Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා
2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා
දිවයින තුළ මේ වනවිට විසඳුම් සෙවිය නොහැකි ගැටලුවක් තරමටම අලි මිනිස් ගැටුම වර්ධනය වී තිබෙන මොෙහාතක අලි වැටවල් කොතෙකුත් ඉදිකළත් ඉන් බොහොමයක් ප්‍රදේශ තුළ එම අලි වැටවල් සක්‍රීය මට්ටමින් නොමැති වීම තුළ වනඅලින් ගම් වැදීම සිදුවේ.
මෙවැනි පසුබිමක් තුළ ලංකාවේ අලි වැටවල් සම්බන්ධයෙන් තොරතුරු ගවේෂණයේදී වනජීවී දෙපාර්තමේන්තුව මගින් තොරතුරු දැනගැනීමේ පනත මගින් ලබාගත් තොරතුරුවලදී මෙම අලි වැටවල් සම්බන්ධ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි විය.
ලංකාවේ අලි මිනිස් ගැටුමේ ආරම්භය කුමන ආකාරයකින් සිදු වුවත් එය උග්‍ර ලෙස සිදු වීමට තුඩු දුන්නේ 70 දශකයේ අග භාගය පමණ වනවිට මෙරට ඇති කළ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයයි. නියම සැලසුමකින් තොරව ආරම්භ කෙරුණු මෙම සංවර්ධන ක්‍රියාදාමය නිසා සිදු වූ වන විනාශය හේතුවෙන් වනඅලින් ඇතුළු සතා සිවුපාවුන්ට ඔවුන්ගේ වාසභූමි අහිමි විය. එමෙන්ම ආහාර හිඟ විය. වන විනාශය නිසා ස්වාභාවික දිය කඩිති වියළී යෑම හේතුවෙන් සතුන්ට අවශ්‍ය පානීය ජලය අහිමි විය. අලිමංකඩ ඇහිරිණි.
මේ ආකාරයේ බොහෝ කරුණු නිසා වනඅලි ගම් වදින්නට විය. ආහාර සොයා වගාබිම් වෙත පැමිණෙන්නට විය. අද වන විට ලංකාවේ අලි මිනිස් ගැටුම දරුණු ලෙස පවතින්නේ මේ ආකාරයෙන් සංවර්ධනය වූ මහවැලි කලාපවලය.
මෙසේ වනඅලින්ට තම වාසභූමි අහිමි වෙද්දී වනඅලි නිරන්තරයෙන් ගම් වදින්නට විය. මෙම තත්වය වර්තමානය වනවිට දරුණු ලෙස පවතී. නමුත් වනඅලි ගම්වදින බව ඇතමුන් පැවසුවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී හෙළි වී යන්නේ වනඅලි සිටි ප්‍රදේශවල කැළෑ හෙළි කරමින් මහවැලි හා වෙනත් සංවර්ධන කටයුතු සිදු කළ කලාපයන්හි ඇති කළ ගම්මාන වෙත වනඅලි පිවිසෙන බවය. මෙයින් පෙනී යන්නේ තමන් සිටි ප්‍රදේශ අතහැර යෑමට වනඅලි තවමත් මැලි වන බවයි. මේ නිසා ඇති වී තිබෙන්නේ අලි මිනිස් ගැටුමකි.
අනවසරයෙන් කැළෑ හෙළි පෙහෙළි කරමින් සිදු වූ ගොවිතැන් කටයුතු නිසාද, තවත් ආකාරයකින් වනඅලින්ගේ වාසභූමි ඔවුන්ට අහිමි වී තිබේ. එම ගොවිබිම්වල අලින්ට අවශ්‍ය රසමුසු ආහාරපාන තිබේ. ඒවා පහසුවෙන් ලබාගැනීමට හැකිවීම නිසාම වනඅලි එම ගොවිබිම් සඳහා නිරන්තරයෙන් පැමිණේ. ගස්වල අතු හා පොතු, තණ කොළ ආදිය ආහාරයට ගත් අපේ රටේ වනඅලින්ට තම වාසභූමි එළි කරමින් වගා කර ඇති නොයෙක් ආකාරයේ රස බොජුන් නිසාම අලි දැන් එම ආහාරවලට පුරුදු වී හමාරය. වනඅලින්ට වෙනත් සතුන්ට වඩා සුපුරුදු ගති පැවතුම් ඇත. ඒ අතර දැන් වනඅලි වගාබිම්වල ඇති රසවත් ආහාර ලබා ගැනීමට පුරුදු වී ඇත. මේ සියලු සිදුවීම් වන්නේ මිනිසා විසින් සිදු කරන ආත්මාර්ථකාමී ක්‍රියා කලාපය නිසා බවද පෙන්වා දිය යුතුය.
