ලාදුරු කියූ පමණින් එය කෙබඳු රෝගයක්ද යන්න ඔබ දැනටමත් දන්නවා ඇති . නමුත් ඒ දවස්වල ලාදුරු රෝගය සැලකුවේ සමාජනේ වෙන් කර තැබිය යුතු රෝගයක් ලෙසයි. නමුත් ලාදුරු කියන්නේ දැන් සුව කළ හැකි සහ විකෘති වීම් වළක්වා ගත හැකි රෝගයක්.
කිසියම් සැක කටයුතු ලක්ෂණයක් දුටු වහාම වෛද්‍යවරයෙකු වෙත නැතිනම් චර්ම රෝග සායනකට ගොස් නිසි පරීක්ෂාවට ලක්වීමෙන් ඔබට නොමිලයේම ප්‍රතිකාර ලබා මේ රෝගය සුවකරගන්නට පමණක් නොව එය ඔබේ සමීපතමයන් හට බෝවීමද වළක්වා ගත හැකියි 2020 දී ලාදුරුවලින් තොර ශ්‍රී ලංකාවක් කරා අප යන මේ ගමනේ ඔබටත් ඒ ජයග්‍රාහී ගමනට කොටස්කරුවෙකු වෙන්නට පුලුවනි. 2017 ලෝක ලාදුරු දිනය නිමිත්තෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය සාකච්චාවේදී හෙළි වූ කරුණුයි මේ.
01) ලාදුරු රෝගය යනු
බැක්ටීරියාවක් මගින් බෝවන රෝගයකි. (මය්ක්රොබැක්ටීරියම් ලෙප්රෝ)එය සිරුර තුළ සෙමින් පැතිරෙන රෝගයක් වන අතර බීජෞෂණ සමය සාමාන්‍යන් අවුරුදු 03-05 ත් අතර වේ.
ප්‍රතිකාර නොගන්නා ලාදුරු රෝගියෙකුගේ කැස්ස හෝ කිවිසුම් මගින් පිටවන කෙළ වල රැදී ඇති බැක්ටීරියා පරිසරයට එකතුවී ස්වසනය මගින් නිරෝගී පුද්ගලයෙකුට බෝවීම සිදුවේ. මෙම රෝගය ඕනෑම වයසක ,ස්ත්‍රී පුරුෂ දෙපක්ෂවයටම වැලඳිය හැකිය.
නිසියාකාරව ප්‍රතිකාර ලබා ගැවීම තුලින් ලාදුරු රොගය සුව කල හැකිය. මෙම ප්‍රතිකාර මගින් සිරුර තුළ සිටින රෝගාකාරී බැක්ටීරියාව විනාශ වන අතර රෝගය පැතිරීමද වැලකේ.
රෝගියෙකු නිසි ලෙස ප්‍රතිකාර ගැනීම ආරම්භ කළ පසු අන් අයට රෝගය බෝවීම සිදු නොවේ. රෝගය මුල් අවධියේදීම හදුනාගෙන ප්‍රතිකාර සම්පූර්න කළහොත් සිරුරේ විකෘතිතිවයන් ඇතිවීමෙන් තොරව සුව කල හැකිය. එම නිසා මෙම රෝගය කෙරෙහි අනිසි බියක් දැක්විය යුතු නොවේ.
02) ලාදුරු රෝග ලක්ෂන මොනවාද?
සමේ සංවේදනය අඩු හෝ සංවේදනය නොදැනෙන කැළලක් හෝ ලප කැළැල් තිබීම.
ලාදුරු ලප කැලැල්වල ප්‍රධාන ලක්ෂන
මෙම ලප කැලැල් ලා පැහැයක්, මද රතු පැහැයක් හෝ තඹ පැහැයක් ගැනීමට පුළුවන. එහි මදක් උස් වූ සහ පැතලි වූ ලක්ෂන ද තිබිය හැකිය. එම ලප කැලැල් මත කැසීමක් ඇති නොවන අතර එහි උණුසුම, ස්පර්ශය හා වේදනාව යන සංවේදන වලට හානිවී තිබිය හැකිය. චර්මයේ සෑම් ස්ථානයකම මෙම ලප ඇතිවිය හැකිය.
