Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 අප්‍රේල් මස 13 වන ඉරිදා
2025 අප්‍රේල් මස 13 වන ඉරිදා
ආඝාතය හේතුවෙන් ලොව පුරා වසරකට මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වෙයි. ලංකාවේද ජනයා මරණයට පත්වෙන දෙවැනි හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ ආඝාතයයි. ලංකාව වැනි අඩු ආදායම්ලාභීන් හෝ මධ්‍යම ආදායමක් සහිත පුද්ගලයන් වෙසෙන රටවල්, අනෙකුත් දියුණු රටවල වෙසෙන පුද්ගලයින් ආඝාතයට ගොදුරුවනවාට වඩා වැඩි ප්‍රවණතාවයකින් ආඝාතයට ගොදුරුවන බව හෙළිව තිබේ. බොහෝ විට දුප්පතුන් ගොදුරුකරගන්නට පැමිණෙන සතුරෙකු වන මේ රෝගය කලු සමක් ඇති පුද්ගලයන්ට වැඩිපුර පීඩාකරන බව ලොව පුරා ඇති දත්තයන් මගින් සනාත වෙයි. එයට හේතුව ජානමය වශයෙන් බලපාන්නක් නමුත් අනෙක් අතටලොව කලු ජාතිකයින් වැඩිපුර පීඩාවට පත්වන්නන් හා නොසැලකිල්ලට බඳුන්වන්නන් සේ සැලකෙන බැවින් කලු සුදු භේදය පවතින තැන්වලද මේ ප්‍රශ්නයද ඊට බලපෑ හැකි යැයි අනුමාන කරයි. අවාසනාවකට මෙන් අඩු ආදායම්ලාභී රටවල් මෙන්ම මධ්‍යම ආදායම්ලාභී රටවල ආඝාත රෝගයට ඇති අවධානය සහ රෝගීන්ට ඇති පහසුකම් මද බැවින් ආඝාතය නිසා මරණයට ගොදුරුවන ප්‍රමාණයද ඉහළය. නමුත් මෙම අවාසනාවන්ත රෝගය වෙනුවෙන් අප සැමදෙනම එක්වී කිසියම් දෙයක් නොකළහොත් ඉදිරි දෙවසර තුළ ආඝාත ව්‍යසනයෙන් මරණයට පත්වන සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තුගතව තිබේ. නමුත් ආඝාතයෙන් මිදීම සඳහා අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග අනුගමනය කළහොත් ඉදිරි වසර දහය තුළදී ජීවිත මිලියන හතක් බේරා ගැනීමේ අවස්ථාව උදාවෙයි.
ආඝාතයට ගොදුරුවන්නන්ගෙන් 1/3 ක් ආබාධිත තත්ත්වයෙන් වසරක් ඇතුළත මිය යන අතර 1/3 ක් ආබාධිත තත්ත්වයෙන් ජීවත් වෙයි. ස්වාධීනව තම වැඩකටයුතු කරගනිමින් තවත් 1/3 කට ජීවත්වන්නට පුලුවන. කෙසේ නමුත් අප මේ ගැන වඩාත් අවදානය යොමු කළ යුත්තේ අප රටේ ජනතාව ආඝාතයට ගොදුරුවීමේ අවධානම ලෝකයේ අනෙකුත් රටවලට වඩා ඉහළ ප්‍රවණතාවක් ගන්නා බැවිනි. එමෙන්ම නොදැනුවත්කම, සෘණාත්මක ආකල්ප සහ වැඩි අවධානයක් යොමු නොකිරීම වැනි හේතු මෙම රෝගීන් රැකබලා ගැනීමට බාධාවක්ව පවතී. එමෙන්ම අවසනාවකට මෙන් ලංකාවේ රෝහල්වල ආඝාත රෝගීන් සඳහා අවශ්‍ය ප්‍රමාණයට ආඝාත ඒකක ඉදිවී නොපවතින අතර දැනට ඇත්තේ ආඝාත ඒකක 10 ක් පමණය. කෙසේ නමුත් ආඝාතය සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ආඝාත ඒකක අවශ්‍ය වනුයේ මෙය කිසියම් සැලැස්මක් අනුව රෝගියා නැවත සමාජගත කළ හැකි තෙක් ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒම පිණිස සකස්කොට ඇති ක්‍රමවේදයක් වන බැවිනි.
දැන් ඔබ ආඝාතය යනුවෙන් හඳුන්වන මේ තත්ත්වය පිලිබඳ දැන සිටින්නේ කුමක්ද යන්න විමසිය යුතු වේලාවයි.