මේ ආකාරයෙන් අලි මිනිස් ගැටුම බහුල ලෙස පවතින දිස්ත්‍රික්ක අතර හම්බන්තොට ප්‍රදේශය තුළද අලි මිනිස් ගැටුමට බහුල ලෙස බලපා ඇත්තේ මේ ආකාරයෙන් මහවැලි කලාපයේ රක්ෂිත හෙළි කරමින් සිදුකරන මහ පරිමාණ වාණිජ වගාවන් හා සංවර්ධන කටයුතුය. නිලධාරීන්ගේද ආශිර්වාදය මගින් සිදුකරනු ලබන මෙම වන විනාශය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත මගින් තොරතුරු කොමිසම දක්වා ගොස් මහවැලි සංවර්ධන අධිකාරිය මගින් ලබාගත් තොරතුරුවලින්ද අනාවරණය වූයේ ඒ සියලු හෙළි කිරීම් නීති විරෝධි බවයි.
මේ ආකාරයෙන් අලි මිනිස් ගැටුම වර්ධනය වෙද්දී ඊට පිළියම් සෙවීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම අලි වැට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය ආශ්‍රිතව 1992 වසරේදී කිලෝමීටර් විස්සක් දිගට ඉදි කෙරුණි. මෙය රණවරණාව විදුලි වැට යනුවෙන් හැඳින්වේ.
එතැන් පටන් ලංකාව තුළ අලි මිනිස් ගැටුම පවතින දිස්ත්‍රික්ක 16ක ඉදිකර ඇති සියලු අලි වැටවල්වල දිග වන්නේ කිලෝමීටර් 4349.1කි. ඒ අතර වැඩිම අලි වැටවල් සාදා ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වන අතර, එම දිස්ත්‍රික්කයේ පමණක් අලි වැටවල් 52ක් කිලෝමීටර් 524 දිගට සාදා තිබේ. එය පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා වූ ලංකාවේ දිගට වඩා වැඩි දිගකි.
මේ අතර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉදිකළ ලංකාවේ දිගම අලි වැටද පසුගිය 2018 සැප්තැම්බර් 19 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු අතර, එහි දිග කිලෝමීටර් 30කි. රුපියල් ලක්ෂ 193ක් වැය කරමින් ගෝමරන්කඩවල සිට මැදවච්චිය දක්වා එය ඉදිකර තිබේ.
දිස්ත්‍රික්ක අනුව සදා ඇති අලි වැටවල්වල දිග (මූලාශ්‍රය - වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තොරතුරු පනත මගින් ලබාගත් තොරතුරු )
එමෙන්ම මෙම අලි වැටවල් සෑදීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් යොදවා තිබේ. සාමාන්‍යයෙන් මෑත කාලය වනවිට කිලෝමීටර් එකක දිගට අලි වැටක් ඉදිකිරීම සඳහා රුපියල් 1,360,606.37ක මුදලක් වැය වේ. එවැනි ආකාරයෙන් අලි වැටවල් ඉදිකිරීම සඳහා 2013 වර්ෂයේ සිට 2017 දක්වා කළ වියදමත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එම වර්ෂය තුළ සංචාරක ක්ෂේත්රය තුළින් උපයන ලද මුදලත් සලකා බැලුවහොත් එම අදායමෙන් සියයට දහයක් පමණ අලි වැටවල් ඉදිකිරීම සඳහා පමණක් යෙදවීමට සිදුව තිබේ.
