අද(15) රාත්‍රී 11.30 වන විට කෝවිඩ් - 19 ආසාදිතයින් 10 දෙනෙක් වාර්තා වී ඇත.
ශ්‍රී ලංකවේ කොරෝනා වසංගතය පාලනය කිරීම හා වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවට ගෙනයන වැඩපිළිවෙලට සහාය දක්වමින් චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන වෛද්‍ය සැපයුම් පරිත්‍යාගයේ සිවුවැනි කොටස රැගත් චීන ගුවන් යානයක් අද රාත්‍රී කටුනායකට ගොඩබැස්සවීය.
Read Moreගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බවත් ඉදිරි පැය 12 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (15) දින නිවේදනය කර ඇත.
Read Moreගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බවත් ඉදිරි පැය 12 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවත් දකුණ, බස්නාහිර, සබරගමුව සහ සහ මධ්‍යම පළාත්වල බස්නාහිර, සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී.150ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
Read Moreවිශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කොට සමාජයට පිවිසෙන උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයාගැනීමට ඉවහල්වන අයුරින් උසස් අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreගතවූ පැය 24ක කාලයේ දී වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි.
Read MoreCOVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් බිලියනය ඉක්මවයි.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවය ක්‍රියාත්මක කරනු ලබන සීමිත ගුවන් ගමන් මෙහෙයුම් වැඩසටහන යටතේ අද (15) දින තුළ ගුවන් මගීන් 319 ක් , ගුවන් යානා 05 ක් යොදා ගනිමින් , කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ගමනාන්ත 03ක් සම්බන්ධ කර ගනිමින් ගුවන් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලැබීය .
Read Moreඅද (15) සවස 6 වන විට කොරෝනා ආසාදිත වු නව රෝගින් වාර්තා නොවු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
Read Moreපුත්තලම පාලවි සමාගමේ අනියම් පදනමින් ඇසුරුම් අංශයේ සේවය කරනු ලබන සේවකයින් අතරින් පිරිසක් අද ( 15 ) විරෝධතාවයක නිරත විය.
Read Moreසුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ඇපය අවලංගු කරමින් කොළඹ මහාධිකරණය දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ඒ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රති ශෝධන පෙත්සමට අදාළ ලේඛනවලට රාජිත සේනාරත්න මහතාගේ අත්සන් ලබා ගැනීම සඳහා අවසර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්අධිකරණය අද (15) බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට නියෝග කර ඇත.
Read Moreරාජිත සේනාරත්න මහතාගේ නිදහස වෙනුවෙන් සෑම අවස්ථාවකදීම පෙනී සිටින බවත්, ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කරන බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreකොවිඩ් වසංගතය හේතුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව මෙවර පැවැත්වුයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.
Read Moreඅධ්‍යාපන අමාත්‍යාංශයේ, ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් නිකුත් කරනු ලබන ප්‍රාචීන ප්‍රාරම්භ, ප්‍රාචීන මධ්‍යම සහ ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගයන්හි සහතික පත් ලබාගැනීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණීම වෙනුවට මාර්ගගත (online)ක්‍රමයට ඒ සඳහා අයදුම්පත් යොමුකිරීමට අවස්ථාව සලසා ඇති බව ප්‍රාචීන භාෂෝපකාර සමාගම සඳහන් කරයි.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින් ලබාදී ඇති ස්ථාන මාරුව මැතිවරණ නීති රීති උල්ලංඝණය කරන්නක් බැවින් එම ස්ථාන මාරුව අවලංගු කිරීමේ නියෝගයක් මැතිවරණ කොමිෂන් සභාවේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇත.
Read Moreකොවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිසට වඩා එම රෝගයෙන් සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව ප්‍රථම වරට අද දිනයේදී ඉහළ ගොස් තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් නිත්‍ය සේවා ස්ථානය වෙත වාර්තා කළ නොහැකිව සිටින සියලු ගුරුභවතුන් පාසල් නැවත ආරම්භ කරන දිනයේ දී තම නිත්‍ය සේවා ස්ථානය වෙත, එනම් වැටුප් ලබාගන්නා පාසල වෙත වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.
