගැනීම ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මුහුණ දෙන අත්දැකීමකි. ව්‍යයාම් කිරීම සඳහා උපකරණ අවශ්‍ය නැත . ව්‍යයාම් යනු උපකරණවලින් පමණක් කළ හැකි දෙයක්ද නොවේ. ඔබට සුදුසු ව්‍යයාම මොනවාද යන්න පළමුව ඔබගේ භෞතචිකිත්සකවරයාගෙන් හෝ නිසි සුදුසුකම් ලත් කායවර්ධන උපදේශකවරයාගෙන් උපදෙස් ලබන්න
ඔබට නොගැලපෙන ව්‍යයාම සහ ඔබට ගැලපෙන ව්‍යායාම . ආදි කොටස් දෙකක් මෙහි තිබිය හැකි බව දැනගෙන ක්‍රියාකරන්න. කිසියම් වේදනාවක් ඇතිවූ වහාම ඊට ඔබ දක්වන ප්‍රතිචාර කුමක්ද යන්න අප දැන් විමසා බලමු. බොහෝ දෙනා ව්‍යායාම උපකරණයක් භාවිතයේදී ආයාසයෙන් ඒ කටයුත්තෙහි යෙදෙන්නේ නම් එයින් මාංෂ පේශී ඇදීයාමක් වීමට ඇති ඉඩ කඩ මෙහිදී සලකා බලමු .පළමුව ඔබ සිරිත් පරිදිම කිසියම් වේදනා නාශකයක් භාවිතකරන්නට පෙළඹෙනු ඇත. නමුත් එයින් සිදුවන්නේ වේදනාව මදක් සමනයවීම පමණක් බව ඔබ දැන් දනී. සමහරු ඇතිවූ පීඩනය සමනය කිරීම සඳහා බොහෝ විට උණුවතුරින් තවන්නට උත්සහ ගනු ඇත. නමුත් මෙය සුදුසු ක්‍රියාවක් නොවේ. උණුවතුරින් තවන විට එතැනින් යම් ඉදිමුමක්ද ඇතිවන්නට ඉඩ තිබේ. එම ස්ථානය නිසොල්මන්ව මදක් එසැවෙන සේ තබාගෙන සිටීම කළ යුතු අතර හැකි නම් අයිස්වතුරින් තැවීම කළ යුතුය. එවිට ඉදිමීමක් ඇතිනොවන අතර දින තුනකට පසුව උණුවතුරින් තැවීම සුදුසුය.
මේ අප සඳහන් කලේ සාමාන්‍යයෙන් වේදනා කැක්කුමක් ඇතිවන්නට හේතුවිය හැකි සරල හේතු කීපයක් වන අතර අද පාඨක ඔබට වරින් වර මෙවන් අවස්ථාවලදී මෙන්ම හදිසියේ ඇතිවන ඔබේ වැරදි ඉරියව් හෝ අනතුරු හේතුවෙන් ඇතිවන අපහසුතාවයන්ට භෞත චිකිත්සාවෙන් ලද හැකි උපකාර සම්බන්ධයෙන් දැනුවත්බවක් ලබාදෙන්නට අප පියවර ගෙන ඇති බව දන්වමු. එතෙක් අප ඔබට කී මේ තොරතුරු ඔබේ එදිනෙදා ජීවිතයට එක්කර ගන්නා අතර වඩාත් සුවපත් දිවියක් වෙත ලඟාවෙන්න.