මීට අමතරව ඉහත දත්ත සටහනේ සඳහන් මුලතිවු ,නුවරඑළිය ,ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක තුන හැරුණු කොට අනෙකුත් දිස්ත්‍රික්ක 13 තුළ 2021 වනවිට විවිධ දිග ප්‍රමාණයේ අලි වැටවල් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. එම අලි වැටවල්වල සමස්ත දිග ප්‍රමාණය කිලෝමීටර් 2256.1ක් බවද වනජීවී දෙපාර්තමේන්තුවෙන් තොරතුරු පනත මගින් ලබාගත් තොරතුරු මගින් හෙළි විය. ඒ අනුව 2021 වනවිට ලංකාවේ සමස්ත අලි වැටවල්වල දිග ප්‍රමාණය කිලෝමීටර් 6605.2 දක්වා ඉහළ යයි.
අලි ඇතුන් ගම් වැදීම වැළැක්වීමට අදටත් සාර්ථක ක්රමෝපායක් වශයෙන් සලකමින් විශාල මුදලක් වැය කරමින් මේ ආකාරයෙන් වාර්ෂිකව අලි වැටවල් ඉදිකළත් ඉන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මේ වන තෙක් නොහැකි වී ඇත්තේ වනඅලින්ගේ වාසභූමි දිනෙන් දින හෙළි කරමින් සිදුකරනු ලබන සංවර්ධන කටයුතු නිසාත්, අනවසර කෑළෑ හෙළිකිරීම නිසාත්ය.
නමුත් වනජීවි නිලධාරීන්ගේ කරුණු ඉදිරිපත් කිරීමට අනුව ඇතැම් ප්‍රදේශවල මේ විදුලි වැට හරිහැටි ක්‍රියාත්මක නොවන්නේ ගම්මුන්ගේම වැරදි ක්‍රියා නිසාය. ඒ අතර මිනිසුන් විසින් සිතා මතා විදුලි වැටට හානි සිදුකිරීම, බලශක්ති කුටිවල ඇති භාණ්ඩ සොරා ගැනීම මෙන්ම වනඅලින් විදුලි වැටවල් සඳහා හානි පැමිණ වීම යන හේතුන් නිසා මේ ආකාරයෙන් විදුලි වැටවල් අක්‍රීය වන බව වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු මගින් අනාවරණය විය .
කෙසේ නමුත් මිලියන ගණනක මුදලක් වැය කර අලි වැට සකස් කරනු ලැබුවත් එම විදුලි වැට නඩත්තු කිරීම සඳහා කිලෝමීටර් 10ක් සඳහා යොදවා ඇත්තේ සිවිල් ආරක්ෂක භටයින් තුන් දෙනෙකු පමණකි. ඔවුන් සඳහා විදුලි වැට දෙපස හෙළි පෙහෙළි කරමින් එය නඩත්තු කළ යුතු බව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තොරතුරු පනත භාවිත කිරීමෙන් ලබාගත් තොරතුරුවල දැක් වේ. නමුත් ඒ ආකාරයෙන් සුළු පිරිසකගෙන් මෙහි නඩත්තු කටයුතු සිදු කිරීම ප්‍රායෝගික කාරණයක් නොවන බව සිවිල් ආරක්ෂක නිලධාරීන් පවසා සිටිති.
එමෙන්ම විදුලි වැටවල් ඉදිකර තිබුණත් එම විදුලි වැටවල් සඳහා අවශ්‍ය මුරකුටි, විදුලිය හා ජලය, ප්‍රමාණවත් අලි වෙඩි නොලැබීම, මුරකුටි අලුත්වැඩියා කිරීම් ආදිය නොකිරීම නිසා බොහොමයක් අලි වැටවල් අක්‍රීය වීමට හේතුව වී තිබේ. ඒ ආකාරයෙන් රුහුණ කලාපයේ පමණක් එවැනි අඩුපාඩුකම් සහිත විදුලි වැටවල් 30කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබේ.
