ලෝක ආඝාත දිනයට සමගාමීව බොහෝ දැනුම්වත් කිරීම් පසුගිය විසි නව වැනිදා ලොව පුරාම පැවැත්විණි.අප රටේ බටහිර වෙදකමින් පමණක් නොව ආයුර්වේද වෙදකමින්ද ආඝාතයට ප්‍රතිකාර සිදුකෙරෙන අතර දැන් දැන් බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ ආඝාතයට බෙහෙත් අහන්නේ නැතය යන්නයි. නමුත් එය සාවද්‍ය මතයකි. ආයුර්වේද ප්‍රතිකාර හරි හැටි යෙදුවහොත් ආඝාත රෝගියා කිසිදු ආබාධිතබවක් ඉතිරි නොවී සම්පූර්ණ සුවයට පත්වෙයි. නමුත් ඇතැම්විටක ඔබේ ආඝාත රෝගියාට වසර ගණනක් ආයුර්වේද ප්‍රතිකාර කළ නමුත් තවමත් ඔහු හෝ ඇය ආබාධිත නම් මේ සටහන ඔබ අනිවාර්යෙන්ම කියවිය යුතුව තිබේ.ඕනෑම ආඝාත රෝගියෙකු හැකි ඉක්මණින් ප්‍රතිකාරවෙත යොමු කළ යුතුය. එයට පෙරදිග අපරදිග වෙනසක් නැත.අද අප ආඝාත දිනය නිමිතිකොට ගෙන ආයුර්වේද ඇසින් ඒ සම්බන්ධ දැනුම්වත් බවක් ලබාදීමට අදහස් කරමු.
ආඝාතය යනුවෙන් හඳුන්වන්නේ වයස්ගතවූවන්ට පමණක් හැදෙන රෝගයක් යැයි ඔබත් සිතනවාද නැත එය වැරදි මතයකි. ආඝාතය දැන් තරුණ වයසේ අයටද ඇතිවී තිබෙන අවස්ථා කොතෙකුත් හමුවෙයි. එයට හේතුව රුධිරය ගනවී එය මිදීමෙන් යම් ස්ථානයක ඇතිවන පිපිරීයෑමක් හෝ අවහිරවීමක් හේතුකොටගෙන ස්නායු අක්රියවීයාමෙන් ඇතිවන තත්ත්වයකි. හදිසියේම ඇතිවන මේ තත්ත්වය සමහරෙකුට හදිසි මරණයක් ඇතිකරවන අතර තවත් සමහරෙකුට අංශයක් පණ නැතිව ආබාධිත තත්ත්වයක් ඇතිකරන්නට පුලුවන. පක්ෂාගාතය නමින් මෙන්ම අංශභාගය යනුවෙන් හඳුන්වන එම තත්ත්වය ආඝාතයට ලක්වීමෙන් ඇතිවන ප්රතිඵලයකි. රෝගියාගේ මොළයේ වම්පස මේ ආකාරයේ රුධිර කැටියක් නැතිනම් මිදුනු රුධිරය විසින් ආඝාතයට ලක් කළහොත් එය රෝගියාගේ සිරුරේ දකුණ පස ආබාධිතවීමෙන් දැනගත හැකිවෙයි. එසේම දකුණු පස මෙවන් තත්ත්වයක් ඇතිවූයේ නම් එය වම්පස අක්‍රියවීමෙන් දැනගත හැකිවෙයි. ඇතමෙකුගේ රුධිර කැටි ගැසීම තුළින් ආඝාතය ඇතිවන ස්නායු කොටස අනුව රෝග ලක්ෂණ තීව්ර හෝ සුලු විය හැකිය. අංශබාගයට ලක් වූ රෝගියාගේ අතපය දළදඬුවීම සාමාන්‍ය තත්ත්වයකි. එවිට රෝගියාගේ අත පය බලෙන් දිග හරවන්නට හෝ එහා මෙහා කරවන්නට යෑමෙන් අස්ථි බිඳී එවා තවත් අනතුරකට පත්වන්නට ඉඩ ඇත . එහෙයින් රෝගියාගේ වෙනසක් දුටු පමණින් ඔහුට හෝ ඇයට ශාරීරික වශයෙන් පරෙස්සම සලසා දීම වැදගත්ය. රෝගියාට ඇත්තේ අංශභාගයය යන්න බාරකරුවන්ට රෝගියාගේ ලක්ෂණ දුටුමනතින්ම හඳුනාගත හැකිය. එවන් තත්ත්වයක් ඇති රෝගියෙකු ඔබට හමුවුවහොත් ඔබ කුමක් කළ යුතුද යන්න අප පළමුව විමසා බලමු.රෝගියාගේ දුර්වල බව ඇත්තේ කුමන මට්ටමේද යන්න සැලකිලිමත්වෙන්න. රෝගියාට කතාකරන්නට හැකි නම් කියන දෙයට හොඳින් ඇහුම්කන් දෙන්න. නමුත් කතාකරන්නට නොහැකි නම් දිගින් දිගට කතාකරමින් රෝගියාට හිරිහැරයක් වීමෙන් වළකින්න. කැවීමට පෙවීමට උත්සහ නොකරන්න. වෛද්‍යවරයෙක් පරීක්ෂා කරන තුරු රෝගියාගේ තත්ත්වය තක්සේරු කළ නොහැකි බැවින් ඉවසිලිවන්තව හැකි ඉක්මණින් වෛද්‍යවරයා වෙත රෝගියා රැඟෙන එන්න. අංශ භාග රෝගියා බාරගන්නා වෛද්‍යවරයා හෝ වෛද්‍ය ආයතනය රෝගියා වෙනුවෙන් ඉටුකරන සේවාව සම්බන්ධයෙන් පළමුව අවධානය දක්වන්න.