saravita-anim2

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා

විශේෂාංග - timelapse 7482 hours ago

LATEST

කොවිඩ් රෝගීන් 700 සීමාව ඉක්මවයි

calendar_today 2020 මැයි 02 - 22:54 remove_red_eye - 1262  

(UPDATE)අද දිනයේදී කොරෝනා ආසාදිත රෝගීන් 15ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත රෝගින් ගණන 705ක් දක්වා වර්ධනය වී තිබේ.

නව කොරෝනා වෛරසය මිනිසා විසින් සාදන ලද හෝ ජානමය වශයෙන් වෙනස් කරන ලද්දක් නොවන බවට පුළුල් විද්‍යාත්මක එකඟතාවයට එකඟ වන බව ඇමෙරිකානු බුද්ධි අංශ පවසයි

Read More

සාලියවැව දංගස්වැව පාලු නිවසක ගොඩ ගසා තිබු රජය මගින් ලබා දෙන පොහොර මිටි 68 ක් තිබු සොයා ගත් බව සාලියවැව පොලීසිය පවසයි.

Read More

රටේ පවතින සෞඛ්‍ය අවධානම් තත්ත්වය සැලකිල්ලට ගෙන තම නිවසේ සිට ආදරණීයයන් සමඟ වෙසක් සැමරීම, සිල් සමාදන් වීම, පහන් ආලෝක පූජා පැවැත්වීම ඇතුළු ආගමික වතාවත්වල නිරතවන අතර වෙසක් සැරසිලි හා නිර්මාණ සඳහා මූලිකත්වය දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ඉල්ලීමක් පරිදි අද (02දා) චීනයේ ෂැංහයි නාගරික රජය මගින් කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත KN 95 Non – Medical Masks 20000ක්, Medical Protective Clothing 210ක් සහ goggles 300ක් පරිත්‍යාග කෙරිණි.

Read More

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත පොකුරු සම්බන්ධයෙන් සියලු තොරතුරු බුද්ධි අංශ සතුව පවතින බවත් මේ වන විටත් යම් මට්ටමකින් කොරෝනා පාලනය නතු කර ගෙන අවසන් බව රාජ්‍ය බුද්ධි අංශය පවසයි.

Read More

හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වතුයායේ වතු නිවාස පේළියට අද (02) දින පස්වරු 6.30 හටගත් ගින්නකින් වතු නිවාස 14 ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් පොලීසිය පැවසිය.

Read More

වැලිසර නාවික කඳවුරේ රාජකාරි කොට නිවසට පැමිණ යළි කඳවුරට ගොස් සිටි අක්මිමන පොලිස් බල ප්‍රදේශයේ පදිංචි නාවික සෙබලෙකුට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු විමෙන් පසු ඔහු සමිපව ඇසුරු කළ පවුල් 11කට අයත් පුද්ගලයින් 27 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති බැව් අක්මිමන පොලීසිය පවසයි.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ ( 01) දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

Read More

අද (2)සවස් වන තුරු කොරෝනා ආසාදනය වු නව රෝගින් කිසිවෙකුත් මෙරටින් වාර්තා වි නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙවද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

සන්හිල් සමූහ ව්‍යාපාරයේ (Sunhill Group of Companies Pvt Ltd) සභාපති සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා විසින් ගත් තීරණයකට අනුව නාවික හමුදාව වෙත තාවකාලිකව භාරදීම ්‍නාවික හමුදා ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී සිදු කරන ලදි.

Read More

ලොවපුරා පැතිර ගොස් තිබෙන කොරෝනා වසංගත තත්ත්වය නිසා බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ ගුවන් ගමන් වාර 04 ක් සංවිධානය කර තිබේ .

Read More

කොවිඩ් 19 වෛරසය වැළදී ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා ආරක්ෂිතව ජෛව සාම්පල ලබා ගැනීමට පහසුකම් සැපයෙන කුටියක් හෝමාගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය ට අද (2) දා පරිත්‍යාග කෙරිණි. .