විදුලි වැට අබිබවන වනඅලින්
වනඅලින් ගම් වදින ප්‍රදේශවල ගම්මුන් චෝදනා කරන්නේ, විදුලි වැටේ බිඳ වැටීම් පිළිබඳ ඒ අවස්ථාවලදීම දැනුම් දුන්නද වනජීවි නිලධාරීන්ගේ උදාසීනත්වය හේතුවෙන් යළි පිළිසකර කළ නොහැකි ආකාරයෙන් අලින් විසින් ඒවා විනාශ කරන බවයි.
ජ්‍යෙෂ්ඨ පරිසරවේදීන් විදුලි වැටට අදාළව හඳුනාගත් තත්ත්වයන් අතර හොඳම විසඳුමක් ලෙසින් විදුලි වැට ක්‍රමය, රජය විසින් අදටත් පිළිගෙන ඇති පසුබිමක, ඊට රුපියල් මිලියන ගණනින් වැය කිරීමද සිදු කරමින් එය ඉදිකර තිබියදීත් ඇතැම් ප්‍රදේශවල වනඅලින් විදුලි වැට අබිබවමින් කටයුතු කරන තත්ත්වයක්ද නිර්මාණය වෙමින් පවතී.
ඒ සම්බන්ධයෙන් සිදු කරන්නට යෙදුණු නිරීක්ෂණ පෙන්වා දෙන්නේ අලි ඇතුන් මේ විදුලි කම්පනයට ඔරොත්තු දෙන තත්ත්වයක් ගොඩනඟා ගනිමින් සිටින බවයි. ඒ අනුව විදුලි වැට බාධකයක් කර නොගනිමින් මේ සතුන් ගම් වදින තත්ත්වයක් මේ වනවිට ඇති වෙමින් තිබේ.
මහජන මුදල් විශාල ප්‍රමාණයක් යොදවමින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ විල්ගම් වෙහෙර ගම්මානය වටා ඉදිකළ විදුලි වැටද එය සාදා මාස තුනක් ගතවීමටත් පෙර එහි බැටරිය අක්‍රීය වීම හා විදුලි වැට සුදු අලියෙක් බවට පත්වීම සම්බන්ධයෙන් බලධාරීන් මුනිවත රකින බව ගම්මුන්ගේ චෝදනාවයි.
“අපි අවුරුදු ගාණක් කඳවුරුවල ඉඳලා නැවත පදිංචියට ආවට පස්සේ රජයෙන් ඉල්ලුවේ වනඅලි ගැටලුවට විසඳුමක් දෙන්න කියලා විතරයි. මොකද අපි එදා ඉඳන් පාරම්පරික ගොවියෝ. අපි කාටවත් අත නොපා ඇඟේ හයි හත්තියෙන් මහපොළොව එක්ක හැප්පිලා තමයි ජීවත් වුණේ. අපේ ඉල්ලීමට වනජීවී එකෙන් අලි වැටක් ඉදි කරන්න කණුත් ගෙනල්ලා තියෙද්දී තමයි මේ අටමට්ටලේ පංගරාතු වුණේ. මේක හදලා අඩුම තරමින් මාස දෙක තුනක්වත් වැඩ කළා නම් හිතට දුකක් නැහැ.” දැන් අලින් ගම් වදිනවා. යැයි විල්ගම් වෙහෙර ගම්මානයේ පැරණිතම ගොවි මහතෙකු වන එස්.ඒ. හේමචන්ද්‍ර මහතා අප සමග කියා සිටියේය.
ආබාධිත තත්ත්වයකින් පසුවූවද තමා ස්වශක්තියෙන් මේ වනවිට අක්කර තුනක පමණ බිමක බව භෝග අස්වද්දවා ඇතත්, මේ වනවිට එහි භුක්තිය වනඅලින් අත්පත් කර ගෙන ඇති බව හේමචන්ද්‍ර මහතා කියා සිටී. අක්කර දෙකක පමණ භූමි භාගයක පැතිරුණු ගස්ලබු වගාවෙන් හරි අඩකටත් වඩා මේ වනවිට වනඅලින් විසින් විනාශ කර දමා ඇති අතර, පොල් හා කෙසෙල් වගාවටද හිමිව ඇත්තේ ඊට නොදෙවෙනි තත්ත්වයකි.