වෛද්‍යවරයාගේ අංශබාග රෝගීන්ගේ සුවකිරීම් පිළිබඳ ඉතිහාසය පළමුව සොයා බලන්න. අංශබාගය යනු කල් අල්ලා සුව කළ යුතු රෝගයක් නොවේ.ඉක්මණින් සුවකළ යුතු තත්ත්වයකි. රෝගීන් වසර ගණන් සිට ප්‍රතිකාර පතා පැමිණෙන්නේ නම් එවන් වෛද්යකර්මයක් වෙත රෝගියා බාර දීම නුවණට හුරු නැත. අංශබාග රෝගියාට යොදන ප්‍රතිකාර තෙල් හෝ ඖෂධ ගැල්වීම අන් අයට බාර නොදී වෛද්‍යවරයාම එය ඉටු කරන්නේදැයි සොයා බලන්න. ඇතැම් වෛද්‍යවරුන් ලඟ සේවය කරන සේවකයන් නිසි දැනුම්වත් බවක් නෙලබා සේවය කරන්නන් නම්,වැරදි අතට රෝගියාගේ මාශ පේෂී තෙරපීම හා අභ්යංගයන් කිරීම ( සම්භාහනය ) වැරදි ප්‍රතිඵල ලැබෙන්නට හේතු විය හැකිය. වෛද්‍යවරයා විසින් කසාය ආදිය නියම කරන්නේ අවස්ථානුකූලව වන නිසා, දිගින් දිගටම රෝගියාට එකම කසාය යෙදීමක් නැත .ඒවා රෝගියාට ප්‍රතිකාර නියම කිරීමේදී කළින් කළට වරින් වරට වෙනස් වෙයි. එසේ නෙවෙන්නේ නම් එයද විධිමත් ප්‍රතිකාර යෙදීමක් නොවන බව ඔබට තීරණය කළ හැකිය.
ආඝාතය ඇතිවීම සිදුවන්නේ කිසියම් රෝග තත්ත්වයක් හේතුකොට ගෙන මොළයේ ඇතිවන රුධිර නාල අවහිරවීමකින් ඇතිවන හදිසි තත්ත්වයක් මුල්කොටගෙනය. අංශභාගයට පත් වූ විට රෝගියාගේ අඩපන වූ ශරීරාවයව ප්රකෘතිකිරීමට විනා රෝගය ඇතිකරවන්නට තුඩු දුන් රෝගවල නිදන්ගත තත්ත්වය අඩාල කිරීමට ප්‍රතිකාර නොයොදන්නේ නම් එවන් තැනක දී රෝගියාගේ එම රෝග තවත් උත්සන්න වී භයානක ප්‍රතිඵල ඇති විය හැක. දියවැඩියාව , අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් අධිකතාව මෙන්ම ස්ථූලභාවය ආදී කාරනා එසේ අංශබාග රෝගියාට පවතින්නේ නම් අංශභාග රෝගයට ප්‍රතිකාර යොදන අතර පෙර කී හේතු සාධක සපයන රෝග තත්ත්වයද පාලනය කළ යුතුය. ඇතැම් කාන්තාවන්ට උපත්පාලන පෙති දීර්ඝකාලයක් භාවිත කරන විට ඇයගේ සිරුරේ හෝර්මෝන වෙනස්වීම් ඇතිවීමට ඉඩ තිබේ. එමෙන්ම මෙවන් හෝර්මෝන විපර්යාස කාන්තාවක් ගැබ් ගැනීමේදී හා ප්රසූතියේදීද විය හැකිය. එමෙන්ම සමහර පුරුෂයින් විසින් තම ලිංගික ජීවිතය උදෙසා ඇතැම් උත්තේජක ඖෂධ වර්ග භාවිතාව අඩු වයසින් ආඝාතයකට ගොදුරුවීමට හේතුකරනා සපයන්නට පුලුවන. මේ අනුව තරුණ පිරිස් ඇතැම් විට අංශබාගයට පත්ව ඇති අවස්ථා බොහෝ විට හමුවෙයි. අවුරුදු 15 සිට 59 දක්වා පුද්ගලයන්ගේ මරණයට හේතුවන පස්වැනි හේතුව ලෙස ආඝාතය සැලකෙන්නේ එවැනි හේතුද පදනම් කොට ගෙනය. අවුරුදු පනස් පහෙන් පසු ආඝාතයක් ඇතිවීමේ අවදානම දෙගුණ වෙන අතර අවුරුදු හැට පහට වඩා වැඩි වැඩිහිටියන් අතර මේ තත්ත්වය බහුලවීමට හේතුවනුයේ අධි රුධිර පීඩනය මෙන්ම දියවැඩියාව තරබාරු කම අධි කොලෙස්ටරෝලතාවය වැනි කාරනා නිසි පාලනයක් සිදු නොවී දිගුකලක් පැවතීමයි.