හදිසියේම ශරීරයේ එක් පසෙක මුහුණ හෝ කකුල හෝ අතක පයක හිරිවැටීම, පණ නැතිවීම, සිහිකල්පනාවේ වෙනසක් ඇතිවීම, කතා කිරීමේ අපහුතාවක් හෝ කෙනෙකුගේ කතාව වටහා ගැනීමට අපහසු තත්ත්වයක් දැනී ඇත්නම්, මෙන්ම ක්ෂණිකව ඇතිවන පෙනීමේ වෙනස හෝ බොඳවී යාම, ක්ෂණිකව ඇතිවන තද හිසරදය ආදී තත්ත්වයකට මුහුණ දෙයි නම් එය ආඝාතයේ පෙරනිමිත්තකි. එවන් තත්ත්වයක් ඇති වූ වහාම පැය තුනක් ඇතුළත ප්‍රධාන රෝහලක් වෙත රෝගියා ගෙන ආවේ නම්, මොළයට රුධිරය සපයන නාලයක සිරවී මේ ලක්ෂණ මතුකිරීමට හේතුකාරක සපයන රුධිර කැටිය දියකර යැවිය හැකි එන්නතක් ලබා දෙනු ඇත. රෝගියාට ඇතිවිය හැකි සංකූලතා අවම කර ඉක්මනින් රෝහලෙන් පිටව යන්නට උපකාර කරන ඒ ප්‍රතිකාර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින්නේ හැකි තාක් ඉක්මණින් රෝහල් ගතකිරීමෙනි. නමුත් පැය තුන පසුවී රෝහලට ගෙන ආවත් ඒ රෝගීන් හරවා යැවීමක් සිදුනොවන අතර ඔවුන්ටද ප්‍රතිකාර කිරීම සඳහා බාරගත්තත් පැය තුනට කලින් ගෙ ආ රෝගියාට මෙන් නොව වැඩි කළක් රෝහල් ගතව සිටින්නටත් යම් යම් ආබාධ සහිතව නමුත් ජීවිතය බේරාගන්නටත් හැකියාව පවතියි. සැබවින්ම ආඝාතයකදී සිදුවන්නේ මොළයේ එක් ප්‍රදේශයකට හදිසියේ රුධිර සැපයුම අඩාල වීම නිසා එම ප්‍රදේශයට අවශ්‍ය ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ අහිමිවීම හේතුවෙන් එම ප්‍රදේශයේ ස්නායු සෛල මිය යාමය. සෛල මිය ගිය පසු මොළයේ එම ප්‍රදේශය මගින් ක්‍රියාකාරී වන අවයව නැවත ප්‍රකෘතිමත් කිරීමට නොහැකි වන සේ අක්‍රියවෙයි. ආඝාතයට ලක් වූ අයට සදාකාලික ආබාධ ඇතිවන්නේ ඒ හේතුව නිසාවෙනි.ආඝාතයක් ඇතිවන්නට බලපානු ලබන ශාරීරික හේතු කවරේද යන්න දැන සිටීම හැමවිටම ඔබට ප්‍රයෝජනවත් වන කරුණක් බැවින් අප මුලින් එය විමසා බලමු. ඔබ හෘදයාබාධයක් ඇතිවෙන්නට පළමු සතියේ රෝග ලක්ෂණ පහළ වී එය දැනුම් නොදෙන්නාසේම ආඝාතය ද හදිසියේ ඇතිවන තත්ත්වයකි. නමුත් ආඝාතයක් ඇතිවෙන්නට පළමු කිසියම් දවසකදී ඔබට සුළු ආඝාත තත්ත්වයක රෝග ලක්ෂණ පෙන්වීමට ඉඩ තිබේ. අප එය පුංචි ආඝාත තත්ත්වය වශයෙන් හඳුන්වන සුලු ආඝාතයයි. එහිදී අදාල රෝග ලක්ෂණ මතුවී පැයක් ඇතුළත සම්පූර්ණයෙන්ම සුවවෙයි. නමුත් පුංචි ආඝාතය යනු මරණයට හෝ ස්ථීර ආබාධිත තත්ත්වයට හේතුවන ලොකු ආඝාතයක පෙර නිමිත්තකි. එහෙයින් පැය 24කින් සුව වූ පමණින් එය එතැනින් අවසන් වේ. එයින් දිනයක් දෙකක් හෝ සතියක් මාසයක් ඇතුළත ඉක්මනින් ආඝාතයකට ගොදුරුවීමේ ඉඩ කඩ ගැන ඉඟිකරන ඒ පුංචි ආඝාතය හඳුනාගත් වහාම ඒ ගැන ක්‍රියාත්මක වන්නට වගබලා නොගතහොත් ඔබ නොදැනීම දෙවැනිවර ආඝාතයට ලක්වීම සිදුවන්නට ඉඩ ඇත. නමුත් හැමදෙනාටම