saravita-anim2

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා

විශේෂාංග - timelapse 6267 hours ago

LATEST

නව COVID වෛරස් ප්‍රභේදය ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් සොයා ගැ​නේ

calendar_today 2021 පෙබ 12 - 13:43 remove_red_eye - 873  

බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරස ප්‍රභේදය (B.1.1.7) මෙරට ප්‍රදේශ කිහිපයකින් ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින්ගේ සාම්පල් වලින් හඳුනා ගැනීමට හැකිව ඇත.

කන්දකුලිය සිවිල් ආරක්ෂක පුහුණු කඳවුරේ සිවිල් ආරක්ෂක භටයින් 30 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 379කි.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 567 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 66,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

අලව්ව නගරයේ සති පොළේ වෙළෙදුන්ගේ හා කොරෝනා වෙෙරසය ආසාදිත පුද්ගලයින්ගේ ආශ්‍රිතයන්ගේ පසුගිය (09දා) සිදු කළ PCR පරීක්ෂණ වල වාර්තාව අද (11දා) ලැබී ඇති අතර අතර පුද්ගලයින් 27 දෙනෙකුට කොරෝනා වෙෙරසය ආසාදිත වී ඇති බවට තහවුර වී තිබේ.

Read More

පෑලියගොඩ, දිවුලිපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 68155ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අද දිනයේදී එම පොකුරුවලට සම්බන්ධව තවත් ආසාදිතයන් 955ක් වාර්තා වීමත් සමගිනි.

Read More

අද (10) කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 771 බොන්දුපිටිය ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

Read More

කොවිඩ් දේහයන් භුමිදානයට අවසර දෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයට ස්තූතිය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.

Read More

කොවිඩ් ආසාදිතව මිය යන අයගේ දේහයන් භූමිදානය කිරීමට අවස්ථාව දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවැසීය.

Read More

කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව දෛනිකව ජනතාව දැනුවත් කරමින් වසංගතය වැළැක්වීම සඳහා ප්‍රමුඛ කාර්යයක් ඉටුකරන ජනමාධ්‍යවේදීන් සඳහාද කොවිඩ් එන්නත ලබාදීම කඩිනම් කරන ලෙස අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 404ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 71,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

අද (09) කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

කොවිඩ්-19 ආසාදිතයින් 571ක් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 70,806ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මඩකලපුව හා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හුදකලා බව අද (09) උදෑසන 6 සිට ඉවත් කර තිබේ.

Read More

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා හුදෙකලා කර තිබූ මඩකලපුව හා මාතලේ දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කර තිබේ.

Read More

කෝවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා කාත්තන්කුඩිය ප්‍රදේශයේ තවදුරටත් හුදෙකලා කර තිබූ අවසන් ග්‍රාම සේවා වසම් 10 ද මේ මොහොතේ සිට හුදෙකලා බවින් ඉවත් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කළාය.

Read More

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 66000 ඉක්මවා තිබේ. ඒ එම පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 364ක් වාර්තාවීමත් සමගිනි.

Read More

ඉන්දියාව ප්‍රදානය කළ කොවිඩ් එන්නත් ලක්ෂ 5න් අද දිනය වන විට කොවිඩ් එන්නත් මාත්‍රා 167 762ක් ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

Read More

අද (08) කොවිඩ් මරණ 9ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

අද (08) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 514ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් රෝගීන් 740ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 64,000 ඉක්මවා ගොස් තිබේ.

Read More

රිදීමාලියද්ද ප්‍රදේශයේ සීග්‍රයෙන් පැතිරී යන කොවිඩ් වසංගතයත් සමග 08 දින දවල් වන විට වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 553ක් බවත් එම රෝගීන් සියලුම දෙනා රෝග ප්‍රතිකාර ඒකක වෙත යොමුකර ඇති බවත් ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා ජේ.සී.එම් තෙන්නකෝන් මහත්මිය පැවසීය.

Read More

බලශක්ති ක්ෂෙත්‍රයේ රැකියාවේ නිරත වූවන් වෙනුවෙන් ප්‍රමුඛතා පදනම අනුව කොවිඩ් එන්නත ලබාදීම සඳහා ඉල්ලීමක් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තාවන දිස්ත්‍රික්කය ලෙස කොළඹ දිස්ත්‍රික්කය ඊයේ දිනයේදීත් පත්ව තිබේ. ඊයේ ශ්‍රි ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 772ක් වාර්තා වී තිබෙන අතර එයින් පුද්ගලයන් 245ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

Read More

අද (07) දිනයේ කොවිඩ් ආසාදිතයින් 807ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 63,000 ඉක්මවා ගියේය.

Read More

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 65000ට ආසන්න වී තිබේ. ඒ පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව අද දිනයේදී තවත් ආසාදිතයන් 362ක් වාර්තා වීමත් සමගිනි. මේ අනුව එම පොකුරුවලින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 64937ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතටහුදෙකලා කර තිබූ ප්‍ර දේශ කිහිපයක් හෙට (08දා) උදෑසන 5.00 සිට හුදෙකලා කිරීමෙන් ඉවත් කරන බව කොවිඩ් පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ඌව පරණගම රතඹ මුස්ලිම් විදුහලේ සිසුන් සිවු දෙනෙක් හා බදුල්ල ධර්මදූත විදුහලේ 7 වන ශ්‍රේණියේ ශිෂ්‍යයෙක් කොවිඩ් 19 අසාධිතයන් බව (7) දා ලැබුණ පී.සී.ආර් වාර්තාවලින් අනාවරණය වී තිබේ.

Read More

රට විවෘත නොකර කිසි දෙයක් නොකර හිටියොත් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් බිද වැටේවී. ජනතාවගේ ආර්ථිකය බිද වැටේවී. රට විශාල ණය උගුලක හිර වේවී. ඒනිසා අපි මෙයට සාර්ථකව මුහුණ දීමටනම් රට විවෘත කළ යුතුයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.