03) සැලකිලිමත් විය යුතු අමතර ලක්ෂණ
මුහුණ කන හා ශරීරයේ වෙනත් ස්ථාන වල ඇතිවන , මද රතු පැහැයෙන් හෝ සමේ වර්ණයෙන් යුක්ත වූ ගැටිති හෝ දිලිසෙන සුලු ඝන වූ සමේ තඩිස්සිවීම් වේ. මෙම ස්ථාන වල සමේ සංවේදනයට හානි ඇති නොවීමට ඉඩ ඇත. නමුත් ඇත් සහ පාදයන්ගේ හිරි ගතියක් දිගටම පැවතිය හැකිය.
04) රෝගය හදුනාගත හැකි ආකර
- සංවේදනය නොදැනෙන ලප කැළැල්වල
- පර්යන්ත ස්නායු ඝනවීම, ඉදිමීම සහ ඒ අශ්‍රීත පේශී ක්‍රියාකාරීත්වය අඩපණ වීම.
- සමෙහි සිදුකරන පරික්ෂාවක් මගින් රෝගකාරක බැක්ටීරියාව තහවුරු කරගැනීම ( SSS පරික්ෂාව/Slit Skin Smear)
ලාදුරු රෝගය විය හැකි සැක සහිත රෝග ලක්ෂන
- අත් හා පා වල හිරි ගතිය
- ඇසිපිය සම්පූර්ණයෙන් වැසීමට නොහැකි වීම
- කන්පෙති කෙලවර ඝන වීම
- ඇහිබැම හැලීයාම
- ඇගිල්ලේ හටගත් වේදනා රහිත තුවාල
- නාසය ගිලී යාම
05) සමෙහි පවතින ලාදුරු නොවන රෝග ලක්ෂණ
- උත්පත්තියේදී ම ඇතිවන ලප කැලැල්
- සංවේදනය ඇති වෙනත් ලප කැලැල්
- කසන සුලු සුදු, රතු හෝ කළු පැහැති කුඩු මෙන් ඉවත්වන ලප
- හදිස්සියේ ඇතිවී ඉක්මනින් පැතිරීයන සමේ ඇතිවන ව්‍යාකූලතා
06) ලාදුරු රෝගයේ ආබාධිත අවස්ථා
- අත් පා වල සංවේදනය නොමැති වීම
- අත් පා වල මාංශ පේෂීන් දුර්වල වීම
- ඇගිලි වකුටු වීම සහ පාද අප්‍රාණික වීම
- ඇස් සම්පූර්නයේන වැසීමට නොහැකි වීම
- සංවේදනය නොමැති වීම නිසා තුවාල සිදුවීම සහ එම තුවාල අසාදනය වී විකෘතිතා ඇතිවීම.
07) ලාදුරු රෝග වර්ගීකරණය
ලාදුරු රෝගය ප්‍රධාන වශයෙන් දෙයාකාරයකි.
