saravita-anim2

2025 ජනවාරි මස 24 වන සිකුරාදා

2025 ජනවාරි මස 24 වන සිකුරාදා

විශේෂාංග - timelapse 7565 hours ago

LATEST

කුරුණෑගල රෝහලින් තවත් කොවිඩ් ආසාදිතයන් 3ක් හමුවෙයි

calendar_today 2020 අප්‍රේ 26 - 21:25 remove_red_eye - 2525  

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකුද කොරෝනා වෛරසය ආසාදනය වූවන් බවට අද තහවුරු වී ඇත.

කලුතර බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් හැටපස් දෙනෙකු මහනුවර බෝගම්බර බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට කටයුතු කළ බව කලුතර බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු පැවසීය .

Read More

අද දිනයේදී මේ දක්වා රෝගීන් 25ක් තහවුරු කරගෙන තිබේ.

Read More

සීදුව යුද හමුදා විශේෂ බලකායට අයත් හමුදා කඳවුරේ කපිතාන් වරයෙකුට කොරෝනා වෛරසය ආසදනය වි ඇති බව තහවුරු විමෙන් ඊයෙ (25) සවස කඳවුරේ 150 පරිසක් එම කදුවුරේ ස්වයං නිරෝධායනය සදහා යොමු කළ බව සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සුරේශ් කුමාර මහතා පැවසිය.

Read More

නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට 27, සඳුදා රට පුරා ඇඳිරි නීතිය පනවනු ලැබේ.

Read More

නව කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 477ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.

Read More

කොවිඩ්-19 ආසාදිත බවට මේ දක්වා හඳුනාගෙන ඇති නාවික හමුදාවේ පුද්ගලයින් ගණන 95ක් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයය නිවේදනයක් නිකුත් කරමින් අද සඳහන් කර තිබේ.

Read More

ජනතාවට සහ රටට සෙත් පතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ඓතිහාසික කතරගම පුදබිමේ දී ඊයේ (25) රාත්‍රී පැවැත්විණි.

Read More

පසුගිය දිනෙක වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුළින් කොරෝනා වෛරසය ආසාධිත ‍පුද්ගලයින් හඳුනා ගැනීමත් සමඟ ඔවුන් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් ප්‍රමුඛතා ලැයිස්තුවක් මත හදුනාගනිමින් PCR පරීක්‍ෂණ සඳහා යොමු කිරීමටත්, එම පරීක්‍ෂණ මගින් වෛරසය ආසාධනය වී ඇති බවට හදුනාගත් පුද්ගලයින් කඩිනමින් ප්‍රථිකාර කටයුතු සඳහා රෝහල් වෙත යොමු කිරීමටත් මේ වන විට කටයුතු කරමින් සිටී.

Read More

දැනට රටේ උද්ගතව ඇති ව්‍යවස්ථා ගැටලුව විසඳා ගැනීම සඳහා සියලු පක්ෂ නායකයන් ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට ලිපියක් යොමුකිරීමට බලාපොරොත්තු වන බවත් එම ලිපියට ජනාධිපතිවරයාගෙන්ගෙන් සාධනීය පිළිතුරක් නොලැබුණහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට සිදු වන බව හිටපු සභානායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි .

Read More

තවත් ආසාදිතයින් සිවුදෙනෙක් වාර්තා වීමත් සමග නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 471ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

Read More

ඇදිරි නීතිය උල්ලංඝනය කරමින් පැමිණ පිළියන්දල බෝකුන්දර මාර්ග බාධක යෙදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මෝටර් රථයෙන් පළා ගිය පුද්ගලයා හා කාන්තාවන් දෙදෙනා අද( 26) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 02 සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

පරණ පාර්ලිමේන්තුවක් කැඳවිම පිළිබඳව කිසිම නීත්‍යානුකූලභාවයක් ව්‍යවස්ථාවෙන් මට නැහැ. මට බැහැ කිසිම අවස්ථාවක පරණ පාර්ලිමේන්තුව කැඳවන්න. පැහැදිළිවම තියෙනවා අභිනව පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි කියලා.

Read More

අන්තර් පළාත් බස්රථ ධාවනය අද (27දා) සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීම ට ජාතික ගමනාගමන කමිෂන් සභාව තීරණය කර ඇති බවත් ඒ පිළිබඳ ලිඛිත දැනුම් දීම පළාත් නවයේ ප්‍රවාහන අධිකාරි යන්හි සභාපතිවරුන්ට සිදු කර තිබෙන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

Read More

වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා එප්පාවල , මාවතවැව, නවගම්මානය ප්‍රදේශයේ පිහිටි සිය පෙම්වතියගේ නිවසට පැමිණ එහි දින කීපයක් රැදී සිටි විසිතුන් හැවිරිදි නාවික සෙබළෙකුට covid 19 වෛරසය ආසාදනය වී ඇති බවට PCR පරීක්ෂණයේදී තහවුරු වී ඇත.

