ආහාරයක් සම්බන්ධයෙන් කතාකරන විට අප එහි රසය මෙන්ම ගුණය ගැනත් සැළකිලිමත්වීම සාමාන්‍ය දෙයකි. එළවලු පලතුරු ඕනෑම තරමක් ආහාරයට ගත්තාට එහි වරදක් නැතැයි සමහරුන්ගේ මතයකි. සාමාන්‍ය නිරෝගී අයෙකුගේ ආහාර විහරණ රටාව සෑම පුද්ගලයෙකුටම ගැලපේ යැයි පැවසිය නොහැක්කේ. මේ වන විට විවිධ බෝනොවන රෝග ඇතමුන් දැනුවත්ව මෙන්ම නොදැනුවත්ව මුහුණ දෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති බැවිණි.
එළවළු පලතුරු ආහාරයට ගැනීම තුළ අනවශ්‍ය මේදය සා සීනි සිරුරට එක්වීම වැළකෙන නමුත් ඇතැම්විට ඇතමුන්ට අසාත්මිකතා ආදිය නිසා ඇතිවන රෝග මතුවන්නට ඉඩ තිබේ. මේ අනුව ඕනෑම දෙයක් ඕනතරම් ආහාරයට ගත්තාට කමක් නැතැයි පැවසිය හැකි නොවන්නේ ඇතැම් ආහාර ශරීරය තුළ පවතින ඇතැම් රෝග තත්ත්වයන් උත්සන්න කිරීමට හේතුවන බැවිණි. සාමාන්‍යයෙන් අප රසය සහ ආහාරයක පැහැය සුවඳ ආදී බොහෝ ගුණාංග ගැන සැලකිලිමත්වන බැවින් පලතුරක් තෝරාගැනීමේදී හොඳින් ඉඳුනු සුවඳ හමන පිට පොත්තේ වර්ණයෙන් ඉඳුනු බව අඟවන පලතුරු තෝරාගැනීම කෙරෙහි උනන්දුය.
මේ නිසා වෙළඳුන් මේවා කෘතිම ලෙස ඉදුණු බව පෙන්වීමට විවිධ රසායණිකයන්ද යොදාගන්නා බව අද ඉතා ප්‍රකට කරුණකි. කාබයිඩි යනු අතීතයේ පලතුරු සමග කතාබහට ලක්වන්නක් නොවුණද අද පලතුරක් මිලට ගන්නා විට පිටපොත්ත කහපැහැති නම් කාබයිඩ් යොදා ඉදවූ පලතුරක් බව අප ඉවෙන් මෙන් දැනගන්නා ස්වභාවයක් තිබේ. මේ නිසා ගෙවත්තේ ගසක හැදී ඉදී ඇති පලතුරු ඕනෑතරම් කෑවාට ගැටලුවක් නැතයි සමහරුන් තුළ එක්තරා විශ්වාසයක් පවතී. නමුත් එය ඕනෑ තරමක් නොවේ. නමුත් එය පෝෂණ අවශ්‍යතාවයට පමණක් සෑහෙන පරිදි ලෙස නිවැරදි විය යුතුය.
හේතුව වනුයේ ඕනෑම ආහාරයකින් දෛණිකව ශරීරයට අවශ්‍ය වන පෝෂක කොටස් අවශෝෂණය කරගත් පසු අතිරික්තයක් වෙත් නම් හැකි පමණ සිරුරේ ගබඩාකරගත් පසුත් ඉතිරිවන දෑ ශරීරයේ බහිශ්රාවීය පද්ධතිය හරහා පිටමං කිරීම ශරීර ක්‍රියාකාරිත්වයේ කොටසක් වන බැවිණි.රුධිරයට එක්වන දෑ පෙරා වෙන්කිරීමට ශරීරයට උපකාරවනුයේ වකුගඩු නමුත් වකුගඩුවට අනවශ්‍ය පීඩනයක් ඇතිකරනු වෙනුවට අවශ්‍ය පමණ දැන ආහාර පාන ගැනීම බොහෝ සෙයින් ශරීරයේ නිරෝගී බවට උපකාරයක් වනු ඇත.
