උතුරු පළාතට මේ දිනවල බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රීක්ක 4 කට අයත් පවුල් 113 ක පුද්ගලයින් 394 දෙනෙකු විපතට පත්ව ඇති බවට දිස්ත්‍රීක් ආපදා කළමණකරණ කාර්යාලය පවසයි.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (19) දින පෙ.ව 11 සිට සම්පුර්ණයෙන්ම ඇණහිට ඇති බව වටවල පොලීසිය පැවසිය.
Read Moreපසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිටීමටර් 150 ඉක්මවා ඇති බැවින් රත්නපුර දිස්ත්‍රික්යේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයාම් අධිඅවදානම් කලාපයේ ජීවත් ජනතාවට ආරක්ෂාකාරීව එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිවේදනය කර ඇත.
Read Moreඉහළ කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට අද (19) දින අලුයම සිට යලිත් ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එම ජලාශයේ වාන් දොරටු තුනක් අද දින පෙරවරු 10 ට පමණ විවෘත වි ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
Read Moreකොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (18දා) හඳුනාගත් රෝගීන් 11 දෙනාගෙන් 10 දෙනෙක්ම නාවික හමුදා රණවිරුවන් වෙයි.
Read MoreCOVID-19 වෙනුවෙන් භාවිත කළ හැකි එන්නත් 3ක් චීනය අත්හදා බලමින් සිටින එම එන්නත් දෙවන අදියර සායනික අත්හදා බැලීම්වලට ඇතුළත් කර ඇති බව බීජිංහි නාගරික සෞඛ්‍ය නිලධාරියෙක් පැවසීය.
Read Moreමේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 992ක් වාර්තා වන අතර ඊයේ දිනයේදී හඳුනාගත් රෝගීන් ගණන 11කි.
Read Moreකොවිඩ් වසංගතය වැනි බාධක පැමිණිය ද කිසිවිටෙකත් පසුබසින්නේ නැති බවත් ජාතියේ අභිවෘද්ධිය අරමුණු කොටගත් සැලසුම්, සෞඛ්‍ය සේවය සහ ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreකෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 991 දක්වා ඉහළ ගොස් ඇති බව වසංත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreකොවිඩ් 19 වසංගතයත් සමග ලොව ප්‍රධාන පෙළේ රටවල් රැසක නාවික සමාගම්වල උද්ගතව ඇති ශ්‍රමික පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.
Read Moreමධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති (අම්ෆම්) ප්‍රචණ්ඩ සුළි කුණාටුව මේ වන විට අතිප්‍රචණ්ඩ සුළි කුණාටුවත් දක්වා වර්ධනය වී ඇති බවත් අද (18) දින වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 800 ක් පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.4 ත් නැගෙනහිර දේශාංශ 86.2 ත් ආසන්නව බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාන ගතවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
Read Moreරමළාන් මාසයේ අවසාන කොටස සහ ඊදුල් ෆිත්ර් දිනය සම්බන්ධයෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය විසින් මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
Read Moreමන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ පිහිටී ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 22ක් අද (18) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 5 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් 986ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read More“රාජ්‍ය ආයතන දේශපාලනය කළයුතුයයි මා අපේක්ෂා කරන්නේ නෑ; කළ යුත්තේ ආයතන දියුණු කිරීම ඒ සඳහා ආදායම් ජනනය කිරිම කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කිරිම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreරටේ තරුණ පරපුර මුහුණ දෙන නූතන අභියෝග, ඔවුන්ගේ අවශ්‍යතා සහ ඔවුන්ගේ ගැටලු හොඳින් අවබෝධ කර ගනිමින්, විශේෂයෙන්ම රාජ්‍ය නායකයා විසින් ස්වකීය ප්‍රතිපත්ති මාලාව තුළ, තරුණ පරපුර රටේ සංවර්ධනයට යොදා ගැනීම සම්බන්ධයෙන් ලබා දී ඇති ප්‍රමුඛතාව ද සැලකිල්ලට ගනිමින් තරුණ කටයුතු සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
Read Moreදකුණු පළාත යටතේ ලියාපදංචි කර දැනට කල් පිරි ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම සඳහා ලබා දි ඇති සහන කාලය ජුනි මස 30 වන දින දක්වා දිර්ඝ කර ඇති බව දකුණු පළාත් ප්‍රධාන ලේකම්තුමන් විසින් නිවේදනය කොට තිබේ.
Read Moreමහ සයුරේ පවතින දැඩි කුණාටු තත්ත්වයක් හා අයහපත් කාලගුණික ස්වභාවය හේතුවෙන් බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගියේ බහුදින යාත්‍රා 100ක් අද (18) වන විට ආපසු හරවා බේරුවල ධීවර වරායට පැමිණි බව බේරුවල ධීවර වරාය කළමනාකාර එඩ්වඩ් දයාමාල් මහතා පැවසීය.
Read Moreඅවසන් යුද සමයේදී මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී මියගිය වැසියන්ගේ 11 වැනි ගුණ සැමරුම අද (18) ඉතා චාම්ව මුල්ලිවයික්කාල් සැමරුම් භූමියේදී සංවිධානය කොට තිබුණි.
Read Moreකුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ රෝහලක සේවයේ නියුතු වෛද්‍යවරයෙකු කේරළ ගංජා පැකට් එකක් හා කසිප්පු බෝතලයක් සමග තිරප්පනය පොලීසිය හා කැකිරාව පොලීසිය එක්ව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදි ඊයේ (17දා) අත්අඩංගුවට පත්වි තිබේ.
Read Moreමධ්‍යම පළාත තුල පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පළාතේ දිස්ත්‍රික්ක තුනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතකට නායයෑමේ අවදානම් නිවේදනය අද (18) වනදා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරනු ලැබ තිබේ.
Read Moreපොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල්කරුවන් වී තොග සගවා තබා ගැනිමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කරන බවත් ඔවුන් රජයේ පාලන මිලට සහල් වෙළඳ පොළට නිකුත් නොකරන්නේ නම් ඔවුන් සතුව පවතින සියලූ වී තොග රජයට පවරාගෙන කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හරහා සහල් බවට පත්කර ලබා දිමේ වැඩපිලිවෙල ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ළඟදිම ක‍්‍රියාවට නංවනු ඇතැයි හිටපු මහවැලි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
Read Moreපසුගිය මැයි (4) දා සිට ලොක්ඩවුන් තත්ත්වය ලිහිල් කල ඉතාලිය තවත් පියවරක් ඉදිරියට යමින් අද (18) සිට බීමහල් ආපනශාලා රූපලාවන්‍යාගාර හා බාබර් සාප්පු කුඩා වෙළඳ සැල් ආරක්ෂිත පියවර හා ක්‍රමවේදයන් සමග විවෘත කිරිමට අවසර ලබාදෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
Read Moreඅන්තර් පළාත් ප්‍රවාහන සේවා යළි ආරම්භ කිරිමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 15දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 17 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 21 දෙනෙකු සුවය ලබා ඇත.
Read Moreඩයස් පෝරාවේ අවශ්‍යතාවයට සුහම්දිරම්ලා, ජයම්පතිලා එදා පාර්ලිමේන්තුව විකෘති කර ගන්න හදපු ව්‍යවස්ථා සංශෝධනය වැනි කිසිදු වැඩපිළිවෙළකට මියගිය රණවරුවන්ගේ නාමයෙන් යළි කිසිදා ඉඩක් නොතබන බව හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreයුද්දෙන් මිය ගිය වැසියන් සැමරීම සඳහා උතුරු පලාත් හිටපු මහඇමති සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුලු පිරිසක් යාපනයේ සිට මුලතිව් දක්වා ඒ-32 මාර්ගයෙන් යාමට ගොස් පොලීසියේ හා යුදහමුදාවෙන් අවසර නොලැබීමෙන් අද (18) දින එම පිරිස යාපනය චෙම්මිණි ප්‍රදේශයේදී යුද්දෙන් මිය ගිය වැසියන් සිහිකිරීමට පියවර ගෙන තිබුණි.
Read Moreස්පර්ශ කිරීමකින් තොරව ක්‍රියාත්මක කළ හැකි ස්විච්ඡයක ක්‍රියාකාරී ආකෘතියක් නිර්මාණය කිරීමට මාතර අකුරැස්ස ප්‍රදේශයේ තරුණයකු සමත්වී තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා පාසල් අපේක්ෂකයින් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිට, විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා දීම සඳහා එළඹෙන මැයි 20, 21, 22 යන තෙදින ඇතුළත අවස්ථාව සලසා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන් වෙත දන්වා සිටී.
Read More