අංශභාගය ඇති වූ කළ එය සුවය සදහා ආයුර්වේදයේ වන ප්‍රතිකාරය වනුයේ කසාය හෝ වෙනයම් පානය සඳහා සැකසූ ඖෂධ පමණක් නොවේ. එය රෝගියාගේ විනාශ වූ ස්නායු නැවත ප්‍රකෘතිය සඳහා ගෙන ඒමේ වෑයමක් වන බැවින් ප්‍රතිකාර ද විවිධාකාරය. මේ ප්‍රතිකාර කෙසේ කුමන ආකාරයෙන් යෙදුවත් එය වෛද්‍යවරයා විසින්ම කළ යුතු අතර රෝගියා රැක බලාගන්නා අයටද වෛද්‍යවරයා විසින් ඒ ඒ රෝගියා සඳහා අදාල සාත්තු ක්‍රම සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දිය යුතුය. රෝගියාට සාත්තු කරන්නාට රෝගියාගේ බෙහෙත් ලබා දීම පමණක් නොවේ තෙල් ගෑම් ,සාස්තුකිරීම් මෙන්ම රෝගියාට ආහාර පාන ලබාදීම්, රෝගියාගේ ඉරියව් හා රෝගියාට ව්‍යායාම ලබාදීම් වැනි සියල්ල වෛද්‍යවරයා විසින් රෝගියාගේ සාත්තුකරන්නාට හෝ රැකබලාගන්නා අයට පුහුණු කර දිය යුතුය. වෙද කමට මෙන්ම පක්ෂාගාත තත්ත්වයේදී නැතිනම් අංශභාගයේදී හෙද කමටද ඇත්තේ ලොකු වගකීමකි.
අංශබාග රෝගියාගේ මානසික මට්ටමද හොද මට්ටමින් පවත්වා ගැනීම වැදගත්ය. මානසික ආතතිය මෙවන් රෝගීන් පෙළෙන ප්‍රධානතම තත්ත්වයකි. රෝගියාගේ මානසික මට්ටම හොඳින් පාලනයටද කටයුතු කළ යුතුවන්නේ එහෙයිනි.
