saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

විශේෂාංග - timelapse 7109 hours ago

LATEST

කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

calendar_today 2020 අප්‍රේ 30 - 18:54 remove_red_eye - 626  

නව කොරෝනා වෛරසය වැළදුණු සිවු දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

මෙරට කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සලකා බැලිමේදි මේ වන විට 649 දෙනෙකු වාර්තා වි ඇති බවත් ඉන් 14 දෙනෙක් පමණ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි ව සිටි මත්ලොලින් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

අද (30) දිනයේ මේ වන විට කොරෝනා ආසාදනය වු රෝගින් වාර්තා වි නොමැති බව අතර රෝගින්ගේ මුළු සංඛ්‍යාව 649 ලෙස පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Read More

කෝවිඩ් 19 වයිරසය ආසාදිත බවට සැකකරන අයගේ නාසයේ සහ මුඛයේ තරල ලබාගැනීමේ දී වෛද්‍යවරුන්ගේ ආරක්‍ෂාව සදහා ආරක්‍ෂිත ඇදුම් කට්ටලයක් වෙනුවට ආරක්ෂිත කුටියක් භාවිතයට ගැනීමට පොළොන්නරුව මහ රෝහල වෙත මින්නේරිය ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයා ඇතුළු කාර්යමණ්ඩලයේ නිලධාරින්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද අධිආරක්ෂිත කුටියක් අද (30) පොළොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරු වෙත ලබා දිම සිදු ක‍ළේය.

Read More

අගලවත්ත දාපිළිගොඩ ගම්මුද්දරවත්ත ප්‍රදේශයෙන් තවත් නව කොරෝනා ආසාදිතයෙක් අලූතින් හඳුනා ගැනීමත් සමගම එම ප්‍රදේශයෙන් මෙතෙක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව හත දක්වා ඉහළ නැග ඇතැයි අගලවත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිවසේ සිට රාජකාරි සිදු කිරීමේ නව මෙහෙයුම් පද්ධතිය ආරම්භ කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇත.

Read More

ගොවියා, පාරිභෝගිකයා සහ නිෂ්පාදන සැපයුම්කරු අතර යාන්ත්‍රණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.

Read More

පුද්ගලයන් දශ ලක්ෂයකට රෝගීන් වාර්තා වීම හා මරණ පිළිබඳව සැලකීමේදී ශ්‍රී ලංකාව වඩාත් හොඳ තත්ත්වයක ඉන්නවා.

Read More

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් නාවික හමුදාව වෙත භාරදීම අද (30) සිදු කරන ලදි.

Read More

රටපුරා පවතින පොහොර හිගය සමඟ දඹුල්ල ප්‍රදේශයේ ඇතැම් පොහොර අලෙවි කරන ව්‍යාපාරිකයින් ඉතා සූක්ෂම ලෙස රුපියල් දහසේ පොහොර මිටිය රු 1200කට විකුණන බව ගොවීහු චෝදනා කරති.

Read More

කොළඹ ජාතික රෝහල වෙනුවෙන් CT ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීම වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

මැයි දිනය වෙනුවෙන් ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජනපතිවරයාට වාර්තාවක් පිළිගැන්වූ බවත් එම වාර්තාවේ ඇති උපදෙස් පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙසයි.

Read More

හිටපු පා.ම මංගල සමරවිර මහතා විසින් රාජ්‍යය නිලධාරින් සහ රට නොමග යැවිමට කටයුතු කර ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බවත් මහනුවර දිස්ත්‍රික් හිටපු පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස විපක්ෂය විසින් ජනාධිපතිවරයාගෙන් කර ඇති සාමූහික ඉල්ලීම කාලෝචිත සහ යහ චේතනාන්විතය. විසුරුවනු ලැබු පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මම එම යෝජනාව අනුමත කරමි. යළි කැඳවුවහොත්, පාර්ලිමේන්තුව සාධනීය කාර්යයක් ඉටු කරන බව තහවුරු කිරීම එහි කථානායකවරයාගේ භූමිකාවයි.

