Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
01 - දුරකථන ගාස්තු 5% කින් ඉහළ දැමීම.
- අල්ලස් කොමිසමේ සභාපතිට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම.
04 - ජනාධිපති ඊශ්‍රාලය ඇතුළු මැදපෙරදිග රටවල දින 06 ක සංචාරයක නිතරවීම.
12 - දකුණු හා බස්නාහිර පළාත් විසුරුවා හැරීම.
16 - ප්‍රවීණ සාහිත්‍යධර ඒ.වී. සුරවීර මහතාගේ අභාවය
17 - විදේශ අමාත්‍යාංශ නව ලේකම්වරිය ලෙස ක්ෂෙණුකා සෙනෙවිරත්න පත්වීම.
19 - ටෙස්ට් ලකුණු 11,000 ක් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වීමට මහේල ජයවර්ධන සමත් වීම.
02- ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට අනුර කුමාර දිසානායක මහතා පත්වීම.
04 - 66 වැනි නිදහස් දිනය කෑගල්ලේදී සැමරීම.
10 - ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් වීම.
13 - ලලිත් කොතලාවලගේ කෝටි 550 ක දේපළ ගෝල්ඩන් එස්.පී.වී. ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මගින් පවරා ගැනීම.
15 - භූමිතෙල් මිල පහත දමන ලෙස ඉල්ලා හලාවත ධීවරයන්ගේ උද්ඝෝෂණයක්.
20 - පොදුරද මඩුලු ක්‍රියාකාරී කමිටුවේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවීම.
25 - සමෘද්ධි බැංකුවේ දිවිනැගුම ප්‍රජාමූල බැංකු ලෙස පත්කිරීමෙන් අනතුරුව ප්‍රථම දිවිනැගුම ප්‍රජාමූල බැංකුව විවෘත කිරීම.
01 - 1974 ඉන්දු ලංකා ගිවිසුම මගින් ලංකාවට හිමිවූ කච්චතිව් දූපත පිළිබඳව නැවත සලකා බැලිය යුතු බවට ඉන්දීය නාවික අමාත්‍ය ජී.කේ. වාසන්ගෙන් ප්‍රකාශයක්.
02 - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 25 සමුළුව ඇරඹීම.
03 - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ලංකාවට එරෙහි යෝජනාවලිය නවනීදන් පිල්ලේ විසින් සමුළුවට ඉදිරිපත් කිරීම.
05 - නවනීදන් පිල්ලේගේ වාර්තාව ශ්‍රී ලංකා රජය නිල වශයෙන් ප්‍රතික්ෂේප කරයි.
08 - රුපියල් බිලියන 39 ක මුදලක් වැයකරමින් ඉදිකළ කොට්ටාව- කඩුවෙල අධිවේගී මාර්ගය විවෘත කිරීම.
10 - ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ පනත් කෙටුම්පත සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිට පිළිගන්වයි.
12 - 'බල පෙරළියට කොළ එළියක්' යමින් දකුණු හා බස්නාහිර පළාත් සභා වෙනුවෙන් එ.ජා.ප ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම.
14 - ශ්‍රී ලංකාව ලෝක ආහාර වැඩසටහනට සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් පරිත්‍යාග කරයි.
22 - ශ්‍රී ලංකා අමද්‍යප සංගමයේ සභාපති ආචාර්ය පූජ්‍ය හාරිස්පත්තුවේ ආරියවංශාලංකාර හිමියන් අපවත් වීම.
26 - ශ්‍රී ලංකාව සම්බන්ධ එක්සත් ජාතීන්ගේ යෝජනාව විවාදයට ගනී.
27 - ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනා යෝජනාවලිය සම්මත වේ.
- යෝජනාවට පක්ෂව ඡන්ද 23 විපක්ෂව 12 යි ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් 12 යි.
28 - බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්ද පැවැත්වීම.
03 - අ.පො.ස. සා.පෙළ ප්‍රතිඵල නිකුත් වීම.
06 - ඔස්ට්‍රේලියාව 20 - 20 කාන්තා ලෝක කුසලානය දිනාගැනීම.
09 - සහල් සඳහා ආනයන බදු අඩු කෙරේ.
11 - ශෂිකලා සිරිවර්ධන කාන්තා ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වීම.
17 - හම්බන්තොට නිරීක්ෂණ චාරිකාවට ගිය එජාප මන්ත්‍රීන්ට ප්‍රහාරයක්.