රෝගියා ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතු දින සිට රෝගියා සම්බන්ධ සියලුම දේ කළ යුතුවන්නේ වෛද්‍යවරයාගේ අනු දැනුම මත පමණි.හිතුමතයට ආහාර දීම නිසා ඇතැම් විට ඒවා ප්‍රතිකාරවලට එරෙහිව ක්‍රියාකළ හැකි බැවින් වෛද්‍යවරයාගෙන් ඒ පිළිබඳ විමසා සිහිතබාගෙන ඒ අනුව රෝගියාගේ ආහාර පාන සකස් කර දීම ද ඉතාම වැදගත්ය. රෝගියාගේ පිරිසුදු කිරීම් සම්බන්ධයෙන්ද මෙහිදී වඩා වැඩි අවධානයක් දක්වන්න. කිසිම අවස්ථාවක රෝගියා සේදීම සදහා සීතල වතුර යොදානොගන්න විශේෂයෙන් වැසි සහිත හෝ සීත දිනවල රෝගියා නෑවීම අගුණදායක බව අමතක නොකරන්න. එවන් අවස්ථාවල වාතය කිපීම වැනි කිසියම් අතුරු ප්‍රශ්නයක් පැන ගැගුණහොත් රෝගියාට එයින් වේදනාව හෝ කිසියම් අපහසුතා පැන නැගිය හැකිය
එමෙන්ම රෝගියාගේ ආහාර පාන සඳහා ද විශේෂ අවධානයක් යොමුකළ යුතුය.ඇතැම් විට දියර ආහාර ලබා දිය යුතු යැයි වෛද්‍ය නිගමනය වුවහොත් ඒ සඳහා යෙදිය යුතු හා නොයෙදිය යුතු කුලු බඩු වර්ග යනාදියද විමසා සිටිය යුතුය. බොහෝ විට ඔබේ රෝගියා බාර ගන්නා වෛද්‍යවරයාට හදිසි අවස්ථාවකදී අමතා රෝගියාගේ තත්ත්වය ගැන විමසිය හැකිද රෝගියාගේ තත්ත්වයේ ඇතිවන වෙනස්කම් පිළිබඳ සාකච්චා කරන්නට අවස්ථාවක් තිබේද දුරකතනය වැනි මාධ්‍යක් ඔස්සේ වුවත් එය අවශ්‍ය විටෙක කළ හැකි පහසුකම් තිබේද යන්න ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. එසේ නොමැති නම් ඔබේ රෝගියා එවන් වෛද්‍යවරයෙකු වෙත යොමු කර කිසියම් හදිසි අවස්ථාවක් උදාවුවහොත් රෝගියා නැවත අනතුරකට පත් විය හැකි බව සිහිතබා ගන්න.
ඖෂධ ගැන වැටහීමක් නැති ඔබටම ඖෂධ සපයා ගෙන තැවුම් ආදිය කරන්නට නියම කරන්නේ නම් එවන් වෛද්‍යවරයෙකු වෙත රෝගියා තැබීමේ පලක් නැත. මන්ද අදාල ඖෂධය නිසියාකාරව නාඳුනන අයෙකු එවන් වෙනත් ඖෂධයක් යොදා අදාල ප්රතිකර්මය යෙදුවහොත් සිදුවන්නේ අනර්ථයකි. අංශ භාග රෝගියාගේ ආහාර හා වත් පිළිවෙත් සම්බන්ධ යම් ගැටලුවක් වෙත් නම් කඩුවෙල කොළඹ පාරේ අංක 513, වික්‍රමසේකර ආයුර්වේද වෛද්‍ය සේවය 0115 629539 . 0714 017474 යන දුරකතන අංකවලින් විමසා දැන ගැනීමේ අවස්ථාව අද පාඨක ඔබ සතුය.
අංශබාග රෝගියා පසුවන්නේ සාමාන්‍ය වෙනත් රෝගියෙකු පසුවන තත්ත්වයේ නොවේ. එහෙයින් ඔහුට වැඩි අවධානයක් යෙදවිය නොහැකි වෛද්‍යවරයෙකු වෙත රෝගයා තබීම කිසියම් ගැටලුවක් ඇතිකරන්නට සමත් විය හැකිය. අංශබාගය මුලුමණින්ම කිසිම ආබාධයක් ඉතිරි නොවන සේ සුව කළ හැකි රෝග තත්ත්වයක් වන අතර අවශ්‍ය වනුයේ පෙර කී ආකාරයේ රෝගියාගේ සුවය පිළිබද කැප වූ නිසි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමය. ආයුර්වේදය මගින් සුවපත් කළ අංශභාග රෝගී පුද්ගලයින් නැවත ආඝාතයකට ලක් නොවන සේ ප්‍රතිකාර හරහා සුරක්ෂිතතාවයකට පත්කළ හැකිය. බටහිර වෙදකම හා ආයුර්වේද වෛද්‍ය ක්රමයේ ප්‍රතිකාරවල පවතින පැහැදිලි වෙනසක් සේ එය සඳහන් කළ හැකිය. එමෙන්ම බටහිර වෙදකම හා එකඟවන තැන්ද අපට තිබේ. ඒ රෝගියා හැකි ඉක්මණින් අදාල වෛද්‍ය කර්මය වෙත යොමු කිරීමයි. කෙසේ නමුත් ප්‍රමාද වූ අංශබාග රෝගියා සුව කළ නොහැකිය යන්න එයින් අදහස් නොකෙරෙන අතර ඕනෑම අංශභාග රෝගියෙකු සුව කළ හැකි වුවත් අවුරුදු විස්සක් පමණ වූ පසු සිරුරේ ආබාධයට ලක් වූ මාංශ පේෂින් ඒ ආකාරයෙන්ම තැබෙන්නට ඉඩ දුන් පසු ප්‍රතිකාර ඇරඹීම සම්පූර්ණ සුවයට බාධාවක් විය හැකිය.