වැලි මැස්සාගෙන් බෝවන Leishmaniasis නැමැති චර්ම රෝගය මාරාන්තික රෝගයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.හම්බන්තොට ප්‍රදේශයේ Leishmaniasis නැමැති මාරාන්තික චර්ම රෝගයක් පැතිරෙමින් ඇති බවට ඇතැම් මාධ්‍ය විසින් පළකර ඇති ප්රවෘත්ති සම්බන්ධයෙන් අවධානය යොමුකළ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව සඳහන් කළේය.
Leishmaniasis නැමැති චර්ම රෝගය කිසිසේත්ම මාරාන්තික නොවන අතර, මෙම රෝගය ප්‍රොටොසෝවා කුලයට අයත් පරපෝෂිතයෙකු විසින් බෝකරන රෝගයකි. මෙම පරපෝෂිතයා (Phlebotominae) වැලි මැස්සා නමින් හඳුන්වන කෘමියා තුළ ජීවත්වන අතර, එම කෘමියා දෂ්ට කිරීම නිසා එම දෂ්ට කරන ලද ස්ථානය ආසාදනයට ලක්කරයි.
දැනට ලෝකයේ රටවල් 90 ක පමණ මෙම රෝග තත්ත්වය වාර්තා වන අතර, සාමාන්‍යයෙන් අපේ රටේත් එම කෘමින්ගේ බීජෞෂණ සමයේදී රෝගීන් වාර්තා වේ. බහුල වශයෙන් ඝර්ම කලාපීය දේශගුණික තත්ත්වයක් සහිත ප්‍රදේශවලින් මෙම රෝගය වාර්තා වේ. නමුත් මෙම රෝගය නිසා මෙතෙක් කිසිදු රෝගියෙක් මියගිය බවට වාර්තා වී නැති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම රෝගය වැලඳුන පුද්ගලයන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා අවශ්‍ය පහසුකම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සලසා තිබෙන අතර, රෝග පාලනයට අවශ්‍ය පරපෝෂිත මර්දනය සඳහා මැලේරියා මර්දන වැඩසටහන මගින් කටයුතු යොදා තිබේ.
වැලිමැස්සා දෂ්ට කරන ස්ථානය දරුණු ආසාදනයකට ලක්වන අතර, එමනිසා උණ සහ ඇඟපතේ වේදනාව මෙන්ම හිසේ කැක්කුමද, දෂ්ට කරන ලද ස්ථානය තුවාලවීමද සිදුවේ. මේ සඳහා අවශ්‍ය ප්‍රතිකාර රෝහල් මගින් දෙන බවත්, මෙම රෝගය මාරාන්තික නොවන බවත්, වැලිමැස්සා දෂ්ට කළහොත් ප්‍රතිකාර සඳහා යොමුවීම අත්‍යවශ්‍ය බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට දැනුම්දෙයි.