හිසරදය කියන්නේ කොයිතරම් කරදරකාරී අසහනකාරී රෝගයක්ද යන්න අත් විඳ නැති කෙනෙක් හොයාගන්නත් බැරි තරම් කිවුවොත් එය අසත්‍යයක් නෙවෙයි. ඒ තරමට සුලභ හිසරදයට ආහාර වර්ග වලිනුත් සහයක් ලබාදෙන බව ඇසුණොත් ඔබ පුදුමයට පත්වේවි. නමුත් කතාව ඇත්තක්, ඇතැම් විට හිසරදයට ඔබ ගන්නා ආහාරවලිනුත් ලොකු සහයක් ලැබෙනවා.
මෙතෙක් කල් ඔබ ඒ ආහාර මොනවාදැයි නොදැන සිටියා වෙන්නට පුලුවන්. එහෙම නම් නිතර නිතර හිසරදයෙන් පීඩා විඳින අයට මින් පසු ඒ හිසරදය එතරම්ම හිසරදයක් වෙන්නෙ නැති බව අලුත් ආරංචියක් වේවි. ඔබ නිතර යෝගට් කන අයෙක්ද? යෝගට් කෑ දවසට හිසරදය වැඩි නම් වහාම එයින් ඈත්වෙන්න.
වීස්, චොකලට්, කොකෝ අඩංගු පාන වර්ග, චීන හෝටල් කෑම එම් එස් ජී නම් රසකාරකය අඩංගු කෑම, ජාඩි වැනි දෑ ආහාරයට ගත් විට ඔබට හිසරදය ඇතිවෙන්න පුළුවන්.
නමුත් වැදගත්ම දේ නම් මේ ආහාර අරගන පැය හයත් දොළහත් අතර කාලයක් ගියාම මිස ආහාරය ගත් විගස මෙය ඇතිවෙන්නේ නැහැ. ඉතිං මෙවැනි ආහාර මදක් ඈත් කර බලන්න හිසරදය නැවතෙනවා නේද? ඒ කියන්නේ මේ ආහාරවලට ඔබට හිසරදය ඇතිකරන්න පුළුවන්. ඒක නැතිකරගන්න තියෙන්නේ පුංචි ප්‍රතිකාරයක්. ඒ මෙවැනි දේවල් ආහාරයෙන් ඉවත් කිරීම පමණයි.