1. බෝවන ලාදුරු - Multibacillbry (MB) Leprosy
2. බෝ නොවන ලාදුරු - Paucibacillary (PB) Leprosy
බෝ වන ලාදුරු
|
බෝ නොවන ලාදුරු
|
දැනීම නොමැති ලප කැලැල් සංඛ්‍යව 5ට වැඩි වීම
|
දැනීම නොමැති ලප කැළැල් සංඛ්‍යව 1-5 අතර වීම
|
පර්යන්ත ස්නායු 2ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ආසාදනය වී තිබිම
|
ඇතැම්විට පර්යන්ත ස්නායු 01ක් ආසාදනය වීම
|
සමෙහි සිදුකරන බැක්ටීරියා පරික්ෂාවේදී ඕනෑම ස්ථානයකින් බැක්ටීරියාව හමුවීම
|
සමෙහි කිසිදු ස්ථානයකින් බැක්ටීරියාව හමු නොවීම
|
08) ලාදුරු රෝගය සදහා පරීක්ෂා කළ යුතු ආකාරය
1. ස්වාභාවික ආලෝකයෙන් හෝ පැහැදිලි විදුලි ආලෝකයෙන් යුක්ත වූ ස්ථානයක චර්මය පරික්ෂා කල යුතුය
2. පෞද්ගලිකත්වය රැකෙන පරිදි මුළු ශරීරය පරීක්ෂා කළ යුතුය.
3. සමෙහි ඇති ලප කැලැල් කසන සුලුද යන්න විමසිය යුතුය. කැසීමක් ඇත්නම් එය ලාදුරු රෝගය විය නොහැකිය.
4. සංවේදනය පිරික්සීමට ලප කැළැල් එකක් හෝ දෙකක් තෝරා ගත යුතුය. පැහැදිලි ලෙස දැනීමක් ලප මත නොමැතිනම් එය ලාදුරු රෝගය නොවන බවට නිශ්චය කල හැකිය. (මෙවැනි ලප කැළැල් නිවැරදිව පරික්ෂා කරන ආකාරය පහත දක්වා ඇත.)
5. ලාදුරු රෝගයේ උපද්‍රව අවස්ථාවන් ලෙස ඇතිවන විකෘත්තීන් ඇස්වල, මුහුනේ හෝ අත්පා වල ඇත්දැයි පරික්ෂා කළ යුතුය.
6. දැනීමක් නොමැති ලප පිළිබදව සැකයක් ඇත්නම් සම විටම ළගම පිහිටි රජයේ රෝහල් සමේ රෝග සායනයට යොමු කල යුතුය.
09) සමේ ඇති ලපයක් සංවේදනය පරීක්ෂා කල යුතු ආකාරය
- මේ සදහා තුඩක් සහිත උපකරණයක් (පෑන් තුඩක් හෝ උල්වනසේ නවාගත් කඩදාසියක්) භාවිතා කළ හැකිය.
- පළමුවෙන්ම ඔබ රෝගියාව පරික්ෂා කරන ආකාරය රෝගියාට පැහැදිලි කර දෙන්න.
- සෙමෙන් රෝගියාගේ සමේ සාමාන්‍ය තැනකට අනින්න. ඉන්පසු එය දැනේදැයි විමසන්න.
- ඉන්පසු රෝගියාගේ දෑස් වසාගන්නා ලෙද උපදෙස් දෙන්න
- දැන් සෙමින් ලප කැළලට පිටින්ද ඉන් පසු මැදටද තුඩෙන් අනින්න. දැනීම තිබෙන විට ගණන් කිරීමට උපදෙස් දෙන්න.
- මෙම ක්‍රියාවලිය නැවත වරක් කරන්න.
- දෙවන වතාවේදීත් රෝගියාගේ ලප කැළල මත සංවේදී භාවය නොමැති නම් එය ලාදුරු ලපයක් ලෙස තහවුරු කළ හැකිය.
- ඉන්පසු වහාම රෝගියාව ලාදුරු රෝගය සම්බන්ධව දැනුවත් කර රජයේ චර්ම රෝග සායනය වෙත යෙමු කළ යුතුය.
10) ඖෂධ ලබා ගැනීමේදී ලාදුරු රෝගීන්ට දියහැකි උපදෙස්
- නූතන ඖෂධ මඟින් රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බැවින් සාමාන්‍ය ජීවිතයක් ගත කල හැකිය.
- ලාදුරු රෝගය සදහා ඖෂධ සියළුම රජයේ රෝහල් වල පිහිටි චර්ම රෝග සායන වලින් නොමිලේ ලබා ගත හැකිය.