සුළු ආඝාත තත්ත්ව ඇතිවී එයින් පසුව දෙවන ආඝාතයක් ඇතිවේ යැයි පැවසිය නොහැකිය. එක්වරම වුවද යම් අයෙකුට ආඝාතය මතුවිය හැකි බව අමතක නොකරන්න. ආඝාතය ඇතිවීමට රුධිර කැටියක් සිරවීම ප්‍රමාණවත් විය හැකිවාක් මෙන්ම මොළය තුළ ලේ නහරයක් පිපිරීමද බලපෑ හැකිය. දැන් අප මෙම හේතු මතුකරමින් ආඝාතය කැඳවන අනෙකුත් රෝග මොනවාද යන්න පිළිබඳවද දැනුම්වත් වෙමු. මෙම සාධක ද කොටස් දෙකකට බෙදා වෙන්කළ හැකිය. ඒ අපට වෙනස් කළ හැකි හා වෙනස් නොකළ හැකි හේතු වශයෙනි. වෙනස් කළ හැකි හේතු සම්බන්ධයෙන් කතාකළහොත් අධික රුධිර පීඩනය එයින් ප්‍රධානතම එකය. ලේවල අධික මේදය නැතිනම් කොලෙස්ටරෝල අධිකතාව දෙවැන්නයි. තෙවැන්න දියවැඩියාවයි, එමෙන්ම හදගැස්මේ අසාමාන්‍යතාවන්, දුම්පානය, තරබාරුකම, ශාරීරික ව්‍යායාම මද බව, අධික මත්පැන් පානය, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර එයින් ප්‍රධානය. අපට වෙනස් නොකළ හැකි හේතු සම්බන්ධයෙන් කතාකළහොත් වයස අවුරුදු 65 ට වැඩි වීම, පවුලේ ළඟම ලේ ඥාතියෙකුට ආඝාතය සෑදී තිබීම, ඉහත අවස්ථාවකදී පුංචි ආඝාතය සෑදී තිබීම සැළකිය හැකිය.
ආඝාතය ඇතිවීමට ඇති අවධානම ඔබටම මැනගන්නට හැකිය. ඒ සඳහා මෙහි ඇති සටහන අනුගමනය කරන්න.
ආඝාත අවධානම අඩුකරගන්නට නම් අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝලතාව සහ දියවැඩියාව යන සියලුම අවදානම් තත්ත්වයන්, සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිවෙත් අනුගමනය කිරීමෙන්, නිරතුරුව ශාරීරික ව්‍යායාම්වල යෙදිමෙන් සහ නිසි වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් පාලනය කරගත හැකිබව මතක තබාගන්න. නමුත් හද ගැස්මේ අක්‍රමිකතා සම්බන්ධයෙන් වෙනම අවධානයක් දැක්විය යුතුය. Atrial Fibrillation ( AF) යනු හදගැස්ම ක්‍රමානුකූලව සිදු නොවෙන රෝගයකි. මෙය ඕනෑම වයස් සීමාවකදී ඇති විය හැකිය. නමුත් වයස්ගත පුද්ගලයන් අතර වඩාත් බහුල වෙයි. අධික රුධිර පීඩනය, හෘද රෝග සහ පෙණහලු රෝග ඇති අය අතර වඩාත් බහුල වෙයි. මෙවන් තත්ත්වයක් ඉක්මනින් හඳුනාගෙන වෛද්‍ය උපදෙස් මත අදාල ප්‍රතිකාරවලට යොමුවීම ඉතා වැදගත්ය. දුම්පානය කරන්නේ නම් අදම එයින් ඈත්විය යුතු බව මතක් කර සිටින්නේ මොළයේ ලේ ගමනාගමනය අවහිරවීමට හේතුවන ලේ නහරවල වෙනස්කම් බොහොමයක් දුම්පානය නිසා ඇතිවෙන බැවිනි. එමෙන්ම අධික මත්පැන් පානය ඔබගේ ආඝාත අවදානම 50෴ කින් වැඩිකරන බැවින් හැකිතාක් එයින්ද ඈත් වන්නට වග බලා ගන්න. කෙසේ නමුත් ආඝාතවලින් 80෴ ක් පමණ වළක්වා ගත හැකිය. ඇත්තෙන්ම සෞඛ්‍ය සම්පන්න දිවි පැවැත්මකට නතුවීම ආඝාතය වැළැක්විය හැකි හොඳම මාර්ගයයි.
