සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) දැනට පවතින ගංවතුර සහ නායයෑම් තත්ත්වයන් යටතේදී ළදරුවන්ට මවුකිරි දීම නොකඩවා පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පිළිබඳව සියලුම වගකිවයුතු පාර්ශ්වයන්ට අවධානයෙන් සිටින ලෙස කාරුණිකව ඉල්ලා සිටියි.
එමෙන්ම ළදරු කිරිපිටි හා අනෙකුත් කිරිපිටි වර්ග පිළිබඳව සහ අනවශ්‍ය හා සෞඛ්‍යයට තර්ජනයක් විය හැකි එවැනි ප්‍රදානයන් පිළිබඳව ප්‍ර‘වේශම් වන ලෙසද එම ආයතන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. "ආහාර සැපයීම හා ආරක්ෂිත පානීය ජලය සැපයුම් ඉතාමත්ම සීමාසහිත වන මෙවැනි හදිසි ආපදා අවස්ථාවලදී ආපදා ප්‍ර‘දේශවල සිටින ළදරුවන් හා කුඩා දරුවන් පාචනය හා අනෙකුත් රෝග තත්ත්වයන්ට ගොදුරුවීමේ දැඩි අවදානමක් පවතී. මවුකිරි මගින් දරුවන් ලෙඩ රෝගවලින් ආරක්ෂා කළ හැකි අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හා ප්‍රතිශක්තිය සපයනු ලැබේ. මවුකිරි නොලබන දරුවෝ මවුකිරි ලබන දරුවන්ට වඩා සෞඛ්‍ය ගැටලු ඇතිවීමට වැඩි අවදානමක් දක්වති. එම නිසා හදිසි ආපදා තත්ත්වයට බදුන්වූ සියලුම මවුකිරි දෙන මවුවරුන්ට මවුකිරි දීම දිගටම පවත්වා ගැනීම සඳහා දිය යුතු උපරිම සහාය ලබාදීමට සෑම උත්සාහයක්ම දැරිය යුතුය.
මාස 6 වනතෙක් සියලුම ළදරුවන්ට මවුකිරි පමණක්ම ලබාදිය යුතු වන අතර, ආපදා අවස්ථාවලදීද මෙය එලෙසම ක්‍රියාත්මක විය යුතුය. ඉන්පසු වයස අවුරුදු 2 දක්වා දරුවන්ට ජාතික නිර්දේශයන්ට අනුකූලව ආරක්ෂිත හා ප්‍රමාණවත් අමතර ආහාර සමග මවුකිරි දීම දිගටම පවත්වාගත යුතුය. ළදරු කිරි පිටි වර්ග ලබන දරුවන් පාචන රෝග තත්ත්වයන්ට හා ජීවිතක්ෂයට පත්වීමේ ඉතා වැඩි අවදානමකට අනිවාර්යෙන්ම මුහුණදෙන නිසා හදිසි ආපදා අවස්ථාවන්හිද ළදරුවන්ට කිරිපිටි ලබාදීම ආපදා තත්ත්වය දෙගුණ කිරීමක් ලෙස සැලකිය හැකිය.
පිරිසුදු ජලය, පිරිසුදු භාජන සහ උණු කිරීම/භාජන තම්බා ගැනීම සඳහා පහසුකම් නොමැති ආපදා අවස්ථාවලදී ළදරු කිරි වර්ග හා අනෙකුත් කිරි වර්ග පිළියෙල කරගැනීමේදී ඇති අවදානම, මවුකිරි නොලබන දරුවන්ගේ රෝග වැලඳීමේ අවදානම තව තවත් වැඩි කරවයි. මෙවැනි අවස්ථාවලදී ළදරු කිරිපිටි වර්ග හා අනෙකුත් කිරි පිටි ප්‍රදානයන් නිසා ආසාදන, පාචන රෝග හා දරුණු සංකූලතා ඇතිවීම සම්බන්ධයෙන් දරුවන් මුහුණපාන අවදානම වැඩි වෙයි. එම නිසා හදිසි ආපදා අවස්ථාවලදී ළදරු කිරිපිටි වර්ග හා අනෙකුත් කිරිපිටි වර්ග ප්රදානය කිරීමෙන් වැළකිය යුතුය. අවශ්‍ය අවස්ථාවලදී එනම් මවුවරුන් අහිමි වූ ළදරුවන් සිටින විට ඔවුන්ගේ ළදරු කිරිපිටි අවශ්‍යතාව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හෝ පළාත්/දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් විසින් සැපයෙනු ඇත.
ගංවතුර සහ නායයෑම් ආපදාවෙන් පසු අප මුහුණපා සිටින මෙම දුෂ්කර අවස්ථාවේදි ළදරුවන්ට හා දරුවන්ට අප ලබාදිය යුතු වටිනාම දේ කුමක්ද යන්න පිළිබඳව සිහියේ තබාගැනීමත් මවුකිරි දීම නොකඩවා සිදුකිරීමට හා ආරක්ෂිත අමතර ආහාර ලබාදීම සඳහා මවුවරුන් උනන්දු කෙරෙන වටපිටාවක් ඇති කිරීමත් ඉතා වැදගත් බව යළි අවධානරණය කරමු."