පුරාවිද්‍යා දිනය යනු අපේ පැරණි ජන උරුමයේ එක් පැතිකඩක් වූ පෞරාණික ස්ථාන හා පුරාවස්තු ආරක්ෂා කිරීම වෙනුවෙන් ජනතා අවධානය සඳහා වෙන් වූ දිනයකි.
මේ දිනය සෑම වසරක් පාසාම ජූලි මස 07 වැනිදාට යෙදී ඇත්තේ කුමක් නිසාද? ඊට හේතුව 1890 ජූලි මස 07 වැනිදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කිරීම නිසාය. (වල්ලිපුරම් රන් සන්නස සහ හෙළ උරුමය පි. 152 (2003) - දයාවංශ ජයකොඩි සහ සමාගම)
ඒ අනුව හරියටම මීට වසර 127කට ඉහතදී ආරම්භ කරන ලද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ වනවිට ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථාන හා පුරාවස්තු ආරක්ෂා කිරීමේ කාර්යය හා නීතියෙන් බැඳී ඇති මෙන්ම, ඒ පිළිබඳ නීතිරීති පැනවීමේ බලය ලත් ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන්නේය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව කිසිදු පුරාවිද්‍යා කැණීමක් හෝ සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමේ බලයක් 1940 අංක 09 දරන පුරාවිද්‍යා ආඥා පනතට අනුව නැත. ඒ අනුව ඒ කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය අත්‍යවශ්‍ය වන්නේය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූයේ හැරී චාල්ස් පර්විස් (එච්.සී.පී.) බෙල් මහතාය. ඔහු ඉංග්‍රීසි ජතිකයෙකි. බෙල් මහතා ඒ වනවිට කෑගල්ල දිස්ත්‍රික් නඩුකාරයා ලෙසින් සේවය කරමින් සිටියේය. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ පැවැති ලංකාවේ සිවිල් සේවයට අයත් වූ එච්.සී.පී. බෙල් මහතා සැබැවින්ම පෙරදිග හා අපරදිග ශිෂ්ටාචාරයන් ගැන හසල දැනුමකින් පරිපූර්ණ වූ විද්වතෙක් විය.
සිය මවු භාෂව වූ ඉංග්‍රීසි භාෂාවට අමතරව ග්‍රීක් හා ලතින් වැනි භාෂා ගැනද පරිපූර්ණ දැනුමක් තිබුණු බෙල් මහතා වැනි අයෙකු ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙසින් පත්වීම භාග්‍යයක් වූ බව ඔහු විසින් ලංකාව පුරා කරන ලද විවිධ පුරාවිද්‍යා කැණීම් හා ගවේෂණ ආශ්රිත වූ පාලන වාර්තා අධ්‍යයනය කරන විට පැහැදිලි වන කරුණකි.
මේ නිසා 1890 සිට 1912 තෙක් ඔහු විසින් පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙසින් කරන ලද පුරාවිද්‍යා කටයුතු ආශ්‍රිතව වසරක් පාසා ලියා පළ කරන ලද (ඉංග්‍රීසි භාෂාවෙන්) පාලන වාර්තා මෙකල පවා පුරාවිද්‍යා ක්ෂේත්‍ර‘යේ මතු නොව පුරාතනය අධ්‍යයනය කරන අයගේ හස්තසාර ග්රන්ථ බවට පත් වී ඇත. ඒ ග්රන්ථ %Bell Report^ නමින් නැවත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෑතදී පළකර ඇත.
අනුරාධපුරයේදී 1890 ජූලි මස 07 වැනිදා ආරම්භ කරන ලද පුරාවිද්‍යා කටයුතු එච්.පී.සී. බෙල් පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ ප්‍රථම කාර්යය වූයේය. බෙල් මහතා නායකත්වය දෙමින් කැණීම් කළ ඒ කණ්ඩායම සඳහා පොදු ජනතාව විසින් භාවිත කරන ලද නාමය වූයේ Bell Party (බෙල් පාටි) යන්නයි.
පුරාවස්තු රැකිය යුත්තේ ඇයි?
කුමන රටක වුවද අතීත මුතුන්මිත්තන් විසින් නිර්මාණය කර, රැකගෙන ආ ඒ ශිෂ්ටාචාරයට අයත් වන පුරාණ ස්ථාන මෙන්ම ඊට සම්බන්ධ වූ පුරාවස්තු ඒ රටේ ජනතාව කවුරුන්ද යන්න හෙළි කරන හැඳුනුම්පතක් වැනිය. ඒ ජාතික හැඳුනුම්පතට කිසියම් කෙනෙක් හානි පමණුවනවා නම් එය ජාතික අපරාධයක් වේ.
එමෙන්ම පුරාවස්තු රැකගැනීම සඳහා පුරාණයේ මේ දක්වා පුරාවිද්‍යා ආඥා පනතට අනුව විවිධ නීතිරීති දැඩි කරමින් නීති පනවා ඇත. නීතිරීති පැනවීම සැබැවින්ම ඉතා අවශ්‍ය වන්නේ අප රටේ පුරාවස්තු විනාශ කිරීමට හෝ ඒවාට හානි කිරිමට විදේශීය රටවලින් මෙහි එන්නේ නැත. ඒ නිසා අපගේ මේ ජාතික උරුමය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ඉතා විශිෂ්ට ක්‍රියාවලියකි. මෙම වසරක් පාසා පවත්වනු ලබන පුරාවිද්‍යා දිනය අනුස්මරණය කිරීමේ දිනය හා බැඳී ඇත.
පුද්ගලයෙකුගේ හැඳුනුම්පත ඔහු හෝ ඇය අන් අයගෙන් වෙන්කොට හඳුනාගැනීමට ඇති නීත්‍යනුකූල වූ ලේඛනයක් බව අප කවුරුත් ඉතා හොඳින් දන්නා කරුණකි. එමෙන්ම ජාතියක් වශයෙන් වසර දහස් ගණනක සිට පැවත එන අපගේ උරුමය හා බැඳුණු පුරාවිද්‍යා ස්ථාන මෙන්ම පුරාවස්තු අප කවුදැයි ලොවට කියාපාන ජාතික හැඳුනුම්පතක් වැනිය.
පුද්ගලයෙකුගේ හැඳුනුම්පතේ ඇති ඡායාරූපය විකෘති කළ හොත් ඒ පුද්ගලයා පිළිබඳ යථා ස්වරූපය හඳුනාගත නොහැකි වනවාක් මෙන්ම ජාතියක් සතු මේ අමිල පුරාවස්තු විනාශ කිරීම ජාතික අපරාධයකි.
අනුරාධපුර, පොළොන්නරුව, දඹුල්ල, සීගිරිය, සිතුල්පව්ව, තිස්සමහාරාමය වැනි ඉතා පෞරාණික ස්ථාන සැබැවින්ම පුරාවස්තු ඇති බව සැබැවි. ඒවා අපගේ ජාතික වස්තූන් වන්නේය. ඉතා බහුතර සංඛ්‍යාවක් අප විසින් වැඳුම් පිදුම් කරන පුදබිම් ආශ්‍රිතව තිබීම අපගේ අනන්‍යතාවේ ලක්ෂණයකි. මෙකල පාකිස්තානයේ ගන්ධාර පුදබිම ආශ්රිත වූ පෙදෙසේ ප්‍රථම වරට ලෝකයට බුදු පිළිම නිර්මාණය පුරුදු කළ බව ඉතා ප්‍රකට කරුණකි.
සමහරු එය මෙකල ඉන්දියාවේ බමුණු පුදබිමෙන් ඇරඹි බවද කියති. ඔවුන්ගේ මුතුන්මිත්තන් විසින් නිර්මාණය කරන ලද ඒ පුදබිම අදත් ඔවුන්ගේ ශිෂ්ටාචාරයේ උදාරත්වය හෙළි කරන සංෙඛ්ත ලෙස සුරකින අන්දම ඉතා ප්රකටය. ඉහතින් සඳහන් කළ පාකිස්තානය එදා අශෝක රාජ යුගයේදී (ක්‍රි.පූ. 272-223) මෙන්ම කනිෂ්ක රජුට (ක්‍රි.ව. 2 සියවස) අයත්ව තිබිණි. අද ඒ රටවල බහුතර ජනසංඛ්‍යාව අන්‍ය ජාතීන් වුවද ඔවුන් ඒවා ආරක්ෂා කිරීමට ඇප කැප වී කටයුතු කිරීම මෙහිදී විෙශ්ෂයෙන් සඳහන් කළ යුතුය.
(ශ්‍රී ලංකාවේ පුරාණ උරුමය අංක 1 සිරිසමන් විජේතුංග පි:409-410/2012) මේ නිසාම පුරාවස්තුවලට වැඳුම් පිදුම් කරන ජාතියක් ලෙසට අපේ රට ලොව ප්‍රකට වී ඇත.
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය හරහා අප රටට වැඩි ආදායමක් ලබාදීමට සමත්ව ඇත්තේ මේ අපගේ පුරාණ ශිෂ්ටාචාරය හා බද්ධ වූ ඒ පූජනීය ස්ථාන නිසාය.
අනුරාධපුරයේ ඇති දාගැබ් අතර විශාලතම දාගැබ වන්නේ ජේතවනාරාම දාගැබයි. මෙවැනි දාගැබ්, මුරගල්, සඳකඩපහණ හා ඒ ආශ්රිත අපේ පුරාණ කලා ශිල්ප දකින විදේශිකයෝ විස්මයට පත්වෙති. අවුකන, මාලිගාවිල හා පොළොන්නරුව ගල් විහාරය ආදී පුදබිම්වල ඇති බුදු පිළිම නිර්මාණ අපගේ අතීත මූර්ති ශිල්පීන්ගේ දක්ෂතාව අදත් ලොවට ප්‍රකාශ කරන අපගේ පුරාණ ශිෂ්ටාචාරයේ හැඳුනුම්පත බඳුය.
මෙකල ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය හා දේශීය සංචාරකයන් වැඩිම සංඛ්‍යාවක් දක්නට ලැබෙන්නේ සීගිරියේය. මෙකී පුරාවස්තු අපගේ ශිෂ්ටාචාරය, අපේ අභිමානය නිහඬව ලොවට ප්‍රකාශ කරන අතරේ අපට විදේශ විනිමය ලබාදෙන ධන නිධානයක් වන්නේය.
මේ නිසා අපගේ ජාතික යුතුකම වන්නේ අතීතයේ අපේ මුතුන්මිත්තන් අපට උරුම කර දුන් ඒ උරුමය අනාගත පරපුර සඳහා සුරැකීමයි. පුරාවිද්‍යා දිනය සමරන අද වැනි දිනයකදී මෙය ආයතනයක් විසින් පවත්වාගෙන යන කාර්යයක් පමණක් නොව අප රටේ සියලුම ජාතීන්ගේ අවධානය මේ සඳහා යොමු වියයුතු වන්නේය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව් හිටපු සහකාර පුරාවිද්‍යා අධ්යක්ෂ සිරිසමන් විජේතුංග