මහනුවර මහ රෝහල් භූමියේ ඉදිකෙරෙන පිළිකා රෝහලේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙසට මල්වතු නාහිමියන් කරන ලද ඉල්ලීමක් අනුව එහි වැඩකටයුතු කඩිනම් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
අමාත්‍යවරයා පසුගියදා නාහිමියන් මුණගැසුණු අවස්ථාවේ කරන ලද ඉල්ලීමකට පසු ඉදිකිරීමේ කටයුතු නිරීක්ෂණය කළ අමාත්‍යවරයා, එම කටයුතු ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයට ලබාදෙන ලෙස උපදෙස් දී ඇත.
රුපියල් මිලියන 1250 ක වියදමින් ඉදිකෙරෙන මෙම පිළිකා රෝහල මහල් 11 කින් යුතු වන අතර, ඇඳන් 380 කින්ද, හදිසි ප්‍රතිකාර ඒකක දෙකකින් හා ශල්‍යාගාර 3 කින්ද සමන්විතව නිමකිරීමට නියමිතය.