විල්ගම් වෙහෙර ග්‍රාමීය විදුලි වැට සම්බන්ධයෙන් අප තොරතුරු දැන ගැනීමේ පනත හරහා ත්‍රිකුණාමල නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදුකළ විමසීමකට අනුව මේ සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් 3,711,128කි. කිලෝමීටර 11. 200 දිගැති මෙම විදුලි වැට මගින් විල්ගම් වෙහෙරේ පවුල් 109කට ආරක්ෂාව සලසයි. %මනහර ලංකා^ නැමැති ආයතනය මගින් එහි ඉදිකිරීම් සිදුකර ඇති අතර, වනජීවී දෙපාර්තමේන්තුවේ අවසරයද ඊට ලැබී තිබේ.
“දැන් ඔය විදුලි වැටේ කරන්ට් එක තියෙනවද නැද්ද කියලා දැනගන්න එල්. ඊ. ඩී. බල්බ් හයි කරනවා. මොරවැව එකෙත් එහෙමයි. නමුත් අපේ එකේ එහෙම හයි කරේ නැහැ. අපි අහපුවහම කරන්ට් එක තියෙනවද නැද්ද කියලා දැන ගන්නේ කොහොමද කියලා කොම්පැනිය කිව්වේ, තණ කොළයක් අරගෙන කම්බියට ගාවලා බලන්න කියලා. අනික කොන්ක්‍රීට් කණු නොදා යකඩ බට දැම්මහම හරක් පැන්නත් බට නැමෙනවා. ඒ බට ගන්න තැනක් නැහැ. කම්බි කැඩුනහම ඒ වෙනුවට දාගන්න අමතර කම්බි තිබුණේ නැහැ. ඒකෙන් මුළු වැටම අක්‍රීය වෙනවා. බැටරියට අවුරුදු පහක් වග කියනවා කියලා කිව්වට මාස තුනෙන් බැටරිය අක්‍රීය වුණා. කොම්පැනිය අපිට කිව්වේ සල්ලි එකතු කරලා බැටරිය දාගන්න කියලා. ඔය වගේ ගැටලු ගොඩක් තිබුණා* යැයි මේ පිළිබඳව අදහස් දැක්වූ සංජීවනී මහත්මිය කියා සිටියේය.
එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ මදුනාගල ඇතුළු ප්‍රදේශ රාශියක තිබෙන විදුලි වැටවල්ද මේ ආකාරයෙන් අක්‍රීය වී පැවතීම හේතුවෙන් ගොවි ජනතාව දිනෙන් දින දැඩි පීඩාවට ලක්වී තිබෙන බව මදුනාගල සුමනානන්ද මහතා කියා සිටී.
''මේ අලි වැට හදල මාසයක් ගියෙත් නෑ. අලි වැට අලි කඩලා විනාශ කරලා දැන් කම්බියක්වත් නෑ. හැමදාම අලි ගම් වදිනවා මිනිස්සුන්ට පහර දෙනවා. වගා හානි කරනවා. අපිට ජීවත්වෙන්න විදියක් නැති වෙලා තිබෙනවා* යැයි සුමනානන්ද මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ ආකාරයෙන් මහජන මුදල් විශාල ප්‍රමාණයක් වැය කරමින් අලි වැටවල් සෑදුවද ඒවා නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා එම විදුලි වැටවල් අක්‍රීය වී කැලයට යටවී තිබේ. මේ හේතුවෙන් වනඅලින් ගම් වැදී විශාල වගා හානි සිදුකිරීම මෙන්ම දේපොළ ,මිනිස් ජීවිත මෙන්ම වනඅලින්ගේ ජීවිතද හානියට පත්වීමේ තත්ත්වයක් උද්ගතවී තිබේ.
