saravita-anim2

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා

විශේෂාංග - timelapse 7748 hours ago

LATEST

මාස තුනකට ප්‍රමාණවත් තිරිඟු පිටි තිබෙනවා - ප්‍රීමා සමාගම

calendar_today 2020 මාර් 23 - 20:29 remove_red_eye - 362  

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරමින් අඛණ්ඩව තිරිඟු පිටි සැපයුම් සිදු කිරීම සඳහා සිය සමාගම සියලු කටයුතු සූදානම් කර ඇති බව සීමාසහිත ප්‍රීමා සිලෝන් (පුද්.) සමාගම අවධාරණය කරයි.

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇඳිරී නීතිය හෙට (24) උදෑසන 6.00ට ඉවත් කර නැවත මධ්‍යහ්න 12.00 ට පැවනවීමට රජය තීරණය කර ඇත.

Read More

මහියංගණය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු වන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් උපදෙස් ලබාදීමත් සමඟ ඔහු එය ප්‍රතික්ෂේප කරමින් මෙම පුද්ගලයා සිය හිතවතෙකු මුණ ගැසීම සඳහා මහියංගණයට පැමිණ ඇති බවට ප්‍රකාශ කර තිබේ.

Read More

අක්මිමන විවිධ සේවා සමුපාකාර සමිතිය මගින් ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව සඳහා නිවෙස්වලටම ගොස් සහනදායි මිළකට වියළි ආහාර පාර්සලයක් බෙදා දිමේ වැඩසටහනක් අද (23දා) දින ආරම්භ කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකවේ කොවිඩ් 19 ආසාදනය වූ පළමු රෝගියා අයි.ඩී.එච්. රෝහලින් පිටව ගියේය. ඉතාලි ජාතිකයන් පිරිසකට මග පෙන්නූ සංචාරක මග පෙන්වන්නෙකුට මෙසේ කොවිඩ් 19 රෝගය ආසාදයන විය.

Read More

පොළොන්නරුව මහනගර සභාවේ නගරාධිපති ඇතුළු මන්ත්‍රීවරුන්ගේ සහ සේවකයින්ගේ දිනක වැටුප වැලිකන්ද මුලික රෝහලේ කොරෝනා රෝගීන් වෙනුවෙන් අද (23) දින පස්වරුවේ දි පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂකවරයා වෙත නගරාධිපති විසින් පරිත්‍යාග කළේය.

Read More

කොරෝනා හෙවත් COVID-19 වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය සහ ඒ හා සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ අරමුදලක් ස්ථාපනය කරයි.

Read More

හලාවත ඉරණවිල පිහිටි ඇමෙරිකන් හඬ සම්ප්‍රේෂණ කටයුතු සදහා යොදාගත් ගොඩනැගිලි සමුහය කොරෝනා ආසාදිතයින්ගේ නිරෝධායන කටයුතු වෙනුවෙන් යොදා ගැනිමට සුදානම් බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසිය.

Read More

තවත් කොරෝනා රෝගීන් 5ක් හමුවීමත් සමඟ දැනට ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 91 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය .

Read More

මුල්ලේරියාවේ පිහිටි IDH රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට ද නව කොරෝනා වෛරසය වැළදී ඇති බව ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍ර​ම මහතා ප්‍රකාශ කර සිටියේය.

Read More

කොවිඩ් 19 රෝගය ව්‍යාප්තවීමත් සමග සුවසැරිය ගිලන් රථ සේවාවටද අධික ඉල්ලුමක් ඇතිව තිබේ. නමුත් මේ අවස්ථාවේදී ඒ සඳහා වගකීමෙන් කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

පැය 10 ක කාලයක් ඇතුලත දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝ ලක්ෂ 50 ක ට වැඩි ප්‍රමාණයක් 23 දින අලෙවි කර ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජයරත්න මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට සැකකෙරෙන රෝගීන් සංඛ්‍යාව 222 සිට 227ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොවිඩ් 19 හේතුවෙන් ජර්මනිය තුළ සඳුදා දිනයේදී මරණ 86 ක් වාර්තා වූ අතර මේ වන විට එරට කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 22,672 ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

COVID 19 හෙවත් කොරෝනා වසංගතය රට තුළ ව්‍යාප්තවීම පාලනය කරන අතර රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්‍ය නොවී පවත්වාගෙන යාමට අනුගමනය කළ යුතු උපදෙස් සමූහයක් රජය විසින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට නිකුත් කර තිබේ.

Read More

සෞදි අරාබිය - අද මධ්‍යම රාත්‍රියේ සිට සතිතුනක කාලයක් සඳහා රාත්‍රී 7 සිට පසුදින අලුයම 6 දක්වා ඇඳිරි නීතිය පනවා තිබේ.

Read More

කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද (2020 මාර්තු 23) කටයුතු කරන ලදි.

Read More

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කිරීමට අවසර ඇති බව ජනපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි.

Read More

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. එසේම විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පූර්ණයෙන් තහනම් බව රජය නිවේදනය කරයි.

Read More

කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ සහතික වි තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය වේලාවට නිසි පියවර නොගත් බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

කොවිඩ් -19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා දරන උත්සාහයට සහාය වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් (ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය) රජයට රුපියල් මිලියන 25 ක මුදලක් ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ.

Read More

විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයින්ගෙන් 580 දෙනෙකු ගුවන් හමුදාව විසින් උතුරු පළාතේ පිහිටුවා ඇති කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයන්හි මේ වන විට නිරෝධායන කටයුතුවල නිරත වන බවට ගුවන් හමුදාව පවසයි.

Read More

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට(24) උදේ 6.00ට ඉවත් කෙරෙයි. මේ දිස්ත්‍රික්කවල හෙට දහවල් 12.00ට නැවත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර, එය 27 වන සිකුරාදා උදේ 6.00 තෙක් බලපැවැත් වෙයි.

Read More

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට එනම් මාර්තු 24 උදේ 6.00ට ඉවත් කෙරේ.

Read More

කොරෝනා වෛරසය මර්දන ව්‍යාපෘතිය හා රජයේ සෙසු සේවාවන් පවත්වාගෙන යෑම සඳහා මුදල් ප්‍රතිපාදන තිබේද නැත්ද යන්න ගැන මහජනතාව කිසිඳු බියක් ඇතිකරගත යුතු නැත.

Read More

පොලන්ත ජාතිකයින් දෙදෙනෙකු අද (23දා) අඵයම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැක කරන රෝගින් සඳහා වෙන්කර ඇති විශේෂිත වාට්ටුවට ඇතුලත්කොට ඇති බව රෝහල් ප්‍රකාශකයකු පැවසිය.

Read More

ඉරිදා දිනයේදී ජපානය තුළ කොරෝනා වයිරසය හේතුවෙන් මරණ 5 ක් වාර්තා වූ අතර මේ දක්වා ජපානයෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව එය වෙයි.

Read More

නවසීලන්තය බදාදා රාත්‍රියේ සිට මාසයක කාලයක් රට වසා දැමීමට තිරණය කර තිබේ. ඒ අනුව බදාදා රත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවාවලින් බැහැරව මුළු රටටම රැඳී සිටිය යුතු බවට නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය නියෝග කර තිබේ.

Read More

එසේම යතුරු පැදි, ත්‍රි රෝද රථ හා වෙනත් වාහන 447ක්ද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.