සමහර දිනවල ඔබට වැඩිවාර ගණනක් මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය අති වුවත් සමහර දිනවල ජලය පානය කිරීමට ඇතිවන අවශ්‍යතාවය අඩුවීමත් මුත්‍රා පිටකිරීමට වැඩි අවශ්‍යතාවයක් ඇති නොවීම පිළිබඳවත් හිතට කලබලයන් ඇතිවුණ අවස්ථා ඔබටත් ඇති. නමුත් මුත්‍රා යන බහිශ්රාවීය ද්‍රව්‍ය පිටවීම සම්බන්ධයෙන් ඔබ ඇතිකරගන්නා ඇතැම් ගැටලු පදනම් විරහිත ඒවා වනුයේ ඔබ එසේ කලබලයට පත්වන්නේ ඉතාම සාමාන්‍ය සිද්ධින් සම්බන්ධයෙන් වන බව තහවුරු වන අවස්ථාද සුලභ නිසයි.
ඔබ ලබාගන්නා දියර ප්‍රමාණය මත සිරුරෙන් මුත්‍රා පිටවීමේ වාර ගණන තීරණය වන බව ඔබ සාමාන්‍යයෙන් දන්නා කරුණක්. ඔබ දියර වැඩි ප්‍රමාණයක් පානය කරන්නේ නම් වැඩි මුත්‍රා ප්‍රමාණයක් පිටවීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිකර ගත යුතු නොවේ. එසේම අඩු දියර ප්‍රමාණයක් පානය කර සිටින විට මුත්‍රා පිටකිරීමේ වාර ගණන අඩු බවක් දැනෙන්නේ නම් එය අසාමාන්‍ය තත්ත්වයක් ලෙස කලබලයට පත්වීමට තරම් දෙයක් ද නොවෙයි.
ඇතැම් වැසි සහිත දිනවල ඔබට වැඩි පුර මුත්‍රා පිටකිරීමට අවශ්‍ය වනවා සේම අඩුවෙන් පිපාසයත් ඇතිවෙන්න පුලුවන්. අඩුවෙන් ජලය පානය කළත් වැඩි මුත්‍රා ප්‍රමාණයක් පිටවෙන්නේ වාතයේ ඇති ජලවාෂ්ප වැඩි ප්‍රමාණයක් ස්වසනයේදී සිරුර තුළට ඇතුළු වීම හරහායි. මුත්‍රා යනුවෙන් අප හඳුන්වන්නේ ශරීරයේ බහිශ්රාවීය ක්‍රියාවලියකි.
ඒ හා සමගම අප අනෙකුත් බහිශ්රාවීය ක්‍රියා ගැනත් අවබෝධයකින් පසුවිය යුතුයි.දහඩිය දැමීම හා ශරීරයෙන් තරල වර්ග පිට වූ ප්‍රමාණයන් වැඩි වූවාද යන්නත් මුත්‍රා ප්‍රමාණයේ අඩු කම සම්බන්ධයෙන් සිතන විට වැදගත් කොට සැලකිය යුතු කරුණකි. යම් කිසි අවස්ථාවකදී මුත්‍රා අඩුවෙන් පිටවූවා යැයි අපට සිතෙනවා නම් දවසකදී එනම් පැය විසිහතරක් තුළ පිටකරන මුත්‍රා ප්‍රමාණය මැන බැලීමෙන් ස්ථීර ලෙස අඩුවීමක්ද යන්න විමසා බැලිය හැකියි.
එය මි.ලි 300ට අඩු නම් එයින් පැවසෙන්නේ මුත්‍රා පිටවීමේ ප්‍රමාණය අඩු බවයි. වකුගඩුවෙන් බාහිරව පවතින සමහර ප්‍රාථමික හේතු නිසා ඇතැම් අවස්ථාවලදී මුත්‍රා පිටවීම අඩුවෙන්නට පුලුවන්. යම් ආකාරයකින් රුධිර පීඩනය අඩුවු අවස්ථාවක එසේත් නැති නම් විජලනයට පත් අවස්ථාවක එසේත් නැතිනම් යම් ආකාරයක රුධිර වහනයක් ඇතිවුනාම මේ තත්ත්වය ඊට බලපාන්නට පුලුවන්.