ඇතැම් ආහාර වලින් සමහර පුද්ගලයන්ට යම් ආසාත්මිකතා අතිකරන අතර සමහර විට ඒ ආහාරවල බලපෑම් නිසා පලු මතුවීම සම කැසීම ආදී තත්ත්වයන්ද ඇතැම් රෝග උත්සන්න වන අවස්ථාද දැකිය හැකිය.උදාහරණ ලෙස අඹ යන පලතුර අධිකව ආහාරයට ගත් අයෙකුට සමේ කැසීමක් වැනි තත්ත්වයන් ඇතිවුවහොත් එය උෂ්ණය නිසා ඇතිවූවක් යැයි ඔබ පවසනු ඇත රඹුටන් අන්නාසි වැනි පලතුරුද ඇතැම්විට උෂ්ණ ගණයේ යැයි පවසන අතර අන්නාසි වලින් සම මත පලු ඇතිකරන්නටද හැකියාව පවතී.
රඹුටන් ද සමේ පලු මතුකරන කැසීම් ඇතිකරන පලතුරක් යැයි ඇතමුන් පවසන්නේ අධිකව ආහාරයට ගැනීම නිසා මතුවන ප්‍රශ්න සමග විය හැකිය. පෝෂණය සඳහා අවශ්‍ය වනුයේ සැලකිය යුතු තරම් ප්‍රමාණයක පලතුරු වර්ග දෙක තුනක් මිස එකම වර්ගයේ පලතුරු රාත්තල් ගණනක් නොවේ. අනෙක් කරුණ නම් දියවැඩියා රෝගීන් නම් පලතුරු තීරුවක් පමණක් මිස ගෙඩියක් හෝ පලුවක් ආහාරයට ගැනීම වරදකි. සමහරුන් රුධිරයේ සීනි පාලනයට සුදුසු යැයි කියන පලතුරු උනන්දුවෙන් ආහාරයට ගනිති.
නමුත් අධිකව ආහාරයට ගතහොත් සිරුරට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා සීනි ප්‍රමාණය පහත බසින්නට පුලුවන. මේ නිසා කුමන දෙයක් ආහාරයට ගත්තද නිසි ප්‍රමාණයට මිස අනවශ්‍ය ප්‍රමාණයට නොගැනීම සෞඛ්‍යමත් ජීවිතයක් පවත්වා ගන්නට ඔබට උපකාර කරනු ඇත. පලතුරු හා එළවළු වලින් අප මිනරල්ස් වශයෙන් හඳුන්වන ක්ෂුද්‍ර පෝෂක රාශියක අවශ්‍යතාවයද සපිරෙන අතර කෙඳි සහිත ආහාර ( ෆයිබර්) අවශ්‍යතාවයද එයින් සපිරෙයි. මේදය හා සීනි අවම වන බැවින් එයින්ද සිරරට අත්වනුයේ හිතකර බවකි.
පලතුරු යැයි කී විට ඒ මිදි සහ ඇපල් ආදී මිල අධික පලතුරුම පමණක් නොවේ. වෙරළු ගෙඩියේ සිට දූරියන් දක්වා ඕනෑතරම් පලතුරු මේ ගණයට අයත්යට. එමෙන්ම ලීක්ස් කැරට් වැනි එලවළු පමණක් නොව කොස් සහ අල බතල හැම දෙයක්ම එළවළු අතරට එක්කොට ගත හැකිය. නමුත් පමණ නොඉක්මවිය යුතුය. සහ ඒ ඇයිද යන්න දැන් ඔබට අවබෝධවි ඇතිවාට සැකයක් නැත. අධික තරබාරුව හා විවිධ රෝගාබාධ රැසක් ද පමණ දැන ආහාර ගැනීම තුළින් සහනයක් ලබන්නට හැකි ආබාධයන් ලෙස සැළකිය හැකිය. ආහාරයේ ස්වභාවිකව ඇතිවන අහිතකර මේදය ආදිය මට්ටු කරන්නට ඔබ යොදා ගන්නා කුමන පිළියමකට වුවද එළවළු හා පලතුරුවලින් ලද හැකි සහය අපමණය.
නාලිකා