saravita-anim2

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා

විශේෂාංග - timelapse 6422 hours ago

LATEST

ශ්‍රී ලංකාවෙ කොවිඩ් ගැන සියලු තොරතුරු

calendar_today 2021 ජන 07 - 10:17 remove_red_eye - 671  

හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 206 ක් ලෙසය.

කොටහේන පොලිස් වසම, ආදුරුප්පුවීදිය පොලිස් වසම, රුවන්වැල්ල පොලිස් වසම හා කුරුඳුවත්ත පොලිස් වසමේ 60 වත්ත හුදෙකලා බවින් ඉවත් කළ බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Read More

කොවිඩ් 19 වෛරස රෝගයට ප්‍රතිකාර පිණිස ඉන්දියාව නිෂ්පාදනය කරන එන්නත සෙසු රටවලට සැපයීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දීමට සූදානම් බව ඉන්දීය විදේශ සබඳතා ඇමති ආචාර්ය එස්. ජයිශංකර් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පැවසීය.

Read More

ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය කොවිඩ් ආසාදිත රැඳවියන් පස් දෙනා අතරින් තවත් රැඳවියෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

රජයේ පාසල් නැවත විවෘත කිරීමට ගත් තීරණයත් සමග බෞද්ධ දහම් පාසල්ද ජනවාරි 11 දායින් පසුව එළැඹෙන ඉරිදා දිනයේදී ආරම්භ කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් නිවේදනය කරයි.

Read More

කොවිඩ් -19 වෛරසය හේතුවෙන් අත්හිටුවා ඇති පාසල් ක්‍රිඩා තරඟ නැවැත ආරම්භ කිරීමේ ඇති හැකියාව පිළිබද විශේෂ සාකච්ඡාවක් අද දින (06) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුලු ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

Read More

කොවිඩ්19 ආසාදනය වූ පුද්ගලයන් 484ක් ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 05 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 479 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් වෙයි.

Read More

මුහුණු ආවරණ නොපළදින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමටත් අදාළව කරනු ලැබූ මෙහෙයුම්වලින් පුද්ගලයන් 14කට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Read More

අද උදෑසන 6.00 සිට අලුතින් හුදෙකලා කරන ප්‍ර දේශ හා හුදෙකලා කිරීමෙන් ඉවත් කරන ප්‍ර දේශ පිළිබඳව නවතම නිවේදනය යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

මිනුවන්ගොඩ, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 41977ක් බවට පත්ව තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදිත කොන්දොස්තර මහතෙකු හමුවීම හේතුවෙන් ජා-ඇල ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝව අද සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව ජා-ඇල නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනංජය හේරත් මහතා පවසා සිටියහ.

Read More

කොවිඩ් වෛරසය ආසාදිත තවත් 224 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මුහුණු ආවරණ නොපළදින පුද්ගලයන් සම්බන්ධයෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට ගත් තීරණයත් සමගින් කොළඹ නගරයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 300ක් සිදුකර ඇති අතර එහිදී පුද්ගලයන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.

Read More

සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් දුම්රිය මගීන් වැඩිවීමත් සමග මගී ජනතාවට සෞඛ්‍යාරක්ෂිතව ගමන් කිරීම සඳහා දුම්රිය ගමන් වාර වැඩිකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Read More

බස්නාහිර පළාතේ සහ හුදකලා කරන ලද ප්‍රදේශ හැර අනෙකුත් සියලු පාසල් 2 සිට 13 ශ්‍රේණි සඳහා ජනවාරි 11 වැනි සඳුදා සිට විවෘත කෙරේ. හුදකලා කරන ලද ප්‍රදේශවල පිහිටි පාසල් හැර බස්නාහිර පළාතේ සෙසු පාසල් 11 ශ්‍රේණිය සඳහා පමණක් ජනවාරි මස 25 වැනි දින සිට විවෘත කිරීමට පියවර ගැනේ.

Read More

කොවිඩ් ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 445 දෙනෙකු අද (05) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා ඒකකයේ වාට්ටු අංක 02හි සිටි මවක කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් අද (05) වාට්ටුව තාවකාලිකව වසා දැමූ බව වාට්ටුව බාර විශේෂඥ ළමා රෝග වෛද්‍ය උපෙක්ෂා ලියනගේ මහත්මිය පවසයි.

Read More

මධ්‍යම පළාතේ වාර්තාවන සමස්ත කොවිඩ් 19 නව ආසාදිතයින් සංඛ්‍යාව අද (05) පෙරවරු 6.00 වන විට 2166 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් 19 එන්නත් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව ගිවිසුම් ගත වී තිබේ. මෙම එන්නත් ලබාගැනීම වෙනුවෙන් අදියර දෙකක් යටතේ ඉල්ලුම් පත්‍ර යොමුකළ යුතු අතර පළමු ඉල්ලුම් පත්‍රය පසුගිය දෙසැම්බර් 07ට පෙර ඉදිරිපත් කළ යුතුව තිබුණි.

Read More

හපුතලේ නව නගරාධිපති උපුල් දිසානායක මහතා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ විජේරාම පිහිටි නිල නිවසේදී අද (5දා) දිවුරුම් දුන්නේය.

Read More

මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩ්‍රෑස් මාර්ගය හා ශාන්ත ඇන්ඩ්‍රෑස් ඉහළ හා පහළ මාර්ග අද උදෑසන 5.00 සිට හුදෙකලා ප්‍ර දේශ වශයෙන් නම් කර ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා තැබූ කොළඹ මහ නගර සභාවට අයත් කොළඹ මහජන පුස්තකාලයේ ළමා පුස්තකාලය හා වැඩිහිටි බැහැරදීමේ පුස්තකාලය ඊයේ (04දා) දිනයේ සිට විවෘත කර තිබේ.

Read More

හුදෙකලා ප්‍ර දේශයක් ලෙස නම් කර තිබූ අවිස්සාවෙල්ල පොලිස් වසම හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

Read More

තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇත.ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 215ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකා සංචාරයට එක්වූ එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලීට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය පවසයි.

Read More

යුක්‍රේන සංචාරකයන් යාල වනෝද්‍යානය නැරඹීමට යාම හේතුවෙන් මතු වු තත්ත්වය යළි ඇති නොවීම සඳහා වහා පියවර ගන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදසේ දුන්නේය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිත තවත් 190 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 44,964ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

තවත් 565 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 37,817ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

මෙරට පැමිණ සිටින යුක්‍රේන සංචාරකයන් පිරිස අද (04දා) දින පොලොන්නරුවේ පුරා විද්‍යා සිද්ධස්ථාන දැක බලා ගැනීමේ සංචාරය අවලංගු කර ඇති බව සංචාරක අමාත්‍යාංශය විසින් දැනුම් දුන් බව පොලොන්නරුව මධ්‍යම සංස්කෘතික අරමුදල කාර්යාලය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.