ස්වභාව ධර්ය වෙනස්කරන්නට සමත් බලවේගයක් නැතැයි අප කළකට ඉහත අත්දුටු සත්‍යයයි. නමුත් ස්වභාව ධර්මයේ අපූර්වතම නිමැවුම වූ මිනිසා ,තමන් විසින්ම නිර්මාණය කරගත් විද්‍යාව තුළ ස්වභාවධර්මයේ නියමයන් වඩා තීව්ර ලෙස ඔප කරගනිමින්ද දුර්වල තැන් ඉක්මවා යමින්ද සිටී යැයි පැවසුවහොත් එහි වරදක් නොවේ. මෙයද එවන් කතාවකි. වයස අවුරැදු 35 න් පසු දරැවන් ලබන්නට සුදුසු නැතැයිද එය මද සරැභාවය සඳහා හේතුවක් වේ යැයිද අප හොඳින් අසා ඇති කරැණකි.
එසේ වයස්ගතවී දරැ සම්පත් ඇතිවුවත් එයින් බොහෝ විට කිසියම් අඩුපාඩුවක් සහිත දරැවන් බිහිවිය හැකි යැයිද අප හොඳින්ම දන්නා කරැණකි. නමුත් වයස අවුරැදු හැටක් වූ කාන්තාවකටත් නවීන විද්‍යාවේ පිහිටෙන් කිසිම අඩුපාඩුවක් නැති සියයට සියයක් නිරෝගී දරැ සම්පතක් ලබාගත හැකි බව පැවසුවහොත් එය ඔබට විශ්වාසකරන්නට බැරි තරම් කරැණක් වනු නියතය. නමුත් අප විශ්වාසයන් හා ආකල්ප අතර කාලය ගතකරමින් පසුවෙන අතර විද්‍යාව මිනිසා විසින් බොහෝ ඉදිරියට ගමන් කර තිබේ. අද සෞඛ්‍ය පිටුවේ මේ සටහන විද්‍යාව විසින් වයස ඉක්මවා දරැ සම්පත් ලැබිමට කාන්තාවන්ට උදාකර ඇති අවස්ථාව පිළිබඳවයි.
දැන් දැන් ලොව පුරාම මද සරැභාවය පිළිබඳ ගැටලු වඩාත් තීව්ර ලෙස මතුවෙමින් පවතින බව ප්‍රකට කරැණකි. අද අප රටේ ද ජාති ආගම් භේදවලින් තොරව බොහෝ යුවතිපතීන් මේ ගැටලුවට මුහුණ පා සිටින අතර ඇතමුන්ට එක දරැවෙකු ලැබී මෙන් පසු තවත් දරැවෙකු පිළිසිඳ නොගන්නා තරමටම මේ ගැටලුව මතුවී තිබේ. ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකයේ විවිධ රටවලද මේ ගැටලුව සඳහා ප්‍රතිකාර කෙරැණත් නිසි වයස ඉක්මවූ පසු දරැවන් ලැබීම සඳහා වෛද්‍යවරැන් විසින් කාන්තාවන්ට අනුබල දෙනු ලබන්නේ නැත.
එයට හේතුව මව වයස්ගතවීම හේතුවෙන් උපදින දරැවන් කිසියම් අඩුපාඩු සහිත ආබාධිත දරැවන් විමේ ස්වභාව ධර්මයේ නියමයට නතු විය හැකි බැවිණි. ඉන්දියාවේ අංක එකේ ප්‍රසව හා නාරි වේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක වූ ගීතා හරිප්‍රියා මහත්මිය නවීන විද්‍යාව හා සාපල්‍යතාවය ගලපමින් මේ වන විටත් ශ්‍රී ලංකිකයින් හාර දහසක පමණ ප්‍රමාණයකට අයගේ ප්‍රතිකාර හරහා දරැ උපත් ඇතිකර ඇති අතර ඇගේ ප්‍රතිකාර ක්රමයේ පවතින නවීනත්වය විද්‍යාව හා කොතරමම් දුරට ගැලපෙන්නේද යන්න විමසිමට අප ඇය හා කළ සාකච්ඡාවෙන් ලද තොරතුරැ එකින් එක ඔබේ අවධානයට ලක්කරමු.