මේ සඳහා කදිම උදාහරණය සූරියවැව මදුනාගල අලි වැට වේ. එය මීට වසර 05කට පමණ පෙර රුපියල් ලක්ෂ 75ක පමණ වියදමින් ඉදිකර ඇති අතර, අලි වැට සාදා මාස කිහිපයක් ගත වන්නට මත්තෙන් අක්‍රීය වී තිබේ. අද එහි දක්නට ඇත්තේ අතරින් පතර කණු කිහිපයක් පමණි. එම නිසාම එම ප්‍රදේශයේ වගාවන් නිරන්තරයෙන් වනඅලින්ගේ ග්‍රහණයට ලක් වී ඇත.
එමෙන්ම හම්බන්තොට ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් අගුණුකොළ වැව විදුලි වැට ඉදිකර මාස දෙකක් ගතවීමටත් පෙර එහි තිබූ විදුලි රැහැන් සියල්ල ගැලවී ඇති බවත්, එහි සූර්යබල විදුලි උත්පාදක යන්ත්‍ර සියල්ල මේ වනවිට සොරුන් විසින් ගලවා ගෙන ගොස් ඇති බවත් ගම්වාසීහු පවසති.
අගුණුකොළ වැව ග්‍රාම සේවා කොට්ඨාසයේ පමණක් වනඅලින්ගෙන් පීඩාවට පත් පවුල් 110ක් වෙනුවෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යටතේ රු. ලක්ෂ 30කට අධික මුදලක් යොදවා අගුණුකොළ වැව සිට කුමාරගම දක්වා කිලෝමීටර් 12ක දුරක් මේ අලි වැට ඉදි කරනු ලැබුවේ වනඅලි ගැටලුවට විසඳුමක් ලෙසිනි. නමුත් එයින්ද සිදුව ඇත්තේ මුදල් නාස්තියක් පමණක් බව ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙති.
වනජීවී හා තිරසර සංවර්ධන අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා 2018 ජූලි 08 වන දින මාතලේ දිස්ත්‍රික්කයේ පවතින අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය සඳහා ක්ෂේත්‍ර චාරිකාවක නියැළීමෙන් අනතුරුව කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ප්‍රමිතියෙන් යුතු කිසිදු අලි වැටක් මෙතෙක් තමන්ට හමු නොවූ බවයි.
එයින් ද තහවුරු වන්නේ මිලියන ගණනක මුදල් වියදම් කර තනා ඇති අලි වැට අලි මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් නොවන බව හා එය නිසි ප්‍රමිතියකින් යුතුව සකස් කර නොමැති බවයි. විශේෂයෙන්ම මේ ආකාරයෙන් විදුලි වැටද ආක්‍රමණය කරමින් වනඅලින් ගම් වැදීමට කටයුතු කරන්නේ තමන්ගේ වාසභූමි විනාශ වීම තුළ ඔවුන්ට අවශ්‍ය අාහාර ,ජලය සොයා ගැනීමට ක්‍රමයක් නොමැති වීම තුළ බව පරිසරවේදී සජීව චාමිකර මහතා පෙන්වා දේ.
අලි වැට නිවැරදි තැන තිබිය යුතුයි
කෙසේ නමුත් මේ වනවිට ලංකාවේ අලි වැටවල් සම්බන්ධව තිබෙන මෙම ප්රශ්නකාරී තත්ත්වය සම්බන්ධයෙන් අප සිදුකළ විමසීමකදී අචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු මහතා කියා සිටියේ අලි වැටවල් නිවැරදි ස්ථාන තුළ නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය උග්‍ර වී වනඅලින් අලි වැට ආක්‍රමණය කරන තත්ත්වයට පත්වී ඇති බවයි .
'' දැනට වනඅලින්ගෙන් වන හානිය වළක්වා ගැනීමට තිබෙන සාර්ථක ක්‍රමවේදයක් තමයි අලි වැටවල්. නමුත් මේ වනවිට අලි වැටවල් අසාර්ථක වෙලා තියෙන්නේ. ගොඩාක් අලි වැටවල් තියෙන්නේ වැරදි ස්ථානවල. නිදසුන් ලෙස යාල කිරින්දේ සිට පටන් ගත්තොත් වැඩිහිටිකන්ද කතරගම වන තෙක්ම අලි වැට දෙපැත්තේම අලි. මොකද එක පැත්තක් වනජීවී අනෙක් පැත්ත වනසංරක්ෂණ. එවැනි වැටවල් තුළින් අලි මිනිස් ගැටුම නවත්වන්න බෑ. මොකද දෙපැත්තේම අලි ඉන්න නිසා.
