කවුරුත් හිතුවෙ නැති වුණාට පාවහන්වලින් පාදයට විධ ප්‍රශ්න මතුවෙන්න පුලුවන්. පාවහන් සාදා ඇත්තේ එකම ආකාරයට එකම හැඩයකට නමුත් දෙපාවල පිහිටීම ඒකාකාරී නැති නිසා මෙවැනි පාවහන් පැළඳීමෙන් ඔබට විවිධ සුළු සුළු ආබාධ පිළිබඳ සංඥා මතුවෙන්නට පුලුවන්.
කොහොම නමුත් පාවහන් සේල් එකක් දැක්ක පමණින් එහි ගොස් සපත්තු මිලදී ගන්නට හිතන එක බොහෝ දෙනෙකුට ඇති පුරුද්දක්. ඒත් පාවහන් මිලට ගන්නට පෙර සිතිය යුතු කාරණා බොහෝමයක් පවතින බව ඔබ තවත් නොදන්නවා ඇති. නියම ප්‍රමිතියට නොසෑදූ පාවහන් ඔබට දණහිසේ ආබාධ කොන්දේ ආබාධ මෙන්ම දෙපාවල පිටුපස කොටසෙහි වේදනාවන් ඇතිකරවන්නට හේතුවිය හැකියි.
මේ නිසා පාදයට හිර සපත්තු මිලදී ගැනීමෙන් සහ ඇඟිලි ප්‍රදේශය අනවශ්‍ය ලෙස පටු සපත්තු මිලදී ගැනීමෙන් වළකින්න. කෙසේ නමුත් පාවහන් මිලට ගැනීමේදී ඒ සඳහා දිවා කාලය තෝරාගන්න. දිවා කාලයේදී දෙපා මදක් ප්‍රසාරණය වී පවතින නිසා පාදයට හිර නැති සුව පහසුව දනවන පාවහන් යුවළක් මිලට ගත හැකිය.