උදෑසන ආහාරවේල සම්බන්ධයෙන් බොහෝ මවුවරුන් පවසන්නේ එකම විදිහේ කතාවකි. ඉස්කෝලෙ යන දවස්වලට දරුවන්ට කෑම කන්න වෙලාවක් නැති එක ගැන කියල මගහරින්න පුලුවන්කමක් නැත්තේ ඇතැම් දරුවන් උදෑසන ආහාරවේල නොගැනීම නිසා ක්ලාන්තවෙන අවස්ථාත් අප මහ මග දී, බස් රථයේදී, දුම්රියේදී අනන්තවත් දැක ඇති නිසයි. පාසල් බස් රථය නැතිනම් වෑන් රථය වේලාසණින් එන නිසා දරුවන් ආහාර නොගෙන ඒ වෙනුවෙන් දුවන බව තවත් අය කියන කතාවක්. බත්, පාන්, සහ ධන්‍ය වැනි දෑ පාසල් බස්රථය තුළ නැතිනම් වෑන් රථය තුළ ආහාරයට ගන්න බැහැ තමයි.
නමුත් මේ සඳහා භාවිත කළ හැකි ක්‍රම කීපයක් තිබෙනවා. කුඩාවට කපා බඳුනකට දැමූ පලතුරු කැබලි ටිකක්, තැම්බූ එළවළු කැබලි ටිකක් සමග එය අත තවරා නොගෙන ආහාරයට ගත හැකි ටූත් පික් එකක් සමග දරුවාට ආහාරය සඳහා යැවීම අම්මා කෙනෙකුට පහසුවෙන්ම කළ හැකි පිළියමක්. අතේ තවරා ගැනීමට ඉඩ නොතැබිය යුතු යැයි අප විශේෂයෙන් සඳහන් කළේ දරුවා භාහිර පරිසරයේ ඇති දේවල් ස්පර්ෂ කිරීමෙන් අත්වල විෂ බීජ සහ බැක්ටීරියාවන් රැඳී තිබීමේ අවධානමක් පැවතීමත් හෙපටයිටිස් වැනි රෝග කාරක ඒ හරහා ශරීර ගතවෙන්නට ඇති හැකියාවත් සලකා බලමිනි. එසේම ආහාර ගැනීමෙන් පසු අත සෝදන්නත් දරුවාට අපහසුවක් පවතින නිසා අත ඇඟිලි භාවිත නොකර ආහාර ගැනීමට දරුවාට මගක් නොවීම මව්පියන්ගේ අවධානය යොමු විය යුතු කාරණයක්.
බොහෝ ව්ට දරුවා පාසල වෙත යන අවස්ථාව පාසල ආරම්භ කිරීමට ආසන්න නම් එහිදී පාසල තුළදී දරුවාට ආහාරය ගැනීම සඳහා වෙලාවක් නොලැබෙන අතර පාසලේ ආහාර ගැනීම සඳහා ලබාදෙන විවේක කාලය වන විට දරුවාගේ කුසගින්න යටපත්ව තිබීම හේතුවෙන් ආහාර ගැනීමේ රුචියක් නොවන්නට පුලුවනි. මේ නිසා දරුවාගේ උදෑසන ආහාරය ලබාගැනීමට පහසුවක් ඇතිවන පරිදි මගදී ආහාරයට ගත හැකිවන පරිද්දෙන් යැවීම වඩාත් කාලෝචිත පියවරකි. දරුවන් බොහෝ දෙනෙකු ජෙලි වැනි දෑ ආහාරයට ගැනීමට කැමතිය. රස නොගැන්වූ ජෙලටින් ස්වල්පයක් කිරි සහ කිසියම් පෝෂණීය මුසුවක් එක් කර සකසා යන්තමින් සීනි යොදා මිදෙන්නට හැර දරුවාගේ උදෑසන ආහාරය ගන්නා තෙක් ආදේශකයක් සේ ආහාරයට දීමද සම්පූර්ණයෙන්ම නිරහාරව සිටින්නට සලස්වනවාට වඩා ප්‍රායෝගික පියවරකි.
ඇතැම් දරුවන් සුදු කිරි යැයි කියූ විට එය අප්‍රිය කරන්නට හැකි බව අප කවුරුත් අත්දැකීමෙන්ම දන්නා කරුණකි. එවන් අවස්ථාවල දරුවන් ප්‍රියකරන රසයක් සහිත පෝෂණිය මුසුවක් ඒ සමග මිශ්‍රකර එහි පැහැය සුවඳ, රසය වෙනස්කරවීම තුළින් දරුවාට උදෑසන කිරිවීදුරුව ලබාගැනීමට හුරුකරවිය හැකිය. යන එන ගමන් පානයට පහසුවන ආකාරයේ සකස් කළ කිරි පාන සහිත පැකට්ටුවක් වුවද පාසල් බෑගය තුළට දැමීම තුළින් දරුවාට එය පාසල වෙත යන ගමනේදී වුවද පානය කිරීමේ හැකියාව තිබේ. දරුවන් ප්‍රියකරන ආකාරයට ඔවුන්ගේ ආහාර සැකසීම මෙන්ම පෝෂණ ගුණය ඉස්මතුවන ආකාරයෙන් ආහාරයට විවිධත්වයක් එක් කිරීම නැණවත් මවුවරුන්ගේ වගකීමය. එසේවන්නේ නම් පාසල් දරුවන් අතර පෝෂණය සම්බන්ධයෙන් මතුවන ගැටලු බොහෝමයක් අවමකරගන්නට හැකියාව පවතින බව අමතක නොකරන්න.උදෑසන ආහාරවේල දවසේ ආහාරවේල් අතර ප්‍රධානතම අහාරවේලයි.