මද සරැ භාවය නැතිනම් සාපල්‍යතාවය මද කම සම්බන්ධයෙන් ප්‍රතිකාර ආරම්භ කළ යුත්තේ කවදාද?
බොහෝ දෙනෙක් දරැවන් නොමැතිවීම සම්බන්ධයෙන් ප්‍රතිකාර ආරම්භ කරන්න වසර ගණනාවක් බලා ඉන්නවා. සමහරැ අවුරැදු පහක් දහයක් යනතුරැ බලා ඉන්නවා. කාන්තාවන් වයස්ගතවීම සිදුවන්නේ අන්න ඒ අනවශ්‍ය බලා ඉඳීමත් සමගයි. දැන් ආසියාතික කාන්තාව විවාහ වන වයස තරමක් කල් ගතව පවතිනවා.
වසර විසි හතදී විවාහ වන කාන්තාවන් දරැවන් ලැබෙයි කියමින් තව වසර හත අටක් කල් පසු කලාම ඇය මද සරැබාවය ට නැතිනම් හීන සාපල්‍යතාවයට වඩාත් නතුවූ කෙනෙකු වෙනුයේ නැතැතින්මයි. සාමාන්‍යයෙන් දරැවන් ලැබීම ප්‍රමාද බව තීරණය කළ යුතු කාලසීමාව කුමක්ද? විවාහයෙන් වසරක් දෙදෙනා එක්ව වාසය කර දරැවෙකු වෙනුවෙන් සම්බන්ධතාවයන් පවත්වා ඇතත් පිළිසිඳ ගැනීමක් නොවූයේ නම් ඔවුන් වෛද්‍ය උපදේශයන් වෙත යොමු විය යුතුයි.
දරැවන් ඇති නොවන්නට බලපානු ලබන හේතු
මෙය කෙනෙක්ගෙන් කෙනෙකුට වෙනස්. කාන්තාවන් සඳහා ආසියාතික රටවල වඩිපුරම බලපානු ලබන්නේ ගර්භාෂගත ආසාදන ගර්භාෂගත පිහිටීමේ පවතින සුළු සුළු අඩුපාඩුකම් එන්ඩ්රොමෙට්රියෝසිස් හා ඇතැම්විට පැලෝපීය නාලවල ඇතිවී පවතින අවහිරතා මෙන්ම ඔසප් චක්‍රයේ පවතින අක්‍රමිකතා ආදියයි. මේවා සඳහා ද ඩිම්බ කෝෂවල පවතින දෝෂ, හෝර්මෝන අසමතුලිතතා මෙන්ම ඇතැම් රෝග හේතුවෙන්ද කාන්තාවන්ට මද සරැභාවය ඇතිවිය හැකියි.
මෙවන් දෙයක් හඳුනාගත් පමණින්ම ඇය දරැවන් නොලබන්නියක් යැයි පැවසීමටවත් ප්‍රතිකාර අත්හැර දැමිමටවත් අවශ්‍ය නොවේ. දැන් මදසරැ බාවයට තුඩු දෙන හේතු හඳුනාගත් විට ඒවා අවම කරන්නට නවීන විද්‍යාව විසින් බොහෝ ක්‍රම ගොඩ නගා තිබේ. යල් පැනගිය ක්රමවලදී අසාර්ථක වූ බොහෝ පැති දැන් නවීන මෙවලම් ආධාරයෙන් හා ප්‍රතිකාර ආධාරයෙන් වඩාත් සාර්ථක ප්‍රතිකාර බවට පත්කොට තිබේ.
පුරැෂයින් සඳහා බලපාන හේතු අතර වඩාත් පවතින්නේ පුරැෂ බීජ හිඟවීම , නිපදවීමක් නොවීම ආදි හේතූන්ය. විශේෂයෙන් රුකියාව ලෙස රියඳුරැ වෘත්තියේ යෙදෙන නැතිනම් අරක්කැමි වෘත්තියේ යෙදෙන අයට බිජ නිපදවීමේ ගැටලුව පැවතෙන්නට පුලුවන . ඒ වාහනයේ එන්ජිමෙන් නිකුත්වන අධික රස්නය යටි බඩ ප්‍රදේශයට නිරන්තරයෙන් එල්ලවීමත් උදුන්වලින් නිකුත්වන රස්නයට නිරන්තරයෙන් යොමුවිමත් දෙකම බිජ නිපදවීම අඩාල කරවන හා නිසරැ කරවන හේතු මවන බැවිනි.
