කොන්දේ අමාරු මෙකළ ඉතාම බහුල ආබාධයක් යැයි කිවහොත් එය කොතරම් සත්‍යයක්ද යන්න ඔබ එකවරම විවාදයකින් තොරව පිළිගන්නවා ඇත. මන්ද මේ වැනි කොන්ද අමාරු කිසියම් දවසක ඔබට ඇති කළ පීඩනය වහා වහා ඔබේ මතකයට නැගීම එයට හේතුවයි. කොන්දේ අමාරු.
බාම් ස්වල්පයක් තවරා පිරිමැදීමෙන් නිට්ටාවට සුව වන බවක් මෙකල ඇතැම් වෙළඳ නිෂ්පාදන හරහා සමාජගතවීම ඈරඹී තිබෙන අතර ඒ හරහා කොන්දේ අමාරුවට එකම විසඳුම බාම් යැයි සිතන තරමට සමාජය මෙය සුලු කොට තැකීමක්ද දකින්නට ලැබේ.
සමහරු කුමන හෝ වේදනා නාශකයක් භාවිතයෙන් වේදනාව මට්ටුකරගෙන එය අමතක කරන්නට උත්සහ දරති. මෙවන් දැරිය නොහැකි වේදනාවක් සහිත කොන්ද අමාරු එසේ නොසලකාහැරිය හැකිද? අද අප සාකච්චා කරනුයේ ඖෂධ මත යැපීමෙන් වැළකී කොන්දේ අමාරු සදහටම සුවකරගන්නා මගක් පිළිබඳවය.
කොන්දේ අමාරු සෑදෙන්නට හේතුව කුමක්ද යන්න අප විසින් එයට ප්‍රතිකාර ලැබීමට පළමු හොඳින් අවබෝධ කරගෙන සිටිය යුතු තත්ත්වයකි. ඇතැම් කොන්දේ අමාරු වෙනත් වෙනත් රෝග තත්ත්වයන් නිසාද සමහර ඒවා ඇවිදීමේ සහ වැඩපල කිරීමේදී වැරදි ඉරියව් භාවිතය ආදියෙන් ඇතිවන බලපෑම් නිසාද ඇතිවෙයි. තවත් විටෙක කොන්දේ අමාරු කොන්දේම ඇතිවන රෝග තත්ත්වයන් නිසාද මතුවෙයි.
කොන්දේ අමාරු සම්බන්ධයෙන් හැමවිටම නිසි අවදානයක් දැක්විම අවශ්‍ය වනුයේ සමහර ඒවා නොසලකා හැරීමෙන් වඩාත් භයානක ප්‍රතිඵල ඇතිවෙන අවස්ථාද හමුවෙන බැවිණි. වැරදි ඉරියව් කී විට ඔබ සැලකිල්ලක් දැක්විය යුතු තවත් අවස්ථාවකි නිදන ඉරියව්ව.
ඇතැම් විට නින්දේදී ඔබ භාවිත කරන මෙට්ටය ඔබේ කොන්දේ අමාරුවට හේතුවක් විය හැක්කේ මෙට්ටය යටට ගිලී ගිය ආකාරයක් පෙන්නුම් කරන්නේ නම් දිගු වේලාවක් ඒ ගිලී ගිය ස්වරූපය තුල සිරුර රැඳී සිටීම නිසා මාංශ පේෂී වලට හා කටුවලට ඇති වූ ආතතියද කොන්දේ කැක්කුම ලෙස මතුවන්නට ඉඩ ඇති බැවිණි.
මෙවන් ආබාධ ඇති විට බොහෝ දෙනා බිම මත නිදාගනීම ලෑල්ලක් මත නිදාගැනීම වැනි සරල උපක්‍රම තුළින් සහනයක් ලබන අතර සමහර විට මාංශ පේශී හෝ අස්ථිවලට බලපෑ ආතතිය අවසන් වන ආකාරයේ චලනයෙන් තොර පැවැත්මක් තබාගනිමින් වේදනාවෙන් මිදෙන ආකාරය අත් විඳිය හැකිය.
නමුත් කොඳු ඇට පෙළේ ඇතිවන ආබාධවලින් ඔබට කිසියම් ඖෂධ ශරීරගත කිරීමකින් තොරව ඔස්ටියෝපති සහ හීලීන්පති ප්‍රතිකාර යොදා සදහටම සුවයක් ලද හැකි නම් ඔබ එයට වැඩි මනාපක් දක්වනු ඇත.
සාමාන්‍යයෙන් සමාජ ගතව ඇති මතය අනුව කොන්දේ අමාරු ඇතිවන්නේ වයසක උදවියටය යන්න ඇතමුන් අදහස් කරයි. එහෙත් කොන්දේ අමාරු එසේ වයසක් ඇඟවිය හැකි එකක් නොවේ. කොන්දේ අමාරු මෙකල කුඩා දරුවන් අතර මෙන්ම තරුණ වයස්වල පසුවන්නන් අතරද බහුලය. ඇතැම් බරක් නුහුරට එසැවීමෙන් ඇතිවන ස්නායු ඇදීම් නිසාද මෙවන් තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් බිම සිට යමක් ඉහළට එසැවීමේදී නිවැරදි ඉරියව්වම පවත්වා නොගත හොත් මෙසේ ස්නායු ඇදීමකට ලක්වීමට බොහෝ සෙයින් ඉඩ ඇත.
මෙය බටහිර වෛද්‍ය විද්‍යාවේ අර්ගනොමික්ස් නම් නව විෂය පථයක් ඔස්සේද සාකච්චාවට බඳුන් වූ කරුණකි. එනම් සමහර දරුවන් භාවිතකරණ ,උපකරණ එකී දරුවන් හෝ වැඩිහිටියන්ගේ ශාරීරික අවශ්‍යතාවයන් හා නොගැලපෙන පරිදි නිර්මාණය වී තිබුණහොත් එයින් ඇතිවන ආතතිය කොන්දේ හෝ සන්ධී ආශ්‍රිතව යම් යම් ආබාධ මතුකරන බැවිණි.
දිගින් දිගටම මෙම උපකරණ භාවිතය නිසා සිදුවන දීර්ඝකාලීන බලපෑමක්ද තිබේ. ඒ ඇතැම් දරුවන්ගේ පිට කොන්ද ඉංග්‍රීසි එස් අකුරක හැඩයට ඇදවීමකට බඳුන්වීමට ඇති ඉඩ කඩයි. මෙය පැති කුදයක් ලෙසින්ද හඳුන්වනවා. මේ හරෙන්නට දරුවාගේ උරපතු හා පිට කොන්ද මතට ඉවසිය නොහැකි බරක් පැටවෙන සේ පාසල් පොත් බෑගය යෙදීමද මෙවැනිම එකකි.
මෙයින් ඇතිවන අපහසුතාවය මග හරින්නට දරුවා තම සිරුර නුහුරු ආකාරයේ ඉරියව් වෙත යොමුකිරීම මෙවැනි ආබාධ මතුකරන තවත් එක් තත්ත්වයක් වී තිබේ. කොඳුිි ඇට පෙළට උපතින් පසු ඇතිවන වෙනස් කම් සහ ආබාධ කෙරෙහි සෘජු හෝ වක්‍රාකාරව මෙවන් හේතු තදින්ම බලපානු ලබයි.
වැඩිහිටියන් අතර මෙන්ම ළමුන් අතරද අනවශ්‍ය ලෙස පාදය තෙරපෙන සහ විලුඹ සහ ඇඟිලි පොළව මත ස්පර්ශ වීමේදී බාධාවන් ඇතිවන සේ සැකසුන ප්‍රමිතියෙන් තොර පාවහන් නිසාද වයස් භේදයකින් තොරව මේ ආකාරයේ විකෘතිතා මෙන්ම ආබාධ ඇතිවිය හැකියි. නවීන පන්නයේ නිවෙස්වලින්ද ඇතැම් අවස්ථාවල කොන්දේ ආබාධ ඇතිවීමට හේතු කාරණා සපයන බව පැවසුවහොත් එහි පුදුමයක් තිබිය නොහැකියි.
මෙකල බොහෝ නිවෙස් ටයිල් කර ඇති අතර මේ ටයිල් පොළව මත ලිස්සා යෑම් නිසා ඇතිවන වැටීම්ද ඉතාම නරක ලෙස කොන්ද අමාරු සඳහා බලපානු ලබයි. කෙසේ නමුත් බොහෝ දෙනෙක් කොන්දේ අමාරු සඳහා ලබන ප්‍රතිකාර වලදී වේදනා නාශක ස්ථීර සුවයට හේතුවක් ලෙස සිතූවත් එය එසේ වනුයේ නැහැ.
නමුත් කිසිම ඖෂධයක පිහිට නොපතා කොන්දේ අමාරු සුව කරන ප්‍රතිකාරයක් තිබෙනවා යැයි පැවසුවහොත් ඔය ඔබගේ මවිතයට හේතුවක් වේවි. මේ ප්‍රතිකාරය මාළබේ අතුරුගිරිය පාරේ පිහිටි ඔස්ටියෝ ක්ලිනික්හි සිදුකරන ආකාරය ඔබටත් එහිදී දැකගන්නට හැකියි. මේ ප්‍රතිකාරය සිදුකරන ආකාරය කුමක්ද යන්න දැන් අප විමසා බලමු. මේ සඳහා රෝගියාට ඖෂධ ලබාදීමක් සිදු නොකරන බව අප මුලින්ම පැවසුවා. එමෙන්ම කිසිම කැපුමක් යොදන්නේත් නැහැ.
