අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දැනට පවතින ගංවතුර තත්ත්වය ලෙඩ රෝග රැසක ආරම්භයක් සේ සිතා ඔබේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් වෙනදාට වඩා සැලකිලිමත්වෙන්න. අප රටේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක ගංවතුරක් ඇති වූ පසු පැතිර යන ලෙඩ රෝග රැසක් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිදානයේද අවධානය යොමුව තිබේ.
මේවා අතරින් අපිරිසුදු ජලය මුලුකොටගෙන හටගන්නා රෝග බහුලය. උණ සන්ණිපාතය මී උණ, පාචනය, හෙපටයිටිස් ආදී තත්වයන් ඒ අතර ප්‍රධානය. ඊට අමතරව ජලය බැස යන කාලයේ වෙනත් රෝගද මෙසේ හිස එසවීමට අවස්ථාව පවතී.
උණ සන්ණිපාතය වැනි තත්ත්වයකින් ආරක්ෂා වෙන්නේ කොහොමද?
අධික වැසි සහ අධික ගංවතුර නිසා උණසන්නණිපාතයේ පැතිර යාම ඉක්මණ් විය හැක. උණුකර නිවාගත් ජලය පානය කිරීමට හැකි නම් එම අවධානම තරමක් පාලනය කළ හැකි අතර එසේ නොමැති නම් හොඳින් ක්ලෝරීන් කරණය වී තිබෙන ජලය පානය කිරීම වැදගත්ය.
ආහාර පිසින විට හොඳින් ආහාර පිසීමත් අමු එළවළු පලතුරු මෙකල ආහාරයට ගන්නා විට විශේෂයෙන් පිරිසුදු කොට භාවිතයට ගැනීම අවශ්‍යය. මේ දිනවල අමුවෙන් සකසන සලාද වර්ග ආහාරයට ගැනීමෙන් වළකන්න. ආහාර පිසින විට පලා වර්ග වැනි දෑ යොදාගන්නේ නම් ඒවා හොඳින් ලුණු වතුරින් සෝදා පාවිච්චියට ගන්න.
හෙපටයිටිස්
මේ තත්ත්වයක් අපිරිසුදු ජලය හරහා මෙවැනි කලෙක පැතිරිය හැකි රෝගයකි ආහාර සැකසීමේදී මෙන්ම ආහාර අනුභවයේදිත් දෑත් වඩාත් පිරිසුදු කරගැනීමට වග බලා ගත යුතුය.
මී උණ
ලෙප්ටොස්පයිරෝසිස් රෝගය ද වැසි සහ ගංවතුර සමයේදී වඩාත් පැතිර යා හැකි රෝගයකි. මීයන්ගේ මුත්‍රා මගින් පැතිරෙන මේ රෝගය දී අධික ලෙස රෝගියාට උණ ගැණෙන අතර ප්‍රතිකාර පමාවුවහොත් වකුගඩුවලට හානි විය හැකිය. මේ නිසා දෙපා ආදී තැන්වල තුවාල පවතින විට ඒවා වතුර ඇතුලු නොවන පරිදි බූට්ස් වැනි දෑ පැලඳීම ට වග බලා ගන්න.