23 - ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට.
25 - කාන්තා ක්‍රිකට් නායකත්වය චමරි අතපත්තු ක්‍රීඩිකාවට.
28 - කොටස් වෙළෙඳ පොළ නව සභාපති ලෙස වජිර කුලතිලක පත්වේ.
30 - තන්හාරතීරඟා චිත්‍රපටයට දිල්ලි චිත්‍රපට සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටය බවට පත්වේ.
01 - පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ ශ්‍රී ලාංකික දමිළ සරණාගතයන් 03 කට ඉන්දීය අධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරේ.
06 - රටවල් 140 කට සහභාගිත්වයෙන් ලෝක තරුණ සමුළුව ආරම්භ වේ.
සතියක් පුරාවට කොළඹදී පැවති සමුළුව අවසානයේ ලංකාවේ යෞවන කටයුතු ඇමති තරුණ සමුළු සභාපති තනතුරට පත්වේ.
07 - උතුවන්කන්දේ සරදියෙල් ඝාතනය කර වසර 150 ක් සපිරෙයි.
12 - පෑලියගෙඩ නගර සභා මන්ත්‍රී ශාමෙන් සඳරුවන්ට වෙඩි තබා ඝාතනය කරයි.
15 - LTTE කොටි තහනම වසර 05 කින් දීර්ඝ කළ බව ඉන්දීය රජය දැනුම් දෙයි.
18 - යුද ජයග්‍රහණයේ 05 සැමරුම මාතරදී පැවැත්වේ.
03 - ලබන වසරේ දැයට කිරුළ ප්‍රදර්ශනය රුහුණු සරසවි භූමියේ පැවැත්වීමට එරෙහිව රුහුණු සරසවි ශිෂ්‍යයන් සහ පක්ෂව ගම්වාසීන් උද්ඝෝෂණය කිරීම.
ලංකා ඉතිහාසයේ පළමු වරට ජුරියද විනිසුරුවරයාද ඉදිරියේ සම්මිත්රකව නඩුවක් විභාග කිරීමට මොනරාගල මහාධිකරණයෙන් තීරණයක්.
04 - දිස්ත්‍රික්ක 07 නායයෑමෙන් පුද්ගලයන් 44,000 ක් පීඩාවට පත්වීම. මරණ 23, පවුල් 598 ක පුද්ගලයන් 2535 ක් අවතැන් වීම.
- පාහියන්ගල මානව ජනාවාස වසර 50,000ක් පැරණි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොයගැනීම.
10 - වතු කම්කරු කාන්තාවක් ඉතිහාසයේ ලබාගත් වැඩිම වැටුප කොටගල මවුන්ට් වතුයාගේ තේ දලු නෙළන්නියක් වන ශාන්ති කුමාරි මහත්මිය ලබාගත්තාය. එම මුදල 57395.00කි.
24 - ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියක් ජය ගැනීම.
30 - ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජයන්ත ධර්මදාස මහතා පත්වීම.
03 - පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී පස් නිවුන් දරු උපතක් සිදු වේ.
08 - දකුණු අප්‍රිකාවේ වැඩබලන ජනාධිපති සිරිල් රම්ෆෝසා ලංකාවට එයි.
- දයාසිරි ජයසේකර හා හරින් ප්‍රනාන්දු පෞද්ගලික නාලිකාවදී ආරවුලක් ඇති කරගනියි.
11 - සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නිකුත් වේ.
ඌව පළාත් සභාව විසුරුවා හරියි.
12 - සචිත්ර සේනානායක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වෙයි.
13 - ඉන්ඩිපෙන්ඩන්ට් ආර්කේඩ් විවෘත වේ.
17 - සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ගිය එ.ජා.ප. මන්ත්‍රීවරුන්ට ප්‍රහාර එල්ල වේ.
18 - තංගල්ල නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කෙරේ.
25 - 20 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ බර ඉසිලීමේ අංශයෙන් සුදේශ් පීරිස් රිදී පදක්කම හිමි කරගනියි.
26 - පොලිස් නිල සුනඛ ෂැඩෝ මියයයි.
28 - මීගලෑව ප්‍රදේශයේදී දිනිඳු යශේන් දරුවා පැහැරගැනීමකට ලක්වෙයි.
01 - අතුරුදන් වූ දිනිඳු යශේන් දරුවා හමුවේ.
04 - චෙන්නායි ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආපසු හරවා එවයි.
05 - පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි.
2013 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ ගල්කිස්ස මහ හෝටලයේදී නිමාවිය.
07 - ආචාර්ය ආනන්ද ගුරුගේ අභාවප්‍රාප්ත විය.
12 - ලොකු ලූනු, අල බද්ද ඉහළ යයි.
රූපලාවණ්‍ය සැත්කමකට ගිය රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරියක් එන්නතක් විෂ වී මිය යයි.
ප්‍රවීණ රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී මියයයි.
31 - පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම්වරයෙකු වූ සෑම් විජේසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි.
03 - මීගමුව මහ රෝහලේදී රෝගී තරුණියක දූෂණය කර මරා දැමූ වෛද්‍යවරයාට මරණ දඬුවම නියම වෙයි.
05 - මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඝාතනය කළ එල්.ටී.ටී.ඊ. ඝාතකයන්ට සිරදඬුවම් නියම කෙරේ.
07 - ජපාන අගමැති ශ්‍රී ලංකාවට පැමිණෙයි.
08 - බළන්ගොඩින් හමුවූ මානව අවශේෂ ප්රාග් ඓතිහාසික යුගයේ බව තහවුරු කරගනියි.
11 - කූරගල රක්ෂිතයේ අස්ථි කොටස් වසර 16000කට වඩා පැරණි බව හෙළිවේ.
15 - මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් නිපදවූ පළමු නියමුවන් රහිත ගුවන් යානය මුල්වරට ගුවන්ගත කෙරේ.
16 - විදුලිය 25%කින්, භූමිතෙල් රුපියල් 20කින්, පෙට්‍රල් රු. 05 කින්, ඩීසල් රුපියල් 03කින් මිල අඩු කෙරේ.
17 - කොළඹ වරාය නගරය ඉදිකිරීම ඇරඹේ.
19 - 08 වැනි අන්තර්ජාතික ආසියානු දේශපාලන පක්ෂ සමුළුව කොළඹ නොළුම් පොකුණ රඟහල් පරිශ්‍රයේදී ඇරඹේ.
20 - ආසියානු සමුළු සභාපති කුසලාන පාපන්දු තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඇරඹේ.
ඌව මැතිවරණය පැවැත්වේ.
ගාල්ල ලන්දේසි රෝහල විවෘත කෙරේ.
22 - යාල්දේවි දුම්රිය වසර 24කට පසු පරීක්ෂණ ගමන් වාරයක් සඳහා යාපනයට යයි.
23 - එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට හිමි වේ.
24 - 11 වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ මීටර් 400 ඉසව්වෙන් සිවුවැනි තැන චන්ද්‍රිකා සුභාෂිණී රත්නායක හිමිකර ගනියි.
03 - ශුද්ධෝත්තම පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සංචාරයට ජනාධිපතිවරයා නිල ආරාධනය සිදුකරයි.
17 වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් රන් පදක්කම ශ්‍රී ලංකාවට
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ක්‍රිස් නෝනිස් ධුරයෙන් ඉල්ලා අස්වෙයි.
07 - ඌව පළාත් සභාවේ විපක්ෂනායක හරින් ප්‍රනාන්දු හා එම මන්ත්‍රී මණ්ඩලය දිවුරුම් දෙයි.
10 - ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 250කින් පහළට
16 - ඌව පළාත් සභාවේ නව ඇමතිවරු දිවුරුම් දෙති.
23 - නව නීතිපති ලෙස ජනාධිපති නීතිඥ යුවන්ජන විජයතිලක දිවුරුම් දෙයි.
24 - ජනාධිපතිවරයා 2015 අයවැය ඉදිරිපත් කරයි.
27 - පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා ජනාධිපතිවරයා හමුවෙයි.
චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ කේ.ඩී. නික්ලස් මහතා අභාවප්‍රාප්ත වෙයි.
29 - කොස්ලන්ද මීරියබැද්ද වතුයාය නාය යයි. (ලංකා ඉතිහාසයේ විශාලතම නායයාම)
31 - ඇඟලුම් ක්ෂේත්රයේ පුරෝගාමී දැවැන්තයෙකු වූ දේශබන්දු කුමාර් දේවපුර අභාවප්රප්ත වෙයි.