Read More

ඉන්දියාවේ කොයිම්බතූර් හි ඉගෙනුම ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් හා එරට පුහුණුවට ගොස් සිටි හමුදා සාමාජිකයන් 113 ක් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානාවක් අද (26දා) දහවල් කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය.

Read More

අද දිනයේදී මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් ගණන 7කි.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේදී මේවනවිට හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන් පදංචිව සිටින සහ ඔවුන් ගැවසී ඇතැයි සැක කෙරෙන ප්‍රදේශ ආශ්‍රිතව වෙසෙන ජනතාවට ප්‍රවේශමෙන් සහ අවධානයෙන් කටයුතු කරන ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහජනතාවගෙන් ඉල්ලා සිටියි .

Read More

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල් සඳහා කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රු. ලක්ෂ 2000ක් ලබාදීමට එකඟ වී තිබේ

Read More

ඇඹිලිපිටිය ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය සිය නිල නිවාසයේ සිට දින දාහතරක කාලයක් නිරෝධායනයට ලක්වීමට පියවර ගෙන ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ඊයේ ( 25) පැවසුවේය.

Read More

මෙම නිලධාරියා ප්‍රථිකාර ලැබූ කාලය තුළ වෛද්‍යවරුන් විසින් ඔහු පිළිබඳව සිදුකරනු ලද පරීක්‍ෂණ වලදී ඔහු මී උණ රෝගී තත්වයෙන් පෙලෙන බව නිගමනය කර ඇත. එමෙන්ම වැලිසර නාවික හමුදා කඳවුර තුළ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීමත් සමඟ සිදු කරන ලද පරීක්‍ෂණ වලදී මෙම නාවික හමුදා නිලධාරියා කොවිඩ් 19 වෛරසය ආසාධිත පුද්ගලයෙකු නොවන බවටද තහවුරු කර ගන්නා ලදි.

Read More

අද පස්වරු 11.30 වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 හේතුවෙන් තහවුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව 462ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ලැබෙන දත්ත සහ තොරතුරු අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය පැතිරයාම අවධානම් තත්ත්වකට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා ප්‍රකාශ කළේය .

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා පරික්ෂණ ආරම්භ කළ දිනයේ සිට අද (26දා) දක්වා කාලය තුළදි පී. සී. ආර්.පරීක්ෂණ 1291ක් සිදුකොට ඇති අතර ඉන් කොරෝනා ආසාදිතයින් බවට තහවුරුවී ඇත්තේ පුද්ගලයින් 20 දෙනෙකු පමණක් බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සම්පත් රණවිර මහතා පවසයි.

Read More

ඉතාලියේ දෛනික මරණ සංඛ්‍යාව මාර්තු මස (17) න් පසුව අඩුම අගයක් ගත දිනය ඊයේ (25) වාර්තා වු බවත් එය 415 වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

Read More

දැනට රට තුළ පවතිනඇඳිරි නීතිය ලිහිල් කළ වහාම වඩාත් සෞඛ්‍යමත් පරිසරයක් තුළ ආරක්ෂාකාරී ලෙස සේවාවන් විධිමත් ව පවත්වාගෙන යාමට මුලික පියවර ගන්නැයි විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ප්‍රවාහන අංශයේ සභාපති වෛද්‍ය ශවින්ද්‍ර ගමගේ මහතාට උපදෙස් දී ඇත.

Read More

ඇතැම් රැකියා කොන්ත්‍රාත්තු ආරම්භ කිරීම ප්‍රමාද වී ඇති නමුත්, ඔවුන්ගේ රැකියාවන්හි සුරක්‍ෂිත බව කොරියාවේ සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහතික කර ඇති බව ද ඔහු පැවසීය. තානාපති කාර්යාලය, කොරියානු ජනරජය තුළ ගිවිසුම් අවසන් කිරීමට නියමිතව සිටින අයගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීම සඳහා පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡාවල නිරතව සිටී.

Read More

පළමුව, ආර්ථිකය ආරම්භ විය යුතුයි. කෑමට නොහැකි වූ විට මිනිසුන් ඡන්දය ප්‍රකාශ කිරීමට යන්නේ නෑ. ආර්ථිකය ආරම්භ විය යුතුය. ඒ සමඟ ජනතාව මැතිවරණයට පැමිණෙනු ඇත. ඒ සඳහා යතුර වන්නේ පරීක්ෂා කිරීම, පරීක්ෂා කිරීම, පරීක්ෂා කිරීමයි!

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.