Read More

කෙසේ වෙතත් තවදුරටත් රෝගය සම්බන්ධයෙන් සුපරික්ෂාකාරීව සිටිය යුතු බව හුබෙයි පාලනාධිකාරිය සඳහන් කළේය.

Read More

මේ අනුව ඔහුගේ පවුලේ උදවිය හා ඔහුගේ සහෝදරයන්ගේ පවුල් දෙකකට අයත් පුද්ගලයන් 11 ක් නිරෝධානය කටයුතු සඳහා ගාල්ල පොලිස් අභ්‍යාස විදුහල වෙත යොමුකර තිබේ.

Read More

පාර්ලිමේන්තුව වෙනුවට සෙල්ලම් පාර්ලිමේන්තු කැඳවා විපක්ෂය රවටා කෝම්පිට්ටු හැදීමට තමන් සූදානම් නැති බවත් ව්‍යවස්ථානුකූලව අග්‍රාමාත්‍යවරයා මෙය බේරා ගැනීමට ඉදිරිපත් නොවුණහොත් ඉදිරියේදී අධිකරණයට ගොස් ප්‍රශ්නය විසඳා ගැනීමට සිදුවන බව හිටපු අමාත්‍ය පී .හැරිසන් මහතා පැවසීය.

Read More

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ලෙස අගමැතිවරයා අරලිය ගහ මන්දිරයට කැඳවා ඇති සාකච්ඡාවට සහභාගී වන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා’අද’ ට පැවසීය.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 10ක් රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

අගමැතිවරයා විසින් කැදවා තිබෙන සාකච්ඡාව සදහා තමන් ඇතුලු මන්ත්‍රිවරුන් සහභාගි නොවන බව ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකිම් මහතා පැවසිය.

Read More

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දැනට වසා දමා ඇති පාසල්, පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරු විද්‍යාල ඇතුළු සියලු ආයතනයන්හි පවිත්‍ර කිරීමේ කටයුතු නැවත ආරම්භ කර ඩෙංගු උවදුර මර්දනයට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

Read More

කොළඹ ෂැංග්‍රීලා හෝටලය ශ්‍රී ලංකාවේ කොවිඩ් සටනේ ඉදිරිපෙළ නියෝජිතයන් වෙනුවෙන් උපහාර දක්වා තිබේ.

Read More

ජා-ඇල ප්‍රදේශයේ දී කොරෝනා ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී පැමිණි පුද්ගලයකුට නැවතත් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න මහතා පැවසීය.

Read More

ගාල්ලේ නරාවල, පෝද්දල ප‍්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළකු නිවාඩු ලබා නිවසට පැමිණ ආපසු ගොස් සිටිය දී කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

මැයි මස 4,5,6 යන දිනයන් බදුල්ලට කොවිඩ් 19 බලපෑම පිළිබඳව ට තීරණාත්මක දිනයන් වී ඇතැයි බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තුසිත ගුණතිලක මහතා පැවසීය.

Read More

මැයි (01) දිනයේදි වාර්තා වු මරණ 269ත් සමග ඉතාලියේ කෝවිඩ් 19න් මියගිය සමස්ත පිරිස 28,236 දක්වා වර්ධනය වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

Read More

ගල්ගමුව ගිරිබාව වන්නිකුඩාවැව ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා වෛරසය ආසානය වී තිබූ නාවික හමුදා සාමාජිකයාගේ බිරිඳට සහ දරුවන් තිදෙනාට වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (1දා) පස්වරුවේ තහවුරු වී තිබේ .

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන්ගෙන් 162ක් මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

පුද්ගලික ආරක්ෂක උපකරණ 30000ක්, N95 මුහුණු ආවරණ 30000ක්, ඇස් ආවරණ 30000ක් හා ශල්‍ය මුහුණු ආවරණ 600000ක් ඇතුළත් තවත් චීන පරිත්‍යාගයක් නොබෝ දිනකදී ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිතය.

Read More

සරල කරන ලද වැලි, පස් හා බොරළු ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම මැයි මස 11 වන දින සිට ක්‍රියාත්මක කරනු ලබයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වූ තවත් රෝගියෙක් වාර්තා වී ඇත. ඒ අනුව මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 690ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.