Read More

පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් සියලු දෙනාටම සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආරාධනා කර ති‌බේ.

Read More

කොවිඩ් 19 වෛසරය අසාදනය වු නාවික හමුදා සෙබලුන් දෙදෙනෙකු හමුවිමත් සමග එම සෙබලුන් දෙදෙනා නාවලපිටිය නගරයේ වෙළදසැල් කිහිපයකට පැමිණි ඇති නිසා ඊයේ (29) දින සිට ලබන මස 4 දින දක්වා වසා දමා ඇති නාවලපිටිය නගරය විෂබිජහරණයට ලක්කිරිම අද (30) දින සිදු කරනු ලැබුහ.

Read More

පොකුරු ආකාරයෙන් කොරෝනා රෝගීන් හමුවු ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයේ රාජකාරී කළ ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට PCR පරීක්ෂණය සිදු නොකිරීම ගැන එම නිලධාරීහු කනස්සල්ලට පත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 07 දෙනෙකු ඊයේ ( 29) දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

Read More

ඉන්දියාවේ කොල්කටා නුවර අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් මෙරටට රැගෙන ඒම සඳහා අද (30දා) උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය.

Read More

මේවනවිට රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ සිදුකළ පීසීආර් පරීක්‍ෂණ 250කින් 09ක් කෝවිඩ් 19 ආසාදිත බවට තහවුරු කරගෙන ඇති බව රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනූජ රුද්‍රිගු මහතා 29දා සවස පැවති රත්නපුර දිස්ත‍්‍රික්ක කොරෝනා මර්දන කමිටුවට දැනුම් දුන්නේය.

Read More

රටට ආදරය කරන ජනතා නියෝජිත දේශපාලන පක්ෂ නම් මේ අවස්ථාවේ දි කළ යුත්තේ පාර්ලිමෙන්තුව කැදවිම ගැන කථා කිරිම නොව කොරෝනා මර්නය කිරිම සදහා රජය ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරිම සදහා ඒ අයගේ දායකත්වය ලබාදම බව එ.ජ.නි. සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි චන්දිම විරක්කොඩි මහතා පවසයි.

Read More

වරකාපොළ රෝහලේ බාහිර රෝගී අංශය හා මේ වන විට සායන පවත්වනු ලබන පැරණි සිව් මහල් ගොඩනැගිල්ල කොවිඩ් 19 ආසාදිත රෝගීන් සදහා වෙන් කිරීමට කටයුතු කරන බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පද්ම කුමාර් වික්‍රමරත්න මහතා (29) දා පැවසීය.

Read More
2020-04-30
30 04 2020 08:28:00

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වූ රෝගීන් 19 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියි.

Read More

ඇඳිරි නීතිය අඛණ්ඩව ක‍්‍රියාත්මක වන ප‍්‍රදේශවල මොබයිල් සම්බන්ධතාවන්ට ගෙවීම් කළ නොහැකි පාරිභෝගිකයන්ට සහාය වීමේ අරමුණින්, ඩයලොග් ආසිආටා සමාගම සියලූම මොබයිල් පාරිභෝගිකයන්ට DATA GB 1, D2D ඇමතුම් සඳහා විනාඩි 250ක්, D2D SMS 250 ක් ඇතුළත් දින 7ක විශේෂ සහනය තවදුරටත් ලබාදීමට පියවර ගෙන ඇත.

Read More

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට(30දා) බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00ට යළි පනවනු ලබන ඇඳිරිනීතිය මැයි 04, සඳුදා උදේ 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.

Read More

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කිරීම සඳහා පාසල්වල නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් ගණන 627ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

තිස්සමහාරාම සඳගිරි උභය රාජමහා විහාරාධිපති මාතර කඳබඩපත්තුව ඇතුළු හම්බන්තොට පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන හිමියෝ රුපියල් මිලියන 1.5ක මුදලක් අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කළහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.