saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

විශේෂාංග - timelapse 7186 hours ago

LATEST

කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 210 දක්වා ඉහළට

calendar_today 2020 අප්‍රේ 12 - 23:09 remove_red_eye - 1872  

අද සවස කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වු රෝගීන් හත් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන අතර ඒ අනුව අද දිනයට පමණක් රෝගීන් 11 දෙනෙක් වාර්තා වී තිබේ.

කොරෝනා වසංගතය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට යාමට නොහැකිව මෙවනවිට තායිලන්තයේ බැංකොක් නුවර රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට නොමිළේ අවශ්‍ය ආහාරපාන ලබා දීමට බැංකොක් නගරයේ පවත්වාගෙන යන ශ්‍රී ලාංකීය ආපනශාලාවක් වන මානෙල් ලංකා ආපන ශාලාව ඉදිරිපත්ව සිටියි.

Read More

එජාපය හා ජවිපෙ අසත්‍ය ප්‍රකාශ කරන බවත් මැතිවරණ පවත්වන්න විසුරුවා හැරිය පාර්ලිමේන්තුව යළි කැඳවන්න ජනපතිට බලයක් නොමැති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

සිංගප්පූරුවේ සහ දෝහා කටාර් ගුවන් තොටුපළවල සිරවී සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් 14 දෙනකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා අද 12 දියතලාව වැඩ සේවා නිවාඩු නිකේතන නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව පවසයි.

Read More

ඒ අනුව යම් විභ්‍යව ජෛව විද්‍යාත්මක උවදුරක් වැළැක්වීම් කාර්යය සඳහා සෙල්සියස් අංශක 800 සිට 1200 දක්වා වූ උෂ්ණත්වයක් සහිතව විනාඩි 45ක කාලයක් සිට පැයක කාලයක් සඳහා සම්පූර්ණයෙන් දැවී යන තෙක් හා නිසි බලධාරියා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක ඒ බලධාරියාගේ අධීක්ෂණය යටතේ ආදාහනය කරනු ලැබිය යුතුය.

Read More

අම්පාර අක්කරපත්තුව ප්‍රදේශයෙන් හමුවු කොරෝනා රෝගියාගේ බිරිඳට කොරෝනා ආසාදිත වි ඇති බව අක්කරපත්තුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ගුණසිංහම් සුගුනන් මහතා පැවසිය.

Read More

වෛද්‍යවරයෙකු විසින් නර්දේශිත ඖෂධ වට්ටෝරුවක් සහිතව පමණඛ් ලබදිය යුතු ඖෂධ කිසිඳු ඖෂධ වට්ටෝරුවක් රහිතව ජනතාවට ලබදීමට කිසිවිටකත් නොකළ යුතු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ ආහාර ගබඩාවකට ඉතා අපිරිසිදු තත්ත්වයේ සහ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය ගබඩා කර තැබීම පරිප්පු තොග සඟවා තැබීම සහ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම යන චෝදනා යටතේ නඩු පැවරීමට නගර සභා සෞඛ්‍ය අංශ අද ( 12) දින නගරාධිපති ජාලිය ඕපාත මහතා නියෝග කළේය .

Read More

ශ්‍රී ලංකා නවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තවත් මෙඩි මේට් (Medi mate) ස්වයංක්‍රීය උපකරණයක් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල වෙත ලබා දීමට අද (12) කටයුතු කරන ලදි.

Read More

රට තුළ මේ දිනවල පවතින තත්ත්වය හමුවේ ගම්බිම් බලා පිටත්විමට නොහැකිව බස්නාහිර පළාත තුළ විවිධ දුෂ්කරතාවයන්ට මුහුණපා සිටින සෙසු පළාත්වල ජනතාවට සහන සැලසිම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා විසින් සහන සේවාවන් ආරම්භ කර ඇත.

Read More

ජා-ඇල ප්‍රදේශයෙන් පුද්ගලයින් 43 ක් සහ මාකේවිට ප්‍රදේශයෙන් පුද්ගලයින් 09 දෙනෙකු වශයෙන් පුද්ගලයින් 52 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා වෙරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 32ක් දක්වා ඉහල ගොස් ඇති අතර ඉන් ආසාදිතයින් 20 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ බේරුවල සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

මෙ‍‍තෙක් කලක් ජනතාව, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ කළ කැපකිරීම් එක් කණ්ඩායමක බල වුවමනාව වෙනුවෙන් අපතේ යැවිය යුතු නැති බවත්, ඇතිවිය හැකි ව්‍යවස්ථා අර්බුදය වැළැක්වීමට පාර්ලිමේන්තුව කැඳවීමේ බලය ජනාධිපතිවරයා විසින් පාවිච්චි කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

එළඹෙන මැයි මස 18 වන දින සියලුම විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.

Read More

මිළ දී ගන්නා වට්ටක්කා තොග අනුරාධපුර දිසාපතිවරයාගේ ද සහාය ඇතිව කොළඹට ගෙන්වා දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වලට බෙදා දෙන්නැයි කොළඹ දිසාපතිවරයාට දැනුම් දී ඇත.

Read More

උද්ගතව ඇති ව්‍යසනකාරී තත්ත්වය හමුවේ රජය ගෙනයන වැඩපිළිවෙලට සහය වීම සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික හා නිෂ්පාදන අධ්‍යයන අංශය මඟින් උසස් තත්ත්වයෙන් යුතු Ventilation යන්ත්‍රයක් නිෂ්පාදනය කර, එම යන්ත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය

Read More

තවත් කොවිඩ් - 19 ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති අතර මෙරටින් වාර්තාවන සමස්ත කො‍රෝනා ආසාදිතයින් ගණන 203 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

බීජිං (ෂින්හුවා) - චීනය තුළ නව කොවිඩ් රෝගින් 99ක් වාර්තා වී ඇති අතර එයින් 96ක්ම විදේශයන්හි සිට චීනයට පැමිණි පුද්ගලයන් බව චීන සෞඛ්‍ය කොමිසම පවසයි.

Read More

‍කොවිඩ් 19 වසංගතයෙන් අඩපණ වු ඉතාලි ආර්ථිකය ශක්තිමත් කරමින්ජ න ජිවිතය යථා තත්ත්වයට පත් කිරිමට යුරෝ බිලියන 400 ක මුදලක් ලබාදිමට යුරොපා කොමිසම එකඟ වු බව ඉතාලි අගමැති ජුසෙප්පෙ කොන්තේ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.

Read More

ඉන්දියාව තුළ කොරෝනා වෛරසය පැතිර යෑම පාලනය කිරීම සඳහා එරට වසා දැමීම තවදුරටත් දීර්ඝ කිරීමට ඉන්දියාව කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, විවිධ රටවල ගුවන් තොටුපොළ වල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් අතරින් 14 දෙනෙකු ඊයේ (11දා) රාත්‍රී හා අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More

දෙවැනි එළිසබෙත් මහ රැජින කියා සිටියේ පාස්කු උත්සවය ’’අන්ධකාරය ජය ගන්නා කාලයක්’’ බවයි.

Read More

ඉදිරි සති දෙකක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළුවීම සහ පිටවීම සම්පුර්ණයෙන්ම අත්හිටුවීමට ගම්පහ දිස්ත්‍රික් කෝවිඩි-19 රෝග නිවාරණ කමිටුව තීරණය කර තිබේ.

Read More

ජනතාවගේ ගැටලු සඳහා විධිමත් හා ප්‍රායෝගික විසඳුම් ලබා දීම රජයේ වගකීමක් බවත්, රජය විසින් ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන්නේ නම් කොරෝනා මර්දනයට උපරිම සහය ලබා දීමට ’සැදී පැහැදි’ සිටින බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා හමුවී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 199කි.

Read More

ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන රට බවට ඇමෙරිකාව පත්ව තිබේ. එරට ආසාදිතයන්ගේ සංඛ්‍යාව 506188 කි. වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ඉතාලියෙන් වන අතර ඔවුන්ගේ මරණ සංඛ්‍යාව 19468කි.

Read More

දෙවැනි පාසල් වාරය ලබන මැයි 11, සඳුදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මීට පෙර දෙවැනි පාසල් වාරය අප්‍රේල් මස 20, සඳුදා ඇරඹීමට නියමිතව තිබිණ.

Read More

අපනයන ඛනිජ බලපත් නිකුත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදා ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

Read More

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් අද (11) ප.ව 6.45 ට නෙළුම් කුලුණ ආලෝකමත් කර උපහාර දැක්වීම සිදු කෙරිණ.

Read More

කොළඹ නාගරික බල ප්‍ර දේශය තුළ ජීවත්වන ජනයාට බෝනොවන රෝග සඳහා සායනික බෙහෙත් නිකුත් කිරීම නාගරික බටහිර බෙහේ ශාලා මගින් සිදුකරන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිනී දිසානායක මහත්මිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.