දුම්පානය නවත්වා අධික මත්පැන් පානය නවත්වා ක්‍රියාකාරී දිවි පෙවතකට හුරු වී සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරුවන්නේ නම් මානසිකව වඩාත් සැනසිලිදායක ජීවිතයකට පිවිසිය හැකි නම්, ඔබට ආඝාතයෙන් පමණක් නොව බෝ නොවන රෝග අතර වැජඹෙන අනෙකුත් රෝග වන දියවැඩියාව, හෘදයාබාධ, අධිරුධිර පීඩනය, පිළිකා යනාදියෙන්ද ඔබට ගැලවී සිටිය හැකිය. අඬුව තිබෙද්දී අත පුලුස්සා ගන්නේ ඇයිද යන්න මොහොතක් සිතා බැලිය යුතු කාලය දැන් එළැඹ තිබේ. අදම ඔබ ඔබට අනෙකුත් බෝ නොවෙන රෝග තත්ත්වයන් තිබේද යන්න පරීක්ෂණයට ලක්වී නිවැරදි ලෙස රෝග තත්ත්වයන් තහවුරු කරගන්න. රෝග තත්ත්වයන් දැනටමත් ඔබ වෙත පවතී නම් පළමුව ඒවාට ඖෂධ ප්‍රතිකාර ලබාගන්නා අතර කුමන හෝ ව්‍යායාමයක යෙදෙමින් ශාරීරිකව එම රෝග සුවයට දිරි දෙන්න. ඔබ නිවැරදි ශරීර ස්කන්ධ දර්ශකය තුළ සිටී දැයි උස හා බර මැන බලා තහවුරු කරගන්න. ආඝාතය වළක්වා ගැනීමට සමහර ඖෂධ වර්ග භාවිතය වැදගත් වේ. ඒ ගැන වෛද්‍ය උපදෙස් ලබාගන්න. මෙයින් ඔබට දිය හැකි වඩාත් ඵලදායක ආරංචිය වනුයේ ඔබට හෝ ඔබ දන්නා අයෙකුට ආඝාතයේ රෝග ලක්ෂණ යැයි සැක කෙරෙන අප පැවසූ ලක්ෂණවලින් කිහිපයක් හෝ ඇතිවුවහොත් සියල්ලම රෝග ලක්ෂණ මතුවන තුරු යැයි බලා නොසිට වහාම ලඟම ඇති රෝහලට යන්න එයින් ආඝාතය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵල නිසි ප්‍රතිකාර මගින් අවම කර මරණය වළක්වා ගැනීමේ හැකියාව උදාවෙයි. ආඝාතයට බටහිර ප්‍රතිකාර නැතැයි යන්න මිත්‍යාවකි. ආඝාතය සම්බන්ධයෙන් දැන් නවීන හා සාර්ථක ප්‍රතිකාර ක්‍රමවේදයක් පවතියි. රෝගියාට ඇතිවිය හැකි ආබාධ තත්ත්වයන්ද දැන් අවම කරගන්නට ක්‍රමවේදයක් බටහිර ප්‍රතිකාරවල අන්තර්ගතව ඇත. පුනරුත්ථාපන ක්‍රියාවලිය වශයෙන් ඔබ අසා ඇත්තේ ඒ පිළිබඳවයි. වහාම රෝගියා පහසුකම් ඇති රෝහලක් වෙත ගෙන ඒමට කටයුතු යොදන්නට ඔබ නොපමා වෙත් නම් ආබාධ අවමව සුවය ලබන්නට හැකියාවක් තිබේ. ආබාධය ආබාධයක් වන්නට පළමු ආඝාතය ගැන ඔබේ ප්‍රවේශම අරඹන්න.
ආඝාතය සඳහා රාගම, කළුබෝවිල, ශ්‍රී ජයවර්ධනපුර, මහනුවර, පේරාදෙණිය, කරාපිටිය, යාපනය, අනුරාධපුර, මඩකලපුව යන රෝහල් සහ කුරුණෑගල, රත්නපුර, බදුල්ල සහ මාතර, කලුතර යන රෝහල්වලින්ද කායික වෛද්‍ය විශේෂඥ සේවාවන් ඇති බොහෝ මූලික රෝහල් සහ දිස්ත්‍රික් රෝහල්වලින්ද නොමිලයේම සේවාවන් ලබාගත හැකි බව මතක තබාගන්න.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd