saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

විශේෂාංග - timelapse 7127 hours ago

LATEST

කොරෝනා නිසා කුරුණෑගල අවධානම් - GMOA

calendar_today 2020 අප්‍රේ 26 - 12:28 remove_red_eye - 36649  

ලැබෙන දත්ත සහ තොරතුරු අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය පැතිරයාම අවධානම් තත්ත්වකට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා ප්‍රකාශ කළේය .

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා පරික්ෂණ ආරම්භ කළ දිනයේ සිට අද (26දා) දක්වා කාලය තුළදි පී. සී. ආර්.පරීක්ෂණ 1291ක් සිදුකොට ඇති අතර ඉන් කොරෝනා ආසාදිතයින් බවට තහවුරුවී ඇත්තේ පුද්ගලයින් 20 දෙනෙකු පමණක් බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සම්පත් රණවිර මහතා පවසයි.

Read More

ඉතාලියේ දෛනික මරණ සංඛ්‍යාව මාර්තු මස (17) න් පසුව අඩුම අගයක් ගත දිනය ඊයේ (25) වාර්තා වු බවත් එය 415 වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

Read More

දැනට රට තුළ පවතිනඇඳිරි නීතිය ලිහිල් කළ වහාම වඩාත් සෞඛ්‍යමත් පරිසරයක් තුළ ආරක්ෂාකාරී ලෙස සේවාවන් විධිමත් ව පවත්වාගෙන යාමට මුලික පියවර ගන්නැයි විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ප්‍රවාහන අංශයේ සභාපති වෛද්‍ය ශවින්ද්‍ර ගමගේ මහතාට උපදෙස් දී ඇත.

Read More

ඇතැම් රැකියා කොන්ත්‍රාත්තු ආරම්භ කිරීම ප්‍රමාද වී ඇති නමුත්, ඔවුන්ගේ රැකියාවන්හි සුරක්‍ෂිත බව කොරියාවේ සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහතික කර ඇති බව ද ඔහු පැවසීය. තානාපති කාර්යාලය, කොරියානු ජනරජය තුළ ගිවිසුම් අවසන් කිරීමට නියමිතව සිටින අයගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීම සඳහා පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡාවල නිරතව සිටී.

Read More

පළමුව, ආර්ථිකය ආරම්භ විය යුතුයි. කෑමට නොහැකි වූ විට මිනිසුන් ඡන්දය ප්‍රකාශ කිරීමට යන්නේ නෑ. ආර්ථිකය ආරම්භ විය යුතුය. ඒ සමඟ ජනතාව මැතිවරණයට පැමිණෙනු ඇත. ඒ සඳහා යතුර වන්නේ පරීක්ෂා කිරීම, පරීක්ෂා කිරීම, පරීක්ෂා කිරීමයි!

Read More

ගම්පහ ශ්‍රී බෝධි පාර නිවාස සණස නිවාස සංකීර්ණය ඉදිරිපිට සංගීත සංදර්ශනයක් පැවැත්වූ නාවික හමුදා තූර්ය වාදක නැවියන් දෙදෙනෙකුද කොරෝනා ආසාදිතයින් බව තහවුරුවීම මත එම නිවාස සංකීර්ණයෙහි පදිංචි කරුවන්ගෙන් තොරතුරු විමසීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඊයේ (25) සවස පියවර ගනු ලැබීය.

Read More

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පළමුවරට කොරෝනා ආසාධිත බවට තහවුරු වූ දෙදෙනකු අද (26දා) හමුවූ බව හම්බන්තොට දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපිකා පටබැඳිගේ මහත්මිය පැවසුවාය.

Read More

ඊයේ රාත්‍රියේදී තවත් පුද්ගලයන් 8ක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී තිබේ.

Read More

එක්සත් රාජධානියේ රෝහල්වල මේ වන විට 20,000 කට අධික පිරිසක් නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 03 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 09 දෙනෙකුත වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

වැලිසර මහසෙන් නාවුක කදවුරේ සිට නිවාඩු ලබා කරුවලගස්වැව කුඹුක්කල්ල ප්‍රදේශයේ නිවසට පැමිණි සිටි නැවියා ඇතුළු පවුලේ හය දෙනෙකු පුත්තලම මුලික රෝහලේ කොරෝනා ඒකකයට රැගෙන ආ බව කරුවලගස්වැව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඒ.එච්.එම්. ජේ.කේ. අබේරත්න මහතා පවසයි.

Read More

වැලිසර නාවික කඳවුරේ රාජකාරි කොට නිවෙස්වලට පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි නාවික සෙබලුන් 08 දෙනෙකු හා එක් නාවික සෙබලකුගේ පවුලේ සාමාජිකයින් හතර දෙනෙකු පි.සි.ආර් පරික්ෂණවලට අද (25) දින ලක්කළ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ අනෙක් ජන කණ්ඩායම්වලට වඩා නාවික හමුදාව විනයෙන් හා සංවිධාන ශක්තියෙන් වැඩි හෙයින් තත්ත්වය පාලනය කිරීමට හැක බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවැසීය.

Read More

කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 440 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

Read More

කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වූ නාවික හමුදා නිලධාරියකු පැමිණි බව කියන තංගල්ල බස් නැවතුම්පළේ පිහිටි ජංගම දුරකතන අලුත්වැඩියා කරන ස්ථාන දෙකකට ඉකුත් 22,23 සහ 24 දිනයන්හීදි පැමිණි අයවලුන් සිටි නම් හැකි ඉක්මනින් තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කරන ලෙස එම කාර්යාලය කියයි.

Read More

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 435ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.

Read More

දැනට පවතින කෝවිඩ් 19 වසංගතය හේතුවෙන්,දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලු ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා කළුතර මහ රෝහලට පැමිණි රෝගීන්ට විවිධ අපහසුතාවයන් වලට මුහුණ දීමට සිදුවී ඇත.

Read More

කෝවිඩ් වෛරසය පවතින කාලසිමාව තුළදි වුවත් රජය විසින් ලබාදෙන නිර්දේශ මත සෞඛ්‍යාරක්ෂිතව පියවර අනුගමනය කරමින් නැවත මහජනතාවට අවශ්‍ය සේවාවන් ලබාදිමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කිරිමට සුදානම් බව ඔවුහු සඳහන් කරති.

Read More

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොරොනා බවට සැක රෝගීන් ගේ ප්‍රතිකාර පහසු කිරීම සඳහා භාවිතා කළ හැකි රොබෝ යන්ත්‍රයක් හෝමාගම මූලික රෝහලට අද (25) පරිත්‍යාග කළ බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය .

Read More

නොරොච්චෝල ලක් විජය බලාගාරයට ගල් අගුරු සපයන බත්තල්වල රැකියා කරන ඉන්දියන් ජාතිකයින් 31 ක් නිරෝධායන කටයුතු සදහා යොමු කළ බව කල්පිටිය සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි දම්ශ්‍රී මදුමාල් මහතා පවසයි.

Read More

පොළොන්නරුව පුලස්තිගම ප‍්‍රදේශයෙන් හමුවූ නාවික හමුදාවේ සේවය කර නිවාඩු ලබා පැමිණි කොරෝනා ආසාදිතයා ඇතුළු එම කඳවුරේම සේවය කර පොලොන්නරුවට පැමිණ සිටින නාවික සෙබලුන් 09 දෙනා සමග සෘජු සහ සෘජු නොවන ලෙස සම්බන්‍ධකම් පැවැත්වූ බව පවසන දිස්ත්‍රික්කය පුරා සිටි පුද්ගලයින් 578ක් නිරෝධානයට ලක්කර ඇති බව පොලොන්නරුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ සරත් ජයසිංහ මහතා පවසයි.

Read More

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්‍යාලය තුල අනිසි බියක් ඇති කර ගත යුතු නොවන බවත් සදුදා දිනයේ සිට ආණ්ඩුකාර කාර්‍යාලයේ සේවයන් නිසි පරිදි පවත්වනු ලබන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

Read More

අද දිනයේදී තවත් රෝගීන් 7ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් දින තුනක් තුළ අවසන් ගමන් ගිය එංගලන්ත නිවුන් සහෝදරියන් දෙදෙනෙක් පිළිබඳව බී.බී.සී. පුවත් සේවය තොරතුරු වාර්තා කරයි

Read More

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග නාවලපිටිය නගරයේ පොදු ස්ථාන විෂබිජහරණයට ලක් කිරිම නාවලපිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.ඒ.එච්.පි කළුගම්පිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

Read More

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඇඳිරිනීතිය ඉවත් කරන දිනය වනවිට රජයෙහි සහ පෞද්ගලික අංශයෙහි රාජකාරී වලට වාර්තා කිරීමට නියමිත සේවක සේවිකාවන්ට විධිමත් ක්‍රමවේදයක් හරහා ප්‍රවාහන පහසුකම් සැලසීමට ’’ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය’’ විසින් සැලසුම් සකස්කොට ඇත.

Read More

ඉතාලියේ සමස්ත කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (24) දිනය අවසන් වනවිට 192,994 ක් හා මියගිය පිරිස 25,969 දක්වාත් සුවය ලැබු පිරිස 60,498 වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.