එනම් මේ සඳහා ශල්‍යකර්ම සිදුකරන්නේත් නැහැ. බොහෝවිට කොඳු ඇට පෙළ ආශ්රිත රෝගවලට හේතුකාරක සපයා ඇත්තේ කශේරුකාවේ වෙනස්වීම් මෙන්ම ස්නායු ඇදී තෙරපීමකට ලක්වී පැවතීමයි. මෙම ප්‍රතිකාර ක්‍රමය අනුව එවැනි හේතූන් හඳුනාගෙන එය යථා තත්ත්වයට පත්කරවීමක් සිදුකෙරෙයි. ශල්‍යකර්මයක් අභ්‍යන්තරව සිදුකළත් මෙම ක්‍රමයේදී එම ශල්‍යකර්මයට අනුව සිදුවන දේ සිදුකෙරෙන්නේ භාහිරවය. එසේ වුවත් එයින් රෝගියාගේ සිරුරට කැපුමක් හෝ කිසියම් සිදුරුකිරීමක් කරනු නොලබයි.
මේ ප්‍රතිකාර ක්‍රමයට ලක්වීමේදි රෝගියාට කිසිම වේදනාවක් නොදැනෙන අතර වේදනා නාශකද මේ නිසාම අවශ්‍ය වන්නේ නැහැ. මේ නිසා සාමාන්‍යයෙන් කොන්දේ වේදනාවෙන් මහත් පීඩනයකට ලක්වී කල්ගත කරන රෝගින්ට ප්‍රතිකාර තුළින්ද වේදනාත්මක අත්දැකීමකට ලක්වන්නට සිදු නොවීමෙන් මහත් සහනයක් බලාපොරොත්තු විය හැකියි.
එමෙන්ම මෙය දීර්ඝ කාලයක් ගතවන ප්‍රතිකාර ක්‍රමයකුත් නෙවෙයි. එමෙන්ම මෙය ඉතා පහසුවෙන් සිදු කළ හැකි සිදුකරවාගත හැකි ප්‍රතිකාරයක්. මෙම ඔස්ටියෝපති වෛද්‍ය ක්‍රමය වේවන විට ලොකයේ වෙනත් රටවල් ගණනාවකද ප්‍රචලිත වූ වෛද්‍ය ක්‍රමයක්.
කොන්දේ ආබාධ හා වේදනාවන්ට ලක් වූ රෝගීන්ට ඔස්ටියෝපති ප්‍රතිකාර ක්‍රමය හමුවේ ශාරීරික මෙන්ම මානසික හා අභ්යන්තරක වශයෙන් ක්‍රම පහකට අනුකූලව ප්‍රතිකර්ම සිදුකෙරෙයි. හීලින්පති යන ක්රමයද මේ සදහා යොදාගන්නා බැවින් රෝගියා මානසික මට්ටම හසුරවාගත යුතු ආකාරය කෘතිම ආහාරවලින් බැහැරව දේශීය ආහාර යොදාගත යුතු ආකාරය, රෝගයට එරෙහිව සිත පවත්වාගත යුතු ආකාරය ආදියද නිවැරදි ඉරියව් පවත්වා ගන්නට අවශ්‍ය දැනුමද ඒ සමගම සපයාලීම මෙම ප්‍රතිකාර ක්‍රමවේදයේ අන්තර්ගතයි.
අද පාඨක ඔබට මෙම ප්‍රතිකාර ක්‍රමවේදය සම්බන්ධයෙන් අදාල වෛද්‍යවරු හා සාකච්ඡා කිරීමේ අවස්ථාවද අප මෙහිදී ඔබට ලබාදෙනවා. දුරකථන අංක 0712424036 ඇමතීමෙන් වෛද්‍යවරයාගෙන්ම ඔබට අවශ්‍ය තොරතුරු ලබාගත හැකියි. ඔස්ටියොපති සහ හීලීන්පති ප්‍රතිකාර කොඳු ඇට පෙළේ ඇතිවන වේදනාවන්ට පමණක්ද යන්න දැන් ඔබ තුළ පැණයක් ඇතිවේවි.අප එයද විමසා බලමු.
මෙම ප්‍රතිකාර ක්‍රම යටතේ ආතරයිටිස්, පැති කුදය, බෙල්ලේ සහ උරහිස්වේදනා, මානසික ආතතිය, අංශභාගය, ස්නායු සහ සියලුම අස්ථි රෝග සඳහා මෙම ප්‍රතිකාර ක්‍රමය මගින් ඖෂධ රහිතව ප්‍රතිකාර ලබාදී ස්ථීර සුවය තෙක් රෝගියා රැකබලාගන්නා අතර නැවත රෝගය මතුනොවන්නට අවශ්‍ය උපදෙස්ද ලබාදෙයි. රෝග සදහා ඖෂධ පානය කිරීමෙන් හෙම්බත්ව සිටින්නෙකුට මෙම ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වී ඉක්මණ් සුවය ලබන්නට හැකිවේවි.