saravita-anim2

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා

විශේෂාංග - timelapse 5849 hours ago

LATEST

කොවිඩ්ට බිලිවූ ගුරුවරියන් දෙදෙනා

calendar_today 2021 මැයි 16 - 14:49 remove_red_eye - 4423  

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගුරුවරියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.

කොවිඩ් ආසාදිතව මෙරට සිදුවූ සිව්වන ගැබිණි කාන්තා මරණයක් (15) වාර්තා වී තිබුණි. එලෙස මියගොස් තිබුණේ තිස්සමහාරාම යායගොඩ පදිංචි වයස අවුරුදු 35ක ගැබිණි කාන්තාවකි. ඒ සමග​ම ඇයගේ මාස 8ක් වන බිළිඳිය ද ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

මාරවිල මුලික රෝහලේ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු 29ට කොවිඩ් 19 ආසාදිතවී ඇති බවට තහවුරු වීමත් සමග රෝහලේ ශල්‍යාගාරය, ශල්‍ය හා ගැබිණි වාට්ටු තාවකාලිකව ඊයේ (15දා) සවස සිට වසා දැමිමට පියවර ගත් බව පුත්තලම් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

Read More

නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් නිව්වැලි වත්තේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 280 දෙනෙකුගෙන් (15) දින සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදි අසාදිතයන් 19 දෙනෙකු හදුනාගත් බවත්, එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් 60 දෙනෙකු ගෘහස්ථ නිරෝධානයට යොමු කල බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.

Read More

තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 941කි.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී තවත් ආසාදිතයන් 585ක් වාර්තාවීමත් සමගින් අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 2371ක් දක්වා වර්ධනය වී තිබේ. අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව මෙම ආසාදිතයන් වාර්තා වී තිබේ.

Read More

පී.සී.ආර්. පරීක්ෂණ මගින් ධනාත්මක වන කොවිඩ් ආසාදිතයන් සඳුදා සිට නිවෙස්වලදී ප්‍රතිකාර සඳහා යොමුකරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය.

Read More

කොවිඩ් ආසාදිතව සිටි තවත් 1352ක් සුවය ලබා පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 117,220ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,786 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

එක් දිනක් තුළ බුළුගහදෙනියෙන් කොවිඩ් මරණ දෙකක් සහ වයිරසය ආසාදනය වී ඇති රෝගින් 30 දෙනකු හඳුනාගෙන ඇති අතර පවුල් 71 ක් පමණ නිරෝධායනයට යොමු කර ඇති බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බණ්ඩාර අත්තනායක මහතා අද (15දා) පැවසීය.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී තවත් කොවිඩ් මරණ 31ක් වාර්තා වී තිබේ. ඒ අනුව එක් දිනක තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව මෙය වෙයි.

Read More

ඇතැම් පිරිස් පවසන්නේ සිනෝෆාම් එන්නත මගින් කොවිඩ් රෝගය වැළඳිය හැකි බවයි. මේ පිළිබඳව පැහිදිලි කිරීමක් කරන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ එන්නතේ අඩංගුව වන්නේ සම්පූර්ණයෙන්ම අක්‍රීය කරන ලද වෛරසයක් බැවින් එය කිසිම ලෙසකින් ක්‍රියා කිරිමට හෝ ගුණනය වීමට හැකියාවක් නොමැති බවයි. ඒ අනුව රෝගය වැළදීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බව එම කාර්යාංශය සිය ෆේස් බුක් පිටුවෙන් සඳහන් කරයි.

Read More

අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 1380ක් වාර්තාවීමත් සමිගින් අද දිනයේදී වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2269ක් දක්වා වර්ධනය විය.

Read More

බස්නාහිර පළාතේ වයස අවුරුදු 30-60ත් අතර සියළුම ජනමාධ්‍යවේදීන් කලාකරුවන්ට කොවිඩ් සඳහා වන සිනොෆාම් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමේ වැඩසටහන අද දින පෙරවරුවේ සිට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සියළු සෞඛ්‍ය නීති රීති වලට අනුගතව පැවැත්විණි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,306 දෙනෙකු අද (14) දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

ලංකා විදුලිබල මණ්ඩලයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ රියදුරෙකු වූ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් කුරේෂ් මහතා කොවිඩ් 19 වසංගත තත්ත්වයට ගොදුරු වී මියගොස් ඇත.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 889 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මැයි මස 17 දා අලුයම 4 සිට දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම සේවා වසම් 8ක් හුදෙකලා බවින් නිදහස් කිරීමට කටයුතු කර තිබේ.

Read More

කොවිඩ් රෝගීන් වාර්තා වීම අනුව දිස්ත්‍රික්ක 03කට අයත් ග්‍රාම නිලධාරි වසම් රැසක් හුදකලා කිරීමට තීරණය කර තිබේ.

Read More

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 892ක් දක්වා ඉහළ ගියේය. මෙම මරණ අතරින් මරණ 6ක්ම අවුරුදු 60ට අඩු පුද්ගලයන් වෙයි.

Read More

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීමට අද රාත්‍රී සිට සංචරණ සීමා පැනවුවද එයින් ඇඟළුම් කර්මාන්තයට බාධාවක් නොමැති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 1,174 දෙනෙකු අද (13) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (13) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,075ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

දිවයිනටම සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් මැයි මස 14,15,16 යන තෙදින තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසා සිටියි.

Read More

අද (13) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,145 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

බිබිල සෞඛ්‍ය බල ප්‍රදේශයේ ප්‍රථම කොරෝනා මරණය අද (13දා) වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

Read More

ස්වසන අපහසුතා ඇති රෝගීන්ගේ ස්වසන පහසුව සඳහා භාවිතා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය (HEATED HUMIDIFIED OXYGEN THERAPY) ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේය.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 18ක් ඊයේ (12දා) වාර්තා වී තිබේ. මෙම මරණත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 868ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

අහංගමදී නිවස තුළදි මියගිය සිව්දරු මවකගේ මරණයට හ්තුව කොවිඩ් නිව්මෝනියාව බව ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය බී.ජී.එන්. කරුණාතිලක මහතා පවසයි.

Read More

චීනයෙන් ශ්‍රි ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6න් ඊයේ දිනය වන විට පුද්ගලයන් 150606කට එම එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.