ලැප් ටොප් ආදිය තම දෙකලවා මත තබාගෙන ඒවා සමග වැඩකටයුතු කිරීම ඉතාම අහිතකර ක්‍රියාවකි. යම් යම් කිරණවල බලපෑම් ශරීරයට එල්ලවිමට එය එක එල්ලේම බලපානු ලබන හේතුවකි. ඇතමුන්ට ඉන්ද්රියයන්ගේ ක්‍රියාකාරිත්වයට බලපානු ලබන හෝර්මෝන ගැටලු හා ඇතැම් විට පුරැෂ බීජවලට නාල තුළට ඇතුල්වීම වළක්වන විවිධ ආකාරයේ කාන්තා සිරැරේ රසායණික සංයෝග ආදිය හේතුවෙන් පුරැෂ බීජ විනාශවෙන්නට හේතු මතුවිය හැකිය. මේ හැරෙන්නට දුම්බීම මත් පැන් පානය මදසරැභාවය කෙරෙහි සෘජු සම්බන්ධයක් දක්වන කරැණු දෙකකි.
ප්‍රතිකාර යෙදීම
මද සරැභාවය ඇති සියල්ලන්ට යොදනු ලබන්නේ එකම ප්‍රතිකාරය නොවේ. ඇතමුන්ට හොර්මෝන ප්රතිකාරද තව කෙනෙකුට ශල්‍ය ප්රතිකාරද තවත් අයෙකුයට ඖෂධ ප්රතිකාරද එයින් බැහැරව කෘතිමව බීජ තැන්පත් කිරීමෙන් ඇතිකරනු ලබන දරැ ගැබ් ආදී විවිධ ප්‍රතිකර්ම රුසක් පවති. නමුත් අද අප කතාකරන මේ ප්‍රතිකාර ක්‍රමය නල දරැ උපතක් වුවද වෙනදා සිදු වූ අවාසි සහිත නල දරැ උපත් ක්‍රමයක් නොවේ.
පනහ පැන්න පසු දරැ පිළිසිඳ ගැනීම්.
අවුරැදු පනහ පැන්න පසු පිළිසිඳ ගැනිම් ස්වභාවිකව ඇති වීමේ සම්භාවිතාවය සියයට පහක් දහයක් තරම් . නමුත් මෙහිදී අපි මේවන විට ලෝකයේ තිබෙන අති නවීනම ක්‍රමය යොදාගෙන ඩිමිබය තෝරාගෙන ඒ සඳහාම නිපදවුනු විශේෂ යන්ත්‍රයක ආධාරයෙන් එය විශේෂ සකස්කරගැනීමකට හා වැඩි දියුණු කිරීමකට ලක්කරනවා. එහිදී එම යන්ත්‍රයට පුලුවන් එම බිජයේ ඇති දුර්වලතා කළින්ම හඳුනාගන්න. ඒවා ඉවත්කර හොඳම බීජ එතුළ තිබියදී පුරැෂ බීජත් එම ආකාරයෙන්ම ඉතාම නිරෝගි නිවැරදි හැඩය සහිත ඒවා තෝරා ලබාගෙන මුළින් සියයට සියයක් නිවැරදිතාවය තහවුරැ කළ බීජය හා එක්කර යන්ත්‍රය තුළ තැන්පත් කරනවා. එය වැඩෙන්නේ එතුළයි.
කළින් තිබූ ක්‍රමයේදි ඒවා පිටතට ගෙන පරික්ෂා කරනවා වුණත් මෙහිදී එය පිටතට ගෙන පරික්ෂා කිරීමේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ. එම පරික්ෂණ යන්ත්‍රය තුළම විනාඩි 20 න් 20 ට එතුළ ඇති කැමරාවක ආධාරයෙන් පිටත පවතින මොනිටරයක් මතට එහි ඇතුළත් දර්ශන සහ එහි ක්‍රියාකාරිත්වයේ ඇතිවන දශමයක පමණ වෙනස්කම් පවා සටහන් කරනවා.එමෙන්ම එහි වැඩීමේ දී කළලයේ නිරෝගීතාවය සියයට සියයක් වර්ධනය වන හා ආරක්ෂා වෙන ආකාරයෙන් තමයි එය කෙරෙන්නේ.
පුරැෂ බීජ හා ස්ත්‍රී බීජ මුලුමණින්ම අක්‍රිය අයෙකුට වුවත් තම පවුලේ අයෙකුගෙන්ම ලබාගත් බීජ ආශ්‍රිතව මෙසේ කළලයක් ඇතිකොට එය තම ගර්භාෂයේ තැන්පත් කර වැඩෙන්නට සලස්වා තමන්ගේම දරැවෙකු බිහිකරගන්නට හැකියි. මේ ක්‍රමය අනුව කොතරම් වයස්ගත අයෙකුට වුවත් සියයට සියයක් සාමාන්‍ය නිරෝගි දරැ උපතක් ලබන්නට හැකියි. එමෙන්ම කළින් මේ ආකාරයෙන් ගර්භාෂය තුළ තැන්පත් කරන කළල නිසා මවකට දරැවන් දෙතුන් දෙනා ලබන්නට වූ අවස්ථා පැවතුණා. නමුත් මේ ක්‍රමය අනුව එය එසේ වෙන්නේ නැහැ. මේ ආකාරයෙන් හදන දරැ කළලය ගබ්සාවකට කෙසේවත් බඳුන්වන්නේත් නැහැ.
එය ගර්භාෂයට ඇතුළු කළ පසු එය එහා මෙහා වීම වළක්වන්නට ගර්භාෂ බිත්තියටම ඇලී පවත්වා ගන්නටද දැන් තාක්ෂණික උපක්‍රමයක් යොදා ඇති බවයි වෛද්‍යවරිය පවසන්නේ. ඇය මෙම මස තුන්වැනිදා සිට පස්වැනිදා දක්වා ලංකාවේ බණ්ඩාරණායක සම්මන්ත්රණශාලා පරිශ්‍රයේ පැවැත්වෙන මේ සම්බන්ධ ප්‍රදර්ශනයකට සහභාගීවන බැවින් අවශ්‍ය අයෙකුට එහිදී ඇය හමුවී ඇයගෙන්ම මේ පිළිබඳ දැනගන්නට හැකියි.
නමුත් මේ තාක්ෂණය අපේ රටේ තවම ක්‍රියාත්මක නොවන අතර ඉන්දියාවේ ප්‍රශාන්ත් මල්ටි ස්පෙෂලිටි හොස්පිට්ල්, ප්‍රශාන්ත් සුපර් ස්පෙෂලිටි හොස්පිට්ල් යන රෝහල්වලදී පමණක් ආසියාතිකයන්ට මේ ප්‍රතිකාර ක්‍රමය හා එක්විය හැකි බව අප විශේෂයෙන් මතක් කරන්නේ මේ සම්බන්ධ වෛද්‍ය විශේෂඥවරැන් හා එම පරීක්ෂණත් තවම අප රටේ නැති නිසයි. එහෙත් අවශ්‍ය අයෙකුට වැඩි විස්තර විමසන්නට 075 4 000 012 දුරකථන අංකය යොදාගත හැකියි.
ලංකා මුදලින් රැපියල් ලක්ෂ පහක පමණ වියදමක් මේ සඳහා වැයවිය හැකි බව පැවසෙනවා. කෙසේ වෙතත් ඉස්තීරවම සාර්ථකවෙන ගබ්සා නොවන අඩුපාඩු සහ ආබාධිත නොවන සියයට සියයක් නිරෝගී තමන්ගේම දරැ ගැබක් ඇතිකරගන්න දැන් වයස බාධාවක් නොවෙන බවට ඔබට මුලින්ම ආරංචිය ඔබට ලැබෙන්නෙ අද පුවත්පතින්