එමෙන්ම ලුණුගම්වෙහෙර සිට ලුණුගම්වෙහෙර ජලාශයේ බැම්ම දක්වාම තිබෙන අලි වැටෙත් දෙපැත්තේම අලි ඉන්නවා. ඒක තමයි තිබෙන ලොකුම ප්රශ්නය වන්නේ. මේ අලි ටික කොහාට හරි කොටු කළොත් අලි ටික කන්න නැතිව මැරෙනවා. ඒ නිසා අපි හරි ස්ථානයන්හි අලි වැට පාවිච්චි කරනවා නම් ඒක සාර්ථක එකක් වෙනවා. දැනට ඒ ආකාරයෙන් සාර්ථකව තිබෙන අලි වැටවල් අතර තම්මැන්නාවේ සහ වයඹ ඇතුළු වැටවල් 30ක් පමණක් තිබෙනවා.
එම නිසා සංවර්ධන මායිම් තුළ අලි වැටවල් තිබුණහොත් වනඅලියා එතුළින් ඒමට කටයුතු කරන්නේ නෑ. එක ගමක්, කුඹුරක්, ගොවිපොළක් වුවත් ඒ තුළින් අලියට එන්න විදිහක් නෑ. මොකද ඒක මිනිසුන්ට බලාගන්න වුණත් පුළුවන්. කැලේ අස්සේ වැටවල් ගහලා ඒ තුළ වනඅලින් හිර කිරීම හරියන දෙයක් නොවේ* යැයි අාචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු මහතා මෙහිදී කියා සිටියේය. එමෙන්ම වනාන්තර හෙළි කරමින් රට වටේ අලි පළවා හැරීම තුළින් සිදුවන්නේ අලි මිනිස් ගැටුම වැඩිවීම බවද හෙතෙම කියා සිටියේය.
වනඅලින් ඔවුන්ට ආවේණික චර්යාවට අනුව අඩුම තරමින් දවසකට කි. මී. 5ත් - 8ත් අතර දුරක් තුළ ආහාර සොයමින් ඇවිදින අතර, ඒ අනුව අලියා ගොවිපොළවලට කඩා වැදීම වැළැක්වීමට නම් ඒ සතුන්ගේ ආහාර ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම අවශ්‍යය. මේ කරුණ සැලකිල්ලට ගනිමින් අලින් ගම් වැදීම වළක්වා ගැනීමටත්, ඔවුන්ගේ ආහාර ප්රශ්නය විසඳීමටත් විසඳුම් සපයන ක්‍රමවේදයක් ගැන සෙවිය යුතුය. එසේ නොමැතිව දිරච්ච කලිසමට අන්ඩ දමනවා සේ විශාල මුදලක් වැය කරමින් අලි වැටවල් ඉදිකිරීමෙන් පමණක් මෙම ගැටලුවට විසඳුම් සෙවිය නොහැකිය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් වනජීවී අධ්යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතාගෙන් අප විමසූ අතර එහිදී ඒ මහතා කියා සිටියේ. අලි වැටවල් සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කිරීම සඳහා නව වැඩපිළිවෙළක් සකසා තිබෙන බවත්, එය වසරක පමණ කාලය තුළ නිම කරන බවත්ය.
කෙසේ නමුත් අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීම සඳහා දේශපාලනික මැදිහත්වීමට වඩා වැදගත් වන්නේ වනඅලින්ගේ චර්යා රටාවන් නිසි අයුරින් අධ්‍යයනය කොට ඒ සඳහා පිළියම් සෙවීමයි. එතෙක් අලි වැටවල් කොතෙක් ඉදි කළද මෙම ගැටලුවට පිළියම් සෙවිය නොහැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd