ශ්‍රී ලංකාවට අයත් මුළු භූමි ප්‍රමාණයෙන් සියයට තිහක පමණ ප්‍රමාණයක, එනම් වර්ග කිලෝමීටර් 20,312 ක භූමි ප්‍රමාණයක් වියළි කලාපීය වෘක්ෂලතා සහිත ප්‍රදේශ ලෙස හඳුන්වනු ලබයි. පසුගිය වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ ක්‍රමක්‍රමයෙන් මෙම කලාපයේ මෙන්ම රට තුළ ඉතා ශීඝ්‍රෙයන් වන විනාශය සිදුවුවද ඒ වන සංරක්ෂණයට පිළියම් යෙදුණේ ඉතා අල්ප වශයෙනි.
වියළි සහ අර්ධශුෂ්ක කලාපවල ශාක පරිබාහිරව සංරක්ෂණය කිරීම පිණිස වියළි කලාපීය උද්භිද උද්‍යානයක් හම්බන්තොට පිහිටුවා ඇති බව දැනගැනීමෙන් පසු අප එය සොයා ගියෙමු.
රජ සමයට පසුව ශ්‍රී ලංකාව තුළ උද්භිද උද්‍යාන ඉදිකිරීම ආරම්භ වන්නේ ඉංග්‍රීසි ජාතීන්ගේ යටත් විජිතයක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙන සමයකදීය.
ඒ අනුව 1826 දී පේරාදෙණිය උද්භිද උද්‍යානයද, 1861 දී හග්ගල උද්භිද උද්‍යානයද 1876 දී ගම්පහ උද්භිද උද්‍යානයද පිහිටුවා ඇත. ඉන් වසර 131කට පසුව මෙරට ප්‍රථම වියළි කලාපීය උද්භිද උද්‍යානය හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ ඉදිවන්නේ 2008 වසරේදීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තුවට ආසන්නව මිරිජ්ජවිල පිහිටා තිබෙන අතර, අන්දර, පතොක් ආදී ශාකයන්ගෙන් යුත් කටුපඳුරැ සහිත ලඳු කැලෑ ප්‍ර‘දේශයක් ලෙස මෙම ප්‍රදේශය හැඳින්වීමට පුළුවන. අතීතයේ සිට විවිධ වගාවන්ට හසු වූ නිසාම මෙම ප්‍රදේශය කටුපඳුරැ සහිත ලඳු කැලෑ ප්‍රදේශයක් ලෙස පවතියි.
වියළි කලාපීය උද්භිද උද්‍යාන මිරිජ්ජවිල ප්‍රදේශයේ ඉදිකිරීමට පිඹුරැපත් සැකෙසන්නේ 2006 වර්ෂයේදීය. පෝෂක පස අඩු වියළි පසක් සහිත මෙම ප්‍ර‘දේශය තුළ උද්‍යානය ආරම්භයේදී මුලින්ම ස්ථාවර ජල සැපයුමක් යොදවා පසුව පෝෂක පස එක්කිරීම සිදුකර තිබේ. 2008 වර්ෂයේදී පමණ උද්‍යානයේ පැළ සිටුවීම් ආරම්භ කර ඇත.
උද්‍යානයේ මුල් භාගය මිශ්‍ර කලාපයක් ලෙස සකස්කර ඇත. විශේෂ භූමි අලංකරණ ක්‍රම යොදාගනිමින් වර්ණවත් මල් හටගන්නා ශාක භාවිතයෙන් එම ප්‍රදේශය වර්ණවත් කර තිබේ. පින්න, මරතොන්ඩි, ගල් අන්දර, කොස්බැට්ටි ආදී ශාකද, දම්, සුදු, රතු ආදී මල් හටගන්නා ශාකද ඉන්දවා තිබේ.
වියළි කලාපීය උද්භිද උද්‍යානය තුළ උද්භිද විද්‍යාත්මකව ශාක පරිණාමය වූ ආකරය විදහා දක්වන අයුරින් වියළි කලාපය තුළ දක්නට ලැබෙන ශාක වර්ගවල විවිධත්වය හැදෑරීමට හැකි ආකාරයෙන් අධ්‍යාපනය සඳහා වෙන්වූ කලාප පිහිටුවා, ඊට අදාළ පැළ මේ වනවිට සිටුවා හමාරය.
දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ භාවිතයට ගනු ලබන ඖෂද වර්ග රාශියක් අන්තර්ගතව ඇත්තේ වියළි කලාපය තුළයි. මෙම සියලුම ඖෂධ වර්ග සංරක්ෂණය කිරීමේ කලාපද මේ වනවිට මිරිජ්ජවිල වියළි කලාපීය උද්‍යානය තුළ පිහිටුවා ඇත.
ආනයනික පලතුරුවලට හුරු වී සිටින අප ඇතැම් විට දේශීය පළතුරු වර්ග බොහෝමයක් හඳුනන්නේද නැති තරම්ය. විශේෂ ගණනාවක් සහිත ඌන භාවිත පලතුරු විශේෂ සියල්ලත්, දැවමය වටිනාකමක් සහිත ශාක සියල්ලත් මෙහි වෙනමම කලාපයක් තුළ රෝපණය කර තිබේ.
උද්‍යානය පිහිටුවීමේ ප්‍රධාන අරමුණු වන්නේ වියළි සහ අර්ධශුෂ්ක ප්‍ර‘දේශවල තුරැලතා ස්ථානයෙන් බැහැරව සංරක්ෂණය කිරීම, වියළි කලාපයේ මඳ වශයෙන් දන්නා එමෙන්ම අඩු වශයෙන් ප්‍රයෝජනයට ගනු ලබන ශාක පිළිබඳ අධ්‍යාපනය, වියළි කලාපයේ භූ දර්ශන වැඩිදියුණු කිරීම පිළිබඳ විශේෂත්වය සහ ඖෂධ ශාක ප්‍රවර්ධනය කිරීම, උද්භිද විද්‍යාව හා මල් වගාව පිළිබඳව ඉගෙනීම හා පුහුණු කිරීම සහ පාරිසරික සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ආදියයි.
මෙම උද්භිද උද්‍යානය තුළ විවිධ සත්ත්ව විශේෂද දැකගත හැකි අතර, මොනරුන් වැඩි වශයෙන් දක්නට ලැබේ. හාවුන්, මෙන්ම පක්ෂීන්ද ඒ අතර අපගේ නෙත ගැටිණ. දිනයක උදාව ආරම්භ වන හිරු උදාවේදී මෙන්ම ඉර බැසගෙන යන සවස් යාමයේදීද අප උද්‍යානයට ගොඩවැදුණේ එහි සැබෑ රූ අසිරිය ඔබ වෙත සමීප කරවීමටය.
ස්ථානීය සංරක්ෂණ කිරීම වනජීවී දෙපාර්තමේන්තුවටත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් පැවරී ඇති අතර, පරිබාහිර සංරක්ෂණය සිදුකරනු ලබන්නේ උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුව මගිනි. උද්‍යාන බලධාරීන් පවසන ආකාරයට අක්කර 300 ක පමණ භූමි ප්‍රදේශයක පැතිරුණු මිරිජ්ජවිල වියළි කලාපීය උද්‍යානයේ කටයුතු 90% ක පමණ කටයුතු මේ වනවිට අවසන්ය. තවත් අවුරුදු පහක කාලසීමාව තුළ සම්පූර්ණයෙන්ම මෙම කටයුතු අවසන් කර ඉතා අලංකාර වියළි කලාපීය උද්‍යානයක් ජනතාවට තිළිණ කිරීමට ඔවුනට හැකිවනු ඇත.
ශ්‍රි ලාංකීය ශාක ප්‍රජාවේ ඉතිහාසය එක්තැන් කර තබන, එමෙන්ම උද්‍යානයක් ලෙසින් ලෝකයේම සංචාරක පිරිස් ඇද බැඳගන්නා මෙම වියළි කලාපීය උද්භිද උද්‍යානය රුකගැනීම අප සැමගේ වගකීමක් වන බවද සිහි තබාගත යුතුය.
උද්භිද උද්‍යානයේ ඉදිරිපසද ඉතා අලංකාරව සකස්කර ඇති අතර, උද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන් සැමට ආහාර ගැනීමට සහ සනීපාරක්ෂක පහසුකම් සලසාගැනීමට හැකිලෙස එම ප්‍ර‘දේශය වෙන්කර තිබේ. ඉතා අලංකාරව නිර්මාණය කර ඇති මෙම ප්‍රදේශය තුළදී සංචාරක ඔබට අවශ්‍යතා වෙනුවෙන් වෙළෙඳ සැල් පවා ස්ථාපනය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වියළි කලාපීය උද්භිද උද්‍යානය නැරඹීමට මිරිජ්ජවිලට පැමිණ ඔබත් අනාගතයට දායද කළ යුතු මෙම උද්‍යානය රැකගැනීමට දායකවන්න. ඔබ රැගෙන එන කිසිම ද්‍රව්‍යයක් උද්‍යානය තුළ නොතබා, නැවත ඒවා රැගෙන යාමට කටයුතු කරන්න. උද්‍යානයේ ශාක විශේෂ කිසිවකට කිසිදු හානියක් නොකරන්න. ශාක විශේෂ සහ සත්ත්ව විශේෂ සංරක්ෂණයට දායක වන්න.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු
විශේෂ ස්තුතිය- උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ සිරිල් විජේතුංග මහතා, මිරිජ්ජවිල වියළි කලාපීය උද්‍යානයේ කාර්යභාර නිලධාරී .......