13 - චිත්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ මහතා ධුරයෙන් ඉවත් වෙයි.
14 - කොළඹ නුවර අධිවේගී මාර්ගයේ වැඩ ඇරඹේ
16 - ප්‍රවීණ මාධ්‍යවේදී කරුණාදාස සූරියආරච්චි (කසුරි) මහතා අභාවප්‍රාප්ත වේ.
17 - පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ එක්සත් ජනතා නිදහස් සංධානයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙති.
18 - ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක හා නියෝජ්‍ය ලේකම් උදය ගම්මන්පිල මහත්වරු සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වෙති.
20 - ගම්පහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වසන්ත සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වේ.
21 - පොදු අපේක්ෂකයා ලෙස නිදහස් පක්ෂ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයට පත් කෙරේ.
අමාත්‍යවරුන් වූ දොස්තර රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් පොදු විපක්ෂයට එක්වේ.
23 - සඳහිරු සෑයේ ධාතු නිදන් කෙරේ.
24 - ශ්‍රී.ල.නි.ප. නව මහලේකම් ලෙස අනුර ප්‍රියදර්ශන යාපා වැඩ භාරගනියි.
අයවැය තෙවැනි වර කියවීම වැඩි ඡන්ද 95කින් සම්මත වේ.
26 - වන්නි නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උවයිස් ෆාරුක් මහතා විපක්ෂයට එක්වේ.
28 - ප්‍රවීණ මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර මහතා අභාවප්‍රාප්ත වේ.
29 - අමාත්‍ය නවීන් දිසානායක සිය අමාත්‍ය ධුරයේ ඉල්ලා අස්වේ.
01 - පොදු අපේක්ෂකයාට සහාය පළකරමින් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සිවිල් සංවිධාන 45 ක් ගිවිසුමක් අත්සන් කරයි.
04 - මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා අභාවප්‍රාප්ත විය.
08 - ජනාධිපතිවරණයේ නාමයෝජනා බාර දෙයි.
- බස්නාහිර පළාත් මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පොදු අපේක්ෂකයා සමග එක්වෙයි.
- එ.ජා.ප. මහලේකම් තිස්ස අත්තනායක ආණ්ඩුවට එක් වේ.
09 - එක්සත් ජාතික පක්ෂ නව මහලේකම් ලෙස කබීර් හෂීම් මහතා පත්කෙරේ.
10 - පලනි දිගම්බරම් හා වී.එන්. රාධක්‍රිෂ්ණන් මහත්වරු ආණ්ඩුවෙන් ඉවත්වෙති.
11 - නව සෞඛ්‍ය ඇමතිවරයා ලෙස තිස්ස අත්තනායක මහතා දිවුරුම් දෙයි.
පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා යළිත් ආණ්ඩුවට එක්වේ.
12 - ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් වර්ගයේ යානය හෝකන්දරට කඩාවැටෙයි.
15 - තිස්සකුට්ටිආරච්චි ආණ්ඩුවට එක්වේ.
19 - පොදු විපක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකියි.
ජනරාල් සරත් ෆොන්සේකාගේ බෑණා වූ ධනුන තිලකරත්නට ඇප හිමිවේ.
22 - සමස්ත ලංකා ජනතා කොංග්‍රසය විපක්ෂයට එක්වේ.
උතුරු මැද විපක්ෂනායක කිංග්ස් නේල්සන් අණ්ඩුවට එක්වේ.
23 - මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට එළිදකියි.
24 - කොළොන්නාව පොදු අපේක්ෂක වේදිකාවට වෙඩි ප්‍රහාරයක් එල්ල වේ.
28 - පහළොස් ලක්ෂ වැනි සංචාරකයා ශ්‍රී ලංකාවට පැමිණෙයි.
මුස්ලිම් කොංග්‍රසය සිය සහාය පොදු විපක්ෂයට ලබාදීමට තීරණය කරයි.
29 - කලාකරුවන් පිරිසකට කුරුණෑගලදී කුඹුක් ගැටේදි ප්‍රහාරයක් එල්ල වෙයි.
30 - දෙමළ ජාතික සන්ධානය (TNA) පොදු විපක්ෂයට සහය පළකරයි.
31 - ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පොදු විපක්ෂයට සහායදීමට එක් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd