saravita-anim2

2025 ජනවාරි මස 12 වන ඉරිදා

2025 ජනවාරි මස 12 වන ඉරිදා

විශේෂාංග - timelapse 6760 hours ago

LATEST

නව නිර‌ෝධායන නීති ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරයි

calendar_today 2020 ඔක් 15 - 22:58 remove_red_eye - 2122  

(UPDATE) නිරෝධායන නීති කඩකරන පුද්ගලයන් රු 10000ක දඩයක් හෝ මාස 6ක සිරදඬුවමක් හෝ ඒ දෙකම පැනවීමට මේ හරහා අවස්ථාව පවතී

ගත වූ පැය 24 ක කාළය තුළ , එනම් 10/15 දින සවස 5.30 වනවිට කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් කොරෝනා ආසාදිත සේවකයින් 39 දෙනෙකු වාර්තා වී ඇති අතර , එම කළාපයට බාහිරින් පිහිටා ඇති කර්මාන්තශාලා වලින් තවත් කොරෝනා ආසාදිත සේවකයින් 16 දෙනෙකු ද සොයාගෙන ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

මෙවර කොවිඩ් වෛරසය අනෙක් අයට බෝවීමට ඇති ප්‍රවණතාම පසුගියවරට වඩා වැඩියි. කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඇඳන් වෙන් කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට පවතිනවා.

Read More

ගම්පහ බාලිකා විද්‍යාලයක 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් කොවිඩ් 19 ආසාදිතයෙකු වීම මත එම විද්‍යාලයේ ඇය සමග ඉගෙනුම ලබන සිසුවියන් සහ එම අයගේ ආශ්‍රිතයින් පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ අතර එම කිසිවෙකුටත් රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

Read More

පවතින කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2020 ඔක්තොම්බර් 31 වනදා දක්වා සියලුම සිනමා ශාලා තාවකාලිකව වසා දැමේ

Read More

කොළඹ නගර සභාවේ මරදාන පිහිටි මහජනාධාර දෙපාර්තමේන්තුවේ සේවිකාවකට කොවිඩ් ආසාදනය වී ඇතත් නගර සභාව වසා නොදැමීමට තීරණය කර තිබේ.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යයන සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව සිදු කර ඇති විශේෂ විගණන වාර්තාව අවධානයට ලක් කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය ලබන ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) වෙත කැදවා තිබේ.

Read More

කොවිඩ් ආසාදනය වූ තවත් ආසාදිතයන් 49ක් හඳුනාගෙන තිබේ. මේ අතරින් 13ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වන අතර ඉතිරි 36දා ආශ්‍රිතයන් වෙයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්වන සාකච්ඡාවලදී ඔහු අසුන් ගෙන සිටින මේසය තුළ වීදුරු ආවරණයක් සකස් කර ඇති අයුරු දක්නට ලැබේ.

Read More

ඒ අනුව අයි.ඩී.එච්. රෝහල, වැලිකන්ද මූලික රෝහල, නැගෙනහිර කොළඹ මූලික රෝහල, කඹුරුගමුව රෝහල, තෙල්දෙණිය මූලික රෝහල, කාන්තන්කුඩි රෝහල යන රෝහල් තුළ මෙසේ ධාරිතාව ඉක්මවා තිබේ.

Read More

කොළඹ නගර සභාවේ සේවකයෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ. කොළඹ නගරසභාවේ මරදානේ පිහිටි පුණ්‍ය කොමසාරිස් අංශයේ සේවකයෙකුට මෙසේ වෛරසය ආසාදනය වී තිබේ.

Read More

ND 4790 - කොළඹ - මැදගම බස් රථය ND 2350 - මාකුඹුර - ගාල්ල බස් රථය ND 0549 - කඩවත - අම්බලන්ගොඩ බස් රථය ND 6503 - කොළඹ - යාපනය බස් රථය ND 9887 – ඇල්පිටිය - කොළඹ බස් රථය NF 7515 - ගාල්ල - කඩවත බස් රථය

Read More

අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික රෝහලක් අද (15දා) උදෑසන තාවකාලිකව වසා දැමීමට අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය පියවර ගත්තේය.

Read More

කොවිඩ් 19 ශ්‍රී ලංකාව තුළින් වාර්තා වීමෙන් පසුව දිනක් තුළ ශ්‍රී ලංකාවේ කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ (14දා) සිදුකර තිබේ.

Read More

ඉදිරියේදී කොවිඩ් ආසාදනය විය හැකියැයි සැකකෙරන පිරිස්ද හඳුනාගෙන ඇති බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.

Read More

මේ වන තෙක් අලුත් පොකුරෙන් කිසිම රෝගියෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර නෑ. ඒ නිසා අපි තදින්ම විශ්වාස කරනවා මේ පොකුරත් කිසිම කෙනෙකුට ජීවිත හානයක් නොවී වළක්වාගන්න පුළුවන් කියලා.

Read More

ඔහු කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ විදුලි ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කර ඇති අතර ඉකුත් 3 දා බලන්ගොඩ කරවිකැටිය උඩකන්ද නිවසට පැමිණ තිබේ. ඔහු 4 දා ප්‍රදේශයේ මලගෙදරකටත් සාභාගි වී ඇති බව වාර්තාවන අතර එම මලගෙදරට පැමිණි ජනතාව පිළිබඳවද සෞඛ්‍ය අංශ විමර්ශනය කරයි.

Read More

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් 113කට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

හෙට උදෑසන 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියි.

Read More

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 47 දෙනෙකු කොරෝනා වෛරසය ආසාධිතයින් බවට හදුනාගෙන ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවත් වැලිකන්ද කොරෝනා විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර කළ හැකි රෝගීන් සංඛ්‍යාව උපරිම මට්ටමක පවතින බවත් තවත් ආසාධිතයින් හඳුනාගතහොත් ඔවුන් වෙනත් රෝහල් කරා යොමු කිරීමට සිදු වන බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පවසයි.

Read More

මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 17ක් හඳුනාගෙන තිබේ. මේ අතරින් පස් දෙනෙක් නිරෝධානයට ලක්වෙමින් සිටින අය වෙන අතර ඉතිරි 12 දෙනා ආශ්‍රිතයින් වෙයි.

Read More

කෝවිඩ් ආසාදනය වූ තවත් පුද්ගලයින් 29 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

තම සේවකයන් දෙදෙනෙක් සම්බනධයෙන් පෞද්ගලික රෝහලකින් කළ පී.සී.ආර්. පරික්ෂණ දෙකක් ඔවුන් කොවිඩ් ධනාත්මක බවට මුලින් ලබාදුන් වාර්තාව අත්වැරදීමක් බව එම රෝහල පැවැසූ බවට සියැට් කැළණි හෝල්ඩිංග්ස් නිවේදනය කරයි.

Read More

කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන හෙද නිලධාරිනියකට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇති බවට වාර්තා වෙයි.

Read More

ඇඳිරි නීතිය පවතින ප්‍ර දේශවලින් මෙන්ම ඇඳිරි නීතිය නොමැති ප්‍ර දේශවලින්ද කොවිඩ් ආසාදිතයන් වාර්තා වන බව ඔහු සඳහන් කළේය.

Read More

කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 84 දෙනකු එම පිරිවෙන තුළම ඊයේ (13දා) රාත්‍රියේ සිට නිරෝධායනය ලක් කළ බව පිළියන්දල පොලීසිය කියයි.

Read More

මුහුණු ආවරණ පැළදීම. අත් පිරිසිදු කිරිම, සමාජ දුරස්ථභාවය තබා ගැනීම, රෝග ලක්ෂණ අණාවරනය කළ යුතු බවත් ඔහු සඳහන් සඳහන් කළේය.

Read More

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් 145කට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මේ අතර කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සහ ඉන් පිටත පිහිටා ඇති කම්හල් තුළින් අද (13දා) වනවිට කොවිඩ් ආසාදිත සේවකයින් 74 දෙනෙකු වාර්තා වන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.

Read More

ගලගෙදර පොලිස් වසමේ පොහොලියද්ද ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග ගලගෙදර ප්‍රදේශයටසංචාරක සීමා පැනවීමට පොලිසිය කටයුතු කොට තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.