කෙසේ නමුත් මෙවැන්නක් ඇති වූ විට අප එය එතරම් ගණන් නොගෙන සිටිය යුතු කරුණක් සේ සිතන්නට ඔබට අනුබල දෙන්නේ නැහැ. පැහැදිලිවම ඔබට මුත්‍රා පිටවීමේ අඩුබවක් දැනුනා නම් එය ඔබේ වෛද්‍යවරයා සමග පැවසිය යුතු අවස්ථානුකූලව වෛද්‍යවරයාගේ පරීක්ෂාවට ලක් විය යුතු කරුණක් බව අමතක නොකළ යුතුයි.
වකුගඩුව ඇසුරු කොට ඇතිවූ යම් රෝග තත්ත්වයන් වලදීත් මෙසේ මුත්‍රා අඩුවෙන්නට හැකියි. වකුගඩු මට්ටමේදී මුත්‍රා අඩුවීම ඉතා බරපතල තත්ත්වයක් වන අතර වහාම ඒ සඳහා ප්‍රතිකාර පැතීම අත්‍යවශ්‍යය. සාමාන්‍යයෙන් මුත්‍රා යෑම කිසියම් ශාරීරිකව බලපාන කායික රෝගයක් හේතුවෙන් ඇතිවී ඇත්නම් එවිට වෙනත් රෝග ලක්ෂණද ඒවා සමග මතුවෙයි.
මුත්‍රා පිටවීම සම්පූර්ණයෙන් නැවතීම හෝ අඩුවීම සිදුවෙන්නේ මුත්‍රා මාර්ගය අවහිරවීම නිසයි. පිරිමි අයෙකුගේ නම් පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම, මුත්‍රා මගෙහි විවරය අවහිර වීම වැනි හේතු නිසා මෙය සිදුවෙන්න පුලුවන්. මෙහිදි වහාම ඒ සම්බන්ධ අදාල හේතු වෙනුවෙන් රෝගියා පරීක්ෂාවට පත්කරවීම නිසා ප්‍රතිකාර කඩිනම් කරන අතර එය නිවැරදි කිරීමට අවශ්‍ය පියවර වහා වහා ගැනීම සිදුකෙරෙයි. නමුත් මුත්‍රා වැඩිපුර පිටවන්නේ ඇයි දැයි දැන් අපි විමසා බලමු.
බොහෝ විට මෙසේ සිදුවන්නේ වැඩි දියර ප්‍රමාණයක් භාවිත කළ විටයි. නමුත් රාත්රියේදී මුත්‍රා පිටවීම නම් රෝගයක ලක්ෂණයක් ලෙසද පැවතිය හැකියි. විශේෂයෙන් පාලනය නොකරන ලද දියවැඩියාව, පුරස්ථි ග්‍රන්ථියේ අවහිරවීම වැනි හේතු ඊට බලපෑ හැකිය. මෙයද පැය විසිහතරක් තුළ ලීටර් 3ට වඩා මුත්‍රා පහවන්නේ නම් එය කිසියම් ආකාරයකින් නිදන්ගත වකුගඩු අකරණියේ එක් ලක්ෂණයක් වුවද වීමට ඉඩ තිබේ.
සමහර අවස්ථාවලදී වැඩියෙන් මුත්‍රා පිටවනවා නොව වැඩි වාරගණනක් මුත්‍රා පිටවීම නිසා සමහරු මෙසේ පැමිණිලි කරන්නට පුලුවන. එය කිසියම් මුත්‍රා මාර්ගය ඇසුරේ පවතින ආසාදනයක් හේතුවෙන් මතුවන ලක්ෂණයක් විය හැකියි. පිටවන මුත්‍රා ප්‍රමාණය වැඩි නම් වහාම නිදන්ගත වකුගඩු අකරණිය හා පාලනය නොකරන ලද දියවැඩියාව සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බව මතක තබා ගන්න. ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමුවී වහාම සාකච්ඡා කරන්න.