- වෛද්‍ය උපදෙස් පරිදි දිනපතා ඖෂධ රෝගයේ තත්වය අනුව මාස 06ක් හෝ මාස 12ක් භාවිකා කල යුතුය.
- ආවරණය කරන ලද ඖෂධ ඇසුරුම, ආරක්ෂාකාරී වියලි අදුරු ස්ථානයක කුඩා ලමුන්ගෙන් ඈත් කර තැබිය යුතුය.
- වර්ණය වෙනස් වූ හෝ නරක් වූ ඖෂධ වල ඇත්නම්ප ඒවා භාවිතා නොකර නැවත චර්ම රෝග සායනයෙන් නව ඖෂධ ලබාගත යුතුය.
- දිනපතා ඖෂධ භාවිතය අත්‍යවශ්‍ය බැවින් දුර ගම්න යාමේදී ඖෂධ රැගෙන යාමට උපදෙස් දිය යුතුය.
- ඔෂධ භාවිතයේදී නියමිත ඇසුරුම් (පැකට්) ගණන ගෙ ප්‍රතිකාරය අවසන් කළ යුතුය.
- ඔෂධ අවසන් කල පසු කායික පරීක්ෂාවක් සදහා චර්ම රෝග සායනයට යොමුවිය යුතුය.
- පළමු මස ඖෂධ ලබාදෙන මුල් අවස්ථාවේදී කුඩු කාඩ්පතක් නිකුත් කරනු ලැබේ. ඉන්පසු සෑම මසකම ලබා දෙන ඖෂධ මෙසහි සලකුණු කරන අතර අවසාන ඖෂධ ඇසුරුම ලබාගත් පස් මෙම කාඩ්පත් රෝහලට භාරදිය යුතුය.
- සම්පූර්න සුවය ලැබීමට වෛද්‍ය උපදෙස් පරිදි , ඖෂධ නොකඩවා භාවිතය අත්‍යවශ්‍ය වේ.
තවද ආබාධිත තත්වයන් අවම කර ගැනීම සඳහා
- අත්වල, දැනීම අඩු වී ඇත්නම් උණුසුම් දේ සහ ආයුධ උපකරණ භාවිතයේදී අත්වැසුම් භාවිතා කළ යුතුය.
- පාදයේ පතුල්වල දැනීම අඩුවී ඇත්නම් පාවහන් හෝ විශේෂිත සෙරප්පු භාවිත කිරීමෙන් තුවාල සිදුවීම වළක්වා ගත යුතුය.
- තුවාලයක් සිදුවුණි නම් විශබීජ නාශක ද්රවයකිවන් පිරිසිදු කොට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය.
ලාදුරු රෝගය සදහා ලබා දෙන ඔෂධ විෂබීජය මර්ධනය කොට රෝගය තව කෙනෙකුට බෝවීම සහමුනින්ම නැති කරයි. රෝගීන්ට සුපුරුදු පරිදි නිවසේ ජීවත්වෙමින් පාසල් යාම, කාර්යාල සේවයේ යෙදීම , මංගල උත්සව , ප්‍රියසාද, විනෝද හා වන්දනා ගමන්, වැනි සෑ කටයුත්තකම යෙදීමට හැකිය. එසේම අභිමත පරිදි විවාහ ජීවිතයට එළඹ දරුවන් ලැබීමට ද හැකිය.
එම නිසා ලාදුරු රෝගය වැළදීමෙන් තම ජීවන රටාව වෙනස් කළ යුතු නොවේ.
කිසියම් උපදෙසක් හෝ ගැටලුවක් ඇත්නම් ලගම පිහිටි රජයේ රෝහල් සමේ රෝග සායනයෙන් හෝ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබාගත හැකිය . එසේම කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ කාමර අංක 12 සායනයෙන් ද අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගත හැකිය.