Read Moreඅනාගත අභියෝගයන්ට මුහුණ දීමට අන්තර්ජාලගත පාඨමාලා හා දුරස්ථ අධ්‍යාපන ආකෘති ක්‍රියාත්මක කිරීම ගැන සිතා බැලිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreබ්‍රහස්පතින්දා දිනයේදී චීනය තුළ අලුතින් තහවුරු කළ කොවිඩ් 19 රෝගීන් 4ක් වාර්තා වී තිබේ.
Read Moreකොරෝනා වෛරස් රෝගීන් හමුවුවහොත් ප්‍රතිකාර කිරීම සඳහා සියලු පහසුකම් සහිත නව වාට්ටුවක් රන්ගිරි දඹුල්ල උරුමය සුරැකීමේ සංවිධානය මුලිකත්වයෙන් දඹුල්ල ප්‍රදේශයේ සියලුම ස්වේචිජා සංවිධානවල සහ දේශපාලන අධිකාරියේ දායකත්වයෙන් පුද්ගලික ආයතන ධන පරිතාගයෙන් ඉදිකොට දඹුල්ල මූලික රෝහලට භාර දීම අද (15) දින පෙරවරු සිදු කෙරිණි.
Read Moreකොවිඩ් - 19 ආසාධනයවී සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 30ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 151ක් දක්වා ඉහළට.
Read Moreකොවිඩ් -19 වයරසියේ අවධානම හේතුවෙන් නිරෝධායනය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට රැගෙන එන ලද සාමාන්‍ය වැසියන් 180 දෙනෙකු අද (15) දින වන්නි ගුවන් හමුදා කඳවුරේදි සාර්ථකව නිරෝධායනය අවසන් කිරීමෙන් පසුව නිවෙස් වෙතට පිටත් වූහ.
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය වන තෙක් පොදු ප්‍රවහන සේවා පවත්වාගෙන යාමේ දී සියලුම පොදු ප්‍රවාහන සේවාවන් මනාව සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම මෙහෙයවීම, නියාමනය හා බලාත්මක කිරීම යන කරුණු සඳහා ප්‍රවාහන සේවා කළමනාකරන කාර්යය සාධක බලකායක් ප්‍රවාහන සේවා කළමනාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (14දා) පත් කර තිබේ.
Read Moreඉතාලියේ කෝවිඩ් 19 ආසාදිත වි මියගිය සමස්ත පිරිසෙන් 60.9% ක් පිරිමි පාර්ශවයත් 30.1% කාන්තා පාර්ශවයත් වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඑසේම පුද්ගලික අංශයේ සේවකයන්ගේ මාසික වැටුපෙන් භාගයක් හෝ රුපියල් 14500ක් යන අගයෙන් වැඩි අගය ගෙවීමටත් මෙහිදී එකඟතාවකට පැමිණ තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් 10 දෙනාගෙන් 8 දෙනෙක් නාවික හමුදා සාමාජිකයන් වෙයි.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් හුදෙකනා කර තිබූ කොළඹ බණ්ඩාරනායක මාවත හා, ජා ඇල සුදුවැල්ල ප්‍රදේශය යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දෙරණ රූපවාහියේ අරුණ වැඩසටහනට එක්වෙමින් පැවැසීය.
Read Moreවිදෙස් තැපැල් ලිපි හා භාණ්ඩ තෝරාගත් ගමනාන්තයට ගුවන් හා මුහුදු මගින් රැගෙන යාමට පියවර ගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read Moreඅද දිනයේදී රාත්‍රී 10.30 වන විට හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 10කි.
Read Moreවරායේ මෙහෙයුම් සඳහා සම්බන්ධ වන සියලුම දෙනාගේ ආරක්ෂාව තහවුරු කරමින් එම මෙහෙයුම් කාර්යක්ෂමව සහ ඵලදායිතාවයෙන් යුතුව අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සකස් කරනු ලැබූ කොවිඩ්-19 වසංගතය මර්දනය සඳහා වූ මාර්ගෝපදේශය අද (14දා) එළි දක්වනු ලැබීය.
Read More